Truth & Dare
"ඔයා දන්නෙ නැද්ද මොකක්ද වෙලා තියෙන්නෙ කියල.."
"නෑ මොකක්ද වුනේ??? 😳😳"
"ඊයේ ජිමින් රෑ ඇක්සිඩන්ට් වෙලා..."
"මොකක්??"
නූරියා කිව්ව එකට මගෙ ඇගම පණ නැති වුනා වගේ.. මන් දිව්වේ ජූන්ගෙ රූම් එකට.. යද්දී කවුරුත්ම හිටියේ නෑ..මන් ආයෙම මගේ කැබින් එකට ඇවිල්ල කෝල් එකක් ගත්තේ ටේ ට...
"ටේ.... මේ කොහෙද ඉන්නෙ??"
"ආ..."
"අනේ කොහෙද ඉන්නේ?? ජිමින් කෝ??"
"කලබල වෙන්න එපා.. අපි ඉන්නෙ හොන්ජන් හොස්පිටල් එකේ.. ඔයා...."
ටේට තව වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා කෝල් එක කට් කරල මන් ගියේ හොස්පිටල් එකට.. පිස්සුවෙන් වගේ මන් හොස්පිටල් එක ඇතුලට යද්දිම මන් දැක්ක හොබී යනවා.. මන් ලගට දුවන් ගිහින් හොබීව අල්ල ගත්තා..
"හොබී.. ජිමින් කෝ??"
"ආ.. ඔයා??? උඩ ඉන්නේ ජිමින්.."
"මාව එක්කන් යන්න.."
"හරි හරි.. එන්න යන්න..."
හොබී මාවත් එක්කන් ගියේ VIP ඒරියා එකට.. ඒකේ රූම් එකකට අපි ගියේ.. ඇරපු ගමන් මන් ජිමින් ලගට යන්න හැදුවත් මන් දැක්ක දේ නිසා මන් හිටිය තැනම ගල් වුනා.. හැමෝම මන් දිහා බැලුවත් එතන හිටිය කෙනෙක් මන් දිහා බැලුවෙ මරන්න හිතාගෙන දාන බැල්මකින්.. රියා.. ඔව් එයත් එතන හිටියා.. ජිමින්ට ලොකු තුවාලයක් වෙලා නෑ..
"ආ... හෂී, අපි බැලුවා මොකෝ පරක්කු කියල..."
"අනේ මන් දැනන් හිටියේ නෑ.... මේ දැනගත්ත ගමන් ආවේ.."
ඒ කිව්ව ගමන් රියා මන් ලගට ආවේ හූවක වේගෙන්.. මගේ ළගට ආව රියා මගේ කම්මුලට ගැහුවේ වටේ හිටිය අයට ඒක නවත්තන්න තියා හිතන්නවත් කාලයක් නොදී.. ඒ ගහපු පාරේ සැරට මාව එහෙම්ම විසික් වෙලා ගිහින් වැටුනා..
"ඒයි තමුසෙට පිස්සුද??"
සුගා මන් ලගට ඇවිත් නැගිට්ටුවේ රියාට හොදවයින් දෙකක් කියන ගමන්.. මට ගැහුව ගමන් ජිමින් නැගිටින්න ට්‍රයි කලත් ආයේ එහෙම්ම හාන්සි වුනේ කොන්දෙන් ආව කැක්කුම නිසා.. ටේ ඒ එක්කම රියා ලගට ගියේ ඇස්වල කේන්තිය පිටාරගලද්දී... ගිහින් රියාගේ උරහිසින් තල්ලු කරපු ටේ රියාගෙ නිකටෙන් තද කරල අල්ල ගත්තා..
"තමුසෙට පිස්සු හැදිලද?? තමුසේ කොහොමද හෂීට ගහන්නේ?? තමුසෙ කෙල්ලෙක් නිසා අතාරිනවා..නැත්තම්..."
