She's mine

"ඒත් මේත් නෑ.. මන්.. මන් ඔයාට ආදරෙයි..."

"අහ්හ්හ්හ්හ් 😳😳😳"

"ඔව් මන් ඔයාට ආදරෙයි"

"අර කෙල්ල?? 😏😏"

"ඒක මේ පොඩි බොරුවක්.. ඒ මගේ කසින් කෙනෙක්... කවුද දන්නේ මගේ කෙල්ලට මෙච්චර කේන්ති යනවා කියලා.. එහෙම කලේ නැත්තම් ඔයාට මෙහෙම වෙන්නෙ නෑනේ 😓"

"ඒත් දැන් මන් දන්නවනේ ඔයා මට ආදරෙයි කියලා"

"හ්ම්ම්ම් මට සමාව දෙන්න"'

"ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි ටේ.. හරි ඕන එකක් මන් සමාව දුන්නා.. හරිද??"

"හරි..."

දෙන්නගේ ආදර කතා තවත් වෙලාවක් දිගටම තිබ්බා..
.
.
.
.
.
.
.

.................

At unknown place

ඔයා... ඔයා අන්තිමට එමාගේ ජීවිතේ බේරුවා.. ඔයාට මෙහෙ ඉන්න බෑ එමා.. ඔයා ඉක්මනට අපේ ලෝකේට එන්න ඕනේ... අර කොල්ලට ඔයා මේ තරම් ආදරේ කරන්නේ කොහොමද?? ඔයා... ඔයා.... අපේ

සීරෝ55 තම හිතින් හිතන ගමන් මතක් කලේ ඊයේ රෑ වුන අදුරු සිදුවීම පෙළ.....

Flashback ( 055 pov)

බූසාන් නගරේ සෑරිසරපු මට එක වර අමුතු සන් කිහිපයක් එද්දී මන් කලබලේට ආවේ සීරෝ111 ළගට.. මගේ හිත ලගකදී ඉදන් මොකක්දෝ කියනවා.. එතකොටයි මට මතක් වුනේ අද දහ වෙනිදා කියලා.. මන් ලගට යනවත් එක්කම දැක්කේ කෙල්ල හොදටම අඩනවා... මට ලොකු ලෝභකමක් කෙල්ලව දැක්කම දැනුනත් මට කෙල්ලව අල්ලන්න අවසර තිබ්බෙ නෑ.. එහෙම පුලුවන් නම් මන් ඔයාව සනසන්නේ ඔය හැමෝටමත් කලින්.. මන් කෙල්ලට ළං වෙද්දී මගේ ඇස් ඉස්සරහම කෙල්ල ඇදගෙන වැටුනා...

"එමා....."

මන් කකුල ඉස්සර කරලා ගියත් කවුදෝ මනුස්සයෙක් එමා ලගට ළංවුනේ මාව හරස් කරගෙන.. මන් හිතුවේ එමාට මේ වෙලේ උදව් කරන්න ආව කෙනෙක් කියලා වුනත් පස්සෙ මට තේරුනා ඌ උදව්වට ආව කෙනෙක් නෙමෙයි කියලා.. ඒ උගේ කතාවෙන්..

"කෙල්ල... මේ උබමද?? මෙච්චර ලස්සනක්... මොකද මේ කදුලු.. යමු මන් උබට ලස්සන මාලිගයක් හදලා දෙන්නම්...... උබේ පලිගුවෙන්ම"

අන්තිම වචනේ කියද්දීම මගේ පපුවත් හයියෙන් ගැහෙන්න ගත්තා..

"ඒයි අහකට වෙනවා"

මට පුලුවන් උනේ කෑගහන්න විතරක් වුනාට මන් කිව්ව මුකුත් ඒ මිනිහට නම් ඇහුනේ නෑ..එමාව අත් දෙකට ගත්ත ඒ මිනිහා එලියට වෙන්න නතර කරපු කාර් එකට දාගත්තා.. මන් පුලුවන් තරම් ඉස්සරහෙන් හිටන් ඒ ගමන වලක්වන්න හැදුවත් ඌට මගේ ශරීරය හරහා යන්න පුලුවන් වුනා.. කොහොමත් අපිව තේරෙන්නෙ නෑනේ මිනිස්සුන්ට..

