I will do it for you ❤️

මන් මටම බැන බැන ගිහින් දොර ඇරියා...

"අහ්හ්හ්හ් 😳😳😳😳"

"ටේ... දැන්ම එනවා අපි එක්ක යන්න"

"අහ්හ් ඒත් මැනේජර්"

"ටේ ඔයාට අමතකද ඔයා අපි එක්ක සයින් කරපු ඇග්‍රිමන්ට් එක??"

"ප්ලීස් මන් කියන"

"දැන්ම ආවොත් අපි දෙන්නටම ප්‍රශ්නයක් වෙන එකක් නෑ..."

"ඔයාලා යන්න,මන් එන්නම්"

"ටේ...."

ඒ එක්කම මැනේජර්ගේ පිටිපස්සෙන් ආවේ ජූන්... ජූන්ගේ මූණ තිබ්බේ සෑහෙන්න අවුලකින් කියලා දකින ඕනේ කෙනෙක්ට තේරෙනවා..

"ජූන් හ්‍යොන්ග්,මන් ටග්ගාලා"

ඒ එක්කම ජූන් ටේ ළගට ගිහින් කරට අත දාන් එලිය පැත්තට එක්කන් ගියා...

"අපි යමු ටේ... ප්‍රශ්නේ දුර දිග ගියොත් උබට කවදාවත් එමාව බලන්න වෙන්නෙනෑ..."

කොච්චර බෑ කිව්වත් අන්තිමට ටේට එමාට නොකියම යන්න වුනා...
.
.
.
.
.

Emma pov

"ටේ.... ටේ..."

මන් වොශ් එකක් දාන් ඔලුවත් පිහදන ගමන් මුලු ගේ පුරාම ටේව හෙව්වත් ටේ හිටියේ නෑ..

"බය නොකර එන්නකෝ ටේ..."

ඒ එක්කම දොර අරින සද්දෙට මන් ටග්ගාලා දුවලා ගියේ ටේ බලාපොරොත්තුවෙන් වුනත් හිටියේ ටේ නෙමෙයි කියලා දැක්ක ගමන් මගේ හිනාව කොහෙන් නැතිවුනාද කියලා මටම හිතාගන්න බැරිවුනා..

"ඔන්නී ඔයා??"

"එමා ඔයා හොදින් නේද??"

"හ්ම්ම් ඔව් ඔන්නී.. ඇයි??"

"නෑ නෑ..."

"ටේ... එයා නෑනේ"

"අහන්නකෝ එමා"

ජී එමාවත් අල්ලගෙන ගියේ සෝෆා එක ලගට.. කෙල්ලවත් වාඩි කරගෙන ජී වාඩිවුනේ උන හැමදෙයක්ම කෙල්ලට පැහැදිලි කරන්න..

"ඔන්නී මොකද??"

"ටේට පොඩි කරදරයක්"

"මොකක්?? අනේ යමුකෝ.. අනේ මොකද වෙලා"

"ශ්ශ්ශ්ශ්ශ්,එහෙම කරදරයක් නෙමෙයි..."

"අහ්හ්හ්??"

"එයා කවුද මොනාද කරන්නේ ඔයා දන්නවනේ... ඉතින්..............

ජී හැමදෙයක්ම එමාට පැහැදිලි කරලා දුන්නා..ඒත් ඒ හැම වචනයක් ගාණෙම එමාගේ ඇස්වලින් කදුලු එක දිගට වැටුනා.. කවදා ආයේ ටේව බලන්න වෙයිද දන්නේ නෑ කියන ප්‍රශ්නෙමයි කෙල්ලගේ ඔලුවේ කැරකුනේ...

"ඔන්නී... මට ටේට කතා"

"අහන්න එමා, ටේ ටිකක් ඒ පැත්ත ශේප් කරගන්නකන් එයාට කතා කරන්න බෑ.. ඔයා එයාට ඇත්තටම ආදරෙයි නේද??"

"ඔව් ඔන්නී, මන්... මන් ගොඩක් ආදරෙයි එයාට"

"එහෙනම් එයා ඉක්මනට එනකන් ඔයාට ඉවසන්න වෙනවා.."