ටේ ගෙ කතාවට බාදා කලේ ජිමින්,
"අනේ ටේ එයාව අතාරින්නකෝ... ප්ලීස්.."
ජිමින් ඇස්වල කදුලු පුරවන් එහෙම කියද්දී මට නොසෑහෙන්න දුක හිතුනා.. ඔව් ජිමින් ආස නෑ මීරාට රිද්දන්න..
"අනේ ඔව් ටේ.. ප්ලීස් රියාව අතාරින්නකෝ.. මට ප්‍රශ්නයක් නෑ.."
ටේ මගේ කතාවට රියාව අතෑරියා.. ඒ එක්කම රියා හැරුනෙ මගේ පැත්තට..
"තමුසෙ නිසා ජිමින්ට මෙහෙ වුනේ??"
"අනේ රියා නවත්තනවා ඕක.."
"ඇයි ජිමින්?? ඔයා ඊයේ මෙයාට කෝල් කර කර ගිහින් හැප්පුනේ.."
"හරි රියා දැන් මට මුකුත් වුනෙ නෑනේ..."
"ජිමින්.. මන් නිසා?? ආ..."
එහෙම කිව්ව ගමන් මට මොකක්දෝ කියාගන්න බැරි දුකක් ඇති වුනා..මන් ජිමින් ළගට ඉකමනට දුවල ගියේ මන් නිසා මොකක්ද වුනේ කියල දැනගන්න..
"ජිමින් මොකක්ද වුනේ??මට කියන්න??"
"නෑ නෑ"
"නැත්තේ නෑ..තමුසෙට ඊයේ කෝල් කර කර ගිහින්... තමුසේ ආන්ස්වර් කලාද??"
"අනේ මන් දැක්කේ නෑ.. ඇත්තමයි.."
"දැක්කෙ නෑ?? ශෝක්.. ඒ සිහියෙන් ගිහින් තමා මේ මෝඩයා හැප්පුනෙ.."
"අනේ රියා දැන් ඇති.. ප්ලීස්. මට හොදයි දැන්"
එහෙම කියල රියා යන්න ගියේ පුදුම කේන්තියකින්.. හිතාගන්නවත් බෑ.. එයා ගියාම ජූන් ගියේ ජිමින් ළගට..
"ජිමින්"
"ඔව් ජූන්, කියන්න"
"මොකක්ද උබ කලේ මේ?"
මගේ ඇස්වල කදුලු පිහද පිහද මන් මුකුත් නොකියාම බලන් හිටියේ ජූන් දිහා..
"කියපන් මොකක්ද උබට වෙලා තියෙන්නෙ?? අර රියා උබට මොනා හරි දුන්නද? උබ දැක්කද හෂීට ගහනවා.. උබ දැක්කද??"
"ජූන් අහන්න.. මන්.."
"හා හා කට වහගනින්.. හෂී මාත් තමුසෙට හොද හිතින් කියන්නේ ආයේ මූගේ කිසි දේකට එන්න හිතන්නවත් එපා.. ලැජ්ජාවක් නැද්ද? මූ ඔයාට රිද්දනවා..මූ ආදරේ නෑ ඔයාට.."
"අනේ ජූන්... "
කවදාවත් ජූන් මට මෙහෙම කතා කරලා නෑ.. මට මාර අසරණකමක් දැනුනා..
"ඔයා මෙතනට ආව විදිහෙන් ඔයා මූට කොච්චර ආදරේද මට හිතාගන්න පුලුවන්.. මට මේක හිතිල තිබ්බෙ.. ඒත් දැක්ක්ද මූ?? මූ රියාට බනිද්දී එපා කිව්වා.."
"අනේ ජූන් ඕක නවත්තන්න.. මන් යන්නම්.."
