There's No other Boy like you
"හරි හරි ජිමින් උබේ වාරෙ... උබ මෙතනින් වැඩිපුරම ආදරේ කෙනාට කිස් එකක් දීපන්.."
සුගා ජිමින්ට එහෙම කිව්වේ ජිමින් හෂී ළගට යයි කියන ලොකු විශ්වාසයෙන්.. රියා වගේම හෂී ජිමින් දිහා දිලිසෙන ඇස්වලින් බලන් හිටියා.. ජිමින් නිකන් ගිරයට ඇහු වෙලා වගේ.. අන්තිමට ඕන මගුලක් වෙන්න කියල ජිමින් වැඩියෙන්ම ආදරේ කෙනාට ඒ කිස් එක දුන්නා.. ඔක්කොගෙම ඇස් උඩ ගියා..
"😳😳😳"
"ජිමින්????? "
"අඩෝ ඒක ඔට්ටු නෑ..මූ හොර කරනවා... "
"ඔව් කුකී මූ හෙන හොරා..."
"ඉතින් මන් වැඩිපුරම ආදරේ මගේ සෝල්මේට්ටනේ..."
"බෑ බෑ උබ අපි කියන එක කරපන්.. උබ තරගයේ නීතී අමු අමුවේ උල්ලංඝනය කරනවා..."
ජිමින් ගිහින් කිස් එක දුන්නෙ ටේ ට.. ( හරි හරි තමුසෙල හරි...) හැමෝටම හිනා ගියාට හැමෝම බලාපොරොත්තු වුනේ හෂීට ඒක දෙයි කියල.. ඒත් රියාට දුන්නත් රියා ඉස්සරහ හෂීට කොහොමත්ම දෙන්නෙ නෑනෙ...
"එහෙම නෑ..මන් ඉතින් හරියට කලා..."
"හරි හරි ඕක නවත්තගනින්"
ජූන් ටිකක් සද්දෙන් කියල කට්ටියගෙන කටවල් වැහුවා.. ඊළග චාන්ස් එක ආවේ ටේ ට.. ටේ හොදට හැමෝම දිහා බලල හෂී ළගින් ඇස් නවත්තගත්තා..
"හෂී..."
"අනෙ.... මන්??"
"මොකද යකූ මන් මරන්න හදනවා නෙමෙයි.... ටෘත් ඕ ඩෙයා?"
"ටෘත්.."
ඩෙයාර් කිව්වොත් මෙයාලා මොනා කරන්න කියයිද කියල සැක නිසා හෂී ටෘත් කිව්වේ....
"ඕ..... හරි මේකයි මන් අහන්නේ.. තරගේ නීතී අර යකා වගේ කඩන්න එපා....."
"හරි හරි ටේ"
"ඔයා ඔයාගේ ජීවිතේ වැඩිපුරම දුක් වුන දවස මොකක්ද??"
"ආ........"
හැමෝම ටේ ඇහුව ප්‍රශ්නෙට නම් උඩ ගියා.. මොකද ඒක පුද්ගලික ප්‍රශ්නයක් නිසා... ජින් එක පාරට කතා කලේ හෂී ජිමින් ප්රශ්නය මේ වෙද්දී හැමෝම දන්න නිසා.. ඒ ගැන හිතලා...
"මොකක්ද ටේ?? ඒක පර්සනල් වැඩී වගේ නේ??
"ආ.... එහෙනම් මන් වෙන එකක් අහන්නම්.."
"අනේ නෑ.. මන් කියන්නම්..... මන් සතුටු වුන දවස් නන් ගොඩක් නෑ.. ඒත් දුක් වුන දවස් ගොඩාක් තියනවා.. ඒකෙන් ගොඩක්ම දුක් වුනේ මගේ කියල නැති මට කොහොමත් හම්බවෙන්නෙ නැති කෙනෙක්ට ආදරේ කරපු එක.. එයා මගේ නෙමෙයි කියල දැනගත්ත දවස.... "
හෂී කියන දේට හැමෝම හොදින් ඇහුන්කම් දුන්නා.. ජිමින් රියා වගේ ම හැමෝම.. හැබැයි රියා ඇරුනම හැමෝම දන්නව මේ කියන්නෙ ජිමින් ගැන කියල.. හෂීත් වෙනදා වගේ නැතිව මේක කියල දැම්මා..