"හ්ම්ම්ම්"

"හැමදෙයක්ම ඉක්මනට විසදෙයි එමා.. ඒ නිසා ඉවසන්න"

ජී පුලුවන් තරම් කෙල්ලගේ හිත හැදුවා.. ටේට වුනා හිරකාරයෙක් වෙන්න ටික කාලෙකට.. දමලා ගහලා අයින් වෙන්න පුලුවන් රස්සාවක් නෙමෙයි කොල්ලා කලේ.. මේ කොල්ලගේ හීනේ.. ඉතින් කට්ට කාගෙන ලබා ගත්ත දේ කොල්ලට අත අරින්න බෑ.. කොහොමත් අනිත් අය ඒකට ඉඩ දෙන්නෙත් නෑ.. එමා තේරුම් ගනී කියන විශ්වාසයෙන් කොල්ලා ටික කාලෙකට එමාගෙන් ඈත් වෙන්න තීරණය කලා...
.
.
.
.
.
.
.
.
.
.

කාලය කියන්නේ හුලග වගේ දෙයක්.. දරාගන්න බැරි දුක් එක්ක එමාගේ ජීවිතය ජී ඔන්නි එක්ක ගෙවුනා.. ටේට පණ ඇරල ආදරය කරපු එමාට ටේ නොදකින මේ කාලය පලිගුවේ වේදනාවට වඩා වැඩිවුනා.. කාටවත් තමන් ගැන කියන්නත් බැරි නිසා එමා අමාරුවෙන් කාලය ගෙවා ගත්තා..

නොදැනීම මාස 9ක් ගෙවිලා ගියා.. හරියටම මේ මාසේ 10 වෙනිදට එමාගේ සම්පූර්ණ බලය නැති වෙනවා.. ඊට කලින් එමාට කරන්න තියෙන්නේ දේවල් දෙකයි.. එක්කෝ අකමැත්තෙන් හරි ආයෙත් සුර ලොවට යන එක.. ඔයාලා බලනවා ඇති නේද ඇයි අකමැත්තෙන් කියලා.. මේකයි එමාට දැන් ටේ කියන්නේ ජීවිතේම, ඉතින් එයාගේ එකම ආදරය මග දාලා යන්න සුරදූතියකට බෑ.. අනෙක් අතට එමා ආයේ සුර දූතියක් වෙනවා කියන්නේ එයාගේ අතින් වුන වැරැද්ද නිවැරදි වෙනවා.. ඒ කියන්නේ ටේට මැරෙන්නම වෙනවා.. ඒ දේ දැන දැනම එමා ඒ වගේ තීරණයක් ගනීද?? හැබැයි එයා එහෙම තීරණයක් නොගත්තොත් එමාට තමන්ගේ ආත්මයම අත අරින්න වෙනවා..

අනෙක් අතට එමාට කරන්න තියෙන්නෙ තව එක දෙයයි. ඒ පලිගුව දැල්වෙද්දී තමන් ආදරය කරම පිරිමිය එක්ක ලිංගිකව එකතු වෙන එක.. ඒකෙදී එමාට පූර්ණ වශයෙන්ම මිනිස් ආත්මයක් හම්බවෙනවා. ඒත් මේ මුකුත් ටේට කියාගන්නවත් ටේට කතා කරන්න විදිහක් නෑ.. කාට මොනා කිව්වත් හැමෝම කලේ එමාට ටේව හම්බෙන්න තියන ඉඩ වැහුව එක විතරයි...

After few days

හෙට හරියටම 10 වෙනිදා.. එමා අඩක් මනුස්ස ආත්මයක් ලබලා ගෙවෙන 10 වෙනි මාසය.. එමා ඉන්නේ තමන්ගේ ජීවිතය ගැන අවසන් තීරණයක් ගන්න ඕනේම වෙලාවක..

"මොනාද එමා කල්පනා කරන්නේ?"

"ඔන්නී... මට ටේට කතා කරන්න ඕනේ"

"දරුවෝ, ටේ ඉන්නේ රටින් පිට.. දන්නවද එයාටත් ඔයාව මතක් වෙනවා ගොඩක්.. ඒත්...."

"එක පාරක් කතා කරන්න බැරිද ඔන්නී?"

"ඔයාට ටේව ඕනේ නම් ඉවසන්න වෙනවා..."

ටේ පහුගිය කාලෙම හිටියේ මානසික පීඩනයෙන්.. එමා ළගට යන්න කොච්චර උත්සහා කලත් ඒක හැමෝම එකතු වෙලා නැවැත්වුවා.. ඒ ටේ ගැනම හිතලා..

