Unbelievable truth.... 😶
"ඇත්ත කිව්වේ නැත්තම් මන් තමුසෙව පොලීසියට භාර දෙනවා"
කෙල්ලගේ නිල් බෝල ඇස්වල කදුලු පිරෙද්දී කෙල්ල ටේ දිහා බලන් හිටියේ ලොකු අසරණකමකින්...
...............
"එන්න වාඩිවෙන්න.. මට කියන්න දැන් ඇත්ත.. මන් ඔයාට උදව් කරන්නම්"
"ඇත්ත??"
"ශිට්... යකා අවුස්සනවනේ.. එමා, මේ බලන්නකෝ.. මට ඉක්මනට කේන්ති යනවා හරිද?? ඒ නිසා ඊයේ රෑ ඔයාට මොකද වුනේ කියලා කියන්න"
"ඊයේ රෑ??"
"ආයිශ්ශ් තමුසේ"
ටේ කෙල්ලගේ අත තද කරලා අල්ල ගෙන තමන් ලගට ඇදලා ගත්තා.. කෙල්ලගේ ඇස් දිහා කෙලින් බලපු ටේට කෙල්ලගේ ඇස්වල ලොකු අසරණකමක් පෙනුනත් වෙනදා වගේ කෙල්ලට ටේගේ ඇස්වල කිසිම දෙයක් පෙනුනේ නෑ.. හරියට පාලුම පාලු තැනක් වගේ.. හිස්... ඒ ඇස් කේන්තියෙන් පිච්චෙනවා..
"කියන්න... මොකද වුනේ??"
"මාව අතාරින්න.. මන්... මන් කියන්නම්"
කෙල්ලගේ ආයාචනාවට ටේ කෙල්ලගේ අත නිදහස් කලා..
"ටේ... 😓😓😓"
"බය වෙන්න එපා.. මන් උදව් කරන්නම්"
"මන්.. මන්... මනුස්සයෙක් නෙමෙයි"
කෙල්ල කිව්ව එකත් එක්ක මුලු කාමරයම තප්පර ගාණකට නිශ්ෂබ්ද වුනත් ඒ නිශ්ෂබ්දතාව බිදුනේ ටේගේ හිනාවට...
"😂😂😂😂😂😂"
"මාව විශ්වාස නැද්ද??"
"ඔයා මනුස්සයෙක් නෙමෙයි නම් සුර දූතියක්ද?? 😂😂"
"ඔව් මන් සුර දූතියක්"
"එමා මේ යකා අවුස්සන්නේ නැතුව ඇත්ත කියනවා.."
"මන් කොහොමද ඔප්පු කරන්නේ?? ආයේ ලබන මාසේ දහය වෙනකන් මට ඒක ඔයාට පෙන්න බෑ.."
"මොකක්ද??"
"මගේ පලිගුව.. ඊයේ...ඊයේ රෑ පත්තු වුන මගේ සුර දූත පලිගුව"
"එමා ඔයා මාව විහිලුවට ගත්තද?? සුර දූතයෝ කියලා ජාතියක් නෑ"
"ඒ ඔයාලට.. ඔයාලට නොපෙනුනාට මේ හැමතැනම ගොඩක් සුර දූතියෝ සුර දූතයෝ ඉන්නවා.."
"හරි එහෙනම් ඇයි මට ඔයාව පේන්නේ?? කෝ අනිත් අය 😄??"
"මගේ අතින් වුන වැරැද්දක් නිසා මගේ බලය නැතිවුනා.. මන් දැන් භාගයක් මනුස්සයෙක් භාගයක් සුර දූතයෙක්. හැම මාසෙකම දහ වෙනිදට අපේ පලිගුව පත්තු වෙනවා.. ඒත් ඒක අපිට මහ ලොකු දෙයක් නෙමෙයි...ඒත්... 😓😓"
"ඒත්??"
"ඒත් මන් වගේ අඩක් සුර දූතයෙක්ට ඒක ලොකු වේදනාවක්... ඒ වෙලේට මට ඕනේ උනුසුමක් විතරමයි.."
"මොනාද අයිසේ මේ කියවන්නේ?? තමුන් දැන් මට කියන්නේ මේ විකාර විශ්වාස කරන්න කියලද??"
"ඔයා අවිශ්වාස කරනවා නම් කරන්න.. ඒත් ඊයේ රෑ වුන දේවල්වලට ඔයාට හේතු තියනවද?? හරියට මීට කලින් වුනා වගේ??"
ටේ මුකුත් නොකියා කෙල්ල දිහා බලාගෙන හිටියා...
