Five years passed 😢
After 5 years
වසත් කාලය නිසා කොරියාවේ ගස්වල මල් ගොන්නයි... නිකන් මල් ඇතිරිල්ලක් වගේ.. නිස්කලංක පරිසරයම ගේන්නේ දකින ඕනේ කෙනෙක්ට සහනයක්..
අවුරුදු පහකට කලින් මොකද වුනේ.. එමා, සීරෝ55, ටේ ඒ වගේම අපේ අනිත් බැන්ග්ටැන් කොල්ලො ටික කෝ? එයාලට මොකද වුනේ???
"ඕයි ටේ... මේක මගේ මගුල නෙමෙයි උබේ එක යකෝ"
"ඉතින් මට මොකද කියන්නේ දැන්?"
කුකී හිටියේ ටේට ලෑස්ති වෙන්න උදව් කරන ගමන්..
"ටේ මට උබ ගැන මාර සතුටුයි බන්"
"තැන්කිව් ජූන්... කොහොමත් ඔයාට සතුටු වෙන්න කියලා මේකේ ඉන්නේ මන් විතරනේ"
"යැයි යැයි තමා..."
ජිමින් කොනක ඉදන් ඇද කලා..
ඔයාලා හිතනවා වගේම තමා, ඔව් අද ටේගේ වෙඩින් එක.. හැමෝම ලෑස්ති වෙන්නේ ඒකට....
"ටේ වෙලාව හරි.. අපි යමු"
ජූන් ජින් සුගා හොබී විතරක් නෙමෙයි කුකී ජිමිනුත් ටේ එක්ක චර්ච් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා.. ලොකු සෙනගක් නොහිටිය ඒත් පුදුම ලස්සනක් එතන තිබ්බා.. ටේ ඉස්සරහටම යද්දී අනිත් අය ඉස්සරහා පුටු වලින් වාඩිවුනේ මනමාලී ඇතුලට එනකන්...
ටේ චර්ච් එකේ ඉස්සරහටම වෙලා බලන් හිටියේ වැහුන දොර දිහා.. ඒ දොර ඇරන් එයා එනකන් ටේ බලන් හිටියේ ලොකු උනන්දුවකින්... උනන්දුවකින්????
දොර ඇරෙනවත් එක්කම හැමෝගෙම ඇස් ගියේ දොර ළගට.. මොකද ඕනේම මංගල දවසක මනමාලිනේ ප්‍රධාන මාතෘකාව..
අඩිය අඩිය ටේ ලගට ළං වුන ජීහා අන්තිමට ටේගේ අතින් අල්ල ගත්තා..
"ටේ....."
ජීහගේ මූණ දිහා බැලුව ටේ සියුම් ලෙස හිනාවුනා..
"මිස්ටර් කිම්, මිස් ජීහා... ඔයාලා ලෑස්තිද"
.
.
.
.
"මිස් ජීහා... අද ඉදන් මෙහි සිටින කිම් ටේහ්‍යොන්ග්ව ඔයාගේ නීත්‍යානුකූල ස්වාමියා ලෙස භාරගන්නවද?"
"ඔව්ව්ව්...."
"මිස්ටර් කිම්... ඔබ මෙහි සිටින මිස් ජීහාව ඔබගේ නීත්‍යානුකූල බිරිද ලෙස භාරගන්නවද?"
කාගෙත් අවධානය ගියේ ටේ ළගට.. මේ වෙද්දී ටේ කොරියාවම විතරක් නෙමෙයි මුලු ලෝකෙම දන්න ගායකයෙක්.. අද දවස ටේගේ ජීවිතේ වැදගත්ම දවස.. ඒත් මොකක්ද මේ වුනේ? උතුරන්න තරම් ආදරය දුන්න ටේ එමා කතාව කෝ?? එමාට මොකද වුනේ?