"මන් ජීවිතෙ කෙනෙක්ට ඒ තරම් ආදරේ කරපු පලවෙනි පාර.. එයා මගේ වෙන එක නෑ කියල හිතුවෙ නෑ..ඒත් එයාව අයිති වෙන කෙනෙක්ට.. එය මගේ නෙමෙයි.. ඒක පේන තරම් හොදට හැන්ඩ්ල් කර ගන්න මට බෑ.. කෙනෙක්ගේ ආදරයක් නැති වෙනවා කියන්නෙ මාර දුකක්.. හැබැයි අපි දුකෙන් කියල මිනිස්සු අපිට අනුකම්පා කරන්නෙ නෑනේ.. ඒ නිසා ඒවා අමතක කරල ඉන්නවා.."
මන් මේ මොනාද යකූ කියවන්නේ?? ඕ ශිට්... නැට්ටෙ ඉදන් ගොම නේ.. ඔක්කොම මන් දිහා හරි අමුතුවට බලන් හිටියා.. ජිමින් බිම බලන් හිටියේ..
"ඔයාට ඔයා අදරේ කරන කෙනා හම්බෙයි"
එක පාරටම රියා මැද්දෙන් පැනලා කිව්වා.. ඒකට ඔක්කොම රියා දිහා බැලුවා..
ඔව් ඔව් හම්බෙන්න තිබ්බ තමුසෙ හිටියේ නැත්තම්.. කුකී එහෙම හිතින්ම කියන ගමන් ආයේ ගේම් එක පටන් ගත්තා.. හෂී ඇස්වලිම් ආව කදුලු පිහදාන් ආයෙම සෙල්ලම් කරන්න ආවා.. ඒ පාර ඒක කැරකුනේ ජූන්ට.......
"ටෘත් ඕ ඩෙයා??"
"ටෘත්"
"රියා..... ඔයා ජිමින්ට ආදරේ කරන්න ගත්තේ කවද ඉදන්ද??"
ගහෙන් ගෙඩි එන්න වගේ එක පාරටම ජූන් එහෙම එකක් අහයි කියල කවුරුත් හිතුවෙ නෑ.. රියාගෙ වගේම ජිමින්ගෙ ඇසුත් උඩ ගියා..
"හ්යොන්ග් වෙන එකක්....."
"ජිමින් ඇයි ඕයි?? ඒක ලේසි ප්‍රශ්නයක්.."
"මන් ජිමින්ට ආදරේ කලේ පොඩි කාලේ ඉදන්..."
"මේක ටෘත් ඩෙයා... බොරු කියන්න බෑ."
සුගා නෝන්ඩි හිනාවක් එක්ක එහෙම කිව්වේ රියා කිව්වේ අමු බොරුවක් නිසා..
"බොරු නෙමෙයි...."
"හරි හරි...."
ජූන්ම ඒ කතාවත් තව දුරදිග යන එක නවත්තලා දැම්මා..ජූන් එහෙම්ම ජිමින්ට එක ඇහැක් උස්සල ප්‍රශ්නාර්ථයක් තිබ්බා..
ඔව්ව් ජිමින් එයා උබට ආදරේ කලේ නෑ.. ඒත් බොරු කියනවා.. තාම උබ එයාවම ශුවර් කරනවද???
"අනේ බන් කම්මැලී දැන් මේක... සින්දුවක්වත් කියමුද???"
හොබියා ඇහුවේ හැමෝම ගජරාමෙට ඈනුම් යවන නිසා..
"ඔව් අනේ හරිම කම්මැලී...."
ටේත් ඒකට එකතු වෙලා ගේම් එක කරන එක නවත්තල දැම්මා..
"හෂී ඔයාට සින්දු කියන්න පුලුවන් නේ...."
"ඇත්තමද ජූන්???"
"ඔව් ඔව් මනූ.. ඔයාට ලැබුන චාන්ස් එකක් කියල හිතාගෙන අද අපි වෙනුවෙන් ප්ලීස් සෝන්ග් එකක් කියන්නකෝ.."
"හරි හරි මන් කියන්නම්කෝ.. මාත් ආසයි සින්දු කියන්න ඉතින්"
එහෙම කියල හෂී සින්දුව පටන් ගත්තා... ජිමින්ගේ ඇස් හෂීගෙන් අයින් කරගන්න ජිමින්ටම බැරි වුනේ හෂී ඒ සින්දුව ඒ තරම් ලස්සනට කිව්ව නිසා..ඒ වගේම ඒ වචන ජිමින්ව ගොඩක් අසරණ කලා..