එහෙම කියල මන් රූම් එකෙන් එලියට එන්න ආවා.. නෑ ජිමින් එහෙම කලේ මීරට රිද්දන්න බැරි නිසා..ඒක ඔයාලා කවුරුත් දන්නෙ නෑ.. මන් එහෙම්ම ආවෙ මගේ රූම් එකට.. මන් නිසා ජිමින්ට මේ වුන දේ නම් මට මාර වදයක් වුනා හිතට.. හිත සැනසෙන්න මන් ටිකක් නිදාගත්තේ මේ දේවල් අමතක කරන්න.. එහෙම්ම මට නින්ද ගිහින්....🤐🤐
............................
දවස් දෙකක් නිකන්ම ගෙවිල ගියා.. ජිමින්ට ලොකු අමාරුවක් තිබ්බෙ නැති නිසා ඩෝම් එකට ආවා.. ජිමින් මන් අන්තිම හම්බවුනේ එදා හොස්පිටල් එකේදී... එදායින් පස්සෙ ජිමින්ව මේ දවස් දෙකටම මන් දැක්කෙ නෑ.. අනිද්දට මනු ආයේ කොරියා එනවා කිව්වා.. එයා මෙහෙ මෙඩිකල්වලට අදාල මොකක්දෝ කෝස් එකකටද මොකකටද ඇප්ලයි කරල.. ආදරේ නිසා මිනිස්සු කොච්චර දේවල් කරනවද නේද?? ජිමින් රියා වෙනුවෙන, මනූ ජූන් වෙනුවෙන්.
..........................
"ආ මහත්තයා.. දැන් කොහොමද??"
"අවුලක් නෑ කුකී.. මොකද මන් නැති දවස් ටිකේ වුනේ??"
"මුකුත් නෑ.. තව දවස් 3කින් කම්බැක් එකනේ.. ඒ වැඩ විතරයි.... අහ්හ් මනූ සෝන්ග් එකක් දෙන්නම් කියලා.... මේ ජූන් ඒක ලබන සතියේ තියන tv ශෝ එකේදී කියන්න ඕනේලු.."
"ඉතින් කියමු.."
"අවුලක් තියනවා.. ඒකේ producing වැඩ තියනවා.. ජූන්ට ඒක අලුත් කෙනෙක් ලවා කරවන්න ඕනෙලූ.. ඒ වගේම ෆීමේල් වොයිස් එකක් ඕනේ...."
"හ්ම්ම්ම්ම් කාවද ගන්නේ ඉතින්???"
"ඒක තමා.. ඕනේ තරම් අය නම් ඉන්නවා.. ඒත් අලුත් කෙනෙක්??"
"ඉන්නකෝ.. ටේ??"
"ඔව් කියපන්.."
"හශීගෙන් අහන්න...."
ඔක්කොම මන් දිහා බැලුවේ නිකන් අමුතු සතෙක් දිහා බලනවා වගේ..
"නෑ මන් දවසක් එයාගේ ගෙදර ගියාම තිබ්බ පොතක් බැලුවා.. ඒකේ තිබ්බ එයාට ඒ දේවල් වලට ආසයි කියල.. මන් හිත්න්නෙ එයාට පුලුවන්"
"හරි මන් එයාගෙන් අහන්නම්කෝ..."
............................
"හෂී මන් එන්නද??"
"එන්න ජූන්... මොකක්ද වෙන්න ඕනේ??
"ඇත්තද ඔයා producing වලට ආසයි කියන්නේ??"
"ආ ඔයා කොහොමද දන්නෙ?? හ්ම්ම් ඔව්ව් ආසයි නෙමෙයි මන් පොඩි කාලේ ඒ ගැන ඉගෙනගෙන තියනවා.. "
"වාව්..."
"ඔව් මගේ හීනවල තිබ්බ ඒත් කරගන්න බැරු වුන දෙකක් තියනවා.. Producing ඇන්ඩ් සිගින්.."
"සින්දු කියන්නත් පුලුවන්ද??"
