Again & again he hurts me....... 💔
"sry.....lv you........
ජියාරා එහෙම්ම කුකී දිහා හැරෙද්දී ටේ කුකී ළගට ගියේ මොකක්ද ඒ කිව්ව කතාව කියලා අහන්න..
"කුකී... ඕයි, උබට පිස්සුද??"
"ටේ එයා නිදී.. ඉන්න දෙන්න"
ජියාරා කුකී අල්ලපු අතත් අල්ලන් ආයේ ඇද ලගින් වාඩිවුනා..
" sry ඕයි... යන්න එපා.."
"කුකී.... "
"මන් තමුසෙටනේ ආදරේ..."
වෙරිමත ගාතේම කුකී කියවනවා.. ටේ කුකී ලගින් වාඩිවෙලා ඔලුවට අතක් ගහගෙන හිටියේ කුකී කියන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව.. ජියාරා කුකීගේ අත අල්ලගෙන එහෙම්ම වාඩිවෙලා බලාගෙන හිටියේ කට කොනෙන් හිනා වෙන ගමන්...
"ආකී..."
"අයිනට වෙනවා... ඇහුනනේ කියපු එක..."
ටේ ජියාරව තල්ලු කරලා දැම්මේ කුකී ආකීගේ නම කිව්ව නිසා.. ජියාරට මරු කේන්ති ගිය පාර ගස්සලා එලියට ගියා..
"අම්බෝ උබත් දෙන ආතල් කුකී.. බිව්ව නම් කට පියන් නිදාගනින් ගොනා"
නිදියගෙන හිටිය කුකියට කියලා ටේත් ඇදේ එහා පැත්තට පැනලා නිදාගත්තා..
.
.
.
.
.
.
"ආකී......"
"මන් ආකී නෙමෙයි ඕයි... ටේ යකෝ"
"තමුසෙගේ තියෙන්නෙ මාර නපුරුකමක්.. අපො අපේ බබාලත් නපුරු වෙයිද??"
"අනේ මුලින් කෙල්ල එක්ක යාලු වෙයන් ඕයි, බබාලා හදන්නේ කාමර දෙකක ඉදලද?? උබල නිසා මටත් වැඩක් කරගන්න බෑනේ රෙද්ද??"
කුකී නින්දෙන් කියවන ඒවට ටේ හිනාවෙවී උත්තර දුන්නා.. හෙට උදේට කුකීට මොනා වෙයිද?? 😂😂😂
"හ්ම්ම්ම්ම් උම්මා...."
"ඊයා ඕයි, යනවකෝ ගද උබ ලග"
ඒ පාර නම් ටේ ඇදෙන් බැහැලා ගියේ සෝෆා එකට.. මොකද කුකී එක්ක නිදාගන්න එක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක් නිසා.....
Time passed
"ගුඩ් මෝනින් ගයිස්"
"අහ් පොඩි මහත්තයා...නැගිටලා වගේ"
"හ්ම්ම්ම් ඇයි??"
"නෑ උබ මට ඊයේ නිදාගන්න දුන්නෙ නෑනේ"
ටේ එහෙම කිව්වම එතන හිටිය එමී නෝරා ජූන් කුකී ඇන්ඩ් ටේ දිහා බැලුවේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක..
"එහෙම මගුලක් නෙමෙයි, මූ නින්දෙන් කියවනවා"
"මොනාද කිව්වේ??"
"කුකී මන් ඒවා කියන්නද මෙයාලට??"
"අහ්හ්හ්හ්හ්? නෑ මේ බොරු කියන්න එපා.. මට එහෙම ලෙඩක් තිබිලා නෑ"
"හරි හරි මන් උබටම කියන්නම් පස්සෙ මොනාද කිව්වේ කියලා..බට් අහන්න දෙයක් තියනවා"
"මොකක්ද??"
"වාඩිවෙයන්කෝ.. "
ටේ කුකී ඇන්ඩ් ජූන්ට කතා කරන්න දීලා නෝරා ඇන්ඩ් එමී ගියේ එලියට.. ( බලන්න ඒ හැදියාව 😂😂)
"මොකක්ද අහපන්.."
"ජියාරා ගැන උබ මොකද"
"නවත්තගනින්කෝ.. උබත් පටන් ගත්තද??"
