Wedding Day
ජිමින් හෂී ආදර කතාව පටන් ගත්තා විතරයි... හැබැයි ඒක කෑලි කෑලිවලට කැඩිලම ගියේ එක පාරට ආව සුලි කුණාටුවට ඒ ආදරේ දරාගෙන ඉන්න බැරි වුන නිසාදෝ කියල හැමෝටම හිතෙන්න පුලුවන්. හැමෝම කියනව වගේ ආදරයකදී මොන ප්රශ්න ආවත් දෙන්න එකටම ඉන්න ඕනෙලු.. හැබැයි එහෙනම් අච්චර ආදරේ කරපු හෂීට මොකද වුනේ?? ජිමින්ගේ හැගීම්වලට මොකද වුනේ.. හ්ම්ම් සමහර ආදර කතා නවතින්නෙම කිසිම හේතුවක් නැතුව..
මේ ආදරයට කවුරුත් නොහිතපු බාදාවක් තිබ්බ.. ඒ රියා.. රියාට ඕනේ ජිමින්ව.. හැබැයි රියා දන්නවා දැන් ජිමින් රියා ලගට එන්නෙ නෑ කියල.. හෂීට රිද්දන්න වට්ටන්න මොනා කලත් ජිමින් හෂීට තියන ආදරය අඩු කරන්නෙ නෑ කියල තේරුම් ගන්න රියාට පුලුවන් වුනා.. ඒ නිසා රියා තීරණය කලා ජිමින්ගේ පැත්තට හැරෙන්න...
............................
සුන්දර උදයක ලස්සන සම්පූර්ණයෙන්ම නැති වුනේ නැගිට්ට ගමන් ටිවී එක දැම්ම නිසා.. මගේ ඇස් මටම බොරු කරනවා වගේ දැක්කා..
"හෙලෝ"
"හෙලෝ හෂී... කියන්න..."
"මොකක්ද මේ වෙන්නෙ ටේ???"
"ලොකු අවුලක්... ඔයා එන්න එපා අද වැඩට.. ඔයා මේ ටිකේම එන්න එපා.."
"දෙයියනේ මොකක්ද මේ රියා කරන්නෙ?? මට එන්න ඕනේ...."
"එපා... තාම ඔයාව මේකට ගෑවුනේ නෑ.. හැබැයි ඔයා ආවොත් ඊලග කෙනා ඔයා වෙයි..."
"ජිමින් කෝ? අනේ එයා කෝල් ආන්ස්වර් කරන්නෙ නෑනේ.. මට බයයි.. මගේ ජිම්න්ට අවුලක් නෑනේද??"
"නෑ නෑ ඌ ජූන් එක්ක මැනේජර් රූම් එකේ.. බය වෙන්නෙ එපා, ඌ ළග අපි ඉන්නවා.."
"තැන්කිව් ටේ.. අනේ ප්ලීස් ආව ගමන් මට කෝල් කරන්න කියන්න..."
"හරි.මන් තියනවා...."
මන් ටේ ට කෝල් කලේ ජිමින්ට සෑහෙන්න කෝල් තොගයක් ගත්තත් ආන්ස්වර් නොකරපු නිසා.. අර රියා... රියා මොකක්ද මේ මගේ ජිමින්ට කලේ?? රියා හැමදේම මීඩියාවලට කියල.. ඉස්කෝලේ කාලේ ඉදන් ජිමින් රියා ගැන කෙයාර් කරපුවා වගේම මැරි කලාම පවා 🥺🥺🥺 මේ දේවල් වලට අර රියාගෙ මිනිහත් එකතු වෙලා.. රියා මෝඩයෙක් වගේ ඒ මිනිහගේ උදව් ගත්තට රියාට තේරෙන්නෙ නෑ ඌ රියාගේ මෝඩකමෙන් ජිමින්ට වගේම රියාටත් ගහනවා කියල.. ඒ දෙන්නගෙම චරිතය කැත කරනවා කියල..
ජිමින් අර අපාර්ට්මන්ට් එකට යන එන ඒවා විතරක් නෙමෙයි රියාලා ගත්ත හවුස් එක ඉස්සරහෙන්ම ජිමිනුත් හවුස් එකක් ගත්ත ඒවා ඔක්කොම රියා පබ්ලිශ් කරලා..
