Unexpected

"මිස්ටර් ටේ... එයා එද්දිත් නැතිවෙලා...."

"මොකක්?? වෙන්න බෑ.. මගේ එමාට එහෙම යන්න බෑ.."

"ටේ කලබල කරන්න එපා බන්.. ඉදපන්කෝ"

අවුරුදු ගාණකින් හම්බෙලා එයා මැරිලා කියලා විශ්වාස කරන්න තරම් ටේ පරිණත නෑ..

ඒ අස්සේ හොස්පිටල් එකම මීඩියාවලින් පිරිලා

ඒ අතරේ ජීහා ටේ ලගට ආවා..

ජීහා හිතුවෙ එක දෙයයි

ඔයා මෙච්චර එමාට ආදරේ කරනවද? ඔව් මට ලෝභයි.. ඉරිසියයි... මට බෑ ඔයාව දෙන්න

ටික වෙලාවක් බලන් හිටිය ජීහා කතා කරන්න පටන් ගත්තා

"මන් මීඩියා ගැන බලාගන්නම්"

හැමෝම හිටියේ කලබලෙන් නිසා ජීහා මොනා කරයිද කියයිද කියලා අනිත් අයට ගාණක් ගියේ නෑ..

ජීහා ආවේ මීඩියා අය ඉන්න තැනට
එද්දී කදුලුත් දෙක තුනක් එලියට ගත්ත ජීහා මැලවුන මූණකින් මීඩියා ඉස්සරහට ගියා

"කෝ ටේහ්‍යුන්ග්?"

"එයා... එයා ඇතුලේ.. අහන්න"

"මොනාද උනේ? ඒ කෙල්ල කවුද? ඔයාලා ඊයේ නේද මැරි කලේ?"

"ඔව් ඔව් අපි ඊයේ මැරි කලා.. ඒත් හදිස්සියේම ඒ කෙල්ල අපේ වාහනෙට ඇක්සිඩන්ට් උනා.. ඉතින් අපිට පාරේ දාලා එන්නද කියන්නෙ?"

"අහ්හ්හ්"

"ප්ලීස් අනවශ්‍ය විදිහට අපේ ජීවිතවලට ඇතුල් වෙන්න හදන්න එපා.."

ජීහා එහෙම්ම ආයේ එතනින් සමු අරන් ඇතුලට ආවා..

"කෝ ටේ?"

ජීහා කෙලින්ම ආවේ ජී ළගට

"එයා එමා ලග.. මොකක්ද ජීහා මේ වුනේ?? අනේ ඇයි ඒ අහිංසකයෝ දෙන්නට මෙහෙම කලේ දෙයියෝ??"

ජී ජීහව බදාගෙ අඩනවා

හැබැයි ජීහට හිතට එකගව මේ දේට දුක් වෙන්න බෑ.. ඔව් එයාට පුදුම සතුටුයි..

ටේ එහෙනම් ඔයා ආයේ මගේ..

.....ඒ අතරේ එමාගේ කාමරේ.....

"එමා නැගිටින්න.. ප්ලීස්... මොකක්ද උනේ? මන් "

ටේ අඩනවා
එමාගේ අතකුත් අල්ලන්

හැමෝම එලියට වෙලා හිටියේ ටේට අන්තිම පාරට හරි එමා එක්ක ඉන්න ඉඩ දීලා...

"එමා අහන්න.. ඔයා දන්නවද මන් ඔයාට කොච්චර ආදරේ කලාද? ඔයත් මට එහෙම ආදරේ කලා.. මන් ඒක දන්නවා එමා.. ඔයාට දුක නැද්ද මාව දාලා යන්න"

ටේ ඔහේ කියවනවා..

"ඔයා කිව්ව ඔක්කොම කලා.. ඒත් ඔයා මාව දාලා යනවලු.. කොහොමද එමා එහෙම උනෙ? ඔයා ඕනේකමින්ද මේවා කලේ??"

ටේ අතරේ තිබ්බ එමාගේ අත ටේ පපුවට ළං කර ගත්තා..

ඒ අත සීතල වෙලා

ගොඩක්.....

"එමා... මට මෙහෙම කරන්න එපා එමා... ඔයා... නැතුව මන් කොහොමද යකෝ ඉන්නේ?"

"ටේ......

ටේගේ උරහිසට ජීහගේ අත ඉබේම වගේ ආවා...

ටේ තාම අඩනවා

"අපි යමු"

"ජීහා...මගේ එමා... එයාට කියන්නකෝ අනේ ඇස් ඇරලා කතා කරන්න කියලා"

"අහන්න එයා මැරිලා දැන්"

ටේ ඉදගෙන හිටිය තැනෙන් නැගිට්ටා

"මොනාද ජීහා තමුසෙ කියවන්නේ? එමා... එමා මැරිලා නෑ"

"එන්න යන්න... එලියේ මීඩියාවලින් පිරිලා"

ටේ ජීහගේ අත ගසලා දැම්මා

"මට මොකද?"

"ටේ ඔයා කවුද කියලා ඔයාට මතක නැද්ද?"