"එදා මගේ ඇස්වලින් ඔයා දැක්කේ ඇත්ත.. ඔව් ඔයා මැරෙන්න හිටියේ.. ඒත්... ඒත්.. මගේ අතින් ඔයාගේ මරණේ වෙනස් වුනා.. ඒකට ලැබුන දඩුවම තමා මේක"
"මොකක්??"
"ලබන මාසේ දහ වෙනිදට මන් ඔයාට මන් කවුද කියලා පෙන්නම්..හැබැයි මන් හිටියොත්"
"මන් හිටියොත් කිව්වේ??
"මගේ මරණේ පොත හම්බුනාම මන් මෙහෙන් යනවා.."
"ඒ මොකක්ද??"
"ඒක මගේ බලය.. ඔයාව බේරගත්ත දවසෙ මට මගේ පොත නැතිවුනා.. ඒත් මගේ ඔප්පා ඒක මට කොහොමහරි ගේනවා කිව්වා"
"වට්?? ඔප්පා?? මොනාද මේ කියවන්නේ??"
ටේ තමන්ගෙම කෙස් තමන්ගේ අත්වලින් ඇද ඇද කාමරේ වටේම ඇවිද ඇවිද හිතුවේ කෙල්ල කියන විකාර ගැන..
එතකොට එමා සුර දූතියක්?? ඒ මොන විහිලු කතාවක්ද?? ඒත්.. ඒත් ඊයේ රෑ.. ඔව් ඒ නිල් පාට එලිය මොකක්ද?? බැරි වෙලාවත් මෙයා කියන්නේ ඇත්ත නම්?? ඒත් එහෙම අය ඉන්න පුලුවන්ද?? මන් අපේ අයට කියනවද?? අපෝ උන් මට හිනාවෙයි.. බලමුකෝ ලබන මාසේ මෙයා මට ඔප්පු කරන්නම් කිව්වනේ.. හැබැයි මෙයා මට බොරුවක් නම් කරන්නේ ඒකත් මන් බලාගන්නම්කෝ...
"ටේ ඔයාට විශ්වාසද??"
"ලබන මාසේ ඔයා මට මේක ඔප්පු කරලා පෙන්න ඕනේ... එතකොට මන් විශ්වාස කරන්නම්"
"හ්ම්ම් හරි"
"අහ් පොඩ්ඩක් ඉන්න.. එතකොට ඔයා පස්සෙ පන්න කෙනා පන්නන්නෙ මේ හේතු නිසාද??"
"නෑ ඒක වෙන්න බෑ.. මේ දේවල් මන් ඇරුනම දන්නේ මගේ ඔප්පයි ඔයයි විතරයි.."
"එතකොට ඌ එන්නේ??"
"මන් ඒක දන්නේ නෑ.. 😓😓"
"හ්ම්ම් හරි ඔයා ලෑස්ති වෙන්න.. අපේ අය මග ඇති.. ඔයාව අපේ හොබී හ්යොන්ගේ නූනා ලග නතර කරන්න හදන්නේ"
කෙල්ල ඔලුවත් වනලා ඇදුමකුත් අරන් වොශ්රූම් එමට ගියා..
ටේ ඇදෙන් වාඩිවෙලා කල්පනා ලෝකෙකට වැටුනා..
..................
"ටේ අපි පහල.."
"ඉන්න මන් එන්නම්"
"උබ මොකටද??"
"හරි හරි කෙල්ලව එක්කන් එන්නම්"
ඔලුව පුරා දහසකුත් ප්‍රශ්න කැරකෙද්දී ටේ එමාවත් එක්කන් කාර් පාර්ක් එකට ගියා.. කට්ටිය ආව වෙහිකල් එකට නැග්ග ටේ ඇන්ඩ් එමා මෙච්චර වෙලා වුන කිසිම දෙයක් ගැන ඉගියක්වත් නොකර ගමනාන්තය වෙනකන් නිශ්ෂබ්දව ගියා.. කට්ටියට අහන්න දාහක් ප්‍රශ්න තිබ්බත් කාගෙවත් අතින් තිබ්බ නිශ්ෂබ්දතාව බිදුනේ නෑ..
.
.
.
"අපි ආවා.."
හොබී මුලින්ම බැහැලා කට්ටියට එන්න කියලා සන් කලාම හැමෝම ඉක්මනටම අපාර්ට්මන්ට් එක ඇතුලට ගියා.. ගොඩක් සල්ලි තියන අය හිටිය නිසා මේ අපාර්ට්මන්ට් වලට ලොකු ගාඩ් එකක් දීලා තිබ්බේ.. මීඩීයාවලට එන්න තහනම් පැත්තක් විදිහටයි මේ පැත්ත හැදින්වුනේ..
