The hidden truth....

"නගිනවා"

ටේ කාර් එක ළගට කෙල්ලව ඇදගෙන ඇවිල්ලා දොර ඇරලා ඇතුල පෙන්නන ගමන් කිව්වා..

කෙල්ල පුදුමෙන් වගේ ටේගේ ඇස් දිහා බලන් හිටියත් ඒ වෙලේ ටේගේ ඇස්වල තිබ්බේ කේන්තියක් විතරයි.. කෙල්ලට තේරුනා ටේ ඉන්නේ ලිහා ගන්න බැරි ප්‍රශ්න ගොඩක කියලා..

"නගින්නවා.. මට ආයේ කියන්න තියන්න එපා"

ටේගේ සද්දෙට කෙල්ල කාර් එකට නැග්ගා..

"මිස්ටර් ලී... ඔයා මෙතනම ඉන්න.. මන් ටග්ගාලා එන්නම්"

"ඒත්..."

"කිව්වනේ... මේ ගැන අනිත් අය දැන ගන්න බෑ.. මන් ටග්ගාලා එන්නම්"

කෙල්ලවත් දාගෙන ටේ ආවේ එදා ඇක්සිඩන්ට් එක වුන තැනට.. කාර් එක ඇක්සිඩන්ට් එක වුන තැනට මීටර ගාණකට එහායින් නවත්තලා මාස්ක් එකකුත් දාගත්ත ටේ කෙල්ලගේ පැත්තේ දොර ඇරියා..

"බහින්න"

කෙල්ල ටේගේ අවසරය එක්ක බැස්සත් කෙල්ලගේ ජීවිතයම වෙනස් වුන තැන දැක්ක ගමන් කෙල්ලගේ වම් පපුව රිදෙන්න ගත්තේ කෙල්ලගේ සුර දූත ආත්මය මොනාහරි කියන්න හදනවා වගේ කියලා කෙල්ලට ඉගි කරද්දී..

කෙල්ලගේ අතින් ඇදෙගන ටේ ගියේ පාර ක්‍රොස් කරන්න හිටිය චූටි කෙල්ල හිටිය තැනට.. වාහන දෙක තුනක් ඇරුනම පාරේ වෙන කිසිම වාහනයක් තිබ්බේ නෑ..

"මට කියන්න මොකක්ද වුනේ?? ඔයාට මතකද මෙතන?? මන් කවුද?? ඔයා මාව දන්නේ කොහොමද?? ඔයාගේ ඇස්වලින් මට මොනාද කියන්නේ??"

"මට... මට මුකුත් මතක නෑ"

"බොරු කරන්න එපා.. මට ඇත්ත කියනවා.. 😡😡"

කේන්ති ගිය ටේ කෙල්ලගේ උරහිස් දෙකෙන් අල්ලලා පාරට තල්ලු කලා.. ටේ පොඩි කෙල්ලව තුරුල් කරන් ඉද්දී කෙල්ල ඇවිල්ලා හිටගත්ත තැනටම කෙල්ලව තල්ලු වෙලා ගියා...

"මට කියනවා.. තමුසේ කවුද?? මගේ ඔලුවම විකාරයක් වෙලා.. ආයිශ්ශ්ශ්"

කෙල්ල බය වෙලා බලන් ඉද්දී ටේ පිස්සුවෙන් වගේ කෑගැහුවේ කෙස් එහෙ මෙහෙ අත අදින ගමන්.. විනාඩි කීපයක් ටේගේ කෑගැහිල්ල එක්ක අතරමං වුන කෙල්ල හරි සිහියට ආවේ මූණට වැදුන ලයිට් එලියට.. ඈත තියාම හෝන් කරන් ආව කාර් එකේ සද්දෙට කෙල්ල හැගීම් විරහිතව ඒ පැත්ත බලද්දී ටේ කෙල්ලව තමන් ලගට ඇදලා ගත්තා.. තප්පරයක් හරි පරක්කු වුනා නම් කෙල්ල වාහනෙට හැප්පෙනවා නේද කියලා මතක් වුන ටේ කෙල්ලව තමන්ට තුරුල් කර ගත්තා..