"ඔයාලා තරම් බෑ.. ඒත් පුලුවන්..."
"එහෙමද?? එහෙනම් තව දවස් 5කින් වගේ වැඩක් තියනවා ෆ්‍රී කරගන්න.."
"මොකක්ද වැඩේ ජූන්???"
"ඒක එදාට කියන්නම්..."
එහෙම කියල ජූන් යන්න ගියේ කට කොනෙන් හිනා වෙලා..
වාව් මේක මන් මාරම ආස වුන දෙයක්.. ඒත් මොකදෝ නිසාද මන්දා මට ඒ හීනෙට යන්න බැරිවුනා.. මට හිතෙනවා ජූන් මට චාන්ස් එකක් දෙයි කියලා..මොකද මට ඉස්සරහට වෙන්න තියන දෙයක් චුට්ටක් හිතල කියන්න පුළුව..ඒත් එකත් ඉශ්ට වෙන්න.. මට දැන් විශ්වාසයි මගේ පින නම් තිබිලා තියෙන්නෙම දොර මුල්ලෙ කියල.. දැන් තමා දොර මුල්ලෙ තිබ්බ එක එක පින එලියට එන්නෙ.. මේක මගේ තිබ්බ ඔක්කොම දුක තප්පරයකින් නැති කරන්න පුලුවන් දෙයක් උනා.. 🥺😍
Time passed
අද මනූ අවා.. කලින් කිව්ව වගේ තවත් ඉගෙනගන්න වගේම ඒ ගමන් මෙහෙ හොස්පිටල් එකක වැඩ කරන්න බාරගෙනයි එයා ආවේ.. මේ පාර ඉතින් එයා තනියම තමා ආවේ. මොකද කියා එහෙ ඉන්නම තීරනය කලා.. ජූන් ගියේ මනූව එයාර්පෝර්ට් එකෙන් ගන්න.. තාමත් එදා ඇක්සිඩනට් එකෙන් පස්සෙ ජිමින් හෂී හම්බෙලා නෑ..
...........................
මන් කොරියාවට ආයෙ එන්න හිත හිත ඉද්දී මේ ස්කොලශිප් එක ගැන දැනගත්තේ.. ඉතින් ඒකත් චාන්ස් එක කරන් මන් ඒක ගත්තේ ආයෙම ජූන්ව බලන්න යන්න හිතන්..
"කොහොමද මගේ කෙල්ලට??"
මන් ජූන්ව දැක්ක ගමන් ගිහින් හග් කලේ කාලෙකින් දැක්ක සතුට දරාගන්න බැරි වුන නිසා.. ජූන් කාටවත් අදුරගන්න බැරි වෙන්න ලෑස්ති වෙලා ඇවිල්ල හිටියා.. කොහොම ආවත් මට බැරිද ජූන්ව අදුරගන්න.... 😌😌😌
"තැන්කිව් ජූන්... මන් හිතුවෙ නෑ හෙට කම්බැක් එකේ වැඩ තියන් ඒවි කියල.."
"එහෙම නෑවිත් ඉන්නෙ කොහොමද?? කොච්චර කාලෙකින්ද අපි මේ දකින්නේ?? යමුද??"
එහෙම්ම අපි ආවේ අපාර්ට්මන්ට් එකකට.. ඒකේන් පොඩි හවුස් එකක් මන් ගත්තේ මෙහෙ හොටෙල් එකක ඉන්නවට වඩා ඒක මගේ වැඩවලට ෆ්‍රී නිසා..
"වාව්.... ඔයාගේ චොයිස් නම් මාර ලස්සනයි ජූන්..."
"ආසද??"
"හ්ම්ම් ඔව්ව් මාරම ලස්සනයි.. දැක්කම හිත නිවෙනවා.."