"ඒයි ජී... කෝ මේ හොල්මන"
හොබී දැන් විනාඩි ගාණක ඉදන් ඩෝ බෙල් එක උඩ නැගගෙන..
"ඉන්නවකෝ හලෝ.. මන් වොශ් දා දා හිටියේ"
හොබීගේ නූනා ඔලුවත් පිහදාන ගමන් ඩෝ එක ඇරලා හොබීට හොද ටොක්කක් අනින ගමන් කට්ටියම ඇතුලට පිලිගත්තා.. කෙල්ල අන්තිමට ඇතුලට ආවේ බයෙන් බයෙන්..
"නූනා මේ එමා.. මෙයා ගැන තමා අපි කිව්වේ"
"එමා... හායි... මට ඔයා ජී කියන්න.. නැත්තම් ඔන්නී කියන්න.. හරිද??"
ලස්සන හිනාවකින් පිලිගත්ත නිසා එමාට හොබීගේ නූනව නම් හිතට එක පයින් අල්ලලා ගියා..
"සා ඔයා ගොඩක් ලස්සනයිනේ.. ඉන්න මන් ඔයාට රූම් එක පෙන්නම්"
"නූනා මොන රූම් එකද?? මන් බස්සන්නම්"
ටේ එක පාරට මැද්දෙන් පැනලා කියද්දී කට්ටිය ටිකක් ගැස්සුනත් ජූන්ට තේරුනා ටේ එහෙම කලේ ඇයි කියලා.. ජූන් නූනට ඉගි කලේ ටේට රූම් එක තියන තැන කියන්න කියලා..
"අහ්... මගේ රූම් එකට එහා එක"
"හරි නූනා.... එන්න එමා.. මන් ඔයාව බස්සන්නම් රූම් එකට"
කෙල්ලගේ ඇදුම් කෑලි දෙක තුන තිබ්බ බෑග් එක අතට ගත්ත ටේ කෙල්ලවත් අරගෙන රූම් එක පැත්තට ගියාම ඔක්කොම හැරුනේ ජූන් දිහාවට..
"නූනා..කියන්න දෙයක් තියනවා"
"හ්ම්ම් ඔව් මටත් දැනගන්න ඕනේ.. බැරි වෙලාවත් මේ ටේගේ??"
"අනී...එහෙම එකක් නෙමෙයි... මේ කෙල්ල කවුද විස්තර අපි කිව්වනේ"
"හ්ම්ම් ඔව් ඉතින්"
"මෙයාට තාම මුකුත් මතක නෑ.. කොටින්ම පොඩි දේවල් පවා.. වැරදි වුනොත් නූනා චුට්ටක් ඉවසන්න"
"හරි හරි බය වෙන්න එපා.. මන් බලාගන්නම් එයාව.."
"ටේ කිව්ව විදිහට කෙල්ල පොඩි ළමයෙක් වගේ වෙලාවකට.. ඒකයි ටේ අපිට නූනට මේ ගැන කියන්න කියලා කෙල්ලව රූම් එකට එක්කන් ගියේ"
"හරි ජූන් ඩෝන්ට් වොරි... අහ් මේ දැන් ටේ හැමදාම මෙහෙ බඩගායිද??"
"නෑ නෑ ඒ නිසාමයි අපි කෙල්ලව මෙහෙ නතර කලේ"
"ඒ කිව්වේ?"
"තනියම හිටියොත් ඕකා බොරු හද හද යනවා බලන්න.. දැන් බයක් නෑනේ.. ඔයා ඉන්න නිසා ඕකට හේතුත් නෑ"
"ඒ කියන්නේ අපේ ටේ කොල්ලා මේ කෙල්ලට"
"දන්නේ නෑ හරියට.. කියන්න බෑනේ"
"අනේ ඕක නවත්තලා බොන්න මොනාහරි ගේනවකෝ"
හොබීගේ කෑගැහිල්ලට ජී නූනා කිචන් එක පැත්තට යද්දී ටේ එමාවත් එක්කන් ආයේම කට්ටිය හිටිය තැනට ආවා..
Time passed
"එහෙනම් එමා අපි යනවා.. මගේ නූනට වද දෙන්න එපා"
කට්ටියම හොබීගේ නූනගේ ගෙදරින් එන්නයි ලෑස්තිවුනේ..ඒත් එක පාරටම කෙල්ල ටේ ළගට දුවගෙන ආවා..
"මොකද මේ??"
ටේට කට උත්තරත් නැතිවුනේ කෙල්ල දුවගෙන ඇවිල්ලා ටේව හග් කරපු නිසා.. ඔක්කොම කටවල් ඇරන් බලන් ඉන්න විදිහ දැක්කම ටේට හීන් දාඩියකුත් දැම්මා..