"නෑ ඒත් උබ ඇයි ඊයේ ජියාරට එන්න කිව්වේ උබව ගන්න"
"ගන්න?? කොහෙන්ද??"
"ක්ලබ් එකෙන් ඕයි..."
"මන් එන්න කිව්වේ නෑ"
"වට්??? "
ටේ ඇන්ඩ් ජූන් පුදුම වුනා කිව්වොත් හරි.. ඔව් ඉතින් ජියාරා ඊයේ කිව්වේ කුකී කතා කලා කියලනේ...
"ඇයි?? මන් කතා කලේ ආකීට.."
"මොකද උනේ කියපන්..."
"දැන් වැඩක් නෑ.."
"උබට ආකීව හැමදාටම නැති වෙයි.. මොකද උනේ කියපන්කෝ"
එහෙම කිව්වම ටිකක් වෙලා කල්පනා කරපු කුකී ඊයේ මොකද උනේ කියල කියන්න ගත්තා.. මේ ඔක්කොම කෙනෙක් අහගෙන හිටියේ....
Flashback
"හෙලෝ....."
"හෙලෝ ජේකේ"
"ආකී....."
"ආකී ගියා ආන්ස්වර් නොකර..."
"ඔයා??"
"ජියාරා.. මගේ ඇගට ෆෝන් එක ගහගෙන ඔය ගියේ ආකී"
"හ්ම්ම්ම් බලනවා ඔයා නිසා එයා තරහ වෙලා.. කියනවා මන් ක්ලබ් එකේ මාව ගන්න එන්න කියල"
"හ්ම්ම් හරි ජේකේ"
.
.
.
.
.
මට ටිකක් වැඩි වුන නිසා මන් එහෙම්ම ටේබල් එකේ ඔලුව තියන් හිටියේ ආකී එනකන්.. ඈතින් චායවක් පෙනුන නිසා මන් අමාරුවෙන් ඔලුව උස්සලා බැලුවම දැක්කේ ඒ ආකී නෙමෙයි ජියාරා කියලා...
"ආකී කෝ??"
"එයාට බෑ කිව්වා එන්න"
"වට් 😡😡"
"අපි යමු...."
ඉතින් මන් ජියාරා එක්ක ආවා.. ආකීට මාව ඕනේ නැති නිසා...
Flashback end
"ඒත් ආකී ඇහුවේ ඇයි එහෙනම් අරම දෙයක්??"
"මොකක්ද??"
"ඇයි ඔයා එයාට කතා නොකර ජියාරට කතා කලේ කියලා??"
"මොකක්??"
"උබට හිතෙන්නෙ නැද්ද ජියාරා උබලා මැද්දට එනවා කියලා අහ්??"
"අහ්හ්හ්හ්හ්?"
තුන් දෙනාගේ කතාව එහෙම්මම යද්දී මේ කතාව අහගෙන හිටිය හතරවෙනියා ආයේ රූම් එකට ගියේ ඇත්තටම ඊයේ වුනේ මොකක්ද කියල හිතන ගමන්... ඔව් ඒ ජියාරා...
Writter pov
මන් ජියාරා ගැන මුකුත්ම ඉන්ට්‍රෝ එකක් නොදුන්න නිසා පොඩි එකක් දෙන්නම්.. ජියාරා කියන්නේ නරක කෙල්ලෙක් නෙමෙයි.. එයා ඇත්තටම මෝහට ඩේවිඩ්ගේ උන්ගෙන් බේරෙන්න හෙල්ප් කලා.. අන්තිම දවසේ ගුටි කෑවෙත් මෝහාට බැන්න දෙයකට අත දාන්න ගිහින්.. හැබැයි ඒ ඔක්කොම වෙනස් වෙන්න ගියේ විනාඩි කිහිපයයි..එයාගේ ඇස් ඉස්සරහා කුකී එහෙම නැත්තම් ජේකේ කියන චරිතේ පෙනෙනකන් විතරයි.. එතනින් එහාට එයාගේ හිත කුකී වෙනුවෙන් ගැහෙන්න ගත්තා.. හැබැයි ජියාරා දැනගත්තා ආකී කියන්නේ කුකීගේ ගර්ල් කියලා.. ජියාරගේ කුකීට තියන කෑදරකමට එයාට ඕනේ වුනා ආකීව අයින් කරලා කුකීව එයා ලගට ගන්න.. ඒකට එයා ඩෝම් එකට ආව දවසේ ඉදලා ගොඩක් දේවල් කලා.. ඒවයින් හිතුවෙවත් නැති විදිහට කුකී ආකී ඈත් වුනා..