"ඔයාට මතක නැද්ද?? ඒත් එමා මට මොකක්දෝ දෙයක් හිතෙනවා.. ඔයා...ඔයා මොනා හරි හංගනවා කියලා හිතෙනවා"

වාහනේ එනවා දැක දැක කිසිම දෙයක් නොකර ඒ දිහා බලන් හිටිය කෙල්ලව ටේට මැවි මැවී පෙනෙද්දී ටේ කෙල්ලට කිසිම දෙයක් මතක නෑ කියලා විශ්වාස කරන්න තීරණය කලා..

"මට සමාවෙන්න.. ඒත් මන් හොයාගන්නවා ඔයා කවුද?? කොහොමද එතනට ආවේ කියලා.."

කෙල්ලගේ අත් දෙක අල්ලන් කිව්ව ටේ කෙල්ලවත් අරන් ආයේ අපාර්ට්මන්ට් එක ලගට එද්දී මිස්ටර් ලී හිටියේ ජූන් ඇන්ඩ් හොබී එක්ක..

ශික්... මේකා කියලද??

මිස්ටර් ලී ව බැදලා කනවද තම්බලා කනවද කියලා හිතන ගමන් ටේ කාර් එක අපාර්ට්මන්ට් එක ඉස්සරහා නැවැත්තුවා.. කෙල්ල පිටිපස්සෙන් බහිද්දී ටේ ඔලුවත් හතරට පහට නවාගෙන ඉස්සරහෙන් බැස්සා..

"හොබී, කෙල්ලව බස්සලා වරෙන්"

ජූන්ගේ ගොරෝසූ කට හඩෙන් ටේ ජූන් ඉන්නේ අන්තිම දශමෙට මලපැනලා කියලා තේරුම් ගත්තා..

"මිස්ටර් ලී මන් ඔයා ගැනත් බලාගන්නම්.. ඔයා කොහොමද මූව ඩෝම් එකෙන් එලියට අරන් ආවේ 😡😡"

අහ් කියන්නේ මේකා නෙමෙයිද ගින්න දීලා තියෙන්නේ....

"මේ.. මේ මිස්ටර් ජූන්...."

"ඇති ඇති... අහ් ටේ මහත්තයා.. මොකෝ මේ කෙල්ලොන්ගේ අපාර්ට්මන්ට් අස්සේ??"

"මේ ජූන් හ්‍යොන්ග්... මේ මගේ ඔලුව"

"ඇයි උබේ ඔලුව මෙහෙ තියලා ගියාද??"

ඒ එක්කම හොබී ආවා..

"යමු"

එතනින් එහා කිසි කතාවක් නැතුව හොබී ජූන් එක්ක එයාලා ආවා වෙහිකල් එකට නගිද්දී ටේත් පස්සෙන් ගියේ ඒකට නගින්න බලාගෙන..

"ඇයි ආව එකේ හුළං ගිහින්ද??"

වචනයක්වත් නොකියා ආයේ හැරුනා ටේ ශේප් එකේ ගිහින් ආව කාර් එකට නැග්ගා..
.
.
.
.

"මිස්ටර් ටේ අනේ මාව බේරගන්න"

"මන් බේරිලා ඉන්න එපැයි මුලින්.. ශික් මන් හිතුවේ තමුසේ ගින්න තියලා කියලා"

"නෑ නෑ... මන් හිතන්නේ මිස්ටර් ටේ රූම් එකේ නැති නිසා එයාලා මට කතා කලේ"

"ඉතින් ගෙඩි පිටින් කිව්වා"

"මන් වෙන මොනා කරන්නද??"

"මන් වෙන මොනා කරන්නද?? කියන ලස්සන"

ටේගෙයි මිස්ටර් ලීගෙයි බේරීමේ උපායන් අස්සෙන් හතර දෙනාම ඩෝම් එකට ආවා..
.
.
.
.

"මිස්ටර් ලී ඔයා හෙට මාව හම්බෙන්න.. දැන් යන්න.."

"මාත් යනවා ජූන් හ්‍යොන්ග්"

"වරෙන් ඇතුලට"

ටේගේ පලමු ප්‍රයන්න්තය සුනු විසුනු වෙද්දී කොල්ලා බිම බලන් ඩෝම් එක ඇතුලට ගියා..

සා වාව්.. මුන් වවුලොද?? ඔක්කොම ඇහැරගෙන.. ජූරි සභාව වගේ..