Oh, maybe I came on too strong
Maybe I waited too long
Maybe I played my cards wrong
Oh, just a little bit wrong
Baby I apologize for it
So don't call me baby
Unless you mean it
Don't tell me you need me
If you don't believe it
So let me know the truth
Before I dive right into you
You're a mystery
I have traveled the world, there's no other boy like you
No one, what's your history?
Do you have a tendency to lead some people on?
'Cause I heard you do, mmh
(Girl එක මේ සෝන්ග් එකේ boy කලා.)
හෂී එයාගේ හදවතින්ම ඒ සෝන්ග් එක කිව්වා.. ජිමින්ගේ ඇස්වලින් කදුලු වැටෙන්න නොදී තියාගන්න ජිමින් පුදුම ගේමක් දුන්නා.. ජිමින් ඔයා ගොඩක් වැරදී.... නොදැනුවත්ම ඔයාට පණ වගේ ආදරය කෙනෙක්ගේ හිතක් ඔයා මේ කඩන්නේ.. හෂී දන්නවද ඔයත් වැරදී.. තමන්ට ආදරේ නෑ කියල ප්‍රතික්ෂේප වෙන කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න ඔයත් සෑහෙන්න වැරදී..
හරියටම රෑ 10.30යි..කට්ටියම ගේම් කර කර සින්දු කියල ටීවි බල බල හිටියේ..
"මේ එහෙනම් අපි යමු නේ...."
ජින් ඇහුවේ රෑවෙලා වැඩි නිසා..
"ඔව් ඔව් යමු....මේ මනූ එහෙනම් අපි යනවා.. "
"හරි ජූන්.... "
කට්ටියම යන්න ලෑස්ති වුනා... දැන් අවුල යන විදිහ.. මොකද කෙල්ලො දෙන්නව තනියම යවන්නත් බෑ.. හෙට වැඩ නිසා මෙහෙ ඉන්නත් බැහැ..
"හරි රියාට යන්න පුලුවන් නේ එයාගේ වෙහිකල් එකේ..."
"හ්ම්ම් ඔව් මන් හෂීවත් බස්සන්නම්"
එහෙම කිව්වට කවුරුත් ඒ අදහසට කැමති වුනේ නෑ..මොකද රියා මොනා කියයිද දන්නෙ නැති නිසා.. හෂී මේ විදින දුක තවත් වැඩි වෙයි රියා එක්ක ගිහින් මොනා හරි රියා කිව්වොත්....
"නෑ නෑ අපි හෂීව දාන්නම්.. එයා ඉන්නෙ අපි යන පාරෙ.... ඔයා යන්න රියා.. තවත් රෑ වෙනවා.."
"හරි එහෙනම් මන් යනවා.. "
රියා එහෙම සමුදීලා කෙලින්ම ගියේ ජිමින් ලගට..
"ජිමින් මන් යනවා... මට ඔයාව ඕනේ..."
"හ්ම්ම්ම් පරිස්සමෙන් යන්න.. ගිහින් මට මැසේජ් එකක් දාන්න..."
මේ ඔක්කොම හෂී බලාගෙන හිටියේ බොදවුන ඇස්වලින්... යන්න ගිය රියා ජිමින්ගෙ කම්මුලට කිස් එකක් දුන්නම අපි විතරක් නෙමෙයි ජිමිනුත් පුදුන වුනා.. මොකද ජිමින් හිතුවෙ නෑ මෙච්චර සෙනගක් ඉස්සරහ රියා මෙහෙම කරයි කියල...
"රියා....."
"මන් යනවා..."
රියා ගිය ගමන් ජිමින්ගේ ඇස් ගියේ හෂීට.. හෂී ජිමින් දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන හිටියා.. හැමෝටම ටිකක් ඒකට නම් අවුල් ගියා.. මොකද කෙනෙක්ගේ ආදරයක් ඉස්සරහ තව කෙනෙම් මෙහෙම අසරණ වෙන එක 😢😢😢
කට්ටිය ටැක්සි තුනක් දාගත්තා..එකක ජූන් හෂී ඇන්ඩ් ජිමින් ගියා.. අනික් එකේ සුගා කුකී එක්ක ගියා.. අනෙක් එකේ ජින් හොබී ඇන්ඩ් ටේ ගියා.. මගින් යන ගමන් හෂීව බස්සලා තමා ජූන්ලා ගියේ..ඒත් ඒ බහිනකන්වත් බැස්සට පස්සෙත් හෂී ජිමින් දිහා එක පාරක්වත් බැලුවෙ නෑ..
