flashback ⏰
Flashback
"ජූන් මොනාද ඔය කරන්නේ??"
"හෙට තියන ඉන්ටර්විව් එකේ ඩොකියුමනට් එක බැලුවේ හ්යොන්ග්.."
අද හවස තිබ්බ ටීවී ශෝ එක ඉවර කරලා කොල්ලො ටික ඩෝම් එකට යන ගමන් හිටියේ.. මහන්සියටම වෙන කොහෙටවත් නොයා කෙලින්ම ඩෝම් එකට යන්න කට්ටිය තීරණය කලේ හෙට තව ඉන්ටර්විව් එකක් තියන නිසා..
"මොකක්හරි අවුලක්ද??"
"අහ් නෑ නෑ.. නිකන් බැලුවා"
ජූන් ඩොකියුමනට් ටික බලන අතරේ අනිත් අය එයාලගේ වැඩ.. සුගා සීට් එකට ඔලුව තියන් නිදාගෙන ඉන්න අතරේ ජින් කුකී එක්ක ගේම් එකක් ගහනවා.. හොබී ජිමින් ඉයර් ෆෝන් දෙකත් කනේ ගහන් වෙනමම ලෝකෙක.. ඒ අතරේ වැහුන ශටර් එකෙන් එලිය බලන් ගිය ටේ බලන් හිටියේ පාරේ ඒ මේ අත දුවන මිනිස්සු දිහා.. ජීවත් වෙන්න කන කට්ටක් කියලා හිතන ගමන් ටේගේ ඇස් ගියේ ඉස්සරහා කලර් ලයිට්වල පාර ක්‍රොස් කරන්න හිටගෙන හිටිය ගෑනු ළමයෙක් දිහාවට..
අවුරුදු 5ක වගේ පෙනුමක් තිබ්බ කෙල්ල හිටියේ උඩ පැන පැන.. දකින ඕනේ කෙනෙක්ගේ අවධානේ කෙල්ල ගන්නේ ඒ තිබ්බ හුරතල්කම නිසා..
කතාවෙ එන අපේ කොල්ලො ටික එහෙම නැත්තම් බැන්ග්ටැන් සෙට් එක ගිය වෙහිකල් එක කලර් ලයිට් එකට නතර කලත් එහා පැත්තෙන් යන වාහන නිසා ටේට පොඩි කෙල්ලව පෙනුනේ කැඩි කැඩි...
...................
...................
"ඔප්පා... ඔයා ගොඩක් කල්ද??"
"හ්ම්ම්ම් ඔව්ව්..."
"ඇයි දුකෙන්??"
"මැරෙන මිනිස්සු අපි එක්ක සතුටෙන් ආවට එයාලා වෙනුවෙන් මැරි මැරි ඉපදෙන මිනිස්සු දිහා බලලම මට මේක එපා වෙලා"
දෙන්න මේ වෙලේ හිටියේ බැන්ග්ටැන් කොල්ලො සෙට් එක ඉන්න වාහනෙට මීටර ගාණක් ඉස්සරහට වෙන්න තිබ්බ කැෆේ එකක වහලේ.. එතනට ඒ අවට ඔක්කොම දෙන්නට පැහැදිලිව පෙනුනා..
"සිරෝ111...."
"හ්ම්ම්ම් ඔප්පා??"
"මන් යන්න ඕනේ.. දවස් ගාණක් මන් ඔයා එක්ක මේ දේවල්වලට හිටියා.. අදින් පස්සෙ මේ ලස්සන සෝල් නුවර ඔයාට භාරයි.."
"ඔප්පා 🥺"
"අහන්න.. මේ පොත කවදාවත් නැති කරගන්න එපා.. මේක තමා ඔයාගේ බලය.. ජීවය... මේක නැති වුනොත් ඔයාට වෙන දේ හිතාගන්නත් බෑ"
ඒ කිව්ව ගමන් කෙල්ලගේ එහෙම නැත්තම් සීරෝ111ගේ පොත ඔහේ පෙරලීගෙන ඉස්සරහ පිටුවලට ගියා..