"ඔයා මාව බලන්න එනවද??"
"ඔව් එන්නම්"
"හෙට??"
"හැමදාම එන්න බෑ.. ෆ්‍රී වුනාම එන්නම්.. ඔයා මේ නූනා කියන විදිහට ඉන්න..එයාගේ කැෆේ එකේ වැඩවලටත් උදව් කරගෙන"
කෙල්ල ඔලුව දෙපැත්තට වනලා ඈත් වුනත් කට්ටියම දෙන්න දිහා බලන් හිටියේ නිකන් ජීවිතේට අද දැක්ක දෙන්නෙක් දිහා බලන් ඉන්නවා වගේ..
"අපි යමු නේ"
"ඔ...ඔව්ව් යමු"
කට්ටියම මුකුත් නොවුනා සේ නූනටයි එමාටයි සමුදීලා පහලට ආවේ ඩෝම් එකට යන්න බලාගෙන..
.
.
.
.
.
වෙහිකල් එකට නැග්ග වෙලේ ඉදන් ටේගෙන් අහන්න දාහක් ප්‍රශ්න කට්ටියගේ ඔලුවේ කැරකුනාට කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව එක එකා දිහා බල බල කට්ටියම හිටියා..
"අහන්න තියන මගුලක් අහනවකෝ"
"උබ සෙට්ද??"
"පිස්සුද??"
"එහෙනම් අරම උබව හග් කලේ"
"ඒ කෙල්ලට ටිකක් ලූස් ඕයි.. විකාරයි වෙලාවකට"
"උබේ කැමැත්තක් නැද්ද??"
"අහ්හ්හ්??"
"කෙල්ල ලස්සනයිනේ"
"ලස්සනයි කියලා මැරෙන්නද?? දැන් ඇති.. ප්‍රශ්න අහන වාරේ ඉවරයි.."
එතනින් එහාට ඇහුව කිසිම ප්‍රශ්නෙකට ටේගෙන් උත්තරයක් නම් හම්බුනේ නෑ... ඩෝම් එකට යනකන් ජිමින් කුකී ටේට විහිලු කලත් ටේ නෙමෙයි සත පහකට ඒවා ගණන් ගත්තේ...
.
.
.
.
.
At hobi's noona's place
"එමා... කන්න එන්න"
කෙල්ල බයෙන් බයෙන් කාමරෙන් එලියට ඇවිල්ලා ජී ගේ ඉස්සරහෙන්ම වාඩිවුනා..
"මේ බය වෙන්න එපා.. මන් ඔයාව කන්නේ නෑ.."
"........."
"කෝ ඉතින් කන්නක්කො"
කෙල්ල ජී කිව්ව නිසාම තිබ්බ කෑම වලින් පොඩ්ඩ පොඩ්ඩ බෙදාගත්තා..
"ඉතින් ඔයාට දැන් කොහොමද??"
"හොදයි"
"අපේ ටේ ගැන මොකද හිතන්නේ"
ඒක ඇහුව ගමන් කෙල්ල රාමෙන් ටිකත් කටේම තියන් ජී දිහා බැලුවා..ඒක නම් ජීට හිනායන්න ආවේ කෙල්ලගේ හැසිරීම නිකන් ඉස්කෝලේ යන පොඩි එකෙක්ගේ වගේ නිසා..
"මොකද?? ටේ හොද නැද්ද??"
"හොදයි"
"කෑම රසද??"
කෙල්ල ඔලුව උඩට පහලට කරලා කැමවල රස තහවුරු කලා..
"ඔයා ටේට කැමතිද??"
සාමාන්‍යයෙන් සුරදූතියකට ආදරයක් ඇති වෙන්න යන්නේ තප්පරයෙනුත් හතරෙන් එකක් විතරයි.. එයා සුර දූතයෙක්ද මනුස්සයෙක්ද යක්සයෙක්ද කියලා අදාල නෑ.. හැබැයි කතාවක් තියනවා සුර දූත ආත්මයකට ආදරයක් ඇති වුනොත් ඒ ආදරේ කඩන්න ලේසි නෑ කියලා.. මුලින්ම එයාලා ආදරේ හදුනගන්නේ ඇස්වලින්.. මතකනේ කෙල්ලට ටේව දකිද්දී අමුත්තක් දැනුනා.. කෙල්ලගේ ඇස්වලට ටේ වශී වෙනවට වඩා වැඩියෙන් කෙල්ල ටේගේ ඇස්වලට වශී වුනා...
Plz vote and comment,if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top