"ඉන්න මන් මොනාහරි ඕඩර් කරන්නම්.. මන් අද ඔයා වෙනුවෙන් ෆ්‍රී කරගත්තා.. "
"අනේ ඔය ඇත්තමද?? නියමයි.. එහෙනම් අපි මූවි එකක් බලන ගමන් ඩිනර් ගමු.. "
"ඕකේ මනූ.. 😘"
එහෙම කියල ජූන් සෝෆ එකෙන් වාඩි වුනේ ෆෝන් එකත් ගන්න ගමන්.. මාත් එහා පැත්තෙන් ඉද ගත්තා.. ජූන් අපි දෙන්නට ගොඩක් කෑම ඕඩර් කලා.. ටික වෙලාවක් හිටිය ජූන් මහන්සියට මගේ උකුල උඩ ඔලුව තියාගත්තේ කෑම එනකන් චුට්ටක් ඔලුව තියන් ඉන්න..මටත් සෝෆා එකේම නින්ද ගිහින්..බෙල් එකේ සද්දෙට මට උඩ ගිහින් ඇහැරුනා.. මන් ඇහැරෙද්දී ජූන් මගේ උකුල උඩම නිදි..
මන් හෙමින් ඔලුව උස්සල සෝෆා එකෙන් තියල ගිහින් කෑම ටික ගත්තා.. කොහොමත් ජූන්ට යන්න බෑනේ... ජූන් තාම නිදි නිසා කෑම මේසෙට යවල මන් වොශ් එකක් දාන් එන්න ගියා...
...........................
ඩෝම් එකට වෙලා ජූන් ඇරුනම අනිත් සෙට් එක කියව කියව හිටියේ ජිමින්ට වුන ඇක්සිඩනට් එක ගැන..
"ජිමින් කියන්න දෙයක් තියනවා.."
"මොකක්ද කුකී??"
"ජින් ඔයාම කියන්නකෝ...."
"හ්ම්ම්ම් මේකයි... උබව ඇක්සිඩනට් වුනානේ.."
"ඉතින්??"
"ඒක අහම්බයක් නෙමෙයි... අපි ඒ ලගට cctv චෙක් කලා.."
"ඒ කිව්වේ? කවුරුහරි හිතාමතාම මෙහෙම කරලද??"
"ඔව්ව් ජිමින්... ඒ කවුද දන්නවද??"
"කවුද ඒ??"
ජිමින් ටිකක් තරහ මූණකින් ජින්ගෙන් කවුද කියල ඇහුවේ ළගට ගිහින් හොම්බට 60ක් අනින්න වගේ..
"යොන්ජෑන්.... රියාගේ ex husband"
"මොකක්?? ඒත් ඇයි??"
"මේ ඕයි ජිමින් තමුසේ වාඩි වෙලා ඉන්නෙ මොලේ උඩද?? ඇයි යකෝ එයාලා ඩිවෝස් උනේ උබ නිසා කියල හිතනවා ඇති..."
"ඒත් ඒක එහෙම නෑ.. මට ඕන වුනේ නෑ එහෙම.. රියා ඒ ඩිසිශන් එක ගත්තේ එයාගේ ලයිෆ් එක ගැන හිතල.."
"ඒක අපි දන්නෙ නෑ.. ඒත් අර රියා හෂීට ගැහුව එක නම් මාර චාටර් ජිමින්... ඒ කෙල්ල හැම එකටම බැනුම් අහන්නයි ගුටි කන්නයි.. මොකක්ද ඕයි මේ??"
"හ්ම්ම් ඔව් හ්යොන්ග්.. ඒක මන් හදන්නම්.."
"හදන්න දෙයක් නෑ.. රියාට කියපන් හෂීගෙන් සමාව ගන්න කියල..."
සුගා ටිකක් සැරෙන් කිව්වේ ජිමින් සුගා දෙයක් කිව්වම දන්න කාලේ ඉදන් කරන නිසා.. මොකද ජිමින් සුගාට ටිකක් බයයි...