කෙල්ල කලබලයෙන් ඒ දිහා ඇස් යවද්දී කෙල්ලට තේරුනා තමන් ළග හිටිය කෙනා යන්න ගිහින් කියලා..
"ඔප්පා... ඔයා.. ඔයා කෝ??.. මට බයයි.. මගේ අතින් වැරැද්දක් වෙයිද??"
කෙල්ල බයෙන් පොතේ පෙරලුනු පිටුවට අවධානේ යොමු කලා..
"කිම් ටේ....."
ඒ පොතේ උඩින්ම ලියවුනෝ ටේගේ නම... ඒ එක්කම ටේගේ ෆොටෝ එකක් මතු වෙද්දී කෙල්ල ඉන්න තැනම ඉදන් වට පිට බැලුවේ පොතේ පෙන්නන කෙනා ඉන්නේ කොහෙද කියලා..
කෙල්ල හතරවටේ ඇස් යවද්දී දැක්කේ හුරතල් රෝස මලක් වගේ කෙල්ලෙක් එයාගෙ අතින් ගිලිහුන බැලුම ගන්න වාහන එහෙ මෙහෙ අත වේගයෙන් ඇදෙන පාරකට පනිනවා..
"දෙයියනේ.. පොඩි කෙල්ල.. නෑ මේක වෙන්න බෑ.. එයා නෙමෙයි ඊලගට මැරෙන කෙනා.."
කෙල්ලගේ පොතේ හැටියට ඊලග මරණය කිම් ටේගේ..
මට බැරි මරණයක් වෙනස් කරන්න.. එහෙම කලොත් නේ මෙවා ඔක්කොම කනපිට ගැහෙන්නේ.. ඒත්.. එත් මේ එයා නෙමෙයි.. මේ පොතේ කියන කෙනා නෙමෙයි..
කෙල්ල තප්පර ගාණකට එහෙම හිතන ගමන් කෙලින්ම ගියේ පාර මැදට ආව චූටි කෙල්ල ලගට..
................
කෙල්ලගේ සිහියෙන් ගිය ටේ එක පාරටම දැක්කේ චූටි කෙල්ල බැලුම ගන්න පාර මැදට පනිනවා.. ඈතින් එන වාහනේ දැක්ක ටේ ඒ එක්කම පාරට පැනලා දිව්වේ කෙල්ලව බේරගන්න බලාපොරොත්තුවෙන්..
...............
සුර දූතියක් කියන්නේ අපි හිතන විදිහට ලස්සනම ලස්සන ගොඩක් හොද මිනිස්සුන්ගේ යහපත ගැන හිතන කෙනෙක්... ඉතින් අපි හිතන විදිහටම මන් සුර දූතියක් කතාවට ගෙනාවා..
සීරෝ111... ලස්සන කොණ්ඩේ තරමක් දිගට තියන නිල් පාට ඇස් ඇය සතු වුනා.. මැරෙන මිනිස්සු සුර ලෝකෙට අරන් යන්න තමා සීරෝ111 සෝල් නුවරට ආවේ.. සෝල් නුවර විතරක් නෙමෙයි ලෝකේ හැම තැනකම කවුරුන් හෝ සුර දූතයෙක් එහෙම නැත්තම් සුර දූතියක් ඉන්නවා.. හරියටම මාසයකට කලින් වගේ සෝල් නුවරට ආව සීරෝ111ට අද වෙනකන් හැමදාම සීරෝ55 උදව් කලා.. මෙච්චර වෙලා සීරෝ111 ඔප්පා කියලා කතා කලේ එයාට... ඉතින් අද ඉදන් කෙල්ල තනියම සුර ලෝකෙට සෝල් නුවරින් අය ගෙනියනවා..
හැබැයි මේ කාටවත් කෙනෙක්ගේ මරණයට බධා කරන්න බෑ.. කොච්චර දුක් වුනත් මැරෙන හැටි බලන් ඉන්න මෙයාලට වුනා.. කෙනෙක්ගේ මරණය වෙන්න විනාඩි ගාණකට කලින් මෙයාලට ඒ ගැන දැනෙනවා.. දැනෙනවා නෙමෙයි පේනවා..
