Her last day 🌸

පහුගිය අවුරුදු 5ම එමා ටේ වෙනුවෙන් බලන් හිටියා.. ටේ තමන්ට වයිර කරනවා කියලා එමා දැනගෙන හිටියේ නෑ..

ඒ කාලය පුරාම ටේ එමාව හෙව්වා.. ඒ ඇයි තමන්ට මෙහෙම කලේ අහන්න.. ඇයි රැවැට්ටුවේ අහන්න.. පලිගන්න..

එමාගේ දඩුවම ගෙවෙන අන්තිම දවස් කිහිපයට ළංවෙද්දී එමා බලන් හිටියේ ටේ ළගට ගිහින් සදහටම ටේගේ වෙන්න වුනත් ටේ මේ කාලෙම කලේ එමාට වයිර කරපු එක.. අදටත් ටේ ඇත්ත දන්නේ නෑ.. එමා ටේව බලන්න එන්න හීන මවද්දී ටේ වෙන කෙනෙක්ව මැරි කරන්න ලෑස්ති වෙලා ඉවරයි..

"ඔන්නී මන් හෙට යනවා.."

"මාව අමතක කරන්න එපා"

"කවදාවත්ම නෑ"

"මරණයෙ පොත ආයේ නැති කරගන්න හිතන්නවත් එපා"

"මන් මනුස්සයෙක් වෙනවා"

ඒ වචනය එක්ක සීරෝ 67ගේ අත් දෙක ඉබේම ගියේ එමාගේ අත් දෙක ලගට.. එමාගේ අත් දෙක තද කරලා අල්ලගත්ත සීරෝ 67 ලොකු කතාවකට මුල පිරුවා..

"මන් ඔයාට දෙයක් කියන්නම්.. මේ දේ කියන්නේ මන් ගෙවන මේ ජීවිතේ ඔයාට අයිති නැති නිසා.. ඔයා ආයේ මෙතනට එන්න ඕනේ නැති නිසා.. එමා, ඒක නේද ඔයාගේ මනුස්ස නම... එමා සුරදූත ආදරය වගේ නෙමෙයි මනුස්ස ආදරය, ඒක ඉක්මනට වෙනස් වෙනවා.. හෙටට අවුරුදු පහයි.. ඔයාට විශ්වාසද ඒ මනුස්ස ආත්මය ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා?"

"ඔව්ව් මටත් වඩා මට එයාව විශ්වාසයි.."

ඒ වචනය එක්ක සීරෝ 67 එමාව බදාගත්තේ ලොකු ආදරයකින්.. එමාගේ තීරණය කාලෙකට කලින් එයත් ඒ වගේම ගත්තා.. ඒත් එදා එයාට උනේ බිත්ති හතරකට කොටු වෙන්න.. ඒත් එයා විශ්වස කලා එමාට එහෙම ඉරණමක් අත් නොවෙවී කියලා..
.
.
.
.
.
.
.
ඉතින් මේ කිසිම ගැලපීමක් නැති සිතුවිලි ගොන්නක් අස්සෙ ටේ එමාට වයිර බදිද්දී එමා ටේට තවත් ආදරේ කරන්න පටන් ගත්තා.. ඒ විශ්වාසය එක්ක එමා එදා ටේව හොයාගෙන ආවේ තමන්ගේ ආත්මයම බිල්ලට දීලා වුනත් ඒ වෙද්දී එමා නොසෑහෙන්න පරක්කුයි.. ටේ.... ටේ වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි...

Flashback end

එමා චර්ච් එකෙන් එලියට ආවේ හිස් හදවතකින්.. යන්නේ කොහෙද මොකද කරන්නේ කියලා එමාට කිසිම අදහසක් තිබ්බේ නෑ.. ඇස් දිගේ වැක්කෙරුනු කදුලු නිසා මූණ දිලිසෙනවා.. මිනිස්සු හැමෝම එමා දිහා බැලුවේ කෙල්ලගේ ලස්සන නිසා.. ඒත් එමාට ඒ කාවවත් පෙනුනේ නෑ.. එදා වගේ අද එයාට එයාගේ ඔප්පා නෑ.. එයා හිතුව ජීවිතේ එයාට අයිති වුනේ නෑ..

ඔන්නී, මන්.... මන් මොකද කරන්නේ? මට බෑ ඔයා වගෙ හිරකාරියක් වෙන්න.. මට මගේ ආත්මයම වැඩක් නෑ.. මට වේදනාවට වඩා මේ වේදනාව දැනෙනවා වැඩී ඔන්නී.. මන් ආයේ එන්නේ නෑ.. අද හද පායලා ඉවර වෙද්දී මගේ ආත්මයම මේ හුලගට එකතු වෙයි..

