Blue eyes p1

"අහ්හ්හ්හ් මගෙ ඔලුව... මොකක්ද මේ මට වෙන්නේ?? ආව්ව්ව්ව්...."

"මොකද කෑ ගහන්නේ?? පොඩ්ඩක් හෙමින් අමාරුව පිට කරනවකෝ.. කනත් මොකක්ද වුනා"

මොකක්?? මාව ඇහෙනවා.. කාටද?? එහෙම වෙන්නෙ කොහොමද??

"ඔප්පා... ඔයා කොහෙද?? මන් මේ.. මන් මොකද මේ ඉස්පිරිතාලෙක කරන්නේ?? ඔප්පා"

කෙල්ල පුලුවන් තරම් ලතොනි දුන්නේ බයට සහ කර ගන්න දෙයක් නැතුව...

"ආයිශ්... පිස්සුද අයිසේ???"

ටේ කෙල්ලගෙයි එයාගෙයි ඇදවල් දෙක වෙන් කරලා තිබ්බ කර්ටන් එක අතින් අයින් කරන ගමන් කෑගැහුවේ කෙල්ල කාමරයම දෙවනත් වෙන්න කෑගහපු නිසා..

"මොක...ක්... ඔයා... ඔයාට මාව පේනවා.. ඔප්පා"

කෙල්ල නොනවත්වාම කෑගහන්න ගත්තේ බය එන්න එන්න වැඩි වෙද්දී.. කෙල්ල ටික ටික ඇදේ කෙලින් වෙද්දී ටේ ඇදෙන් නැගිට්ටේ අතේ ගහලා තිබ්බ සේලයින් එකත් අනිත් අතින් ඇදලා දාන ගමන්.. නොන්ඩි ගහා ගහා කෙල්ල ලගට ගිය ටේ එක අතකින් කෙල්ලගේ කට වහද්දී අනිත් අතින් කෙල්ලගෙ අත් දෙක ඇදේ හෙඩ් බෝඩ් එකට තියලා තද කරලා කෙල්ලගේ මූණට එබුනා..

අහ්හ්හ්... ඇස්??

ටේ තප්පර ගාණකට කෙල්ලගේ ඇස් අතරේ තනිවුනේ නිල් බෝල ඇස්වලට වශී වෙලා.. ඒ ඇස් බයෙන් ගැහෙනවා දැක්ක ටේ පියවි සිහියට ආවේ තමන්ගේ රතු වුන ඇස්වලින් කෙල්ලගේ ඇස් එක එල්ලේ අල්ලගන්න ගමන්...

"කෑගහන්න එපා ඕයි.. මන් තමුසෙව දූෂණය කරනවා කියලා හිතයි.. පොඩ්ඩක් ඉන්නවා ඩොකා එනකන්.. ඇයි වදේ..."

කෙල්ලට කට පියාගන්න කියලා කෙල්ලගේ කටින් ටේ අත ගත්ත ගමන්...

"ඔප්පා... ඔප්පා... ඉහි ඉහි...."

ටේ ආයේම කෙල්ලගෙ පැත්ත හැරුනේ කට තද කරන ගමන්... ඒ පාර නම් ටේට ටිකක් යකා නැග්ගා..

"මොන ඔප්පෙක්ටද ඕයි කතා කරන්නේ?? ඉන්නවකෝ පොඩ්ඩක්.."

කෙල්ල ටේට බය වුන පාර කට පියගෙන ඉකි ගහන්න පටන් ගත්තා..ටේට කෙල්ල ගැන බය හිතුනේ ඒ වුන ඇක්සිඩන්ට් එක නිසා කෙල්ලට මොනාහරි වෙලා කියලා හිතලා.. කකුලත් නොන්ඩි ගහ ගහ ටේ ආයෙම දොර ළගට ගිහින් නර්ස් කෙනෙක්ට කතා කලේ කෙල්ල ආයේ කෑගහන්න කලින් මොනා හරි කරන්න කියන්න...

කෙල්ල ලගට ගිය නර්ස් ටික වෙලාවක් කෙල්ලව චෙක් කරලා කෙල්ල ලගින් යද්දී ටේ ප්‍රශ්නාර්ථයක මූණක් නර්ස්ට එල්ල කලා..

"එයාට ප්‍රශ්නයක් නෑ මිස්ටර් ටේ.. ඔයා බය වෙන්න එපා"

"මට බයක් නෑ.. ඒත් පොඩ්ඩක් එයා කෑගහන්නේ ඇයි බලනවද??"

"ශොක් එකට වෙන්න ඇති.. මන් ස්ලීපින් ටැබ්ලට් දෙකක් දුන්නා.. ඔයා රෙස්ට් කරන්න මිස්ටර් ටේ"

"අනිත් අය කෝ??"

"ඔයාව මෙහෙන් ගෙනියන්න ඕනේ ඩොකියුමන්ට් ටික රෙඩී කරන්න ගියා"

නර්ස් එහෙම කියද්දී ටේ ඇදෙන් හාන්සි වුනේ මීට පැය දෙකකට කලින් වුන දේ ගැන ආයේ වතාවක් මතක් කරගන්න ගමන්..

කවුද මේ ටේ?? කවුද මේ කෙල්ල?? ඇයි එයාලා ඉස්පිරිතාලෙක ඉන්නේ?? ඇයි කෙල්ල පිස්සුවෙන් වගේ කෑගහන්නේ??

ටිකක් නෙමෙයි ගොඩක් රියලිටි ලෝකෙන් ඔබ්බට ගිය කතාවක්..

💜💜💜💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top