ඒකට එයාලට තියනවා පොතක්.. ඒක හැම සුර දූතියක් හෝ දූතයෙක් ළගම තියනවා.. ඒකේ ඊලගට මැරෙන කෙනා ගැන සදහන් වෙද්දී මෙයාලා ඒ කෙනා ලගට වෙලා ඉන්නේ මරණෙක් පස්සේ සුර ලෝකෙට එක්කන් යන්න..
...2022.02.25... අද කෙල්ලගේ පොතට අනුව මැරෙන්න නියම වෙලා ඉන්නේ කිම් ටේ...
ඒ වගේම මෙයාලා කෙනෙක්ගේ මරණය නතර කලොත් ඒකට දඩුවම් විදින්නම වෙනවා..
.................
එක පැත්තකින් සීරෝ111 චූටි කෙල්ල ලගට එද්දී අනිත් පැත්තෙන් ටේ දුවගෙන ආවා.. කොච්චර වේගෙන් ආවද කිව්වොත් කෙල්ල ටේව මොහොතකටවත් දැක්කෙ නෑ.. සීරෝ111 චූටි කෙල්ල ළගට ළං වෙද්දිම ටේ පැනලා කෙල්ලව තමන්ට තුරුල් කරගෙන ආව වාහනේ පැත්තට පිටුපාලා පාත්වුනේ වෙන කරන්න මුකුත් නැති නිසා.. ටේ පාත් වෙද්දීම සීරෝ111 ටේ ලගින් හිට ගත්තේ එක පාරට වුන දේ හිතාගන්න බැරුව.. ආව වාහනේ කෙල්ලගේ ඇගේ හැප්පෙද්දී කෙල්ල ටේත් එක්කම පාරේ අයිනට විසික් වුනා...
ක්ශනිකයෙන් වුන දේ කාටවත් හිතාගන්න බැරිවුනා.. තප්පර ගාණකට හැමදෙයක්ම වෙලා ඉවර වෙද්දී මිනිස්සු දැක්කේ පාරේ කොනක වැටිලා ඉන්න කෙල්ලෙකුයි පොඩි දරුවෙක් තුරුල් කරන් වැටිලා ඉන්න කොල්ලෙකුයි..
ජූන් ඒ වගේම අනිත් අය කලබල වුනේ කට්ටිය ටේව අදුරගනී කියලා වුනත් ජූන්ලා ටේ ළගට දුවනකන් කවුරුත් ටේව අදුරගත්තේ නෑ.. ගොඩක් වෙලාවට ටේගේ මූණ හූඩියට වැහිලා තිබ්බ නිසා වෙන්න ඇති.. මිනිස්සු පුදුමෙන් බලන් ඉද්දී ටේව වෙහිකල් එකට දාගත්ත ජූන්ලා එතනින් ආවේ කෙල්ලවත් හොස්පිටල් එකට අරන් එන ගමන්..
පුදුමේ අර චුටී කෙල්ලට හීරීමක්වත් වෙලා නෑ... සීරෝ111 නිසා ටේගේ ජීවිතේ බේරෙද්දී කවදාවත් නැති තරම් තදට වහින්න ගත්තේ ලෝකේම කම්පා වුනා වගේ හැගීමකින්...
Flashback end
කාගේ හරි අඩි සද්දෙකට ටේ ගැස්සිලා ඇහැරෙද්දී දැක්කේ ජූන් ජින් සුගා වගේම හොබී ජිමින් කුකී ඔක්කොම තමන් දිහා බලන් ඉන්නවා..
"කොහොමද ටේ??"
"හ්ම්ම් හොදයි ජින් හ්යොන්ග්.. මට මොකක්ද වුනේ?? මන්...මන් ජීවත් වෙන්නෙ කොහොමද?? මන් බේරුනේ කොහොමද?? මට මතක මගේ පැත්තට ආව වාහනේ"
"උබ බේරුනේ ඔය එහා ඇදේ ඉන්න කෙල්ල නිසා.."
"ඒත් අපි කොහොමද?? හැප්පිලත් එයාටවත් මටවත් පොඩි හීරිමක්වත් නෑ"
"ඒක අපිටත් හිතාගන්න බෑ..ඒත්"
"ඇයි ජිමින් ඇයි?? මොකක්ද ඒත්??"