මට සමාවෙන්න එමා... නෑ ඒත් ඇයි මන් සමාව ඉල්ලන්නේ? ඔයා මාව රැවැට්ටුවා.. මන් විශ්වාස කලා ඔයාව.. පේන්න නොහිටියත් ඔයාව මන් විශ්වාස කලා.. ඒත් ඔයා මාව රැවැට්ටුවා.. අදටත් ඇයි මට ඔයාවම මතක් වෙන්නේ? හ්ම්ම් මන් ඒ තරම්ම ඔයාට ආදරය කරනවා වෙන්න ඇති. ඒත් අද මන් ඊට වඩා ඔයාට වයිර කරනවා එමා.. ඔයා එක්ක මෙහෙම ඉන්න දවසක් මට ඕනේ වුනා.. ඒත්.. ඒත් තමුසේ මට එහෙම කලා...
"මිස්ටර් ටේ......."
"ඔව්ව්ව් මන් භාරගන්නවා..."
"ඔහොම ඉන්න.. ටේ....."
ටේගේ උත්තරය එක්ක දොර පැත්තට හැමෝගෙම අවධානය ගියේ කාගේ හෝ ඇහුන සද්දයකට..
හැමෝගෙම ඇස් මවිත වුනා කිව්වොත් හරි.. අවුරුදු පහකට කලින් කාටවත් නොකියා ගිය එමා... හැමෝම හෙව්ව එමා... එදා වගේමයි අදත්.. සුරදූතියක් වගේ ලස්සනයි... එමා ටේ ළගට දුවගෙන ආවේ ඇහිපිය ගහන ක්ශනිකයෙන්...
"මායි ඔයාගේ... ඇයි මේ? මන්... මන් ඔයාව හොයාගෙන ආවා"
"ආවා?? තමුසේ කවුද?"
"ටේ මන් එමා.. ඔයාගේ එමා..මට සමාවෙන්න නොකියම යන්න වුනාට.. ප්ලීස් එන්න මාත් එක්ක.. අහන්න මට කියන්න ගොඩක්....
"ශ්ශ්ශ්ශ් මේක මගේ වෙඩින් එක.."
"ටේ...."
"මගේ ජීවිතේ සතුටුම දවස විනාස කරන්න එපා.. බොරුකාරී"
"එමා... අපි යමු මෙතනින්"
"ඔන්නී.... ටේට කියන්න.. මන් එයාට කොච්චර ආදරේද කියලා.. එයා මාව එපාලු"
"දරුවෝ අපි යමු..."
එමා පොඩි ළමයෙක් වගේ අඩන්න පටන් ගත්තා.. ජී ට කරකියාගන්න දෙයක් නැතිවුනා.. ටේගේ ඇස්වල තිබ්බේ කේන්තිය එක්ක තිබ්බ වයිරයක්.. ඒත් ඇයි??
"ඔන්නී ටේට කියන්න"
"අපි වැඩේ ඉවර කරමු... ඔව් මන් ජීහාව මගේ වයිෆ් විදිහට භාරගන්නවා"
එමා ඒ වචනය එක්කම හිටිය තැන ඉදගත්තේ ටේගේ හැසිරීම දරාගන්න බැරිවුන නිසා.. ඇස්වලින් නොනවත්වාම කදුලු වැටෙද්දී ටේ හිතක් පපුවක් නැතිගානට එමාගේ ඇස් ඉස්සරහම ජීහාව සිප ගත්තා..
"ටේ... ඔයා..."
හෙමින් හෙමින් නැගිට්ට එමා අඩිය අඩිය ආපස්සට තිබ්බේ ටේගේ හැසිරීම විශ්වාස කරගන්න බැරුව.. ඒ කාලෙකට කලින් එමා ආදරය කරපු ටේ නෙමෙයි..
චර්ච් එකේ කෙලවරටම ගියා එමා දිහා හැමෝම බලන් හිටියා..