Pov end
Flashback
Jiyara pov
මන් ඊයේ හවස පහලට යද්දී ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එකක් රින්ග් වුනා.. නිකමට ඔලුව දැම්මම දැක්කේ ඒ ජේකේ කියලා ඇන්ඩ් ඒ ආකීගේ ෆෝන් එක කියලා..
"මෙයා ඇයි ආකීට කෝල් කරන්නේ?? දෙන්නා තරහයිනේ"
හිතින් හිතන ගමන් මන් කෝල් එක ආන්ස්වර් කලේ කවුරුත් පේන්න හිටියේ නැති නිසා...
"හෙලෝ....."
"හෙලෝ ජේකේ"
"ආකී....."
"ආකී ගියා ආන්ස්වර් නොකර..."
"ඔයා??"
"ජියාරා.. මගේ ඇගට ෆෝන් එක ගහගෙන ඔය ගියේ ආකී"
"හ්ම්ම්ම් බලනවා ඔයා නිසා එයා තරහ වෙලා.. කියනවා මන් ක්ලබ් එකේ මාව ගන්න එන්න කියල"
"හ්ම්ම් හරි ජේකේ"
ෆෝන් එක තිබ්බ මන් ටග්ගාලා එහෙම්ම ඒ නම්බර් එක ඉන්කමින් කෝල්වලින් ඩිලීට් කලා.. එහෙම්ම ෆෝන් එක තියලා මන් ටග්ගාලා ඇදුමක් දාගෙන ගියේ ක්ලබ් එකට.. මේ චාන්ස් එක ආයේ එන්නෙ නැති නිසා..
මන් යද්දී දැක්කා හොදටම බීලා ඉන්න ජේකේව.. මන් ලගට ගියාම ආකී ගැන ඇහුවත් මන් ඒකටත් බොරුවක් කියලා ජේකේව එක්කන් එලියට ආවා..
එයාව මට තද කරගද්දී මගේ ඇග දිගේම කරන්ට් එක ගියා වගේ.. හොදටම වෙරි මතේ හිටිය ජේකේ මගේ ඔලුවට එක එක අදහස් ගෙනාවා.. මන් ටිකක් වෙලා කල්පනා කලේ ඩෝම් එකට යනවද නැත්තම්... එක්කො ඩෝම් එකටම යනවා.. මොකද රිස්ක් එකක් ගන්න බෑ..
ආව ටැක්සි එකකට අත දාලා මන් කුකීව එක පැත්තකින් නග්ගාලා මන් අනිත් පැත්තෙන් නැග්ගා.. මගේ උරහිස උඩ එයා නිදාගෙන ආවේ..
"මට ඔයාව ඕනේ ජේකේ.. ආකීගෙන් ඈත් වෙන්න ප්ලීස්"
ජේකේට මුකුත් ඇහුනේ නැතත් මන් මගේ හිතේ තියන දේවල් ජේකේට කියලා දැම්මා.. එයාගේ එක අතක් මන් මගේ අත් දෙකෙන්ම තද කරලා අල්ලගත්තා.. තවත් ඉවසන් ඉන්න බැරි තැන මන් කුකීගේ තොල්වලට බර වුනා.. හැබැයි මට එයාගෙන් ප්‍රතිචාරයක් ඒකට හම්බුනේ නෑ..ඒත් මන් මගේ තොල් ඒ ඇල්කොහොල් රසෙන් මත් වෙලා තිබ්බ තොල් අතරේ එහෙ මෙහෙ ගෙනිච්චා.. මන් කොච්වර වෙලා ඒ තොල් මගේ කරගත්තද කියලා මතක නෑ.. හැබැයි ඩෝම් එකට ඇවිල්ල ඩ්‍රයිවර් හෝන් කරනකන් මන් ඒ තොල් එක්ක ජීවත් වුනේ.. හෝන් සද්දෙට මන් ජේකේගෙන් ඈත් වෙලා එයාවත් අරන් ඩෝම් එකට ගියා..
