Blue eyes p2
"අහ්හ්හ්හ්... ඔප්..ඔප්පා..."
කෙල්ලගේ සද්දෙට ගැස්සුන ටේ අතින් අල්ලන් හිටිය කර්ටන් එක එක පාරටම අත ඇරියා.. ඒ එක්කම ජූන් කර්ටන් එක සම්පූර්ණයෙන්ම අයින් කලේ කෙල්ලගෙන් එයා ගැන තොරතුරක් දැන ගන්න තිබ්බ උවමනාවට..
කෙල්ල බය වෙලා කොල්ලො ටික දිහා බලන් ඉන්නවා දැක්ක ජින් හෙමින් කෙල්ලගේ ඇද ලගට ළං වුනා..
"අහ්හ්හ් ඔයාලා කවුද?? ඇයි ඔහොම බලන්නේ?? මන්... මන් ඇයි මේ ඉස්පිරිතාලෙක??"
"අහන්න පොඩ්ඩක්.. මුලින් රිලැක්ස් වෙන්නකෝ"
"මාව... මාව ඔයාලට පේන්නෙ කොහොමද?? අනේ මොකක්ද මේ වුනේ?? අහ්හ් කෝ මගේ පොත??"
"මොන පොතක්ද??"
"මගේ මරණේ පොත... ඒක නැතුව මට ඉන්න බෑ... කෝ ඒක"
කෙල්ල කලබල වෙලා නැගිට්ට පාර කොල්ලො ටික හොල්මන් වුනා.. කෙල්ල කෙස් අත්වලින් ඇද ඇද කාමරේ වටෙම දුව දුව අවුස්සනවා..
"ඉන්නකෝ අපි පොතක් ගමු.. අපිට ඔයා කවුද කියන්නකෝ"
"ඒක එහෙම ගන්න බෑ... අනේ මොකක්ද මේ වුනේ?? මන් මන් වැරැද්දක් කලාද?? ඒක නැතිවුනේ කොහොමද??"
කෙල්ල කාමරේ මැද දනගහගත්තේ අත් දෙකෙන්ම මූණ වහ ගන්න ගමන්.. කෙල්ලගේ දුක පිට වුනේ ඇස් දිගේ කදුලු බේරෙද්දී.. දන ගහගෙන හිටිය කෙල්ල තවත් කලබල වුනේ ඇස්වල කදුලු දැකලා..
"අහ්හ් මේ මොනාද?? අහ්හ්හ්"
සුර දූතියකට දුකක් ආවත් එයාලට කවදාවත් කදුලු ඉනුවේ නෑ..
කෙල්ල කරන අමුතු දේවල් දිහා කොල්ලො ටික හොල්මන් වෙලා බලන් හිටියේ.. හෙමින් හෙමින් ජූන් කෙල්ල ලගට පාත් වුනේ ගොඩක් වෙලා මෙතන ඉන්න එයාලට අවසර නැති නිසා..
"මේ අහන්න.."
කෙල්ලගේ උරහිස්වලින් අල්ලලා ජූන් කතා කරද්දී කෙල්ල ජූන් දිහා කදුලු පිරුන ඇස්වලින් බලන් බැලුවා..
"ඔයාගේ නම මොකක්ද?? වයස කීයද?? ගෙවල් කොහෙද??"
"................"
"ඔයා ඊයේ කොහොමද එක පාරට වාහනේ මැද්දට ආවේ.. ඔයා.. ඔයා නිසා අපේ ටේ බේරුනා.."
ඒ වචනේ එක්ක කෙල්ලට මතක් වුනා එයාගේ මරණේ පොතේ අන්තිමට තිබ්බ නම..
"ටේ... කිම් ටේ"
"අහ්හ් ඔව් ඔව් කිම් ටේ තමා.. ඔයා නිසා එයා බේරුනා"
ජූන් එහෙම කියද්දී කෙල්ල අත් දෙකෙන් කට තද කරලා අල්ල ගත්තේ නිල් බෝල ඇස් දෙක තවත් ලොකු කරගන්න ගමන්..
"ඔයා කවුද?? ඇයි මේ බය වෙලා??"
"මන්...මන්"
"ඔයාගේ නම මොකක්ද??"
"සී...රෝ 111"
"මොකක්??"
ටේ එක පාරට ජූන්වත් තල්ලු කරන් කෙල්ලගේ මූණට එබුනා..
කෙල්ල ටේ දිහා බැලුවේ පුදුමෙන්..
"කිම් ටේ 😳"
"තමුසේ කවුද කියනවා ඕයි..."