එමාගේ හිතේ ටේ ගැන ඇතිවුනේ කලකිරීමක්.. ඇයි මෙහෙම කලේ කියලවත් කෙල්ල දැනන් හිටියේ නෑ..

මිනිස්සු අතරින් එමා පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා.. අව්වේ රස්නෙට කෙල්ලව පිච්චෙනවා.. ඒත් ඒ ගැන ගානකටවත් නොගෙන එමා ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියා.. අරමුණක් නැතුව ඇවිදගෙන ගියා...
.
.
.
.
.
.

Time passed

"ටේ... මන් ඔයාලා හැමෝගෙම නූනානේ.. මට අද ගොඩක් සතුටුයි.. ඔයා සතුටෙන් හැමදාම ඉන්න ඕනේ අපේ ජීහා එක්ක"

"තැන්කිව් නූනා.."

ටේ ජීව බදාගත්තේ ලොකු ආදරයකින්.. ටේ වෙනුවෙන් කරපු හැම උදව්වක්ම ටේට එකින් එක මතක් වුනා.. ඒ අතරේ එමාවත් ටේගේ මතකෙට ආවා..

හැමෝම හිටියේ එක එක කතාවල..

"නූනා.... එමා ගැන බලන්න"

"මොකටද?"

"ප්ලීස්... එයා මෙහෙ මුකුත් දන්නේ නෑ.."

"එයා බබෙක් නෙමෙයි ටේ.. ඔයාව රැවැට්ටුවා"

"නූනා මන් මේක අද වෙනකන් කාටවත් කියලා නෑ.. එයා.... එයා මනුස්සයෙක් නෙමෙයි"

"මොකක්?"

"මාව විශ්වාස කරන්න... එයාව හොයාගන්න"

"ටේ මොනාද.....

"නූනා.. ප්ලීස්.... මන් කියන නිසා.. එයා ගැන බලන්න"

"මට තේරෙන්නේ නෑ ඔයාට මොනා වෙලාද කියලා"

"මට පොරොන්දු වෙන්න"

"හ්ම්ම් හරි මන් එයාව හොයාගන්නම්"

"තැන්කිව් නූනා"

ටේගේ වෙඩින් එක ඒ විදිහට ලස්සනට ගෙවුනා.. හැමෝම කතා වුනේ ටේගේ වෙඩින් එක ගැන.. යන යන පාරවල් වල ස්ක්‍රීන් වල හිටියේ ටේ ජීහා විතරමයි..

එමා ඒ දිහා බලන් හිටියේ කිසිම හැගීමක් නැතුව... එමා දන්නවා මේ ගෙවෙන්නේ එයාගේ අවසන් හෝරා කිහිපය කියලා.. ඒ නිසා එයා ටේ දිහා ඇහි පිය නොහෙලා බලාගෙන හිටියා.. ඒ ආදරය එමාට මතක් වුනා...

මේ අතරේ ජී හිටියේ එයාගේ අපාර්ට්මන්ට් එකට යන ගමන්...

"මොකක්ද ඩ්‍රයිවර් වෙලා තියෙන්නේ? පුදුම ට්‍රැෆික් එකක් නේ"

"මන් බලලා එන්නම් මිස්"

"හ්ම්ම්ම්"
.
.
.
.
.

"ඇයි? මොකද වෙලා තියෙන්නේ? තව පරක්කු වෙනවද?"

ජී යන ගමන් ලොකු ට්‍රැෆික් එකකට අහුවුනා..

"ටිකක් වෙලා යයි මිස්.. ගෑනු ළමයෙක් වැටිලා ඉන්නවා පාරේ.. මන් හිතන්නේ මැරිලා"

"අයියෝ? හැප්පිලාද?"

"දන්නේ නෑ මිස්.. පොලීසියෙන් ළගට යන්න දෙන්නේ නෑ.. අපි අනිත් පාරෙන් යමු"

ඩ්‍රයිවර් කාර් එක අමාරුවෙන් හරවන් ආවේ අනිත් පාරට..

"එමා......."

ඒත් ජීගේ කටින් කියවුනේ එක වචනයයි.. ජීගේ මතකෙට ආවේ එමාව..

"ගෑනු ළමයෙක්?? ඩ්‍රයිවර් ඔහොම නවත්තන්න කාර් එක"

"ඇයි මිස්?"