ඩෝ එක ඇරියේ එමී.. හැමෝම පුදුම වුනත් ආකී මන් ලගට දුවගෙන ආවා..හැබැයි එයා නැවතුනේ මන් ජේකේව එක්කන් ආව නිසා වෙන්න ඇති.. මට ඒකට නම් ලාවට හිනා ගියත් එයාව ගණන් නොගෙන මන් ජේකේව රූම් එකට එක්කන් ගියා..
මන් අමාරුවෙන් ජේකේව ඇදෙන් හාන්සි කරලා එතනම බිමින් ඉද ගත්තා... මන් ජේකේගෙ දාඩියට තෙත් වෙලා මූණට වැටිලා තිබ්බ කොණ්ඩේ ඇගිලි අතරින් සියුම්ව පිරිමැද්දා...
"ඔයා යන්න.. මන් කුකියා එක්ක නිදාගන්නම්"
එක පාරට ඇහුන සද්දෙට මන් ටිකක් ගැස්සුනා..
"අහ්හ්හ්හ්??"
"ඔයා යන්න..."
අකමැත්තෙන් වුනත් මන් නැගිට්ටේ රූම් එකට යන්න..මොකද මන් දැනගෙන හිටියා වාද කලාටමට ජේකේ ලග මේ මනුස්සයා ඉන්න දෙන්නෙ නෑ කියලා.. ඒත් යන්න හද්දිම කුකී මගේ අතින් අල්ලගත්තා..
"sry.....lv you........
එතනින් එහාට වුනේ මට ඕනේ දේවල් නෙමෙයි.. ජේකේ තමුසෙව ආකීගෙන් ගලවන එක ලේසි නෑ.. ජේකේ ආකීගේ නම කියව කියව ඉන්න නිසා මන් රූම් එකට ඇවිල්ල ඩෝ එක වහගත්තේ අපරාදේ මේ යකාව අද මන් ඩෝම් එකට ගෙනාවේ කියලා හිතන ගමන්...
Flashback end
"දැන් ආකී කෝ??"
"එලියට ගියා..."
"තනියම??"
"ජින් හ්යොන්ග් එක්ක"
"ඒත්...."
"කෙල්ල ටිකක් අවුලෙන් ඉන්නේ.. ඉන්න දීපන් එහෙම"
"හ්ම්ම්ම්"
එහෙම කියලා කුකී නැගිට්ටේ ජියාරව හම්බෙන්න යන්න.. ඇත්තටම ඇයි ඊයේ එහෙම දෙයක් කලේ කියලා දැනගන්න.. ( කොල්ලො කොහොමත් පිට කෙල්ලො ඉස්සරහා හරි සාධාරණීයයිනේ.. ඕක ආකී කලා නම් මේ වෙද්දී නඩුත් කියල 😒😒😒)
At hospital
"මිස්ටර් සුගා.... පේශන්ව තවත් හොස්පිටල් එකේ තියාගන්න ඕනේ නෑ"
"අහ්හ්හ්??"
"නෑ නෑ එයාට දැන් ගෙදර යන්න පුලුවන්.."
ඩොක්ටර් එහෙම කියල ගියාම තමා ඊලග ලොකුම අවුල මතක් වුනේ..දැන් ජේන්ව කොහෙද නවත්තන්නේ... තනියම තියන්නත් බෑ..
"මන් ඇතුලට එන්නද??"
ඕනේ එකක් කියලා මන් ජේන්ගේ රූම් එකට තට්ටු කරලා ඇතුලට ගියා..
"ඔයාව ඩිස්ජාජ් කරනවා කිව්ව අද"
"හ්ම්ම්ම් ඒක හොදයි... සුගා මට හෙල්ප් එකක් ඕනේ"
"මොකක්ද??"
"මට කොරියාවලින් යන්න හෙල්ප් කරන්න"
"වට්??"
"මන් මමී ළගට යනවා.. ඩැඩා මාව අත අරින්නේ නෑ, සෝ මට තව එක පාරක් මමීව බලන්න ඕනේ"
"ඒක කොහොමත් කරන්න බෑ"
"අහ්හ්හ්??"
