The first kiss.....

එහෙම්ම හිත හිත හිටිය ටේ එක පාරටම ගැස්සුනේ තමන්ගේ කන ළගින්ම ඇහුන සද්දෙට..

.................

"කවුද බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ??"

"බුදු අම්බෝ..."

කොල්ලා පපුවත් අල්ලන් ඉස්සරහට පනිද්දී දැක්කේ කොණ්ඩෙත් කඩන් පිටිපස්සෙ ඉන්න එමාව..

"මරන්නද හදන්නේ යකෝ??"

"ඇයි?? ඔයා කාටද ඒ කතා කලේ?? ඒකෙන් කතා කරන්නේ කොහොමද?? මටත් පුලුවන්ද??"

"හ්ම්ම් ඔව් පුලුවන්... මන් කතා කලේ වැඩකට නැති කෙනෙක්ට"

"මටත් කියලා දෙනවද??"

"හ්ම්ම් ඔතනින් වාඩිවෙන්න..."

ටේ ඇදේ පැත්තකින් වාඩිවෙලා කෙල්ලවත් ලගින් වාඩිකරන් ෆෝන් එක අතට ගත්තා.. ඒත් ඇයි මෙහෙම ටේ කරන්නේ කියලා එයාවත් දන්නේ නෑ... එහෙම්ම ලග තිබ්බ කොලයක් අරන් ටේ නම්බර්ස් වගයක් ලියලා ඒ නම්බර්ස් ටිකට කෝල් එකක් ගන්න හැටි කෙල්ලට කියලා දුන්නා..

"තේරුනාද??"

කෙල්ල ඔලුව වනනවත් එක්කම ටේගේ ෆෝන් එක රින්ග් වුනා..

"මොකක්ද ඒ??"

"මේක මගේ නම්බර් එක.. මේක ඔයා ළග තියාගන්න.. කාටවත් නෙමෙයි ඕනෙම වෙලාවක මටයි කතා කරන්න ඕනේ.. හරිද??"

කෙල්ල ඔලුව වනද්දී ටේ කෙල්ලගේ නම්බර් එක සේව් කරගත්තා..

"මොකක්ද ඒ කලේ??"

"අහ්හ් මේ ඔයාගේ නම සේව් කරගත්තා.. එතකොට ආයේ ඔයා කතා කලාම ඔයාගේ නම වැටෙනවා.."

"වාව්.. මටත් කරලා"

"ඕකේ එහෙම කරන්න බෑ.. මන් මේ වගේ එකක් ආයෙ එද්දී ගෙනල්ලා දෙන්නම්"

කෙල්ල ඔලුවත් වන වනම ෆෝන් එකත් කරකව කරකව ආයෙත් ඇදට නැග්ගේ ටේ වාඩිවෙලා හිටිය තැනෙන්.. කෙල්ල ඇදට රූලට යද්දී ටේගේ ඇස් නැවතුනේ කලින් වගෙම කෙල්ලගේ දිලිසෙන කලව අතරේ.. ටේට තවත් හැගීම් පලනය කරන එක කරන්න බැරි වුනා.. කෙල්ලවත් පෙරලගෙන ටේ ඇදට වැටුනා..

"අහ්හ්හ් ටේ... මොකද මේ??"

කෙල්ල ගැස්සුනා හොදටම...

"ඔයා ඇයි මෙහෙම කරන්නේ??"

"කොහොමද??"

"මෙහෙම?? මට ඇත්ත කියන්න බැරිද??"

"මොන??"

"ඔයා මට මොනාහරි හංගනවා නේ??"

"මුකුත් නෑ"

"මන්... නෑ මේ මට ඔයාගේ ඇස් දැක්කම"

"ඇයි මගේ ඇස්වල මොනාද තියෙන්නේ??"

ටේ තාමත් තමන්ගේ අත් දෙක අස්සට හිර කරන් කෙල්ලට ටික ටික ළං වෙනවා..

"දන්නේ නෑ..ඒත් මොකක්දෝ තියනවා"

"..........."

කතාව නැවතුනත් ටේවත් එමාවත් තප්පරයක්වත් ඉන්න ඉරියව්ව වෙනස් කලේ නෑ... දෙන්නගේ ඇස් එකට කා වැදිලා වගේ ඇලිලා තිබ්බේ.. කොටින්ම දෙන්න වෂී වෙලා වගේ බලාගෙන හිටියේ.. ටිකෙන් ටික ටේ කෙල්ලගේ මූණට පාත්වුනත් කෙල්ලට ටේගෙන් ඈත් වෙන්න එක හේතුවක්වත් ඕනේ වුනේ නෑ..