ඔව් මේවට ඇක්ශන් එකක් ගන්න පුලුවන් වුනත් ජූන් ඇන්ඩ් මැනේජර් තීරණය කලේ හරියටම මේ දේවල්වලට සාක්ශී හොයාගෙන මේකට කතා කරමු කියල.. රියා දැම්ම චෝදනාව, රියාගේ සහ යොන්ජෑන්ගේ මැරේජ් ලයිෆ් එක ජිමින් කැඩුවා කියල බොරු දේවල් මවාපාලා.. ඒ නිසා අද රියාට කාත් කවුරුවත් නෑ කියල.. යොන්ජෑන් ඒ දේවල් තහවුරු කලේ ජිමින්ටම රියාව බාරගන්න කියන පණිවිඩය දෙන ගමන්...
ඔයාලා දන්නවා සමහර ෆෑන්ස්ලා මොන වගේද කියල.. දකින අහන දේවල් ඉහටත් උඩින් විශ්වාස කරනවා... කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ.. කවුද හරි කියන එක එයාලට වැදගත් නෑ.. ඒ නිසා මේ වෙද්දිත් ලොකු කලබලයක් BH එක ඉස්සරහ ඇති වෙලා තියනවා.. ගොඩක් මීඩියාවලින් ඇවිල්ල.. දැන් ජිමින් එලියට යනව කියන්නෙ ලොකු අවුලක් කියන එක.....
"ජූන් දැන් අපි මොකද කරන්නේ??"
"ඒක තමා ජින් හ්යෝන්ග් මාත් මේ බැලුවේ.."
"අපි මීඩියා කන්ෆරන්ස් එකක් ගමු.. මොකද අපේ ජිමින් ඔය කිව්ව දේවල් කලේ නෑ.. ඌ රියාට ආදරේ කලා.. හැබැයි රියා ඩිවෝස් වෙනකන් ඌ දන්නෙත් නෑනේ.."
"හ්ම්ම් ඒත් මේ වෙලේ ඕව ඔප්පු කරන්න කෝ සාක්ශී.. මූ මූ අර අපාර්ට්මන්ට් එකට යන වීඩියෝ එක විතරක් නම් බැරියෑ අර ගෙස්ට් රූම් එකේ... තමුසෙ දැක්කෙ නැද්ද ඕයි ඕවා විඩීයෝ කරනවා??"
ජිමින් බිම බලාගෙනම හිටියේ මුකුත් නොකියා... ජිමින් මාර විදිහට කඩාගෙන වැටිලා..
"දැන් ඔය කාටද කෝල් කරන්නෙ?"
"රියාට"
"මෙන්න මෙහෙ ඕක දෙනවා.. තව මේව දික් ගස්සනද ඕනේ?? දැන්වත් කියන එක අහනවා.. අනික හෂීගෙන් මේ ටිකේ ඈත් වෙලා ඉන්නවා..."
"ඇයි ටේ??"
"නෑ රියා මේවා ඇයි කලේ කියන්න දන්නෙ නෑ.. ඒත් ඒ හෂී නිසා නෙමෙයි නම් තමුසෙ එයා එක්ක ඉද්දි මේ ප්රශ්නවලට හෂීවත් රියා ඇදල ගනී... ඒක මීට වඩා සෑහෙන්න අමාරු වෙයි..."
"හ්ම්ම් හරි..."
"දැන්වත් කියනව ඇයි තමුසෙ අර වගේ කෙනෙක්ට මැරීගෙන ආදරය කලේ??"
ජිමින් අද හැමෝටම හැමදේම කිව්වා..අද වෙනකන් හෂීට විතරක් කිව්ව හැමදේම එයා එයාගේ අනිත් සහෝදරයෝ ටිකට කිව්වා.. ඒක ඇහුවම නම් හැමෝගෙම මූනූ එක පාරටම වෙනස් වුනා.. ජූන් ජිමින්ව තම්න්ගෙම මල්ලී වගේ බදාගත්තේ මූ නොකියා මාර දුකක් විදල කියල තේරුන නිසා..
"උබ ඇයි අපිට නොකිව්වේ?? අපිට සමාවෙන්න.. උබ මෙච්චර දුකක් 🥺🥺🥺"
"ඒකට කමක් නෑ හොබී හ්යෝන්ග්... මන් දැන් මොකද කරන්නේ??"
"පොඩ්ඩක් ඉන්න මන් ටග්ගාලා එන්නම්.."