"දැන දැන අමාරුවෙ දාන්න බෑ ජේන් ඔයාව"
"මෙච්චර මාව අමාරුවක දැම්මේ අහම්බෙන් කියලද කියන්නේ??"
"නවත්තගන්නවා.. කිව්වනේ ඒක ඇයි එහෙම උනේ කියලා.. තමුසෙත් අනිත් කෙල්ලො වගේමයි.. දෙයක් තේරුම් ගන්න බෑ දිය කරලා පෙව්වත්"
"මාර කතාවක්.... කරන තරම් ඔක්කොම ජරා වැඩ ටික කරලා කිව්ව ගමන්"
ජේන්ට කතා කරගන්න උනේ එච්චරයි... සුගා ජේන්ගේ කට අතින් තද කරලා ජේන්ගේ ඇගට බර වෙන ගමන්..
"කටපියන් හිටියේ නැත්තම් හොද වැඩක් කරනවා"
ජේන් අත් දෙකෙන්ම සුගාව අහකට තල්ලු කරන්න ට්‍රයි කලා.. ඒත් ඊට කලින් ඉස්සර වුන සුගා ජේන්ගේ අත් දෙකම ජේන්ගේ ඔලුවට උඩින් තියලා තද කලා..
"සුගා, මේක වැරැද්දක්.. ප්ලීස් මගෙන් ඈත් වෙන්න"
"බෑ..කිව්වනේ ඈත් වෙන්නෙ නෑ"
"ප්ලීස්...."
ඒ එක්කම සුගා ජේන්ගේ තොල්වලට බර උනේ ජේන්ගේ ඇස් අගින් කදුලු බේරෙද්දී... ජේන් සුගා එක්ක පොර බැද්දත් සුගා එක්ක එයාට හැප්පෙන්න තියා හිතන්නවත් බැරි වුනා.. සුගා එක දිගට ඒ තොල් තමන්ගේ කරගත්තා.. විනාඩි කිහිපයක් ඒ රසය වින්ද සුගා ජේන්ගෙන් ඈත් උනේ ජේන්ගේ හුස්ම ගන්න වේගේ ටික ටික වැඩි වෙද්දී..
"ජේන්.... ප්ලීස්... ජේන් ඩෝන්ට් ක්‍රයි.."
ජේන්ගේ ඇස්වල තිබ්බ කදුලු දැක්ක සුගා තරමක් ගැස්සුනා.. ඔව් සුගාට තේරුනා එයා කලේ වැරැද්දක් කියලා..
"ජේන් ප්ලීස්ස්.... Im sry"
"මගෙන් ඈත් වෙන්න ප්ලීස්... "
"මට එක චාන්ස් එකක් දෙන්න"
"බෑ බෑ.. මට ඔයාව විශ්වාස කරන්නද කියන්නේ?? මෙහෙම දේවල් කරද්දිත්"
"අහ්හ්හ්?? හිතලා කලේ නෑ ජේන්.. ප්ලීස්.. I... I really like you... I cant stay away from you.... 😓"
"ප්ලීස්... ඔයා මෙතනින් යන්න..."
ජේන් අඩ අඩ යන්න කියද්දී තවත් ඉවසන්න බැරි වුන සුගා එලියට ගියේ වෙනදා වගේම ළග තිබ්බ මේසේට පයින් ගහගෙන...
Jane pov
සුගා ප්ලීස් මන් කියන දේ තේරුම් ගන්න.. මට බෑ ඔයාට ළං වෙන්න.. ඔව් ඔයා මාව රැවැට්ටුවා.. බට් මන් දන්නවා මන් ඒත් ඔයාට ආදරෙයි කියලා.. එක අතකින් ඩේවිඩ් කියන මිනීමරුවගේ දුව එක්ක ඔයා ඇයි යාලු වෙන්නේ?? මාව රවට්ටලා හරි ඔයා කලේ හොද දෙයක්.. ප්ලීස් සුගා මට බෑ ආයේ රැවටෙන්න.. දවසක ආයේ ඔයාට හිතුනොත් මන් මිනී මරුවෙන්ගේ දුවෙක් කියලා.. එදාට ඔයා මාව ආයේ අයින් කලොත් 😓😓😓 අනික ඩැඩා මාව මරනවා.. ඒක ස්තීරයි.. අද අපි ඈත් වෙමු.. ඒක මට කෙසේවෙතත් ඔයාට හොදයි....