Hashi pov
මනූලගේ ගෙදර දී රියා කරපු වැඩේට මගේ හිත ඇතුලෙන් ලොකු වේදනාවක් ආවත් මන් ඒක පිටට නොපෙන්වා ඉන්න වග බලා ගත්තා.. විශ්වාස කළත් නැතත් මේකයි ඇත්ත... මාව බස්සලා යනකන් මන් ජිමින් දිහා නොබැලුවේ ඒකයි...කොහොම හරි රූම් එකට ආව මන් වොශ් එකක් දාන් ඇවිල්ල ඇදට වැටුනා.. ජිමින්ව මතක් වුනත් බලෙන්ම අමතක කරල මන් තද නින්දකට වැටුනා.... ⭐️⭐️
Hashi pov end
Time passed
"අම්බෝ වෙලාව....."
නින්ද ගිය නිසා මන් නැගිටිද්දී වෙලාව හරියටම 7යි.. ටග්ගාලා ලෑස්ති වෙලා මන් ඔෆිස් එකට යද්දි වෙලාව හරියටම 8.15යි.. ( අපේ යාලුවෙක් ඉන්නවා දත් එහෙම මදින්නෙ නැති.. ඌට වගේ නම් 8ට නැගිට්ටත් ඇති ඉතිම්)
"හායි ගුඩ් මෝනින්"
වෙනදාවගේම ඔක්කොම හිනාවෙලා ගුඩ් මෝනින් කිව්වට අර පිස්සු හෝන්තුව නම් රවාගෙන හිටියා.. මන් කෙලින්ම ගියේ මගෙ කැබින් එකට... මන් ගිහින් ඉතින් වෙනද වගේ මගේ වැඩ ටික පටන් ගත්තා..
...................
"ජිමින්......"
"බෑ බෑ රියා.. මොනාද මේ කියන්නේ??? මන් අයිඩල් කෙනෙක්... මට බෑ මැරි කරන්න තාම.."
"මට බයයි ජිමින් යොන්ජෑන් ගැන.. ඔයා ලග හිටියම බයක් නෑ..."
"ඒකද ඌව බැන්දෙ??"
"මොකක්???"
ජිමින් නොහිතම ජිමින්ගේ කටින් ඒක පැන්නා.. යොන්ජෑන් තාම කරදර කරන නිසා රියා BH එකට ආවේ ජිමින්ව හම්බෙලා තීරණයක් ගන්න..
"රියා.. ඔයාට මාව ඕනේ දැන්ද?? මට කියන්න මේ ඔක්කොම අතාරින්න කියලද??"
"ඔක්කොම කියන්නෙ ඔයාට බැරි අර හෂීව අතාරින්නද්??"
"මොකක්??"
"මට තේරෙනවා ඔක්කොම.. මන් බබෙක් නෙමෙයි.. මන් යනවා.."
රියා අඩ අඩ යන්න ගියා.. රියාගේ ඇස්වල තිබ්බෙ ලොකු තරහක්..කාවහරි මරන්න තරම් කේන්තියක් ඒ ඇස්වල තිබ්බ.. ජිමින් ඇන්ඩ් රියා හිටියේ ගෙස්ට් රූම් එකේ.. එතන සොෆා එකෙන් වාඩිවුන ජිමින් මොකක්ද කරන්නෙ කියල හිතුව... රියාව මැරි කරන්න දැන්ම කොහොමත් ජිමින්ට බෑ.. මේක කිව්වොත් ජූන්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න වෙනවා කියලත් දන්නවා... කට පියාගෙනම ඉන්න එක හොදයි කියල ජිමින් තීරණය කලා..
..................
"හෂී......"
"කවුද???"
"ජිමින් ඔයා ඇයි??"
"පොඩ්ඩක් කතා කරන්න..පුළුවන්ද???"
"ඔව් කියන්න.. "
"ජූන් මේක දෙන්න කිව්වා...."
එහෙන කියල ජිමින් මගේ අතට දුන්නේ කොලයක්. ඒකේ ලස්සන සෝන්ග් එකක් තිබ්බා..
"වාව් මේක හරිම ලස්සනයි..."