ජූන් නැගිටල රූම් එකෙන් එලියට ගියා.. ඔක්කොම බලන් හිටියේ ජූන් එනකන්.. එක පාරටම ජූන් ආවේ ලොකු හදිස්සියකින්...
"ජිමින් ලෑස්ති වෙයන්.. උබ මෙහෙන් යන්න ඕනේ.."
"ඒත් කොහෙද??"
"අද රෑ තියන ෆ්ලයිට් එකේ ලන්ඩන් යන්න ඕනේ.."
"හ්යෝන්ග්??"
"අහපන්... අපි ඔක්කොම බලාගන්නම්. ඉක්මනටම අපි ආයේ උබව ගන්නවා.. මේ ඔක්කොම ප්රශ්න අපි විසදනවා.. ඒක පොරොන්දුවක්.."
"ඇයි එක පාරටම මොකක්ද වුනේ?"
"මොකක්?? මෙ මොන #$#&$??"
සුගා මහ හයියෙන් කෑ ගැහුවේ ෆෝන් එක බලන ගමන්.. හැමෝම ඒ පැත්ත බැලුවත් ජූන් බිම බලාගත්තේ ලොකු හුස්මක් පිට කරන ගමන්...
"ඇයි මොකක්ද අවුල??"
"ජිමින්..... මෙ රියා...."
"කියන්න මොකක්ද එයා කියල තියෙන්නෙ??"
"උබ නිසා එයා ප්රෙග්නට්ලු.."
"මොකක්??"
ජිමින්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම ඇස් උඩ ගියා..
"පිස්සුද මන් නෙමෙයි.."
මන් ඒක ලොකු විශ්වාසයකින් කිව්වේ.. මොකද මට කොච්චර බිව්වත් මන් මගේ ලිමිට් තියන් වැඩ කරන්නේ.. අනික මන් එහෙම රියා එක්ක???? අනික එහෙම අවිශ්වාස එක තැනයි මගේ ජීවිතේ තියෙන්නෙ..
"අහපන්..දැන් මේවාට ඔහොම නෑ බෑ මන් නෙමෙයි කිව්වට වැඩක් නෑ.. ඔයා මෙහෙන් යන්න.. මේ ඔක්කොම හදලා අපි ආයේ ඔයාව අපි ලගට ගන්නම්.."
"හෂී..."
"හෂීට ඉන්න දීපන්.. මේ මුකුත් කියන්න එපා.. මේ දේවල්වලින් ඈත් කරපන්..කෝල් එකක් අරන් කාලෙකට ලන්ඩන් යනව කියල විතරක් කියන්න.."
එහෙම කිව්වම ජිමින් ඔලුව වනල හෂීට කෝල් එකක් ගන්න රූම් එකේ වින්ඩෝ එක ගාවට ගියා.. එලියේ ගොඩක් මීඩියා වලින් ඇවිල්ලා..
"හෙලෝ ජිමින්... හෙලෝ"
"හෙලෝ බබා..."
"මොකක්ද මේ වුනේ? කියන්න ඔයා නෙමෙයි වැරදි කියල හැමෝටම.. මන් ඔයාව දන්නවා.. ඔයා මුකුත් කලේ නෑ.. "
"මට ඔයා මාව විශ්වාස කරන එක ඇති හොදටම.. අහන්න මන් මෙහෙන යනවා.."
"කොහෙද?? මාත් එනවා.."
"අහන්න මන් ආයෙම එනවා.. මේ ඔක්කොම ප්රශ්න හ්යෝන්ග්ලා බලාගනී.. මන් ටික කාලෙකට ලන්ඩන් යනවා.. මට කෝල් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.. ඒත් මන් ආයෙම ඔයාව හොයාගෙන එනව.. මට කාලයක් දෙන්න.."
"මට ඔයා වෙනුවෙන් ඉන්න පුලුවන්.. ඒත් මට බයයි.."
"බය වෙන්න එපා.. මන් තියනවා.. මන් අද රෑ මෙහෙන යනවා.. හිනාවෙලා සතුටෙන් ඉන්න.. "
"හ්ම්ම් ජිමින්.. මන් ඔයාට ගොඩක් ආදරෙයි..අන්තිම පාරට මට ඔයාව බලන්න බෑනේ.."
"ඉන්න මන් වීඩීයෝ ඔන් කරන්නම්"
ජිමින් වීඩියෝ ඔන් කලාම මුලින්ම දැක්කෙ මුලු මූණම අඩල අඩල රතු කරගෙන ඉන්න හෂීව...