"මන් කිස් කරනවා"

ටේ තමන්ගේ හුස්ම කෙල්ලගේ මූණට වැදෙන තැනට ළං වෙලා කෙල්ලගෙන් අවසර ඉල්ලුවේ කොල්ලගේ පලවෙනි හාදුව දෙන්න.. කෙල්ලට ඒ ගැන ලොකු තේරුමක් නොතිබුනත් කෙල්ල ඇස්වලින් අවසර දුන්නා.. ඒ අවසරය එක්ක ටේ කෙල්ලගේ නා දලු වගේ රෝස පාටට දිලිසුන තොල් උඩින් තමන්ගේ තොල් තිබ්බා..

ටික වෙලාවක් යනකන් මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරිවුන කෙල්ල ටේ දිහා ඇස් ලොකු කරන් බලන් හිටියත් ටේ ඇස් දෙකම පියාගෙන කෙල්ලගේ තොල්වල පහස තනියම වින්දා.. උඩ තොලත් යට තොලත් අතරේ ඒ වින්දනය විනාඩි කිහිපයක් ගෙනිච්ච ටේ කෙල්ලගේ ගැස්සිල්ලට ඇස් අරිද්දී දැක්කේ කෙල්ලගේ ඇස් අගින් කදුලු බේරෙනවා...

"එමා... එමා..."

කෙල්ලගෙන් ක්ශනිකයෙක් අයින් වුන ටේ කෙල්ලට කතා කරද්දී කෙල්ල අමාරුවෙන් අමාරුවෙන් ඇස් ඇරියා..

"ඔයා... ඔයා මොකක්ද කලේ ඒ??"

කෙල්ල අමාරුවෙන් වචන ගැට ගැහුවා... ඒත් එක පාරටම කෙල්ලගේ වම් පපුව ලගින් කෙල්ලට ලොකු වේදනාවක් ආවා.. කෙල්ල පපුවත් අල්ලන් නැගිටින්න උත්සහ කලත් කෙල්ලට ඒක කරගන්න බැරිවුනා..

"එමා.. මොකක්ද වෙන්නෙ?? මන්.. මන් කලේ වැරැද්දක්ද?? ඒත්..."

"නෑ ටේ මාව ඇදෙන් හාන්සි කරලා හොට් ටවල් එකක් ගේන්න"

ටේ කෙල්ල කිව්ව සැනින් කෙල්ලව උස්සලා ඇදේ හරි පැත්තෙන් හාන්සි කරලා ටවල් එකක් අරන් එන්න දිව්වා..

එමා.... ඔයා මොනාද මේ කරන්නේ?? ඔයාට කිව්වා මන් මෙයාගෙන් ඈත් වෙන්න කියලා... මෙයා මනුස්සයෙක්.. ඔයාට බෑ එයාව ළගට ගන්න.........

කාමරෙන් ඇහුන හඩ ටේ එද්දිම නැවතුනත් කෙල්ල හොදටම ගැහෙනවා..

"එමා කියන්නකෝ මන් මොකක්ද කරන්න ඕනේ??"

"මගේ මූණ පිහදාන්න...."

කෙල්ලට ඕනේ රස්නයක්.. උනුසුමක්... ඒත් ඒක ටේට කියන්න බෑ.. ඉතින් ටේ ලව්වා හොට් ටවල් එකක් ගෙන්නගෙන කෙල්ල මූණ පිහදාගත්තේ ඔප්පා කිව්ව විදිහට හැම මාසෙකම 10 තමන්ට මොන වගේ ඉරණමකට මුහුණ දෙයිද කියලා හිතන ගමන්...

ඔයාට ඇයි මන් කිස් කලාම මෙහෙම වුනේ?? නැත්තම් මේක වෙන ලෙඩක්ද?? ඔයා හරිම ලස්සනයි එමා.. මට.. මට ඔය තොල් මගේ කරගන්න ආසයි... ඒවා අමුතුයි...

කෙල්ලගේ මූණ පිහදන ගමන් ටේ හිතින් හිතුවේ කෙල්ලගේ මූණේ තිබ්බ ලස්සනට තව තවත් වශී වෙලා..