"හ්ම්ම් ඔන්නී ඔයා කිව්ව හරි.. ඔප්පා ඔයා කිව්ව හරි.. අපි වගේ නෙමෙයි මිනිස්සු... එයාලගේ ආදරය ඉක්මනට වෙනස් වෙනවා.. ටේ මන් ඔයා නිසයි අවුරුදු පහක් දඩුවම් විදලත් ආයේ අඩක් මනුස්ස වෙලා ආවේ.. ඒත් ඔයාට මාව එපාලු.. ඔන්නී මට ඔයාට වගේ ශක්තියක් නෑ.. මට බෑ ආයේ එන්න.. මට බෑ හිරකාරියක් වෙන්න.. මන් මේ ආත්මයටම සමු දෙනවා.."
කාටත් ඇහෙන නොහෙන ගාණට වචන පිට කරපු එමා චර්ච් එකෙන් එලියට දුවගෙන ගියා..
එමා... කොහෙද යන්නේ....
ඔව්... ටේගේ හිතේ ප්‍රශ්නේ.. ඇයි ටේ මෙහෙම කලේ.. මොකක්ද පහුගිය අවුරුදු පහට ඒ ලස්සන ආදරයට වුනේ?
Five years ago
"මන් මෙච්චර කල් නොකිව්ව දෙයක් ඔයාට කියන්නම්.. ඒ දෙයින් ඔයාට ටේගේ වගේම ඔයාගේ ජීවිතෙත් බේරගන්න පුලුවන්..."
"මොකක්ද ඒ ඔප්පා? මන් ඕනේ දෙයක් කරන්නම්"
මන් මේ කරන දෙයින් ඔයාගේ සුරදූත ආත්මය නැවත අපේ සුර දූත ලෝකයට යනවා... ඒත් ඒකෙන් ඔයාගේ ටේට කිසිම අනතුරක් වෙන්නේ නෑ.. හැබැයි ඔයාට ටේගෙන් ඈත් වෙන්න වෙනවා..
"ඔප්පා මොකක්ද ඔයා කියන්නේ?"
"මන් මොනා කලත් ඔයා ඉවසගෙන ඉන්නවා කියලා පොරොන්දු වෙන්න.. ඔයාට තව වෙලා නෑ.."
එමාට හිතන්නවත් නොදී සීරෝ55 එමාගේ තොල් තමන්ගේ තොල්වලින් තදින් අල්ලගත්තා.
කතාවට අනුව සාමන්‍යයෙන් අඩක් සුරදූතයෙකුව සුරදූතයෙක් සිපගැනීමකදී දෙදෙනාගේ ආත්මයන් හුවමාරු වෙයි. ඒ අනුව මේ සිපගැනීම එක්ක එමා නැවතත් සුරදූතියක් වූ අතර සීරෝ55 සදහටම තමන්ගේ ආත්මය විනාස කරගත්තා..
එමාට සීරෝ55 කරපු දේ අදහා ගන්න බැරිවුනා.. ලාවට බොද වුන චායවක් එක්ක දෙදෙනාගේ වටේම ලොකු එලියක් විහිදෙන්න ගත්තා..
ඒ එක්කම ඇතිවුන ලොකු පිපිරුමක් වැනි සද්දයකින් සීරෝ55ගේ චායාව මැකිලා ගියා.. ඒ වගේම එමාගෙත්.. කාමරයේ එමාගේ සුවද විතරක්ම ඉතුරු කරලා එමාගේ සුරදූත ආත්මය නැවතත් සුරදූත ලෝකයට ගියා.....
After few days
Emma pov
"අහ්හ්හ්හ් මගේ ඔලුව..."
මගේ ඔලුව උඩ ගලක් තියලා වගේ ලොකු බරක් දැනුනා.. මන් හෙමින් ඇස් ඇරියේ ඇස් ඇරගන්නවත් බැරි තරම් ලොකු අමාරුවක් මගේ ඇග ඇතුලෙන්ම ආව නිසා..
"සීරෝ111... ඔයා හොදින්ද??"
මට ඇහුනේ නිවුන කටහඩක්...
"ඔන්නී... ඔයා? ඒත් ඔයා මොකද මෙහෙ? මන්... මන් කොහෙද මේ?"