.....................

"ටේ, මොකෝ බන්?"

"හ්ම්ම් මුකුත් නෑ"

"මොනාද උබ ඔය බලන්නේ"

ටේ හිටියේ ෆෝන් එකේ මූණ ඔබාගෙන... ජිමින් ෆෝන් එක උදුරලා ගත්තේ ටේගේ ඇස්වල තිබ්බ කදුලු දැකලා..

"එමා... ටේ, ඇයි බන් මේ?"

"මට තේරෙන්නේ නෑ"

"මොකක්ද උබට නොතේරෙන්නේ? ජී නූනා එමාව බලාගන්නවා යකෝ"

"යකෝ මන් මගේ කෙල්ලව මාස කීයකින් දැකලා නැද්ද? කෑවද බිව්වද? අඩුම මාව මතකදවත් මන් දන්නේ නෑ... මොකක්ද බන් මේ කරුම රස්සාව?"

"උබ වගේම තමා එමත්.. එයාටත් උබට වගේ උබව මතක් වෙනවා ඇති.. අහපන් ලබන සතියේ කොරියාවට ගියාම මන් මොකක්ම හරි කරන්නම්"

"ප්ලීස් ජිමින්... මට උදව් කරපන්.. මට ඕනේ එක පාරක් ඒ හුරතල් මූණ බලන්න.. අත් දෙකෙන් අල්ලන්න... එක පාරක් මගේ ලගට ගන්න"

"ඔහොම කියන්න එපා යකෝ.. මටත් ඇඩෙනවා.. මන් උබට එමාව මුණ ගස්සන්නම්.. මාව විශ්වාස කරපන්"

මේ කතාව යද්දී ටේ ජිමින් හිටියේ පැරිස්වල.. ටීවී ශෝ එකකට ගිහින් ඉන්න අතරේ ටේ තව පාරක් ජිමින්ගෙයි ආයාචනාත්මක ලෙස එමා බලන්න යන්න උදව් ඉල්ලුවා..

......................

සිවිලිම් දිහා බලන් හිටිය එමාගේ කල්පනාව බින්දේ ඇද ඉස්සරහෙන් ඇදුන චායාව...

"ඔප්පා......

"හ්ම් ඔව්.. ඔයා තීරණය කලාද?"

"මොකක්ද?"

"මැරෙනවද සුරදූතියක් වෙනවද කියලා"

"ඔප්පා 🥺"

"ඔයාට තියෙන්නේ පැය ගාණයි.. ඔයා හිතන්න.. තව හිතන්න.."

"මට බෑ ටේට මැරෙන්න ඉඩ දීල බලන් ඉන්න"

ඇදෙන් නැගිටලා සීරෝ55 ඉස්සරහට ගිය එමා ඇස්වල කදුලු එක්ක කිව්වා..

"එතකොට ඔයාට?? ඔයාට මොකද වෙන්නේ?"

"මගේ ආත්මය මට නැතිවුනාවේ"

"සීරෝ111 😡"

"මට බෑ.. මගේ ටේට මුකුත් වෙන්න දෙන්න බෑ"

මගේ ටේ.... එයා කොහොමද ඔයාගේ වුනේ? ඔයා එයාගේ නෙමෙයි.. ඔයා මගේ... ඔයා අපේ... මන්... මෙච්චර ආදරය කරලා ඔයාට නොතේරුනා.. ඒත් මනුස්සයෙක් නිසා ඔයා මෙහෙම.. ඔයා එයාට මෙච්චර ආදරේද?? මාත් තරම්ම ඔයාට ආදරෙයි.. ඔයාට එයාව ඕනේ නම් මන් ඒක කරන්නම්.....

සීරෝ55 හිතුවේ එමාගේ ලස්සන ඇස් දිහා බලාගෙන..

"ඔප්පා ඔයා මොනාද හිතන්නේ?"

"මන් මෙච්චර කල් නොකිව්ව දෙයක් ඔයාට කියන්නම්.. ඒ දෙයින් ඔයාට ටේගේ වගේම ඔයාගේ ජීවිතෙත් බේරගන්න පුලුවන්..."

"මොකක්ද ඒ ඔප්පා? මන් ඕනේ දෙයක් කරන්නම්"
.
.
.
.
.
.
.
.

Plz vote and comment 🥺💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top