කොල්ලා හිතෙන් හිතන ගමන් ගිහින් හැමෝගෙම මැද්දෙන් හිට ගත්තා..

"අහන්න කලින් කියන්නම්.. ඔව් මන් කලේ වැරැද්දක්.. මගේ ඔලුව විකාර වෙලා එක එක ඒවා හිතෙනවා.. ඒ කෙල්ල මොනා හරි හංගනවා කියලා හිතෙනවා.. ඒ නිසා එයාව හම්බෙලා ඇත්ත අහන්න ගියේ 😕😕"

එක හුස්මට ටේ කියලා ඉවර වෙද්දී ඔක්කොම ඇස් ලොකු කරන් ටේ දිහා බලන් හිටියා..

"දැන් ඇත්ත දැනගත්තද පොඩි මහත්තයා??"

"නෑ.. එයාට මතක නෑලු"

ජින් ටේගේ ලගට ආවේ උරහිසට තට්ටුවක් දාන ගමන්..

"ටේ උබට අමතකද අපි කවුද කියලා??"

"අහ්හ්හ්??"

"ඒ කෙල්ලගෙන් වැඩක් නෑ.. උබව අපිට බේරලා දුන්න කෙල්ල ඒ... ඒ නිසා හොද වෙනකන් අපි එයාව බලාගමු.. ඒත් ඒක කොච්චර රිස්ක් එකක්ද කියලා උබ දන්නවද??"

"හ්ම්ම්ම්"

"ඒ නිසා ගොන් වැඩ කරන එක නතරකරපන්"

ටේ බිම බලාගෙනම ඔලුව වැනුවේ ජින්ගේ කතාවට එකග වෙන ගමන්..

"කෙල්ල ලස්සනයි තමා.. ඒත් දන්නවනේ අපිට තියන රූල්ස්.. ප්ලීස් මේක මැනේජර්ට නෝන්ඩි කරගෙන කේස් දාගන්න එපා ටේ.. අපි මේ ගැටේ හෙමින් ලිහමු.. පොඩ්ඩක් ඉවසපන්"

"එහෙම දෙයක් නෙමෙයි මේ.."

"ඒ වුනාට මේ වගේ කේස් යන්නේ එහෙම කේස් විදිහට ටේ"

"හ්ම්ම්ම් හ්‍යොන්ග්"

"ඔක්කොටම කියන්නේ... අපිට තියන රූල්ස් මතක් කරගනින්.. දැන් ඔක්කොම රූම් වලට යන්න.. හෙට 10ට ඉන්ටර්විව් එක.."

ජින්ගේ කතාවට එකග වෙන ගමන් ඔක්කොම තම තමන්ගේ රූම් වලට ගියත් ටේ පසුතැවෙන වදවෙන හේතුව ඒ විදිහටම ජින්ගේ හිතෙත් තිබ්බා..

ටේ අපි කෙල්ල කවුද කියලා හොයාගමු.. උබ හිතනවා වගේ මෙතන ලොකු දෙයක් තියනවා..

සක්කුවට අත් දෙකත් දාගෙන පහල තට්ටුවේ ලයිට් නිවාගෙන ජිනුත් තමන්ගේ රූම් එකට ගියා..
.
.
.
.
.
.
.

දවස් දෙකක් ඔහේ ගෙවිලා ගියා.. ජූන්ගේ අනුදැනුමෙන් කෙල්ලට අවශ්‍ය හැම දෙයක්ම අවශ්‍ය හැම වෙලේම කෙල්ලට ලැබුනා..

Emma pov

"ඔප්පා ඔයා කවදද එන්නේ??"

😭😭😭😭

කෙල්ල හිරකාරියක් වගේ බිත්ති හතරකට කොටු වෙලා.. යන්න පුලුවන් කමක් තිබ්බත් බිත්තිවලින් එහා ලෝකය ගැන කෙල්ලට තිබ්බේ බයක්.. නින්දක් අහලකවත් නොතිබ්බ කෙල්ල ගෙවුන දවස් ටිකේම බලන් හිටියේ කෙල්ලගේ ඔප්පා මරණේ පොත හොයන් කෙල්ල ලග එයි කියලා..

කෙල්ලගේ කදුලු අස්සෙ කෙල්ලගේ ඉස්සරහා මැවුනේ කෙල්ල බලන් හිටිය රූපය..