"ඒ ආව වාහනේ නම් නස්තාර වෙන්න කුඩු"
"මොකක්??"
"ඔව්ව්ව්ව්"
"ඒක කොහො"
"හරි හරි දැන් ඇති..උබට කරදරයක් වුනේ නෑනේ.. ඒ හොදටම ඇති..."
ජූන් ඒ එක්කම ටේව බදාගත්තේ කැඩුන කට හඩෙන් කතා කරන ගමන්.. ඔක්කොගෙම මූණු තිබ්බේ ලොරියකට අහු වෙච්ච කජු ලෙලි වගේ..
"උබට පිස්සුද යකෝ එහෙම දෙයක් කලේ?? යකෝ උබට මොනාහරි වුනා නම්"
"අර බබා?? එයා... එයා කෝ"
"එයා හොදින්.. උබ ඇයි එහෙම කලේ?? උබ දන්නවද අපි බය වුන හැටි??"
"සමාවෙන්න හ්යොන්ග්"
"යකෝ මොනා හරි වුනා නම්..."
"හරි වුනේ නෑ... දැන් ඔය මූණු ටික වෙනස් කරගන්නවකෝ.. අහක බලන් දාපු ආප්ප සෙට් එකක් වගේ සැක්"
"කට මුගේ...."
"මේ ඒක නෙමෙයි මන් අහන්න හිටියේ... මෙයා කවුද??"
ටේ කර්ටන් එක පැත්තට අත දික් කරන ගමන් ඇහුවේ ජූන් දිහාම බලන්..
"මේ ලෝකේ අත්භූත දේවල් වෙන්න පටන් අරන් ටේ..."
"මොකක්??"
"මන් මැනේජර් ලව්වා ඔය කෙල්ල ගැන හෙව්වා.. මොකද ගෙදර අයට කියන්න එපැයි..."
"ඉතින්"
"ඉතින් නතින් තමා ඕයි..."
"මට තේරෙන්නේ නෑ...."
"එහෙම කාවවත් හොයාගන්න බැරිවුනා.. කොටින්ම වැඩ කරපු තැනක්වත්.. අනික"
"ඇයි ඒ ගමන"
ටේ ඒ එක්කම කර්ටන් එක අයින් කරන ගමන් කෙල්ල දිහා බැලුවේ ජූන්ට අවධානේ දෙද්දී...
"මෙයා එතනට ආවේ කොහොමද කියලා හිතාගන්න බෑ"
"මොකක්?? මොන මගුලක්ද කියන්නේ??"
"යකෝ මේ කෙල්ල කාගේ කවුද තියා කෙල්ල හැප්පුනේ කොහොමදවත් හිතාගන්න බෑ.. යකෝ අර වාහනේ කෑලිත් නෑ.. ඒත් උබලට හීරිමක්වත් නෑ.."
සෙට් එකම හොල්මන් වෙලා එකිනෙකා දිහා බලන් හිටියේ කියාගන්න දෙයක් හිතාගන්න බැරුව..
කිව්වත් වගේ ටේ හිතුවේ ටේ චූටී කෙල්ල ලගට දුවද්දී වෙන කිසිම කෙනෙක් එතන හිටියේ නෑනේ කියලා.. ඒ වෙලේ චූටි කෙල්ලව තුරුල් කරගත්තේ මැරෙන්න හිතාගෙන.. මොකද ඒ තරම් හයියෙන් එන වාහනේ ටේ දැක්කා.. ඒත් පොඩිවත් හීරීමක් කාටවත් වෙලා නෑ වාහනෙට ඇරෙන්න 😳😳😳
"අහ්හ්හ්හ්... ඔප්..ඔප්පා..."
කතාව සුර දූතියක් වටා ගෙතුන ලද්දකි.. මෙහි යොදා ඇති සමහර මනඃකල්පිත දේ නාට්‍ය වැනි දෑ අනුසාරයෙන් අරගෙන ඇත.. චරිත හදුන්වා දීම ඊලග එපියෙන් 😌
Plz vote and comment, if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top