Yes, i like him ❤️
"ඔයා ටේට කැමතිද??"
කෙල්ල කටට දාගත්ත වතුර එක බෝස් ගාලා ආයේ දැම්මේ ලොකු කැස්සක් එක්ක..
"අයියෝ කෙල්ල 😄😄"
ජී ටග්ගාලා නැගිටලා ගිහින් කෙල්ලගේ පිටට තට්ටුවක් දැම්මමයි කෙල්ලගේ කැස්ස අඩු වුනේ...
"මොකද කැස්ස?? උත්තරයක් නැද්ද??"
"දන්නෙ නෑ"
"දන්නෙ නෑ කිව්වේ ටේට කැමතිද කියලද??"
කෙල්ල ඔලුව වනනවත් එක්කම ජී දිහා බැලුවේ බය වුන ස්වරූපයකින්..
"ඒයි බය වෙන්න එපා.. මන් ඔයාගෙම ඔන්නී කියලා හිතාගන්නකෝ.. නෑ මන් ටේට කියන්න නෙමෙයි මේ ඇහුවේ... දැන් ඒක අමතක කරන්නකෝ... කෝ කන්න දැන්"
එතනින් එහා ඒ කතාව නැවතෙද්දී දෙන්නම කෑවා..
.
.
.
.
"එමා මන් යනවා පොඩි වැඩකට.. ඔයා උඩට යන්න.. මන් මේවා අස් කරලා ගිහින් එන්නම්"
"ඔන්නී..."
"හ්ම්ම්ම්"
ජී කාපූ පිගන් ටික අස් කරන ගමන් කෙල්ලගේ කතාවට ඇහුම්කන් දුන්නා..
"ඔයා යන්න මන් අස් කරන්නම්"
"මගේ අමුත්තෙක්ගෙන් වැඩ ගන්න බෑනේ මට.. ඔයා යන්න ගිහින් වොශ් එකක් දාන් කැමති දෙයක් කරන්න.. මන් එන්න ටිකක් රෑ වෙයි"
"ඔන්නී"
"හ්ම්ම් කියන්න"
"මන් ටේට කැමති"
ජීගේ අතේ තිබ්බ ග්ලාස් එක බිමට වැටෙද්දී කෙල්ල පුදුම වෙලා එමා දිහා බැලුවා..
"ඇත්තටමද??"
"හ්ම්ම් ඔව්"
"හ්ම්ම් හරි හරි"
ජී ටග්ගාලා වැටුන ග්ලාස් එකත් අස් කරලා රූම් එකට ගියේ හවස කැෆේ එකේ වැඩ ටික බලලා එන්න...
"එමා මන් යනවා..."
කාමරෙන් ඔලුව එලියට දැම්ම එමාට සමුදීලා කෙල්ල යනවත් එක්කම එමා ආයේම කාමරේ ඇතුලට වෙලා කල්පනා කලේ ටේ ගැන..
එයා ගොඩක් ලස්සනයි... මට...මට මනුස්සයෙක්ට ආදරේ කරන්න බැරිද?? 😓😓
"බෑ.. ඔයාට කොහෙත්ම බෑ.."
"ඔප්පා"
කෙල්ලගේ සිතුවිලිවලට පරිසරයෙන් උත්තරයක් හම්බුනත් කෙල්ල ඒ ගැන සතුටු වුනේ නෑ..
"ඔයාට මන් කිව්ව දේ අමතකද??"
"ඔප්පා"
"මිනිස්සු කියන්නේ අපි වගේ කට්ටියක් නෙමෙයි"
"අහ්හ්හ්"
"සුර දූත ආත්මයකට එක ආදරයක් වුනාට මනුස්ස ආත්මයකට එහෙම එක ආදරයක් නෑ එමා.. ඔයා ඔය ආදරේ කරන කෙනා තව ගොඩකට ආදරේ කරන්න පුලුවන්.. එයාලගේ ආදරේ ගොඩක් ඉක්මනට වෙනස් වෙනවා"
"ඒත් ටේ"
"මනුස්සයන්ගේ ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ.. එයා මෙයා කියලා වෙනසක් මිනිස්සු අතරේ නෑ.. හැමෝම හොයන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන ආදරයක්... ඔයාට මේවා තේරෙන්නෙ නෑ"
"😓😓😓😓"
"අහන්න මට ඔයාව එක්කන් යන්න බෑ.. එහෙම කලොත් මට පොත හොයන් ඔයාව බේරගන්න වෙන්නෙ නෑ.. ඒකයි මන් මෙහෙම ඔයාව තියල යන්නේ.. ඒත් ඔයා ඔය කියන පිරිමි ළමයගෙන් ඈත්වෙන්න"
"ඔප්පා මන්... මන් එයාට ඇත්ත කිව්වා"
"මොකක් 😡😡"
"ඊයේ මගේ පලිගුව පත්තු වුනේ එයා ළග ඉද්දී.. ඉතින්... මට.. මට ඇත්ත කියන්න වුනා"
"එයා ඒවා විශ්වාස කලාද??"