කාර් එක යන පාර දිගේ මන් පුලුවන් තරම් පස්සෙන් ගියා.. අන්තිමට ඌ කාර් එක නතර කලේ අදුරු පාලු පාරක අවසාන බිල්ඩින් එක ලග.. කෙල්ලවත් අරගෙන ඇතුලට ගිය ඒ මිනිහා කෙල්ලව ඇදක ගැට ගහද්දී මට ලොකු අසරණකමක් දැනුනා..

"මන්... මන් මොකද කරන්නේ?? ටේ.... ඔව් ටේ"

මට එකපාරම මතක් වුනේ ටේ... එමා කොයිවෙලෙත් කියවන කොල්ලව.. මන් ආයේ ටේව හොයන් එද්දී ටේ පිස්සෙක් වගේ එමාව පාර පුරාම හොයනවා.. ඒත් මන් කොහොමද එමා ඉන්න තැන ඔයාට කියන්නේ?? එක පාරටම මට පුලුවන් විදිහට ගස්වල අතු ටිකක් හොල්ලලා එයාට සන් කලා.. මගේ වෙලාවටද එමාගේ වාසනාවටද මන්දා කොල්ලට මගේ සන් එක තේරුනා.. මන් ආව පාර දිගේ කොල්ලට එක්කන් ගියා..

"ටේ ඕක ඇතුලේ ඉන්නේ.. ඇතුලට යන්න... පරක්කු වෙන්න එපා"

මන් ටේගේ ඉස්සරහ ඉදන් ටේට කෑගහලා කිව්වත් කොල්ලට මන් කිව්ව වචනයක්වත් ඇහුනේ නෑ.. . එමාගේ සද්දෙට කොල්ල ඇතුලට යද්දී මාත් ඒ පස්සෙන් ගියා..

මට පුලුවන් විදිහට කෙල්ල ඉන්න තැනටම යන්න ඕනේ ඔක්කොම සන් මන් එයාට දුන්නා.. තව තප්පරයක් හරි පරක්කු වුනා නම් කෙල්ලට වෙන දේ මටවත් හිතාගන්න බැරිවුනා.. නිරුවත් කෙල්ල ටේට තුරුල් වෙද්දී මට ලොකු ලෝභකමක් ආවා..

ඔයා අපේ එමා.. මගේ...මන්... මන් ඔයා වෙනුවෙන් කොච්චරකල් ඉදන් බලන් ඉන්නවද?? ඔයාට බෑ එයාට ළං වෙන්න.. ප්ලීස්

පලවෙනි පාරට මගේ ඇස්වලට කදුලු ආවා වගේ මට දැනුනේ එමා මගේ ඉස්සරහම වෙන කෙනෙක්ට තුරුල් වෙලා ආදරේ ලබන හැටි දැකලා..

ඔව් මන් එමාට ආදරේ කලා..තාමත් කරනවා...

Flashback end

"එමා ඔයාට බෑ මනුස්සයෙක් එක්ක ඉන්න.. මන්.. මන් ඔයාට මරණේ පොත ගේන්නම්.. ඔයාව මන් මගේ ළගට ගන්නවා.. නැත්තම් ඔයා විනාස වෙයි"

සීරෝ55 කටින් පිට වුනේ එච්චරයි.. කවදාවත් නැති ආදරයක් අසරණකමක් ඒ වචනවල තිබ්බා... තනිවුන ලෝකෙක සීරෝ55 එමාගේ ආදරේ ගැන හීන දැක්කා...

.
.
.
.
.