"අනික් දේ,අද වෙනකන් මන් මේ උබේ රියාගෙ අවුල කතා කලේ නෑ.. එකයි මට කියන්න තියෙන්නෙ, රියා උබට හරියන්නෙ නෑ... පුලුවන් නම් මෙච්චර කාලෙකට උබේ හැමදේටම හිටිය අපි කියන දේ විශ්වාස කරපන්.. නැත්තම් උබේ හිතට වහල් වෙලා කැමති දෙයක් කරපන්..."
"හ්ම්ම්ම්ම්ම්"
ජිමින් මොකද කරන්නේ?? කාටවත් බනින්න ජිමින්ට බෑ.. වෙලාවකට ජිමින්ටම තේරෙනවා මොකක්ද මේ කරන ගොන් වැඩේ කියල.. ඒත් රියාව ජිමින්ට මේ තරම් අමාරුද හිතින් අයින් කරන්න..... ජිමින් නැගිටල බෙඩ් රූම් එකට ගියේ මොකක්ද දැන් කරන්නෙ කියල හිතන ගමන්.. යොන්ජෑන්ටත් මොන හරි කරන්න ඕනේ වුනාට හෙට මෙයාලගේ කම්බැක් එක නිසා ඒ ඔක්කොම අමතක කරලා කලින් නිදාගන්න කට්ටිය තීරනය කලා.. ජූනුත් මනූ එක්ක ඉදල රෑ 11ට ආයෙම ඩෝම් එකට ආවේ හෙට උදේ 10ට ඉන්ටවිව් එකක් තියන නිසා.. ඒකට හෂීත් ඉන්නවා.. එයාගේ merch එක ලෝන්ච් කරන්න..
......................
පහුවෙනිදා උදේ කට්ටියම රෙඩී වෙලා ඉන්ටර්විව් එකට ගියා.. කට්ටියම ඉතින් ආයේ කුමාරයෝ 7ක් වගේ තමා..
ඒ එක්කම හෂීත් ඒකට ගියා.. හෂී ගියේ නූරියා ඇන්ඩ් මනූ එක්ක.. ඒ තුන් දෙනත් එතන ලස්සනට හිටියා.. මනූ ඇන්ඩ් නූරියා බැක් ස්ටේජ් එකේ හිටියේ හශීට හෙල්ප් එකක් හැටියට.. හරියටම පැය දෙකක ඉන්ටවිව් එකෙන් පස්සෙ බැන්ග්ටැන් අලුත් සෝන්ග් එක රිලීස් වුනා.. ඒ වගේම අපේ හෂීගේ merch එක රිලීස් කලා.. හීන ගොඩක් හිතේ තියන් හිටිය එක්තරා සාමාන්‍යය කෙල්ලෙක්ගෙ හීනයක් ඒ විදිහට හැබෑ වුනා...
.
.
.
.
.
.
.
.
.
.
ඔක්කොම ඉවර වුනාම බැන්ග්ටැන්ලා ආයෙම ගියේ BH එකට.. ඒ එක්කම හෂී නූරියත් ගියා.. මනූ එයාගේ අපාර්ට්මන්ට් එකට ගියා.. මනූ මනූගේ අපර්ර්ට්ම්න්ට් එකේ ඩිනර් එකක් රෙඩී කලේ කට්ටියටම.. කට්ටියම රෑ 7ට එන්න පොරොන්දු වෙලයි ගියේ.. ( බිත්තරයක්වත් බැදගන්න බැරි මූ මොන ඩිනර් රෙඩී කරන්නද ඕයි ද්😂😂😂😂)
Time passed
නූරියා ආවේ නැත්තේ ගෙදර වැඩවගයක් තිබ්බ නිසා.. හෂී 7ට කලින් ගියේ මනූට ටිකක් උදව් වෙන්න.. ( ඔය ගියාට ඌටත් බිත්තරයක්වත් බැදගන්න බෑ..) දෙන්න ලස්සනට ඩිනර් ටේබල් එල රෙඩී කලා.. ආයේ වෙඩිමක් වගේ තමා ඉතිම්.. (කොහොමත් මුන් දෙන්නගේ ආටෝප වැඩී)
"මේ ගෙදර කවුරුත් නැද්ද??"