කෙල්ල ටේ දිහා ඇහිපිය ගහන්නෙත් නැතුව කොල්ලට වශී වෙලා වගෙ බලන් හිටියා.. කෙල්ලගේ ඇස්වල කදුලු වේලෙද්දී ටේගේ අවධානේ ගියේ ඒ නිල් පාට ඇස්වලට.. වටේ පිටේ සද්දේ ටික ටික නැතිවෙලාම යද්දී ටේ කෙල්ලගේ ඇස් අතරේ වෙනමම ලෝකයකට ගියා..
කිම් ටේ... ඔයා තමා ඊලගට මැරෙන්න ඉන්නේ.. මන් ඔයාව එක්කන් යන්නම්.. එන්න මාත් එක්ක.. අපි යමු...
ජූන් සුගා ජින් හොබී කුකී වගේම ජිමින්ගේ ඇඩුම් අස්සේ ටේ තනි සුදු ඇදුමක් ඇදලා කාගෙදෝ අතක් අල්ලන් හැමෝගෙන්ම ඈතට යනවා...
"ටේ... ඕයි මොකද??"
කුකී ටේගේ පිටට දඩාස් ගාලා පාරක් ගහපු පාර ටේ හරි සිහියට ආවත් ටේ කෙල්ලගෙන් ඈත් වුනේ ඒ ඇස් අස්සෙන් දැක්ක අමුතු දේ ගැන හිත එක්කම ප්‍රශ්න කරගන්න ගමන්..
"මොකද ටේ??"
"මන් මැරෙන්නද හිටියේ?? ඔයා.. ඔයා කවුද?? කොහෙන්ද ආවෙ??"
ඒ එක්කම කෙල්ලගේ ඉස්සරහෙන් චායවක් පේන්න ගද්දී කෙල්ල ගැස්සුනා..
"ඔප්පා..."
"ශ්ශ්ශ්ශ.... කෑගහන්න එපා.. මන් කියන දේ අහන්න.. මාව මේ කාටවත් පේන්නෙ නෑ.. ඔයාට විතරයි පේන්නෙ.."
"අහ්හ්හ්හ්??"
"ශ්ශ්ශ්ශ්... කතා කරන්න එපා.. අහන් ඉන්න.. මන් කිව්වා වැරැද්දක් වෙන්න ඉඩ දෙන්න එපා කියලා... ඔයාට තේරෙනවා නේ වෙලා තියන දේ.. ඔයා දැන් සුර දූතියක් නෙමෙයි..."
"අහ්හ්හ්හ්"
කෙල්ල කොච්චර කිව්වත් කතා කරන නිසා සීරෝ55 කෙල්ලගේ කට තමන්ගේ අතින් තද කලා..
"ඔයා මනුස්සයෙක්.. හැබැයි සුර දූතියකගේ බලය ඔයා ලග තියනවා.. මට ගොඩක් වෙලා ඉන්න බෑ.. මේක හොදට අහ ගන්න.. මන් කොහොම හරි මරණේ පොත ඔයාට හොයන් එන්නම්... ඒ වෙනකන් ඔයා පරිස්සමට ඉන්න.."
"............"
කෙල්ල මොන මොනාදෝ කියවනෝ....
"අනිත් දේ හැම මාසෙම 10 වෙනිදට ඔයාගේ සුර දූත පලිගුව පත්තු වෙනවා... එදාට ඔයාට අමාරු වෙයි.. මොකද ඔයා දැන් භාගෙට මනුස්සයෙක් නිසා.. පුලුවන් තරම් උනුසුම්ව ඉන්න එදාට.. මන් ඉක්මනට එනවා.. අහ්හ්හ් ඔයා කවුද මොකද කරන්නේ කියලා කාටවත් කියන්න එපා.."
එහෙම්ම කෙල්ලගේ කටෙන් අත ගත්ත කොල්ලා කෙල්ලගේ අත් දෙක තද කරලා අල්ලගත්තා..
"මේ ඉන්නේ මෙහේ හැමෝම දන්න කොල්ලො ටිකක්.. මෙයාලා ළග ඔයාට ආරක්ශාව තියනවා.. මන් එනකන් මෙයාලා එක්ක ඉන්න.. මන් යනවා.. අමතක කරන්න එපා ඔයා කවුද කියලා අනිත් අයගෙන් හංගන්න"
කෙල්ලට වචනයක්වත් කතා කරගන්න බැරි වුනේ කොල්ලාගේ චායාව ඉස්සරහෙන් නැති වෙලා යද්දී.. කෙල්ලගේ ඇස් ආයේ කදුලුවලින් පිරෙද්දී කෙල්ල දැක්කේ පැත්තකට වෙලා කතා කර කර ඉන්න කොල්ලො ටික..