"මේ අපේ ලෝකේ... ඔයා ඉන්නේ මාත් එක්ක.. සුරදූත සිර මැදිරියේ..."
"ඔන්නී... දෙයියනේ ඔයා... ඔයාව ආයේ බලන්න බැරිවෙයි කියලා මන් හිතුවේ"
"මන් කරපු වැරැද්දම ඇයි ඔයත් කලේ??"
"මට සමාවෙන්න.. ඒත් මට මොකද උනේ?? මන්... මන් සුරදූතියක් වුනා කියන්නේ ටේ.... එයා... එයා මැරෙයි..."
"කලබල වෙන්න එපා.. එහෙම වුනේ නෑ.. හැමදේම සීරෝ55 නිවැරදි කලා.."
"කෝ ඔප්පා??"
"අහන්න... එයා ගියා.. ආයේ එහෙම කෙනෙක් නෑ"
"මොනාද ඔන්නී කියවන්නේ?? මොකද උනේ??"
සීරෝ 67, එහෙම නැත්තම් එමාගේ සහෝදරී... එයා හැමදේම එමාට කිව්වා.. එමා වෙනුවෙන් එමාගේ සතුට වෙනුවෙන් සීරෝ55 කරපු කැපකිරීම.. එමාට දැන් අඩන්න බෑ.. අඩන්න පුලුවන්, ඒත් එයාට දැන් කදුලු උනන්නේ නෑ.. එමා හිතින් දහස්වාරයක් දුක් වුනා මේ දේවල්වලට.. කොහොම කලත් වෙන්න තිබුන දේවල් උන දේවල් කාටවත් වෙනස් කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..
Note: සීරෝ 67 කියන්නෙත් ලස්සන නිල් ඇස් තිබ්බ සුරදූතියක්.. කාලෙකදි වුන වැරද්දක් නිසා එයාටත් මේ සිර මැදිරියට එන්න වුනා.. ඔව් මනුස්සයෙක්ව මරණින් බේරගැනීම... ඒත් ඒ දඩුවම අවුරුදු 5යි.. ඒත් අදට අවුරුදු 8ක් සීරෝ 67 මේ සිර කුටියේ.. ඒ දෙවනි පාරටත් එයාගෙන් ඒ වරදම වීම.. ආදරය නිසා දඩුවම ඉවර වුනාම සීරෝ 67 ආයේම මනුස්ස ලෝකයට ගියා.. ඒත් එයාව එතන්දී ප්‍රතික්ශේප වුනා.. ඒ වගේ වෙලාවක සුරදූතියකට තියෙන්නේ පිලියම් දෙකයි.. දෙවනි වතාවට අඩක් සුරදූතියක් වුනොත් පලමු රැයම මනුස්සයෙක් බවට පත්වෙන්න ඕනේ.. එසේ නැති නම් දෙවනි රැය ගෙවෙද්දි ආත්මයම විනාස වෙනවා.. එහෙම නැත්තම් නැවතත් සුරදූත ලෝකයට එන්න ඕනේ.. එහෙම ආවොත් තම ආත්මය විනස වෙනකන් හිරකාරියක් වෙන්න සිද්ද වෙනවා.. සීරෝ 67 තෝරගත්තේ ඒ මාර්ගය.. හේතුව ආත්මය විනාස වෙන දේ සුරදූතියකටවත් දරාගන්න බෑ.. ඒ තරම් වේදනාකාරී...
.............................
"නූනා... කොහොමද?"
"හොදයි ටේ.. ඉතින්?"
"මට එමාට කතා කරන්න ඕනේ.. එයාට ඉක්මනට ෆෝන් එක දෙන්නකෝ"
ටේට දහවෙනිදා කියලා මතක් වුනා නිසා ටේ අමාරුවෙන් කෝල් එකක් ගත්තේ එමාගේ තත්ත්වය ගැන දැනගන්න..