කටහඩින් කියන්න පුලුවන් ඒ කුකී කියල.. මායි මනූයි ලස්සනට ලෑස්ති වුනේ හැන්ඩි කොල්ලො සෙට් එකක් බහිද්දී පාන්කඩයෝ දෙන්න වගේ ඉන්න බැරි නිසා.. මනූ බෙල් එක ඇහුන ගමන් දුවල ගිහින් ඩෝ එක ඇරියා..
"අනේ ඔයාලා ආවද?? ඔන් ටයිම් නේ??"
එහෙම කියල මනූ ජූන්ව හග් කලා.. පිස්සු ජෝඩුව්ක් ඉතින්.. ඕවා අපි ඉස්සරහ කරල අපිව මානසිකව වට්ටන්න ඕනේ නෑනේ..
"කුකී මාව හග් කරන්න්කෝ"
"එන්න ටේ.."
"අනේ මේ කුකී ඇන්ඩ් ටේ... ඉන්නවකෝ.."
"ජිමින් යනව තමුසෙ අන්න අරයව හග් කරනවා.."
එහෙම කියල කුකී ජිමින්ට මාව පෙන්නුවා.. මේ යකා නම ගම කන්නේ කෙලින්ම සවලෙන්.. ජිමින් මන් දිහා බලල කට කොනෙන් හිනා වෙලා ආයෙම අහක බලාගත්තා.. නෑ නෑ මාත් හිත හදන් ඉන්නෙ දැන්....
කට්ටියම වාඩී වෙලා මුලින්ම ටිකක් කතා කර කර හිටියා.. ඒ එක්කම මනූ ජූන්ට මනූගේ සෝන්ග් එක දුන්න.. ජූන් ඒක ඒ වෙලේ නොබැලුවේ බැලුවොත් අද ආව වැඩේ කරන්න වෙන්නෙ නැති නිසා.. එහෙම්ම ඒක පොකට් එකට දාගත්තා.. ( බෑග් එකෙ..) කට්ටියම හොදට කෑවට පස්සෙ කම්මැලිකම යන්න ගේම් එකක් කරන්න හිතුවා...
Jimin pov
අපි ඇතුලට ආව ගමන් මගේ ඇස් හෂී ළග නැවතුනා.. ඒ ලස්සන.....
නෑ නෑ ජිමින් තමුසෙට බෑ මෙහෙම කරන්න.. තවත් බෑ ඒ කෙල්ලට දුක් දෙන්න... ඒත් මේ කුකී හෂී හග් කරන්න කිව්ව එකට නම් ඇත්තමයි තනියම හිටිය නම් මන් කරනවා කියල හිතල කට කොනෙන් හිනාවෙලා අහක බලාගත්තා..කුකී තමා දවසකට හරි මරු ටෝක් දෙන ඩයල් එක... කොහොම හරි කනකනුත් මගේ ඇස් එයාව හෙව්වේ තප්පරයෙන් තප්පරේ.... ඒත් ඒ ඇස් මාව මග ඇරියා කියල මට හොදටම තේරුනා.. කමක් නෑ ඒක එහෙම වෙන්න ඕනේ...
Jimin pov end
"මේ ටෘත් ඩෙයා ගේම් එක කරමුකෝ"
"අපෝ මනූ...."
"මොකක්ද ටේ? ඇයි හංගන දේවල් තියනවද??"
"හා හා කරමූ.. මන් කැමති... මගේ මුකුත් නෑ හංගන්න..."