"මන් එමාගේ හස්බන්ඩ්"

"ඔයා මගේ හස්බන්ඩ් ටේ.. මගේ... එයාගේ නෙමෙයි"

ජීහගේ ඇස්වලටත් කදුලු ආවේ නොදැනීම

එක අතකට ජීහත් ගොඩක් අසරණයි

"ජීහා... මොකද මේ? මන් දන්නවා මේ ඔක්කොම මගේ වැරදි, ඒත් මන් ආදරේ එමාට"

"ආයිශ්ශ්ශ්ශ්ශ්.... නවත්තගන්නවා.. එමා එමා එමා.... ඒකී මැරිලා ටේ... කියන දේ අහනවා"

ජීහගෙයි ටේගෙයි සද්දෙට ජී කාමරේට ආවා

"මොකද මේ?? ජීහා ඔයා යන්න එලියට"

"මන්? ඇයි මන් ඔන්නී? මෙයාට කියන්න ඇත්ත පිලිගන්න කියලා"

"හරි මන් පැහැදිලි කරන්නම්"

ජී අමාරුවෙන් ජීහව එලියට යැව්වා

"මගේ ටේ කොල්ලා, මොකෝ මේ මෝඩ වැඩ කරන්නේ අහ්?"

"නූනා....

"අහන්න... ඔයා එමාට ගොඩක් ආදරේ කලා... ඒ වගේම එයත්... ඒත් වෙන්න තියන දේවල් නවත්තන්න අපි කාටවත් බෑ, අපි මේ කෙල්ල ගැන වැරදි දේවල් ගොඩක් හිතුවා, ඉතින් අපි වැරදි... ඒත් දැන් පරක්කු වැඩියි... හිතෙන් නෙමෙයි ඔලුවෙන්....

"අහ්හ්හ්හ්......

ජීගේ කතාව අස්සෙන් ඇහුනේ කාගෙදෝ කෙදිරිල්ලක්

"එමා... ඒ ඔයා?? මගේ පැටියෝ???"

එමා අමාරුවෙන් ඇස් දෙක ඇරියා

"නූනා... එමා.. එමා ඇස් ඇරියා"

"දෙයියනේ... ඉන්න මන් ඩොක්ටර්ට කතා කරන්නම්"

ජී එලියට දුවනවත් එක්කම ටේ එමාගේ මූණ තමන්ගේ අත් අතරට හිර කරගත්තා

"මන් හිතුවා ඔයා ගියා කියලා?"

"මන්... මන් කොහෙ... යන්නද? ඔයාව.... දාලා?"

"මන් විශ්වාස කලා පැටියෝ ඔයා එනවා කියලා....

"මිස්ටර් ටේ... චුට්ටක් මට බලන්න ඉඩ දෙන්න"

ටේ එමාගේ ඇද ලගින් අඩි දෙකක් පස්සට වුනා

ඩොක්ටර් එමාව විනාඩි විස්සක් විතර හොදට චෙක් කලා

"මට මේක හිතාගන්න බෑ.. මෙයාගේ හාට් බීට් එක වැඩ කලේ නෑ.. ඒත් දැන් සාමන්‍ය මනුස්සයෙක්ගේ වගේ හොදට වැඩ කරනවා.. මට මේක ප්‍රෙහෙලිකාවක්"

"මගේ එමාට දැන් හොදයි නේද?"

"ඔව්... පේන විදිහට එයාට කිසිම අමාරුවක් නෑ... දවස් දෙක තුනක් කෝකටත් හොස්පිටල් එකේම ඉදලා අපි ට්‍රීට්මන්ට් ටිකක් කරමු"

"හරි ඩොක්ටර්"

කාමරේ හිටිය ඔක්කොම එලියට ගියා

ජීහායි ටේයි ඇරුනම

"ටේ අපි යමු"

"ජීහා.. මන් ඉන්න ඕනේ එමා ලග"

"එතකොට මන්?"

"මොකක්ද? මොනාද ඔයා කියන්නේ?"

"ජීහා.... මේ...

"නවත්තන්න එමා... ඔව් මන් නරක කෙනෙක්.. මාත් ආදරේ කරන කෙනෙක්, මට වෙස්සන්තර වෙන්න බෑ... මට ටේව ඔයාට දෙන්න බෑ"

"මොනාද ජීහා...

"ඇති ටේ.... දැන් යමු අපි"

"මට බෑ"

"ඔයා එන්නම ඕනේ, මායි ඔයාගේ වයිෆ්.. අමතකද තමුන් මාව ඊයේ බැන්දා කියලා"

"ජීහා... දෙයියනේ මොකද මේ? අහන්න ජීහා... ඔයා හොදයි, ඔයා මෙහෙම කෙනෙක් නෙමෙයි"

"ඔයා මාත් එක්ක යන්න එනවද නැද්ද?"

"නෑ"

මේ හැමදේම දිහා එමා ලොකු දුකකින් බලන් හිටියේ

හැබැයි දැන් එමා මනුස්සයෙක්

කලින් තිබ්බා වගේ කිසිම නීතියක් එමාට දැන් අදාල නෑ, හරියට ආදරෙ කරන දෙන්නෙක් මැද්දට එන්න බෑ වගේ...