😭😭😭😭😭😭😭
"අහ්හ් ඇයි මොකද අඩන්නේ?? ඔක්කොටම කලින් ඔයාගේ නම කියන්න??"
"මගේ නම... නම... "
කෙල්ල ඒ එක්කම දැක්කේ ඉස්සරහා තිබ්බ කැලන්ඩර් එකේ තිබ්බ නම....
"එමා... ඔව් එමා"
"එමා කවුද?? ඔයාගේ ඔම්මා අප්පා කොහෙද ඉන්නේ??"
එතනින් එහාට කෙල්ලට උත්තර දෙන්න තේරුමක් නැති වෙද්දි කෙල්ල කොල්ලො දිහා බලන් හිටියේ තොල් දෙකම හපන ගමන්..
"ටේ... ඉන්න පොඩ්ඩක්..."
ජූන් කෙල්ල ලගට පාත් වෙලා කෙල්ලගේ ඔලුව හෙමින් අතගාන ගමන් කතා කරන්න ගත්තා..
"එමා... ඔයාට මතක නැද්ද මුකුත්ම??"
කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවේ මතක වුනත් කෙල්ලට කියන්න අවසර නැති නිසා..
"මන් කිව්වේ බන්.. මේ මේක හරියන්නේ නෑ.. පොඩ්ඩක් ඉන්න"
ජූන් සාක්කුවේ තිබ්බ ෆෝන් එකත් අතට ගන්න ගමන් කාමරේ පැත්තකට යද්දී ජින් ඇවිල්ලා කෙල්ලව නැගිට්ටලා ඇද උඩින් වාඩි කෙරෙව්වා... කෙල්ල අත් දෙක පටලවගෙන බිම බලන් හිටියේ ඔප්පා කිව්ව විදිහට එනකන් මෙයාලා එක්ක ඉන්න බලාපොරොත්තුවෙන්...
........................
"අම්බෝ මහන්සි..."
කට්ටියම ඩෝම් එකේ සෝෆා එකට වැටුනේ අන්තිමට කෙල්ලව සෝල්වලම තිබ්බ අපාර්ට්මන්ට් එකක නවත්තලා ඇවිල්ලා..
මැනේජර්ගේ අනුදැනුමෙන් ජූන් කෙල්ලට ඉන්න තැනක් රෙඩී කලේ කෙල්ලට මෙහෙම උනේ ටේව බේරගන්න ගිහින් නිසා..
"ටේ ආයේ උබ ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා.. බලපන් උන දේ.. අර කෙල්ල අමුතුයි බන්"
ජිමින් කට්ටියගෙම සන්සුන් හිත්වලට තව ප්‍රශ්නයක් ඇතුලු කලා..
"අපිට වැඩක් නෑ එයාගෙන්.. ඩොක්ටර් කිව්ව විදිහට කෙල්ලට ඉක්මනට පරණ මතකය එයි.. ඒ ආවම ප්‍රශ්නයක් නෑනේ"
"අපිට අවධානෙන් ඉන්න වෙයි නේ ජූන්??"
"හ්ම්ම් ඔව් හ්‍යොන්ග්... බලමුකො... මන් යනවා බන් රූම් එකට"
ජූන් නැගිටලා රූම් එකට යද්දී අනිත් අයත් තමන්ගේ කාමරවලට ගියත් ටේ තාම සෝෆා එකේ උඩට ඔලුව තියන් කල්පනා කලේ කෙල්ලගේ ඇස් දෙකෙන් දැක්ක දේ..
එයා මගේ නම දන්නේ කොහොමද?? අහ් මාව නොදන්න කෙනෙක් නෑනේ.. ඒත්.. ඒත් එයාට එයාව මතක නැතුව මාව මතක් වුනේ කොහොමද?? අනික මන් මැරෙන්න හිටිය...
"ආයිශ්ශ්ශ්"
කොල්ල විකාර හිත හිත ඉද්දීම ඔලුවත් මොංගල් කරන් කොණ්ඩේ අදින ගමන් කෑගැහුවේ අගක් මුලක් හිතාගන්න බැරුව..
ඒ එක්කම ඔරලෝසුව බැලුව ටේ දැක්ක වෙලාව හරියටම 10.30 කියලා.. ඔලුවේ දාහක් ප්‍රශ්න එක්ක නින්දක් අහලකවත් නොතිබ්බ ටේ එලියට බැස්සේ කෙල්ලගේ අපාර්ට්මන්ට් එකට යන්න.. මොකද හිතට ආව ප්‍රශ්නවලින් ගොඩකට එයා ළග උත්තර ඇති කියලා ටේගේ හිත කිව්වා...