I know you're pure
this wounds will cure
baby if you endure
this world will be yours
you say there's no angels
then baby would you tell me
who's the person in the mirror
cause you're that little angel
I know you're scared of monsters
and witches flying with brooms
but if you wave your magic wand
I'll be right beside you
life is not a nightmare
dark souls are not everywhere
open your eyes & spread your wings
cause baby... this world is yours
I know life is hard sometimes
I was like you too
but see now where I am
you can win this too
believe in your wildest dreams
maybe you won't believe me
keep ya eye on what you love
remember sky is the only limit
life is not a nightmare...
I know you fear the dark night sky
alone trapped with no help, but
did you know that stars were there?
always watching you from above
when you walk along
the path stars showed you
you'll see the beauty of this world
cause evil isn't always strong
at times when you feel lost
remember it's not your fault
I know the battles you fought
I'll protect you at any cost
life is not a nightmare...
when life beats you up and
words aren't left to sing
there might be times you can't cry
even remember how to smile, but
they say nothing lasts forever
so as this tough times
the darkest night must end
and sun will rise again
you've got a life ahead to spend
life is sorrow & laugh of blend
I'm here at this road's end
you can trust me I'm your friend
life is not a nightmare...
(මේ සිංදුව හෂී මනූ වගේම කතාවේ තැන් කිහිපයක මන් මතක් කරපු මිකීගේ ඇතින් කියවුන එකක්.. Thank you soo much 💜💜💜)
මන් උඩින් පල්ලෙන් ඒ වචන කියෙව්වා.. ඔව් මන් මේක ලස්සනට හදනවා.. තැන්කිව් මනූ... මන් මගේ හිතින්ම එහෙම මනූට තැස්න්ක්ස් කලේ මේක මට වචනවලින් කියගන්න බැරි සතුටක් නිසා..
"හ්ම්ම් ඔව් ඕක මනූ ලියල තියෙන්නෙ...."
"ඇත්තමද??? ඉන්න මන් කෝල් එකක් ගන්න"
එහෙම කියලා මන් ෆෝන් එක ගන්න යද්දිම ජිමින් මගේ අත අල්ලල ෆෝන් එක ගන්න එක නතර කලා..මන් ටග්ගාලා මගේ අත ගත්තේ ජිමින් දිහාවත් නොබලා..
"මනූට කියන්න එපා..මේක සප්‍රයිස් එකක්.. ඔයා තමා මේකෙ ෆීමේල් වොයිස් එක..ජූන් ඔයාගේ වොයිස් අහල බලල ඔයාව තේරුවා.. අනිද්දා මේක රෙකෝඩ් කරනවා.. වැඩක් දාගන්න එපා.. මන් යනවා එහෙනම්..."
"හරි..."
එක පැත්තකින් ලොකු හීනයක් ඉශ්ට වෙද්දී අනෙක් පැත්තෙන් එක හීනයක් බොදවෙනවා.. හැබැයි එක හීනයක් හරි මන් වෙනුවෙන් තියන එක ගැන හිතල මන් සතුටු වුනේ මේ ලොකේ තමන් ආස දේවල් මුකුත්ම හම්බෙන්නෙ නැති මිනිස්සු ඉන්න නිසා..
...........................
...........................
After 2 years
අද මන් මැරි කරනවා.. දන්නවද කෙල්ලෙක් ආසම හීනය මේක.. තමන් ආස පිරිමියා එක්ක ආසම විදිහට වෙඩින් එකක් ගන්න එක... මට ගොඩක් දෙවල් හම්බුනා.. නැති වුනා.. හැබැයි මට නැති වුන දේවල්වලට වඩා මට වටින දේවල් හම්බුනා.. ඩොක්ටර් කෙනෙක් වෙන්න තිබ්බ ආසව ඉශ්ට වුනාම මගේ ජීවිතේ සම්පූර්ණයි කියල හිතුවේ..ඒත් ජූන් හම්බුනාම ඒක ඊටත් වඩා කම්ප්ලීට් වුනා..
ඔව් අද මගෙයි ජූන්ගෙයි වෙඩින්ග් එක.. එයාලට රිලේශන්ශිප් වලට පමිශන් හම්බුන ගමන් අපේ අෆෙයර් එක කියල එයා මේ ඩිසිශන් එක ගත්තේ දෙන්න ගැනම හිතලා.. හැමෝම ලස්සනට ඇවිල්ල ඇති නේද කියල හිතද්දී මට ආවේ ලොකු සතුටක්... අම්මා නංගී වගේම කියා ත් ආවා..ගොඩ නෑයෝ නැති අපේ වෙඩිම සරලව ගන්න මට ඕන වුනා.. ජූනුත් ඒකට කැමති වුනේ අපේ අදහස් ගොඩක් දුරට කිට්ටු නිසා.