"ටේ එමාට ටිකක් අසනීපයි.. එයා නිදි"
"නූනා.. අනේ මගේ එමාව බලාගන්න නූනා.. අද හොදට බලාගන්න"
දෙයියනේ... මේ කොල්ලා මෙච්චර ආදරේ කරන්නේ කොහොමද?? ඒත් එමා නෑ කියලා මන් කොහොමද ටේ ඔයාට කියන්නේ.. ඒ සීසීටීවී එකේ තිබ්බ දේවල්.. එයා... එයා කාවද ඒ කිස් කලේ?? එමා ටේට බොරුද කලේ?? ඒත් ඇයි අන්තිමට මුකුත් නොපෙනුනේ? මන් අද හැංගුවට ඔයාට තව ටිකකින් ඔක්කොම දැනගන්න පුලුවන්.. මට සමවෙන්න ටේ...
සීරෝ55ගේ හාද්ද එක්ක එයාගේ චායවත් මනුස්සයෙක් අතට පෙරලෙනවා.. ඒක පැහැදිලිව cctv එකේ රෙකෝඩ් වෙලා.. එමාව හොයාගන්න බැරි වුන තැන cctv බලද්දි ජී මේ හැම දෙයක්ම දැක්කා.. ජීට එමා ගැන ඇතිවුනේ ලොකු තරහක්.. කේන්තියක්.. ඒත් එයා ටේට ඒ ගැන නොකියා හිටියත් මේ ගැන ජූන්ට කියද්දී මැනේජර්ට ඇහිලා මේ ගැන නොදන්න එකම කෙනා ටේ බවට පත්වුනා.. ඒ රෙකෝඩ් ඔක්කොම මැනේජර් ගත්තේ ටේට පෙන්නලා මේ හැමදෙයකින්ම එයාව නිදහස් කරගන්න..
"හරි ටේ... මන් එහෙනම් තියනවා"
.
.
.
.
At paris
"ටේ මට කතා කරන්න ඕනේ"
"කියන්න මැනේජර්"
"මුලින්ම මේක බලන්න.. මන් මේක ගත්තේ අපේ හොබීගේ නූනා ඉන්න අපාර්ට්මන්ට් එකෙන්"
ඒ වචනේ එක්ක ටේගේ ඇස් ලොකු වුනා.. ඔව් ඒ එමා නිසා.. ටේ ඒ ක්ශනිකයෙක් රෙකෝඩ් එක දාලා දුන්න ෆෝන් එක ඇදලා ගත්තා..
එන්න එන්න මූණේ තිබ්බ හැගීම් විරහිත බව කේන්තියකට පෙරලෙන්න මහවෙලාවක් ගියේ නෑ.. ටේගේ ඇස් ටික ටික රතුවුනේ දුක එක්ක එකතු වුන තරහවට.. අතේ තිබ්බ ෆෝන් එක වාඩිවෙලා හිටිය පුටුව උඩින් තිබ්බ ටේ නැගිටේ ලොකු කේන්තියක් එක්ක.
"මොකද ටේ?"
"මන් යන්න ඕනේ"
"කොහෙද?"
"මට... මට...."
"ටේ....."
"ජූන් හ්යොන්ග්"
ටේ පොඩි ළමයෙක් වගේ දුවන් ගියේ ජූන් ළගට.. ජූන් ටේට තමන්ගෙම සහෝදරයෙක් වගේ..
"ජූන් එමා එහෙම කරන්නේ නෑ.. මේක බොරු...
"කාවවත් විශ්වාස කරන්න එපා.."
"එමා මට ඇයි එහෙම කලේ? කවුද ඒ??"
"කවුද කියන්න අපි දන්නේ නෑ ටේ.. ඒත් එමා ඒ මොහොතේ ඉදන් අතුරුදහන්.."
ටේ එමාට නොසෑහෙන්න ආදරය කලා.. ඉතින් ටේට මේක දරාගන්න අමාරු වුනත් ටේගේ හිතේ මේ වෙලේ ඇති වුනේ වයිරයක්ම විතරයි..
"මන් තමුසෙ ගැන බලාගන්නම්... බොරුකාරි"
Plz vote and comment 🥺💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top