"ඒයි මෝඩයෙක් වගේ අඩන්න එපා ඕයි.. මන් ආයේ එනවා.. ඔයා වෙනුවෙන්.. මන් වෙනුවෙන් හිනා වෙලා ඉන්න... මන් එහෙන්ම් තියනවා.. ඔයා වගේම මාත් ඔයාට ගොඩක් ආදරෙයි.."
එහෙම කියල ෆෝන් එක තිබ්බ ජිමින් එහෙම්ම සොෆා එකෙන් වාඩි වෙලා කල්පනාකලේ මොකක්ද මේ වුනේ කියල....
"දැන් හිතන්න එපා.. හැමදාම බොරුවට ආයුෂ නෑනේ..."
එහෙම කියල ජින් මගේ එහා පැත්තෙන් ඉදගත්තේ පිටට තට්ටු කරන ගමන්...
.............................
ජිමින් හරියටම ගිහින් දැනට අවුරුද්දක් පැනලා.. රියා කලේ බොරුවක් කියල ජූන්ලා ඔප්පු කලා.. ජිමින්ට බැන්න ගොඩක් අය ප්රසිද්ධියේ සමාවගත්තේ ජිමින්ගේ ඒ තිබ්බ හොද ගති ගුණ නිසා.. ඇයි රියාට මෙහෙ ආදරේ කලේ වගේම ගොඩක් දේවල් ඔප්පු කලා.. යොන්ජෑන්වත් අත්තඩංගුවට ගත්තේ ජිමින්ව හැප්පුව එකට.. කෙනෙක්ව මරන්න තැත් කිරිමේ චෝදනාවට වගේම හිතාමතා බොරු කියල කෙනෙක්ගේ චරිතය ඝාතනය කරන්න හදපු එකට.. රියාට ඊට පස්සෙ තිබ්බෙ අසුන්දරම කාලයක්.. රියාට සමාව හම්බුනේ ජිමින් එහෙ ඉදල මේ ප්රශ්නේ දුර දිග යවන්න එපා කිව්ව නිසා... හ්ම්ම් මීරා නිසා.. ඒත් රියාටත් ආයෙම කොරියාවල ඉන්න බැරි නිසා අවසානේ රියත් කොරියාවලින් යන්න ගියා.. කොහොම වුනත් ජිමින් තව ටිකක් හිත හදාගන්න ලන්ඩන්වලම හිටියා.. එයා තීරණයක් ගත්තා ආයේ මීරා නිසාවත් රියා ගැන හිතන්නෙ නෑ කියල.. ඒ නිසා එයා ලන්ඩන්වල තව ටික කාලයක් ඉන්න තීරණය කලා..
Flash back end
"මනූ මොනාද මේ වෙලා තියෙන්නේ?? මට නම් හිතාගන්නත් බෑ.. ඒත් දැන් ඒ ප්රශ්නේ ඉවර නිසා හිතට සැනසීමක් දැනෙනවා.. ජිමින් ඔයාලා අද මැරි කරනවා කියල දන්නවද??"
"හ්ම්ම් ඔව්ව්ව් එයාට එන්න ඕනේ වුනත් හෂී නැති නිසා එයා එන එක ප්රතික්ෂේප කලා.. ජූන්ලත් වැඩිය කරදර නොකෙරුවේ ජිමින් සෑහෙන්න දුකක් මේ ටික කාලෙට වින්ද නිසා.."
"මනූ කෝ හෂී.. එදා ජිමින්ගේ කෝල් එකෙන් පස්සෙ හෂීට මොකද වුනේ??"
"ඊට පස්සෙ මාවත් දෙපාරක් වගේ හෂී හම්බුනා.. එහෙම ප්රශ්නයක් එයාට තිබ්බේ නෑ... හැබැයි රියාගේ ප්රෙග්නට් කේස් එක ගැන හිත හිත හිටියේ ගොඩක්. ජිමින්ව අවිශ්වාස නොකෙරුවත් එයා දෙගඩියාවකින් හිටියේ කියල මට තේරුනා.. එදා ජිමින් කෝල් කරද්දී එයා ඒ කේස් එක දැනගෙන ඉදල නෑ.. ඒ නිසාදෝ මන්දා එයාගේ හිත ගොඩක් නොසන්සුන් විදිහට තිබ්බේ... ඒත් ඒ සිද්දිය වෙලා හරියටම සතියකට විතර පස්සේ හෂී සෝල්වලින් ගිහින්.. එයගේ අස්වීමේ ලිවුමත් මේල් කරල එයා ගිහින්... අපි හෙව්වා කියා.. සෑහෙන්න... ඒත් අද වෙනකන් හෂීට මොකද වුනේ?? එයා කොහෙද ගියේ??ඇයි ගියේ කියල හිතාගන්න බෑ."
"මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙන්න පුලුවන්ද මනූ... මට හිතාගන්න බෑ..."
අපේ කතාවට බාදාකලේ අපී නංගී..එයාගෙ ටින් බෙලෙක් හඩින් මහ හයියෙන් බෙරිහන් දෙද්දී මන් උඩ ගියා..කොහොමත් මට වගේම එයාටත් හෙමින් කතා කරල පුරුදු නෑනේ..
"මේ එනවා.. අන්න වැඩේ පටන් ගන්න යන්නේ.. මෙතන ඉදන් බෝම්බ ගහන්න ප්ලෑන් කානවද තමුසෙල දෙන්නා..."
"ඉන්න ඉන්න එනවා.. "
කියා මාවත් එක්කන් ගියේ අපේ සෙරමනි එක තියන ඒරියා එකට.. වාව් කියා ගන්න බැරි සතුටක් මේක..මෙතන මාරම ලස්සනයි..
මන් යද්දී ජූන් මන් දිහා දිලිසෙන ඇස් දෙකෙන් බලන් හිටියා.. ඒ ඇස් අද ඉදන් මගේම වෙනවා කියල මතක් වෙද්දී මගේ ඇස්වලට කදුලු ආවේ සතුට වැඩිකමට..
මන් ජූන් ඉන්න තැනට ගියා විතරයි හයියෙන් ආව කාර් එකක් නැවැත්තුවේ හෙන හෝන් එකක් එක්ක.. අපි ඔක්කොම ඒ පැත්ත බැලුවේ මේ වැදගත් වැඩ අස්සෙ මොකාද මේ හෝන් ගහන්නෙ කියල බලන්න..
"ජිමින්....."
ඔව් ඒ ජිමින්... ජූන් විතරක් නෙමෙයි අනිත් 5 දෙනත් ජිමින් ලගට දුවල ගියේ කෑගහගන.. අන්තිමට ඒ සහෝදරයෝ 7 දෙනා ආයෙම එකතු වුනා.. ජිමින් හොරෙන්ම ඇවිල්ලා තියේන්නෙ එයාගේ ලීඩර් අයියව සර්ප්රයිස් කරන්න.. ජිමින් එහෙනම් ඔයත් ආවා.. හෂී පේනවද ඔයා විතරයි අද අඩු.. මේ වගේ ඔයත් දුවගෙන එනව නම්...........
ජිමින් ආවට පස්සෙ කට්ටියම ගොඩක් සතුටු වුනත් හෂී නැති නිසා ජිමින්ගේ මූණේ නම් දුකක් තිබ්බා.. ඒක නෑ කියන්න අපි කාටවත් බෑ.. ඒත් ජිමින් ඒක අපේ ඩේ එකට බදාවක් නොවෙන්න හන්ගගෙන ලස්සනට හිටියා.. අද දවස ලස්සනට ගෙවිල ඉවර වුනා... අන්තිමට මනූ ඇන්ඩ් ජූන් ඒ දෙන්නගෙම වුනා.. ගොඩක් අයගේ ආශිර්වාදය මැද්දේ ඒ දෙන්න මේ ලෝකේ ඒ දෙන්න ආසම වුන දවස ලස්සන කරගත්තා....
Jimin pov
මගේ ලෝකේ ජූන් කියන්නෙ ගොඩක් වැදගත් කෙනෙක්. එයාගේ වෙඩින් එකට නොයා ඉන්න තරම් මගේ හිත මට ඉඩ දුන්නෙ නෑ..ඒ නිසා මන් ආයෙම කොරියාවට යන්න තීර්ණයක් ගත්තා.. අන්තිමට මන් ආවේ ජූන්ගේ වෙඩින් එක තියන තැනට.. ගොඩක් ලස්සනයි.. ඒත් මගේ කියල ලගින්ම තියන් ඉන්න ආස වුන ඔයා අද මෙතන නෑ. මන් එහෙ ඉද හැමදාම ඔයාගේ විස්තර ඇහුවා.. ඒත් ඔයා ගැන මුලදි මට ජූන්ලා බොරු කිව්වේ මන් ආයෙම එහෙ එයි කියල බයට.. ඒත් අන්තිමට ඔයා හැමෝගෙන්ම ඈත් වෙලා ගිහින් කියල මන් දැනගත්තා.. කොහෙද හෂී ඔයා ඉන්නේ?? මට එක ඉගියක් දෙන්න??? මන් ඔයාව හොයාගන්නව කොහොමහරි.... කොහොම වුනත් අද ජූන්ගේ දවස.. ඉතින් මගේ දුක හන්ගන් මන් හිනාවෙලා සතුටෙන් හිටියේ මේ දවස අපි හැමෝටම වටින දවසක් නිසා...