"නෑ.. ඒත් ඊලග පලිගුව පත්තු වෙද්දී"
"එයාට පෙන්න එපා.. දැක්කනේ ඔයාව විශ්වාස නෑ එයාට.. ඒ නිසා ඕක බොරුවක් කියලම එයාට හිතන්න දෙන්න"
"හ්ම්ම්ම්"
"මන් කිව්ව ඔයා කවුද කියලා කාටවත් කියන්න එපා කියලා.. ඒත් කොහොමද ඔයා එහෙම කිව්වේ ඒ කොල්ලව විශ්වාස කරලා??"
"මන්... බය වුනා.. එයා මාව පොලීසියට දුන්නොත්"
"එහෙම වෙන්නෙ නෑ.. මන් ඔයාට ඉන්නව.. මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා.. තේරුනාද??"
සීරෝ55 ඊයේ හිටියේ බූසාන්වල නිසා ඊයේ වුන මුකුත් එයා දැනගෙන හිටියේ නෑ.. කෙල්ලත් එතනින් එහාට වුන මුකුත් කියන්න ගියේ නෑ.. ඒත් දුකට හෝ සතුටට වුන එකම දේ දැනටමත් ටේ කෙල්ලගේ හිතේ තමන් ගැන නොමැකෙන ආදරයක් ඇති කරලා ඉවරයි.. සාමාන්‍යයෙන් අඩන් සුරදූතියකගේ පලමු පලිගු දැල්වෙන රැය ගත කරන පිරිමියා එක්ක සුරදූතිය ආදරයකට බැදෙනවා.. හැබැයි ඒ ගැන දන්නේ සුරදූත වැඩිමහලු අය පමණයි..
කොහොමවුනත් ටේට කෙල්ල ගැන හිතෙන්නෙ කොහොමද කියලා අපි කවුරුත් දන්නේ නෑ...
Time passed
කිසිම වෙනසක් නැතුව සති දෙකක් ගෙවිලා ගියා.. මේ අතරේ ජී එමාට එයාගේ කැෆේ එකේ වැඩ කරන්න චාන්ස් එකක් හදලා දුන්නා.. කෙල්ල ආසවෙන් වැඩ කලේ දවසෙම ගෙදරට හිරවෙලා ඉන්නවට වඩා මේක ගොඩක් හොද නිසා.. ඒ වගේම ජූන් ඇතුලු අනෙක් බැන්ග්ටැන් කොල්ලො ටික ටේව ටිකක් එමාගෙන් ඈත් කරලා තියාගන්න උත්සහ කලේ කොහෙන් හෝ පොඩි වැරද්දක් හරි වුනොත් ටේගේ අවුරුදු ගාණක මහන්සිය වතුරෙ යන නිසා..
කොහොම වුනත් කැෆේ එකට ආව ගොඩක් අයට එමා හිතට ඇල්ලුවේ එමාගේ තිබ්බ ලස්සන හුරතල් පෙනුමට.. එමා ගැන ටිකක් වැඩියෙන් සමාජේ කතාවට ලක් වෙද්දී මිස්ටර් යුන්ටද ආරංචි වුනා එමා ඉන්නේ කොහෙද කියලා...
"කෙල්ල ඉන්නේ එහෙද??"
"ඔව් බොස්"
"අද රෑ ටේබල් එකක් බුක් කරන්න කැෆේ එකේ"
"හරි බොස්"
මිස්ටර් යුන් පහුගිය කාලේ පුරාම කෙල්ලව හෙව්වත් හොයාගන්න වුනේ නැත්තේ කෙල්ල අපාර්ට්මන්ට් එකෙන් ගිය නිසා..
.