හැබැයි මගේ වෙඩින්ග් එකේ එක අන්කම්ප්ලීට් තැනක් තියනවා... 😢😢😢😢 😢😢😢😢 හ්ම් ඔව්ව් ඒක ලොකු හිස් තැනක් වුනා.. හෂී මගේ වෙඩින් එකේ නෑ..ඒක මගේ පැත්තෙන් වුන ලොකු හිස්තැනක්... ඒ වගේම ජිමින්.. ඔව්ව් ජිමිනුත් මේ වෙඩින් එකට නෑ.. ඒක ජූන්ගේ පැත්තෙන් කියාගන්න බැරි කාටවත් පුරවන්න බැරි හිස්තැනක් වුනා..
"කෝ අපේ කෙල්ල?? වාව්..."
කියා කෑගහගෙනම ඩ්‍රෙසින් රූම් එකට ආවා.. මන් ඇන්දේ ලස්සන ෆ්‍රොක් එකක්..
"මට ඔයා ගැන පුදුමයි මනූ..."
"ඒ ඇයි???"
"නෑ මේ ඔක්කොම මාර දේවල්.. නැද්ද?? කොච්චර අහම්බයක්ද??"
"හ්ම්ම්ම් ඔව් කියා.... දන්නවද මන් ජීවිතේ හීන දැක්ක ගොඩක් දේවල් හැබෑ වුනා.. මේක මට විශ්වාස කරන්නත් බැරි හීනයක්.. ජූන් කියන්නේ මට ලොකු හීනයක්.. මුලින්ම එයාව දකිද්දී කවමදාවත් එයා මගේම වෙයි කියල මන් හිතුවෙ නෑ.. ඒත් අද??? මේක හිතාගන්න බැහැ කිය.... "
"අයියෝ මෝඩයෙක් වගේ අඩන්න එපා ඕයි... හැමෝටම මෙහෙම දවසක් එනවා.. අනික තමුසෙ මාර ලකී.. අනික වැඩිය සතුටු වෙන්න එපා.."
"එ ඇයි??"
"අද ඉදන් ජූන්ව බලගන්න වෙයි.. කෙල්ලොන්ගෙන් 😂😂😂"
"දන්නවා දන්නවා.. ඒත් ජූන් මගේ ලගනේ"
අපි දෙන්න ටයිම් එක එනකන් කියව කියව හිටියේ ඉස්සර වුන දේවල්.. එක පාරට කියා හෂී ගැන මගෙන් ඇහුවම මගේ සතුටට මොකක්ද උනේ කියල මටම හිතාගන්න බැරි වුනා..
" මනූ ඇයි හෂී පේන්න නැත්තේ???"
"හ්ම්ම් එයා එන්නෙ නෑ..."
"ආ ඒ ඇයි??"
"එයා එන්නෙ කොහොමද??? එයා දන්නෙවත් නෑ අද මගේ වෙඩින් එක කියල..."
"මොකක්???"
"හ්ම්ම් ඔව්ව් දන්නවද ඔයා නැති වුනාම එයා තමා මගේ හොදම යාලුවා වුනේ.. ගොඩක් දේවල් අපි කතා කලා.. බෙදාගත්තා.. ඒත් එක පාරට එයාට මොකද වුනේ කියල අපිට හොයාගන්න බැරිවුනා.. මන් විතරක් නෙමෙයි ජූන්ලා පවා එයාව හෙව්වා නොසෑහෙන්න.. ඒත් එයාව හොයාගන්න බැරිවුනා... 😢😢😢"
"මොකක්?? මොකක්ද වුනෙ මනූ?? එක පාරටම එයා එහෙම හැමෝම දාලා යන්න හේතුව මොකක්ද?"
"හ්ම්ම්ම් ඒක ලොකු කතාවක්.... ලොකුම ලොකු.. "
මනූ එහෙම කියල කියා දිහා බලල කතාව පටන් ගත්තේ කදුලු පිරුන ඇස් දෙකෙන්...
Plz vote and comment,if you feel my story 💜💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top