"මිස්ටර් ලී... පොඩි ගමනක් යමු"
"ඕකේ මිස්ටර් ටේ"
පැය කාලක වගේ දුරක හිටිය කෙල්ලගේ අපාර්ට්මන්ට් එකට ගිය ටේ මිස්ටර් ලීට පහල ඉන්න කියලා මාස්ක් එකකුත් දාගෙන කෙල්ලගේ හවුස් එක ලගට ගිහින් ඩෝ බෙල් එක ගැහුවා..
"එමා...."
බෙල් එක දහ පාරකටත් වඩා ගැහුවා.. ටේ බැරිම තැන නම කියලා කතා කලා..
දොර එහා පැත්තට වෙලා බෙල් එක වැදෙන වාරයක් ගාණේ ඒ සද්දේ රස වින්ද කෙල්ල දැනන් හිටියේ නෑ ඒක ඩෝ එකේ බෙල් එක කියලා.. ඒත් එමා කියන නමට කෙල්ල ගැස්සිලා දොර ළගට ඇවිල්ලා කන තියා ගත්තා..
"එමා මේ දොර අරිනවා"
ටේගේ නම් දැන් රතු කට්ට පැනීමට ඉතාම ආසන්නයි..
ටේගේ කටහඩ අදුරගත්ත කෙල්ල ටග්ගාලා දොර අරිද්දී දැක්කේ සක්කුවට අත් දෙකත් දාන් ඔරවගෙන ඉන්න ටේව..
"ඔ..යා??"
කෙල්ලවත් තල්ලු කරන් ඇතුලට ගිය ටේ සෝෆා එකෙන් වාඩි වෙලා බැලුවේ තාමත් දොර ළග හිටන් ඉන්න කෙල්ල දිහා..
"ඕක වහලා එනවා.."
කෙල්ල ටේගේ දාසියක් වගේ ටේ කියන කියන දේ ඒ විදිහටම කලා..
"එමා... මට ඇත්ත කියන්න"
"............."
"ඔයා කවුද?? මන්... මන් ගැන මොනද ඔයාගේ අස්වලින් මන් දැක්කේ?? ඔයා කොහොමද මාව දන්නේ??"
"අහ්හ්හ්??"
ටේ ඉන්න තැනෙන් නැගිටලා හෙමින් හෙමින් කෙල්ල ලගට එද්දී කෙල්ල අඩිය අඩිය පස්සට ගියේ බයට නෙවෙයි, ටේට දෙන්න උත්තර නැති නිසා..
"එමා.. ප්ලීස් කියන්න.. මන් දන්නවා මොකක්හරි තියනවා ඔයා නොකියන"
"මන්... මන් දන්නේ නෑ.. මට මතක නෑ"
"ඔක්කොම අමතක තමුසෙට මාව මතකයි.. ඒ කොහොමද??"
"..........."
"කතා කරනවාකෝ.. මගේ ඔලුවම විකාරයක් වෙලා.. කියනවා 😡😡"
ටේ නොනවත්වාම කෙල්ලගෙන් එකම දේ ඇහුවත් කෙල්ල නෙමෙයි වචනයක් කතා කලේ.. ඒක ටේගේ තරහ තවත් වැඩිකලා..
"මෙහෙ එනවා..."
කෙල්ලගේ අතින් අල්ලගත්ත ටේ කෙල්ලවත් ඇදගෙන ආවේ පහල නවත්තලා තිබ්බ කාර් එක ලගට..
"ටේ... අහ්හ්හ් මට... මට ඉන්න දෙන්න"
"නගිනවා..."
Note: සුර දූතියන් ඇඩුවත් කවදාවත් ඇස්වලින් කදුලු එන්නෙ නෑ.. ඒ වගේම හැම සුර දූතියකගේම සුර දූත පලිගුව හැම මාසෙකම දහවෙනිදට පත්තු වෙනවා.. ඒ දවසට ඒ දූතියන් ගොඩක් උනුසුම හොයනවා.. හැබැයි එයාලගේ සුර දූත බලය නිසා ඒක ඒ තරම් වේදනාවක් වෙන්නෙ නෑ.. හැබැයි බාගෙට මනුස්සයෙක් වෙලා ඉන්න සුර දූතියකට එහෙම නෑ.. එමා කියන්නේ දැන් භාගයක් සුර දූතයෙක් වගේම භාගයක් මනුස්සයෙක්.. ඒ නිසා සුර දූත පලිගුවේ බලපෑම මොන විදිහකට එමාට බලපායිද දන්නේ නෑ.. ඒක තියෙන්නේ සුර දූතියන්ගේ වම් පපුවෙ..
Plz vote and comment, if you like this story 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top