ඊට පස්සෙ කට්ටියම සොෆා එක ළග තිබ්බ ටේබල් එක වටෙව්ට ඉදගෙන ගේම් එක පටන් ගත්තා.. මේ ගේම එක ඔයාලා දන්නවනේ.. මාත් ගොඩක් දන්නෙ නෑ..) පලවෙනිම එක කැරකුනේ හොබීට... හොබී ප්‍රශ්නේ අහන්න තෝර ගත්තේ සුගාව..
"ඒයි සුගා.."
"ඇයි ඕයි මන්??"
"ඔයා තමා.. අර මේකප් කරන අක්කට කැමති වෙලා හිටියා නේද??"
සුගාගේ මූණ ලොරියට අහු උන කජු ලෙල්ල වගේ වුනා..
"ඔව් ඉතින් මොකද... දැන් එයා නෑ..."
"අම්බෝ අපි දන්නෙත් නෑ..."
ජූන් රවන ගමන් සුගා ට කිව්වා.. සුගා ශේප් එකේ පිටට තල්ලු කරල බිම බලාගත්තා.. ඊලග එක කැරකුනේ මනූට....
"ජිමින්...."
හැමෝගෙම ඇස් ජිමින් ලගට ගියේ ක්ශනිකයෙන්...
"ඕ....."
"ටෘත් ඕ ඩෙයා..."
"ඩෙයා...."
ජිමින් ශේප් එකේ ඇග බේර ගන්න එහෙම කිව්වා..
"ඕකේ... මෙතන ඔයා වැඩිපුරම ආදරේ කෙනාට කිස් එකක් දෙන්න.."
කට්ටියම හෂී දිහා බැලුවා.. ජිමින්ට කරකියාගන්න දෙයක් නැති වුනා.. ඔක්කොම බලන් හිටියේ ජිමින් මොකක්ද කරන්නෙ බලන්න.. එක පාරටම බෙල් එක වැදුනේ ජිමින්ව දෙයියෝ බේරගත්තා වගේ.. මනූ ටග්ගලා ගිහින් ඩෝ එක ඇරල පුදුම වුනේ ආව කෙනා දැකලා..
"රියා....."
ඒ නමට ජිමින් විතරක් නෙමෙයි ඔක්කොම බැලුවේ ඩෝ එක දිහා..
"රියා ඔයා මෙහෙ???"
"ඔව්ව් මාත් ආවා.. කමක් නැද්ද ජිමින්.... "
ජිමින්ගේ මූණේ කිසිම හැගීමක් ඒ වෙලේ තිබ්බෙ නෑ.. ජිමින් ඔලුව වනලා කමක් නෑ කියන ගමන් අනික් අය දිහා බැලුවා.. ඔක්කොම 60ට 60 ඔරවනවා.. රියා ඇවිල්ල ජිමින්ගේ එහා පැත්තෙන් වාඩි වුනා..
"අනේ ඔයාල ටෘත් ඇන්ඩ් ඩෙයා කරනවද?? මාත් ආසයි... "
"හ්ම්ම් ඔව්ව්...."
උත්තර දුන්නෙ මනූ...
"හරි හරි ජිමින් උබේ වාරෙ... උබ මෙතනින් වැඩිපුරම ආදරේ කෙනාට කිස් එකක් දීපන්.."
සුගා ජිමින්ට එහෙම කිව්වේ ජිමින් හෂී ළගට යයි කියන ලොකු විශ්වාසයෙන්.. රියා වගේම හෂී ජිමින් දිහා දිලිසෙන ඇස්වලින් බලන් හිටියා.. ජිමින් නිකන් ගිරයට ඇහු වෙලා වගේ.. අන්තිමට ඕන මගුලක් වෙන්න කියල ජිමින් වැඩියෙන්ම ආදරේ කෙනාට ඒ කිස් එක දුන්නා.. ඔක්කොගෙම ඇස් උඩ ගියා..
"😳😳😳"
"ජිමින්????? "
Plz vote and comment, If you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top