Pov end
Writter pov
ජේන් ආදරේ ඇති තාම සුගාට.. බට් දැන් ජේන් ඉන්නේ ලොකු රිස්ක් එකක.. ඒ වගේම විශ්වාසය ගැන ලොකු දෙගඩියාවක.. ඉතින් ජේන් සාධාරණයි නේද??? එක පාරක් උන දෙයකට බය වෙන එක සාමන්යෙන් වෙන දෙයක්... ඒ නිසා අකමැත්තෙන් හරි ජේන් සුගාගෙන් ඈත් වෙන්න තීරණය කරලා ඉවරයි...
Pov end
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
At dorm
"ජියාරා.... ඔයා රූම් එකේද??"
කුකී ජියාරව හම්බෙන්න ගියේ රූම් එකට.. වටේම බලලා පේන්න නැති නිසා රූම් එකේ ඇති කියලා කුකී ගියේ මොකක්ද ඊයේ වුනේ කියලා ඇත්තටම අහලා දැනගන්න..
...... කියයි කියයි ඇත්තම 😂😂😂😂
"කවුද??"
"ජේකේ"
"ඉන්න"
විනාඩි දෙක තුනක් යද්දි ජියාරා ඇවිල්ලා ඩෝ එක ඇරියා..
"කතා කරන්න ඕනේ.. යමු එලියට"
"අහ්හ්හ්?? එන්න ඇතුලට.."
"නෑ අපි එලියට ගිහින් කතා කරමු.. ඒක දෙන්නටම හොදයි"
"හ්ම්ම්ම් එහෙනම් යමු..."
කුකී ජියාරවත් එක්කන් ගියේ ගාඩ්න් එකට.. දෙන්නා ගාඩ්න් එකේ කෙලවරේ තිබ්බ බෙන්ච් එකට ගිහින් වාඩිවුනා..
"ඊයේ මොකද උනේ??"
"ඊයේ??"
"ඔව් ජියාරා.. මන් කතා කලේ ආකීට.. ඒත් ඔයා කිව්වේ ආකී ඒක ගණන් ගත්තේ නෑ කියලා.. ඒත් ආකී දන්නෙත් නෑ මන් ඊයේ කෝල් කරපු එකක්"
"දැන් ඇයි මගෙන් අහන්නේ?? ඔයා ඔය දන්නේ"
"ඇයි එහෙම කලේ?? ඔයා දන්නවා ආකී කියන්නේ මගේ කවුද කියල"
"මන් ඔයාගේ කවුද ජේකේ??"
"වට්???"
"ඊයේ ඇයි ඔයා මාව කිස් කලේ??"
"මොකක්?? ඒක නම් වෙන්න බෑ"
"වෙන්න බැරි මොකද??"
"මන් තමුසෙව කිස් කලා"
"ඔව් ඔයා දැනගෙන හිටියේ ඒ ඉන්නේ මන් කියලා.. කාර් එකේදී ඔයා මාව කිස් කලා... ඔයා... තව"
"තව?? තව මොනාද??"
"තව... ඔයා මගේ ඇගම ඇල්ලුවා"
"මොකක්??"
කුකී හිටිය තැනෙන් නැගිට්ටේ ජියාරා කියන දේවල් හිතාගන්න බැරුව.. කුකී කියන්නේ බොන්න පුරුදු වෙන කෙනෙක් නෙමෙයි.. අද වෙනකන් නොවුන දේවල්...
"ඔයාට ඕවා කියලා වැඩක් නෑ.. ඔයාට මතකත් නෑ"
"ජියාරා මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා.."
"මන් ඇයි බොරු කියන්නේ?? මන් මේවා කාටවත් කිව්වේ නෑ..ඒත්"
"ඒත්......"
බෙන්ච් එකෙන් එහාට ගිය කුකී කල්පනා කලේ මොකක්ද යකෝ මේ වුනේ කියලා..
ඒත් එක පාරට කුකීගේ ඉන වටෙන් අතක් ඇවිත් එයාව බැක් හග් කරපු පාර කුකී ගැස්සුනා..
"ඒත් මන් ඒකට ආසයි"
"අයිනට වෙනවා..."