"ටේ ඇති.. දැන් මට හොදයි"

කෙල්ල අමාරුවෙන් නැගිටලා හෙඩ් බෝඩ් එකට හේත්තු වුනා..

"මොකක්ද ඔයාට වුනේ??"

"ඒක හිතන්න එපා.."

"ඔයා කිස් කරද්දී මෙහෙම වෙනවද??"

"දන්නේ නෑ..."

"අහ්හ්හ්??? එතකොට කලින් කවුරුත් කිස්"

ටේට කියලා ඉවර කරන්න කලින් කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවා.. ටේට නම් ලාවට හිනාවක් ගියේ කෙල්ලගේ පලවෙනි හාදුව තමන් ගත්ත නිසා..

"අහ් දැන් නිදාගන්න.... "

"කවුද බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ??"

මේකී තාම මේක අමතක කරලා නෑනේ....

"අහ් මේකයි.. බෝයි කියන්නේ කොල්ලා.. ෆ්‍රෙන්ඩ් කියන්නේ යාලුවා.. බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ කොලු යාලුවට.. මන් ඔයාගේ යාලුවෙක් නේද?"

"ඔව්ව් නේ.. එහෙනම් අද ඉදන් ඔයා මගේ බෝයිෆ්‍රෙන්ඩ්... අර ඔයාගේ යාලුවොත් මගේ බෝයිෆ්‍රෙන්ඩ්.. ඔප්පත් මගේ බෝයිෆ්‍රෙන්ඩ්..."

දැන් කියපන්කෝ... ආයිශ්ශ් මේ කෙල්ල පොඩි බබෙක් වගේ..

"නෑ නෑ.. එහෙම නෑ.. ඔප්පා ඔප්පාමයි.. මගේ යාලුවෝ නිකන් යාලුවෝ.. එයාලා ෆ්‍රෙන්ඩ්ස්ලා.. මන් ඔයාට ස්පෙශල් හරිද?? ඔයා අහන්න ඕනේ මන් කියන දේ?? තේරුනාද??"

"හ්ම්ම්ම්..."

ටේ හෙමින් කෙල්ලගේ අත් දෙක තද කරලා අල්ලගත්තා..

"මන් ස්පෙශල් නේද ඔයාට??"

කෙල්ල ඔලුව උඩ පහල වැනුවා..

"වචනවලින් කියන්නකෝ"

ටේ කෙල්ලගේ මූණට ළං වෙලා එහෙම අහද්දී කෙල්ලගේ ඇස් නිල් පාටට දිලිසුනා..

"ඔව්..."

"එමා...."

"හ්ම්ම්ම්"

"මට මුකුත් හංගන්න එපා... මට.. මට කියන්න දෙයක් තියනවා ඔයාට"

"කියන්න"

"ඒක හෙට කියන්නම්.. දැන් නිදාගන්න..."

කෙල්ලව ඇදෙන් හාන්සි කරලා ශීට් එකත් පොරවලා කොල්ලා සෝෆා එකට ගිහින් ඇස් දෙක පියාගත්තා..
.
.
.
.

🌞🌞🌞🌞🌞🌞🌞
.
.
.
.
.

At dorm

"ජූන්... ගුඩ් මෝනින්.. එමා ළග නවත්තන්න කෙනෙක් හොයාගත්තද??"

"නෑ හ්‍යොන්ග්"

"මොකක්??"

"හ්‍යොන්ග් කෙල්ල ටිකක් අමුතුයිනේ.."

"ඉතින්??"

"මගේ හිත කියනවා මොකක්හරි වෙයි කියලා.. කෙල්ලට ඔය වගේ තනියම ඉන්න දෙමුද??"

"එහෙනම් අපි වෙන තැනකට කෙල්ලව බස්සමු"

"මන් හොබියගෙන් අහන්න ඉන්නේ"

"මොකක්ද??"

"හොබීගේ නූනා ළග සතියක් විතර කෙල්ලව තියාගන්න බැරිද කියලා???"

"අහ් ගුඩ් අයිඩියා..."

ජින් ඇන්ඩ් ජූන්ගේ කතාව ඔහොම්ම යද්දී හොබීත් ඒකට එකතු වුනා.. හොබී නූනගෙන් අවසර අරන් හෙට උදේම කෙල්ලව නූනා ඉන්න අපාර්ට්මන්ට් එකට බස්සන්න දාගත්තා.. නූනාට අයිති පොඩි කැෆේ එකේ කෙල්ලට වැඩ කරන්නත් හදලා දෙන්න තමා කට්ටියම ලෑස්ති වුනේ..