"ඔයා කිව්වේ ගෑනු ළමයෙක් කියලා නේද?"

"ඔව් මිස්"

ඒ එක්කම ජී කාර් එකෙන් බැහැලා ගෑනු ළමයා වැටිලා හිටිය පැත්තට දිව්වා..
.
.
.
.
.
.
.
.

At unknown place

"අහ්හ්හ්.... මාර මහන්සි"

"ඔයා වොශ් එකක් දාගන්නවද?"

"ඔයා දාගන්න ජීහා"

ටේ ජීහා හිටියේ තමන්ගේ පලමු රැය තුල.. දවසෙම මහන්සි වෙලා ටේ ඇදට වැටුනේ ආව ඇදුම පිටින්මයි.. ඒ අතරේ ජීහා ගියේ වොශ්රූම් එකට..

ජීහා කියන්නේ ප්‍රොපොසල් එකකින් ටේට ළංවුන ගෑනු ළමයෙක්.. අහිංසක ලස්සන ඒ වගේම පුදුම ආදරයක් ටේ ගැන ජීහට තිබ්බේ..

ඇදට වැටුන ටේ කල්පනා කලේ අද දවස ගැන... ඒ මතකයන් එක්ක කොල්ලගේ හිතට ආවේ ඔලුවේ මැවුනේ එමාව..

එදා වගේම කඩා හැලෙන කොණ්ඩෙ රෝස පාට තොල් නිල් පාට බෝල ඇස්... ඒ හැම දෙයක්ම ටේට මතක් වුනා.. ටේ එමාට තාම ආදරෙයි... ඒත් ටේ ඒක හංගන් ඉන්නේ එමා තමාව රැවට්ටුව කියලා හිතාගෙන..

තමුසේ මාව රැවැට්ටුවා.. මට ඕනේ නෑ තමුසෙව.. ආයිශ්ශ්ශ්ශ් මේ මොන මගුලක්ද? ඇයි මට එයාව මැවිලා පේන්නේ??

කේන්තියටම ටේ නැගිටලා ටීවී එක දැම්මේ එමාව අමතක වෙන්න හිතාගෙන මොනාම හරි බලන්න..

"මෙන්න විශේෂ පුවතක්... මීට සුලු මොහොතකට පෙර සෝල් පාලමට බටහිර පැත්තට වෙන්න ඇති හරස් මාර්ගය අසල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇත.. පොලීසිය පවසන ආකාරයට එය වයස 25ක විතර ගෑනු ළමයෙක්ගේ මළ සිරුරක්ය.. තවමත් මළ සිරුර භාර ගැනීමට කිසිදු පුද්ගලයෙක් අනතුර උන ස්තානයට හෝ රෝහලට පැමිණ නැති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා"

නිව්ස් එක ඉවර වෙන්නත් කලින් ටේ කාමරෙන් එලියට දිව්වේ පිස්සු හැදිලා වගේ..

"නෑ ඒක වෙන්න බෑ.. ඒ ඔයා නෙමෙයි... ඒ ඔයා මාව බේර ගත්ත තැන.. බෑ තමුසෙට බෑ මට රිද්දලා යන්න"

පඩිපෙල දිගේ පහලට දුවන අතරේ ටේ තමන්ටම බැනගත්තේ මරාගන්න තරම් ආව කේන්තියට...

ඒ එක්කම ටේගේ ෆෝන් එක රින්ග් වුනා...

ෆෝන් එක අතට ගද්දී ටේ හොටෙල් එකෙන් එලියටම දුවලා ඉවරයි.. කොල්ලා තවත් ගැස්සුනේ ඒ කෝල් එක ආව කෙනාව දැකලා..

"නූනා..... නෑ ඔයා ඇයි මට දැන් කතා කරන්නේ? අනේ නූනා"

ටේව වෙව්ලනවා.. රින්ග් වෙන ෆෝන් එක දිහා බලන් ටේ තමන්ටම කියාගත්තා..

"නූ..... නා...."

"ටේ මගේ අපාර්ට්මන්ට් එකට එන්න"

"අහ්හ්??"

"දැන්ම එනවා.."

"හරි මන් එන්නම්.. එමාට"

"කිව්වම එනවා"

ජී ටේට කිව්වේ එච්චරයි... ටේ හොදටම කලබල වෙලා.. ගැහෙනවා.. නොදැනීම කදුලු ගලනවා..

කොහොම වුනත් අද එමා සමුගන්න හිටිය දවස..





Plz vote and comment 🌸💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top