කුකී ජියාරව ඈත් කරන්න ට්‍රයි කරත් ජියාරා කුකීව අත ඇරියෙම නෑ..
"මන් ඔයාට ආදරෙයි... ප්ලීස් මට චාන්ස් එකක් දෙන්න.. කුකී මන් ආසයි ඒකට.. ඊයේ ඔයා මාව ළං කරගත්ත වෙලාව මට අමතක වෙන්නෙ නෑ"
"අයිනට වෙනවා මැරුම් නොකා..."
කුකී බැරිම තැන් ජියාරව අත් දෙකෙන් අල්ලලා තල්ලු කලේ පිටිපස්සට.. ඒ එක්කම ජියාරා බෙන්ච් එකට වැටුනා..
"ආව්ව්ව්ව්....."
කුකී හිතුවෙ නැති වුනත් ජියාරාගේ පිට බෙන්ච් එකේ පත්තේ හොදපාරක් වැදුනා.. කුකී ළගට ගියේ මොකක්ද උනේ බලන්න..
..............
"ඒයි අපි ආවා ආකී"
"හ්ම්ම් තැන්කිව් ඔප්පා.. අද දවසට"
ජින් ආකී එක්ක ආයේ ඩෝම් එකට ආවේ ආකීගේ හිත හැදෙන්නත් එක්ක පොඩි සිටි ටුවර් එකක් ගිහින්.. ආකී කාර් එකෙන් බැස්ස ගමන් දැක්කේ කුකීවයි ජියාරවයි..
............
"jiyara are u oky?"
කුකී නොදැක්කට ජියාරා හොදටම ආකීව දැක්කා.. ජියාරා ඒ තප්පරයෙම කුකීව ලගට ඇදලා ගත්තා.. කුකී ට්‍රයි කලත් ජියාරා කුකීව අත ඇරියෙ නෑ..
"අත අරිනවා මාව.. මැරුම් කන්නද ඕනේ ඕයි??"
ඒ එක්කම කුකී ජියාරවත් තල්ලු කරගෙන නැගිට්ටට පස්සෙ තමා මෙච්චර වෙලා මේ ඔක්කොම ආකී බලන් ඉන්නවා කියලා දැක්කේ..
"ආකී....."
ජින් ආකීවත් ඇදගෙන ඩෝම් එක ඇතුලට යද්දී කුකීත් ඒ එක්කම ඩෝම් එක ඇතුලට දිව්වා..
"ආකී... ජින් හ්යොන්ග්..."
"මොකද උබ?? මොක්කද මේ වෙන්නෙ??"
"මන් කියන දේ අහන්න.. ඔයාලා දැක්ක දේවල් නෙමෙයි එතන වුනේ??"
"ඔය ඔක්කොම අහම්බයක්.. ඒකනේ කියන්න යන්නේ??"
"ඔව්ව් ඒත් ආකී අහන්න"
"අනේ කුකී.. අහ් නෑ මිස්ටර් ජේකේ.. ඔයා ඕනේ එකක් එයා එක්ක කරගන්න.. මට මොකද??"
එහෙම්ම ආකී උඩට යද්දී කුකී ජින්ගේ අතින් අල්ලලා නවත්තගත්තේ මොකක්ද උනේ කියලා කියන්න.. හැබැයි මේ වෙලේ ජින් පවා හිටියේ කුකී එක්ක තරහෙන්.. අමාරුවෙන් හිත හදාගෙන එක්කන් ආවම ආයේ මගුලක් කලානේ..
"කුකී... අපි පස්සෙ කතා කරමු"
ජින් කුකීගේ පිටට තට්ටුවක් දාලා රූම් එකට ගියා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
At hospital
"ජේන්... මේක කන්න"
"හ්ම්ම්...."
"හවසට ඩිස්ජාජ් කරාම ඩෝම් එකට යමු"
"නෙවර්...."
"මමී ළගට යවනකන් එහේ ඉන්න"
"බෑ"
"නටන්න එපා... යවන්නම් ඉක්මනට.."
සුගාගේ කටේ සද්දෙට ජේන්ගේ කට නිකන්ම වැහුනා..ඒ එක්කම සුගා රූම් එකෙන් එලියට එන්න හැරුනා..
"😳😳😳😳😳"
Plz vote and comment, if you like this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top