📞📞📞📞📞

"ජූන්"

"............."

"හ්ම්ම් ඒක හොදයි"

"..........."

"මන් එහෙනම් දවල් වෙලා එන්නම්"

"............"

"බායි.."

ජූන් විස්තරේ ටේට කිව්වම ටේට ඉහටත් උඩින් මලක් පිපුනා වගේ.. මොකද කෙල්ලව හැමතිස්සෙම බලන්න යන්න පුලුවන් වගේම ලොකු ආරක්ශාවක් කෙල්ලට එතන තියනවා කියලා කවුරුත් දන්න නිසා...

"ටේ ඔයා කන්නේ නැද්ද??"

"මට ටවල් එකක් දෙනවද?? වොශ් එකක් දාගෙන කන්න ඕනේ"

කෙල්ල දුවල ගිහින් ටවල් එකක් අරන් ඇවිල්ලා ටේට දික් කලා.. කට කොනෙන් හිනා වුන කොල්ලා ටවල් එකත් උරහිසට දාන් වොශ්රූම් එකට ගියා..

🚿🚿🚿🚿🚿🚿🚿

ඒ අතරේ කෙල්ල දෙන්නට කන්න මොන මොනාදෝ හදනවා.. මේවා කෙල්ල මේ දවස් දෙක තුනට ඉගෙනගත්ත දේවල්..

"සීරෝ111"

"ඔප්පා"

පිටිපස්සෙන් ඇහුන සද්දෙට කෙල්ල ගැස්සිලා බැලුවා..

"මොකක්ද මේ කරන්නේ??"

"ඔ..ප්..පා..."

"එයා මනුස්සයෙක්"

"ඔප්පා.. මන්.. මන්.. හිතන්නේ"

"ඔයා එයාට ආදරේ කරනවා"

"🥺🥺🥺"

"මන් කිව්ව නේ ඔය ඇස් එයාගෙන් හංගන්න කියලා.. ඔයාට බෑ මනුස්සයෙක්ට ආදරේ කරන්න.. දෙන්නටම විදවන්න වෙයි"

"ඒත්...."

"ඒත් නෙමෙයි.. එයාගෙන් ඈත් වෙනවා.. එයා ජීවීත කාලෙම විදවයි.. "

"මට.. මට එයාව දැක්කම මාව පාලනය කරගන්න බෑ ඔප්පා.."

"ඔයාගේ ඇසුයි එයාගේ ඇසුයි දැන් බැදිලා ඉවරයි.. එයා දිහා කෙලින් බලන්න එපා.. ඒ වෙනකන් ඔයාට ඔයාව කන්ට්‍රෝල් කර ගන්න පුලුවන්.."

"හ්ම්ම්ම්"

"මනුස්සයෙක් එක්ක ආදරයක් සුර දූතියකට බෑ"

ඔප්පගේ බැරෑරුම තර්ජනාත්මක වචනත් එක්ක චායාව කාමරයෙන් නොපෙනී ගියා.. කෙල්ල එහෙම්ම බිම ඉදගත්තේ මොකක්ද කරන්නේ කියලා හිතන ගමන්..

එතකොට මන් එයාට ආදරෙයි.. ඒත් එයා මට.. අනික එහෙම ඇස් හැමෝගෙම එක්ක බැදෙන්න පුලුවන්ද?? නැත්තම් මට එයා ස්පෙශල් කෙනෙක්ද?? මන්.. මන් මොකද කරන්නේ??

"ඇයි බැරි මට මනුස්සයෙක්ට ආදරේ කරන්න??"

"මනුස්සයෙක්ට ආදරේ කරන්න??"

කෙල්ල ගැස්සුනේ කෙල්ල ලග හිටන් හිටිය කෙනාගේ ගොරෝසූ කටහඩට...





කලින් කිව්ව වගේම මනුස්සයෙක් සුර දූතියක් එක්ක ආදරේ කරන්න පුලුවන්.. ඒත් ඒක දෙන්නට වේදනාකාරී.. දෙන්නගෙන් කෙනෙක්ට තමන්ගේ ආත්මය පරිත්‍යාග කරන්න වෙනවා..






Plz vote and comment, if you like this story 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top