Jimin pov end
මගෙයි ජූන්ගෙයි වෙඩින් එක ඉවර වෙලා අදට හරියටම මාසයයි.. අපි සෝල්වල වෙනම ගෙයක් ගත්තේ ඩෝම් එකට කිට්ටුවමයි.. මොකද ඒක ජූන්ට ලේසි නිසා වගේම මගේ හොස්පිටල් එකටත් ළග නිසා.. අද තමා මේ මාසෙටම අපිට නිවාඩුවක් හම්බුන දවස..ෛතින් මායි ජූනුයි ටිකක් ඇවිදින්න හිතුවා.. කලින් වගේ අත් අල්ලන් කියව කියව...
"ජූන්......"
"මොකද බෙරිහන් දෙන්නේ??"
"තාම නිදිද??"
"නෑ ලෑස්ති වෙනවා.. ඉන්නවකෝ හලෝ පොඩ්ඩක්... මොනා අඩුවෙන් ඇදන් යයිද මන්දා අද.."
"මොකක්??"
"නෑ ඔයාගේ සද්දෙට මගේ කල්පනව නැති වෙනවා.."
"අනේ මේ..... මේ බලන්න මන් ලස්සනද??"
"හ්ම්ම්ම් ඔව්ව්ව්නේ.."
එහෙම්ම මනූ ලගට ආව ජූන් මනූට චූටි කිස් එකක් දුන්නෙ මනූ බොනික්කෙන් වගේ නිසා අද.. කාලෙකින් එලියට යන නිසා සතුටෙන් හිටියෙ මනූට ඒ කිස් එක නිසා තවත් ඒ සතුට වැඩි වුනා..
දෙන්නම මුලින්ම ගියේ සෝල්වල තිබ්බ ලස්සන කැෆේ එකකට.. උදේට කාලම යන්න ඕනේ නිසයි එතනට ගියේ..
"මනූ මොනාද කන්නේ??"
"සැන්ඩ්විච් කමු නේද??"
"හරි ඉන්න මන් ඕඩර් එක දාලා එන්නම්..."
ජූන් එහම ගියාම මන් මගේ ෆෝන් එක ගත්තේ කම්මැලිකම නිසා.. එක පාරටම මගේ ගැලරි එක ඕපන් වුනා.. ඒකේ තිබ්බ ලස්සන ෆොටෝ එකකට මගේ හිත ගියා.. හ්ම්ම් මායි කියා යි හෂීයි ගත්ත ෆොටෝ එකක්.. මන් එක්ක බල බල ඉද්දී එක පාරටම ඇහුන පොඩි බබෙක්ගේ සද්දෙට මන් ඒ පැත්ත බැලුවා.. අනේ කිව්ට් බබෙක් එතන හිටියේ.. එයා හොදටම අඩනවා.. ඒ එක්කම මන් ආතින් දැක්කේ ලස්සන ගෑනු ළමයෙක් අනෙක් පැත්තේ කැශියර් ගාව ඉන්නවා... මන් ආයේ ෆෝන් එක බලද්දී ඒ දැක්ක කෙනාව මන් හොදට දන්නවා කියල මට මතක් වුනා... මන් ආයෙම බැලුවේ ඒ ගෑනූ ළමයා දිහා..
"හෂී.........."
ඔව් ඒ ඉන්නෙ හෂී..... ඔයා මෙහෙ.. මන් ඉක්මනට නැගිටිට්ටෙ හශී ලගට යන්න..ඒත් එයා ළගට ආව කෙනා දැක්කම මන් ඉන්න තැනම ගල් වුනා...
"හශී.... 🥺🥺🥺🥺"
Plz vote and comment,if you feel this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top