.
.
.
.
.
"එමා...."
"ඔන්නී"
"අද අපේ කොල්ලො ටික එනවා.. මන් චුට්ටක් බිසී.. ඔයා කස්ටමස්ලගේ පැත්ත බලන්න"
"හරි ඔන්නී"
ජීට ආචාර කරලා කෙල්ල ගියේ කැශියර් එක පැත්තට...
⏰ 8.00pm
"සර් ඔයාට මොනාද ඕනේ??"
"ඔයාව"
ඇහෙන නෑහෙන ගාණට මිස්ටර් යුන් කිව්ව එක කෙල්ලට නම් තේරුනේ නෑ..
"අහ්හ්හ්??"
"අහ් නෑ මට අයිස් කොෆි එකක් ගේන්න"
"හරි සර්.. ඉක්මනට එවන්නම්"
කෙල්ල යුන්ට ආචාර කරලා යන්න හදද්දිම යුන් කෙල්ලට කතා කලේ කෙල්ලගේ නම කියලා... කෙල්ල පුදුමෙන් යුන් දිහා බැලුවා..
"එමා...."
"සර්... මගේ.. නම සර් දන්නේ"
"මන් ඩොක්ටර් කෙනෙක්.. කොහොමද එමා??"
"හොදයි ඩොක්ටර්"
"ඔයාගේ ඇස් ගොඩක් ලස්සනයි..."
කෙල්ල ලැජ්ජාවට බිම බලාගද්දී යුන් කෙල්ලව තමන්ගේ පැත්තට නම්ම ගන්න පලවෙනි තුරුම්පුව ගහන්න සූදානම් වුනා..
"එමා.. මන් මේ කියන්නේ....
යුන්ගේ කතාව ඉවරවෙන්න කලින් කෙල්ලට පිටිපස්සෙන් ඇහුනේ කෙල්ල ආසාවෙන් බලන් හිටියෙ කටහඩක්.. කෙල්ල කට හඩ ආව පැත්තට ක්ශනිකයෙක් හැරුනා..
"ටේ...."
කෙල්ල හිනා මූණෙන් ටේ ලගට දුවගෙන යන හැටි දැක්ක යුන්ගේ අත ඉබේටම මිටි මෙලවුනා..
ශිට්... කවුද ඒ කොල්ලා?? අදුරගන්න අමාරුයි.. මාස්ක් එකයි කැප් එකයි දාලා.. එමාගේ කොල්ලා.. අහ් වෙන්න බෑ.. බලමුකෝ
එමා යුන්ගේ ටේබල් එකෙන් ගිහින් ඕඩර් එක කිචන් එකට දීලා ජී එක්ක ගියේ ජූන්ලා වෙන් කරපු ටේබල් එකට.. එතන කාටවත් පේන්නෙ නැති නිසා කොල්ලො ටික නිදහසේ කන්න පටන් ගත්තා..
"නූනා මේවා ඔයා ගාණේ නේද??"
"ඔව් ඔව් කන්න"
"එමා ඔයාට කරදර කරන්නේ නෑ නේද නූනා"
ටේ ජී නූනගේ පැත්ත හැරිලා අහද්දී කෙල්ල එමාව ලගට ඇදලා ගත්තා..
"මෙයා නිසා මට බිස්නස් වැඩිවෙලා"
"ඒ කිව්වේ??"
"කොල්ලො හෝ ගාලා එනවා මෙයාව බලන්න.. හැමෝම මෙයා ගැන අහනවා.."
"මොකක්??.. ඔව් ඉතින් අපේ එමා ලස්සනයිනේ"
ජිමින් කතාව දිගටම අරගෙන ගියත් ටේට නම් ඒ කතාවේ ලොකු වින්දනයක් තිබ්බෙ නෑ.. ටේ කට්ටිය කියන ඒවා හොද ඉවසීමෙන් අහන් හිටියේ කිසිම දෙයක් නොකියා... මොකද තමන් ගැන අනිත් අය වැරදියට හිතාවී කියලා..
"ඉතින් එමා ඔයාට කාටවත් හිත ගියේ නැද්ද??"
කෙල්ලගෙන් කිසිම උත්තරයක් නැති තැන කට්ටියම බැලුවේ කෙල්ල දිහා..
"මොකෝ?? එමා කැමති කෙනෙකුත් එනවද??"