At jee's place

"මේ කට්ටියම දැන් යන්න.. මන් කෙල්ලව බලාගන්නම්"

"ජූන් අදට මන්"

"ටේ මේ යකා අවුස්සන්න එපා.. කේස් එකක් දාගන්නද ඕනේ"

"නෑ"

"එහෙනම් ලෑස්ති වෙයන්"

කෙල්ලත් අමාරුවෙන් අමාරුවෙන් කට්ටියම ඉන්න තැනට ආවා.. කොල්ලො ටික ඩෝම් එකට යන්න ලෑස්තිවුනේ..

"මට කියන්න දෙයක් තියනවා"

යන්න බඩුත් අත් දෙකට ගත්ත ඔක්කොම බැලුවේ ටේ දිහා..

"ඒ ගමන් මොකක්ද?? පුලුවන් නම් දැන් වොශ්රූම් යන්න ඕනේ කියපන්"

"නෑ නෑ හොබියෝ.. මේ... මේ වෙන එකක්"

"වෙන එක කියපන්කෝ.. රෙද්ද පරක්කු වෙනවා"

ටේ ක්ශනිකයෙක් ගියේ එමා ලගට.. එමාගේ ඉනෙන් අත දැම්ම ටේ එමාව තමන් ලගට ඇදලා ගත්තා.. හිතන්නවත් වෙලාවක් නොදී ටේ එමාගේ තොල් එක දිගට තමන්ගේ කරගත්තා.. ටේගේ ළංවීම එක්ක ඇස් තදින් පියාගත්ත කෙල්ලත් ඒ සිපගැනීමට අවනත වුනේ ටේගේ බෙල්ල වටේ අත් දෙක යවන ගමන්.. විනාඩි ගාණක් තිබ්බ හාද්ද දිහා අනිත් ඔක්කොම කටවල් ඇරන් බලන් හිටියේ...

"අහ්හ්හ්හ්හ්හ්"

කුකීගේ උගුර පාදන සද්දෙට ටේ එමාගෙන් ඈත් වෙලා කට්ටිය ඉන්න පැත්තට හැරුනේ එමාව තමන් ලගට තුරුල් කරගන්න ගමන්...

"එමා අද ඉදන් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.."

"ඕක කියන්න දෙයක් නෑනේ.. අපි මොන්ටිසෝරී යන උන් නෙමෙයිනේ"

ජී නූනා කියන ගමන් ලාවට හිනා වුනත් අනිත් අයගේ මූණවල්වල නම් ඒ හිනාව තිබ්බෙ නෑ..

"ජූන් හ්‍යොන්ග් මන් දන්නවා මේකේ බැරෑරුම්කම.. ප්ලීස්.. මන්.. මන් එමාට ඇත්තටම ආදරෙයි.. මන් අපි කාටවත් අවුලක් නොවෙන්න මේක බලාගන්නම්"

කොල්ල මූණත් බිමට පාත් කරගෙන කියද්දී ජූන්ගේ මූණටත් ලොකු අසරණකමක් ආවා..

"හරි ටේ.. අපි හැමෝම කොල්ලොනේ... අපි හැමෝටම ෆීලින් තියනවා.. උබ ඕක කරපන්.. අපි උබ එක්ක ඉන්නවා.. හැමවෙලේම දෙයක් කරන්න කලින් දෙපාරක් නෙමෙයි දහපාරක් හිතපන්"

ටේගේ පිටට තට්ටුවක් දාගෙන ජූන් එලියට යද්දී අනිත් අයත් කොල්ලගේ පිටට තට්ටුවක් දාන් එලියට ගියා.. නූනත් කොල්ලො ටික බස්සන්න එලියට යද්දී අන්තිමට ඉතුරු වුනේ ටේ ඇන්ඩ් එමා විතරයි...

"මන් යනවා"

"ඔයාට අපි එක්ක ඉන්න බෑද??"