"ඔයා නාවොත් මන් මීඩියාවලට ඇත්ත කියනවා"

"කියාගන්නවා"

ටේ එහෙම්මම එමාගේ ලගින් වාඩිවුනා

ජීහට ඇතිවුනේ පුදුම තරහක්

තරහෙන්ම මීඩියා ඉස්සරහට ආව ජීහා හැමදේම කිව්වා

හැමදේම

එමා ගැන

ටේ ගැන

හැමදේම

"ඔයා කියලා ඉවරද?"

ඒ ටේ....

"ටේ... මොනාද ඔයාගේ වයිෆ් මේ කියන්නේ"

"එයා කියන ඒවාවලින් ඇත්ත මන් එයාව රැවැට්ටුවා කියන එක විතරයි... ජීහා, මන් දන්නවා ඒක මෙහෙම සමාව ගන්න බැරි දෙයක් කියලා... ඒත් මට සමාවෙන්න, තව දුර ගිහින් නවතිනවට වඩා අපි මෙතනින්ම මේක නතර කරමු...

හැමෝම ටේගේ කතාවට හොදින් ඇහුම්කන් දුන්නා

.... අනිත් දේ මොකක්ද අර සුර දූත කතාව? මන් හිතන්නේ ජීහා දැන් පිස්සන් කොටුවට යන්න කාලේ හරි වගේ... ඔයාලත් ඒවා විශ්වාස කරනවද?"

එතන හිටිය හැමෝම හිනාවෙන්න පටන් ගත්තා

ඔව් ඉතින් එහෙම දෙයක් නෑ කියලනේ හැමෝම විශ්වාස කරන්නේ

ඒ එක්කම ඒ අයට ආචාර කරපු ටේ ජීහගේ පැත්ත හැරුනා

"මන් ඔයාට ගරු කරනවා.. ඒ වගේම මන් නරක දෙයක් ඔයාට කලේ, ඒත් හිතට එකගව මට බෑ ඔයාට දැන දැන දුකක් දෙන්න.. ඒකයි මෙහෙම තේරුම් කරන්න උත්සහ කලේ.. සෝ.... ඔයාම හිතලා තීරණය කරන්න ජීහා"

ජීහගේ හිතට ලොකු කලකිරීමක් දුකක් කේන්තියක් මේ ඔක්කොම හැගීම් ආවා... ඒත් ජීහා මේ වෙලේ ඉවසන්න වගබලාගත්තා...















After 7 months

"ටේ.... මට මහන්සි අප්පා"

"මන් ඔයාව කිව්වා නේද මේවා කරන්න එපා කියලා අහ් එමා?"

"මන් නොකර කවුරු කරන්නද?"

"මන් කඩෙන් කන්නම් අප්පා... මේ බඩක් එක්ක ඔයා මේවා කරන්න එපා පැටියෝ"

"හරි හරි....

"කෝ ඉදගන්න"

ටේ එමා කසාද බැන්දා

ජීහා ගියා

කොහේ ගියාද කවුරුත් දන්නේ නෑ

ඒත් ජීහා මේ කතාවේ වැරදි නෑ... ඒක අපි හැමෝම දන්නවා....













"ඉන්න මන් බොන්න මොනාහරි ගෙන්නම්"

"මට මිල්ක්ශේක් එකක් ටේ"

එමා කොෆි ශොප් එක ඉස්සරහා නවත්තපු කාර් එක ඇතුලේ හිටියේ

ටේ බොන්න මොනාහරි ගේන්න කොෆිශොප් එක ඇතුලට ගියා

.
.
.
.
.
.

විනාඩි දහයක් වගේ යද්දී ටේ මිල්ක්ශේක් දෙකකුත් අරන් එලියට ආවා... එද්දී දොර ලග හිටියේ එයා හිතුවෙවත් නැති කෙනෙක්

"ජීහා... ඔයා??"

"ඔව් මන් ටේ....

"ඔයා කොහෙද ගියේ...

"මන්....

කතාව අතරෙන් ටේගේ ඇස් ගියේ එයාගේ කාර් එක පැත්තට

කාර් එක පැත්තට එන්නේ ලොකු ලොරියක්

"ඒයි......

ටේගේ අතේ තිබ්බ මිල්ක්ශේක් දෙකත් බිමට වැටෙද්දී ටේ එක අඩියක් ඉස්සරහට තිබ්බේ එමාව කාර් එකෙන් එලියට ගන්න

ඒත්.... ජීහා ඒ හැමදේකටම වඩා ඉක්මන් වුනා

එයා ටේගේ අතින් තද කරලා අල්ලගත්තා

"යන්න එපා....

"අත අරිනවා... ඕක නවත්තනවා... එයා... එයා ප්‍රෙග්නට් දෙයියනේ....

ටේ ජීහගේ අත ගසලා දාපු වේගෙට ජීහව පඩිපෙල් පහක් විතර පහලට වැටුනා....





plz vote and comment
💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top