"ඔප්පා.. ඔයා ආවද?? ඔයා.. ඔයා ඒක හොයාගත්තද??"

කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවේ කඩා වැටුනා ස්වරූපයකින්..

"එමා... එමා නේද ඔයාගේ මනුස්ස නම"

"හ්ම්ම්ම්ම්"

"ඒකේ තේරුම දන්නවද??"

"නෑ"

"විශ්වීය කියන එක.. ලස්සනයි ඒ නම ඔයා වගේම.. "

කෙල්ලගේ මැලවුන මූණට ඒ වචන ටික පොඩි හිනාවක් ගෙනාවා..

"මට තාම පොත හොයාගන්න බැරිවුනා..ඒක ලේසි නෑ එමා.. මේ හිටියා වගේ පරිස්සමෙන් ඉන්න.."

"තව කොච්චර කල් මට මෙහෙම ඉන්න වෙයිද??"

"දන්නේ නෑ.. ඒත් මන් ඉක්මනට එන්නම්.. අහ් අර ටේ කියන කොල්ලගෙන් ඈත්වෙලා ඉන්න.. එයා ඔයාට කරදර කරන්න ආවොත්.."

"අනී.... එයාට ඕනේ ඇත්ත දැනගන්න.. මන් හිතන්නේ එයාට මගේ ඇස්වලින් මොනාහරි පේනවා"

"හ්ම්ම්ම් ඔයාගේ ඇස් එයාගෙන් හංගන්න"

"අහ්හ්හ්හ්??"

"මතක තියාගන්න.. මනුස්සයෙක්ට සුර දූතයෙක් එක්ක එකට ඉන්න බෑ.. ඒ නිසා මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න.."

pov end

අන්තිමට කිව්වේ මොකක්ද කියලා නොතේරුනත් ඒක ගැන අහන්න කලින් සීරෝ55ගේ චායාව කෙල්ලගේ ඉස්සරහෙන් මැකිලා ගියා.. කෙල්ල ලොකු හුස්මක් අරන් බැලුවේ ජනේලෙන් පේන සෝල් නුවර දිහා..

අහ්හ් මන් නැතුව දැන් කවුද දන්නේ නෑ සෝල් නුවර බලාගන්න සුර දූතිය..

කෙල්ලගේ සිතුවිලිවලට බධා කරමින් ඩෝ බෙල් එක රින්ග් වුනා.. කෙල්ල එක තැන අඩි තිය තිය දොර ලගට ගියත් දොර ඇරියේ නැත්තේ එහායින් සද්දයක් නොතිබ්බ නිසා..

"මිස් එමා.. ප්ලීස් දොර අරින්න.."





නමට කෙල්ල ගැස්සුනත් ඒ ටේගේ කට හඩ නෙමෙයි කියලා කෙල්ලට ඇසිල්ලකින් හොයාගන්න පුලුවන් වුනා.. වෙන කවුරුත් මේ විදිහට කෙල්ලට කතා කරලා නැති නිසා කෙල්ලට ටේගේ කටහඩ හැර වෙන කිසිම කටහඩක් අදුරගන්න බැරිවුනා..





සාමාන්‍යයෙන් සුර දූතියකයට හෝ සුර දූතයෙක්ට මනුස්සයෙක්ට ආදර කරන්න බෑ..කරන්න බෑ නෙමෙයි පුලුවන් ඒත් ඒකේන් වෙන්නේ දෙන්නටම දුක් විදින්න.. එක්කො දෙන්නම සුර දූතයෝ වෙන්න ඕනේ නැත්තම් දෙන්නම මනුස්සයෝ වෙන්න ඕනේ.. අපි දන්න විදිහට මනුස්සයෙක්ට සුර දූතයෙක් වෙන්න නම් මැරෙන්නම වෙනවා.. ඒත් සුර දූතියකට හෝ දූතයෙක්ට මනුස්සයෙක් වෙන්න පුලුවන්.. හැබැයි තමන්ගේ සුර දූත ආත්මය සදහටම එයාගෙන් අයින් වෙනවා ඒ දේ මගින්.. ඒත් අද වෙනකන් කිසිම සුර දූතයෙක් එහෙම දෙයක් කරලා නෑ ආදරයක් වෙනුවෙන්...

Plz vote and comment,if you like this story 💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top