"හ්ම්ම්ම්"
කෙල්ල ලැජ්ජාවෙන් ඔලුව වනද්දී කොල්ලො ටිකට හොදටම හිනා ගියා.. හැබැයි එක්කෙනෙක්ට ඇරුනම.. කෙනෙක් නම් ගිනි පිබ පිබ එමා දිහා බලන් ඉන්නවා..
"හරි හරි දැන් ඇති ඔය කතාව.. එමා එයා කැමති කෙනාට කැමති කියයි.. ඔයාලා ඉන්නකෝ අනුන්ගේ සීනී කිරන්නේ නැතුව"
ටේගේ කේන්තිය දැක්ක ජී කතාව වෙන පාරකට ගත්තා..
පැය දෙකක් විතර කතා කර කර කාපු කට්ටිය අන්තිමට යන්න ලෑස්තිවුනා..
"නූනා අපි යනවා.. තැන්කිව් කෑමවල.. "
"සුලු දෙයක්.. ආයෙ එන්න"
කට්ටිය සමු දීලා වෙහිකල් එක පැත්තට යද්දී ටේ ගියේ එමාගේ පැත්තට.. ඒ දිහා තුන්වෙනි ඇහැක් බලාගෙන හිටියේ හොද ඉවසීමෙන්...
"මන් යනවා"
"ආයේ එන්නෙ කවද්ද??"
"ඉක්මනටම"
"හා"
"හිතේ ඉන්නෙ කවුද??"
"අහ්හ්හ්??"
"දැන් කාටද කැමති කිව්වේ??"
"හ්ම්ම්ම්"
"කාට කැමති උනත් මට වැඩක් නෑ.. මට ඔයා කිව්ව ඒවා ඔප්පු කරන්න ඕනේ.. නැත්තම් මන් හොද වැඩක් කරනවා"
"අහ්හ්හ්හ්?? ඔයාට මාව විශ්වාස නැද්ද??"
"නෑ.. මන් යනවා"
එමාට සමුදීලා ටේත් වෙහිකල් එකට නැග්ගා.. ටේට ඩෝම් එකට යනකන්ම එමාට කතා කරපු විදිහ ගැන පසුතැවීමක් ඇතිවුනත් කෙල්ලගේ ඇත්ත දැනගන්න ඕනේ නිසා වගේම හිතේ මොකෙක්ද එකෙක් ඉන්නවා කිව්ව නිසා ටේ ටිකක් කෙල්ලට නපුරු වෙන්න තීරණය කලා..
මොකාද දන්නේ නෑ හිතේ රිංගන් ඉන්නේ?? අහ් මට මොකෝ?? ඉන්නේ දෙකට ගණින්න බෑ වගේ..මන් ආව නැති සති ටිකට හිතත් වෙන එකෙක්ට දීලා.. ආයිශ්ශ් ඉතින් මට පාන්ද?? එයාට එකෙක් බැරි නම් හිතේ 1000ක් දාගත්තවේ.... 😠
ටේ තමන්ටම හිතෙන් බැන බැන ආවා...
................
මට ඔයා කිව්ව ඒවා ඔප්පු කරන්න ඕනේ.. නැත්තම් මන් හොද වැඩක් කරනවා.... මොකක්ද ඒ කිව්වේ?? ඒ කියන්නේ රහසක්...
"ජෝන්... අයිසේ ජෝන්"
"සර්.."
"මන් කිව්ව තොරතුරු ටික හොයාගත්තද??"
".........."
"මොකද උබට කතා කරන්න බැරිද??"
"බොස් එහෙම කෙනෙක් ගැන කිසිම තොරතුරක් නෑ"
"මොකක්??"
"ඔව් බොස්"
"උබලා කියන්නේ ඒකී හොල්මනක් කියලද යකො??"
..................
"............"
"ඔව් මට කිව්වා නූනා... හරි ඔයා යන්න, මන් මොකක්හරි කරන්නම්"
මිසටර් යුන් කෙල්ලව අත අරින්නෙම නෑ.. හේතු දෙකක් උඩ.. එකක් කෙල්ලගේ ලස්සන.. අනිත් දේ???? කොහොමටත් කෙල්ල ගැන දන්නේ ටේ ඇන්ඩ් සීරෝ55 විතර නම් ඇයි යුන් කෙල්ල පස්සෙ පන්නන්නේ??
Plz vote and comment, if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top