"බෑනේ"

"හ්ම්ම්ම්"

"මන් බලන්න එන්නම් ෆ්‍රී වුනාම.. මන් ගොඩක් බිසී කෙනෙක් එමා.. ඒ නිසා ඔයා මාව තේරුම් ගන්න ඕනේ.. අහ් අනික් එක තනියම එලියට අඩියක් තියන්න බෑ.. මන් කොහොම කලත් දහ වෙනිදට එනවා"

"හා..."

"මට ඔයාගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියනවා.. මන් ඒවා ආයේ ආවම අහන්නම්.. කවුරු ඇහුවත් එදා උන දේවල් කියන්න එපා.. ඔයාගේ ඇත්ත දැනට මන් විතරක් දැනගත්තම ඇති බබා.."

"හා..."

"මන් යනවා..."

ටේ කෙල්ලගේ නළලට කිස් එකක් දුන්නා.. කෙල්ලත් තමන්ගේ අත් දෙකෙන්ම ටේව තුරුල් කරගත්තා..

"ඉක්මනට එන්න"

කෙල්ලට සමුදුන්න කොල්ලා පහලට ගියේ කට්ටියම බලන් ඉන්න නිසා....
.
.
.
.
.
.

.....යන අතරමග.....

"ටේ... ඊයේ මොකක්ද උනේ??"

"ඒ මිනිහා තව පොඩ්ඩෙන් එමාව විනාස කරනව"

"උබ කොහොමද එමා ඉන්න තැන හොයාගත්තේ??"

"අහ්හ්හ් අනෙ මන්දා සුගා හ්‍යොන්ග්, මන් කිසිම දෙයක් හිතන්නේ නැතුව දිව්වා... පාර ඉවර වෙනකන් දිව්වා.. අන්තිමට මන් නැවතුනේ ඒ තිරිසනාගේ ක්ලිනික් එක ළග.. ඒත් මට එතන එමා ඉන්නවා කියලා දැනුනේ නෑ"

"එතකොට??"

කට්ටිය අහන ප්‍රශ්නවලට පුලුවන් තරම් ඇග බේරගෙන ටේ උත්තර දුන්නේ එමාගේ රහස ගැන හ්‍යොන්ග්ලට කියන්න මේක වෙලාව නොවෙන නිසා..

...................

After two weeks

"හෙලෝ...."

"............"

"හරි නූනා...."

ටේගේ මූණට ලාවට හිනාවක් ඇදුනේ නූනා අද ඔම්මලා බලන්න යන නිසා කෙල්ල තනියම අපාර්ට්මන්ට් එකේ කිව්ව නිසා.. කොහොමත් කෙල්ලව තනියම තියන්න බෑ.. මේ සති දෙකට කොල්ල නොසෑහෙන්න බිසී වුන නිසා කෙල්ලව බලන්න යන්න වුනේ නෑ..
.
.
.
.
.

ජූන්ගේ අවසරයෙන් ටේ අද එමා එක්ක නවතින්න හිතන් ජී නූනනේ අපාර්ට්මන්ට් එකට ආවා.. වෙනදට ලයිට් දාලා තියන හවුස් එක අද නිකන් කනත්තක් වගේ.. කොල්ලා ලොක් එකත් ඇරගෙන ඇතුලට ආවත් ඇතුලම කලුවරයි..

"එමා..."

ටේගේ කට හඩ දෝංකාර දෙද්දී ටේ තවත් ටිකක් ඇතුලට ගියා...

"ඉහි ඉහි..... 😭😭😭😭"

කාගෙදෝ අඩන සද්දෙකට කොල්ල බය වෙලා සද්දේ ආව පැත්තට ගියත් ඒ එමාගේ කාමරේ කියලා අදුන ගත්ත කොල්ලා යන එක වේගවත් කලා..

"එමා.... බබා... ඔයා කෝ?? මන් ආවා"










එමාගේ ආදර කතාව මෙහෙම්ම ලස්සනට ගලාගෙන යන්න එමාගේ ඔප්පා ඉඩ දෙයිද??





Plz vote and comment, if you like this story 💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top