Special

වෙරළ වෙත ඇදෙන මුත් වර වර
රළ වෙරලෙ නැවතුනේ කවදද
එක්වෙන්න දෛවයෙත් නැතිකොට
මේ තරම් කුමට පෙම් කෙරුවද

ජිමින් ආදරය කරන්නේ රියාට... ඒක හෂී හෂීගෙ සිතුවිල්ලෙන් කවියක් කලා.. කොච්චර වෙරළ රළට ආලය කලත් රළ කවදාවත් නැවතුනාද??? ජිමින් රියාට කොච්චර ආදරේ කලත් රියා නැවත ඒ ආදරේට වටිනාකමක් දුන්නද??? හිමිවෙන්නෙ නෑ කියල දෑස් ඉස්සරහ පෙනෙද්දි පවා ඔයා එයාට මේ තරම්ම ආදරේ කළාද??? රියා ඔයා කොච්චර අවාසනාවන්තද?? ඉදිරියක් නැති ආදරේට අත්තටු දෙන්න ඔයාට මේ තරම් ඕනේ වුනාද ජිමින්????

නිල් නුවන් අග කඳුලු පොකුරක්
කොපුල් තලයට වැටෙනවා
නොපෙන්වා මං ඉන්න හැදුවට
පපුව කොනකින් රිදෙනවා
නුඹව තුරුලට අරන් හනිකට
සනසවන්නට හිතෙනවා
මැණික දැන්වත් නවත්තනවද
මමත් නොමැරි මැරෙනවා

ජිමින් කොච්චර ආදරේ කලාද කියල ඒ ඇස්වල කදුලුවලින් පේනවා.. කොල්ලෙක් ආදරේ වෙනුවෙන් අඩන්නෙ නැහැලූ... හැබැයි ගොඩක්ම අසරණ වුන වෙලාවට නොදැනීම ඇඩෙනවලූ.. පිරිම්ක් හිත් හිතේ වේදනාව හංගනවලු.. ජිමින්ට හංගන් ඉන්න බැරි තරම් ඒ වේදනාව වැඩී.. අවුරුදු ගාණක් ආදරේ කලා.. ඒ ආදරේ වෙනුවෙන් වෙනස් වුනා.. ඒත් ආදරේ ගිලිහිලා ගියා.. තාම ආදරේන් ඒ ඇස් බලාගෙන ඉන්න ඒ හිත කොච්වර ආදරේ ඇතිද??? හෂී ජිමින්ට ආදරෙයි.. ඒ නිසාම ජිමින්ගෙ කදුලුවලට හෂීව රිද්දන්න හොදට පුලුවන්.... හෂීට ඕනේ ජිමින්ට සහනයක් වෙන්න.. එ අඩන ජිමින්ගෙ කදුලු නවත්තන්න.. හැබැයි ඒක සිතුවිල්ලක් විතරයි.. ජිමින්ට රියාව අයිති නෑ වගේම හෂීට ජිමින්ව අයිති නෑ... ආදරේ වෙනුවෙන් හෂී නොමැරි මැරි මැරි ජීවත් වෙනවා.. හිතට වැදුන රූපයක් අමතක කරන්න බෑ.. ඔව් හෂීටත් බෑ වගේම ජිමින්ටත් බැරි ඒකමයි....

නොදත් කාලේ නුඹ මගේ වගක්වත්
මැණික මං පෙම් කලා ඔය හිතට මහ හුඟක්
නුඹ නොදැක දුරක උන් කාලයේදී උනත්
ගෙවුනෙ නෑ නුඹ ගැන නොහිතා එක පැයක්වත්

මන් කියල කෙනෙක් නොදැනෙ හිටිය කාලේ ඉදන් ඔයා ගැන ආදරයක් මගේ හිතේ තිබ්බා.. කවදමහරි දකින්න හීන දැක්කා.. ඒක මෙච්චරයි කියන්න මටත් බෑ... එදා ඔයා සමීපයේ නොහිටියත් ඔයා ගැන දවසේ පැය 24ම මන් හිතුවා ජිමින්.... මගේ ආදරේ බොරුවක්ද?? නෑ මාත් නොසෑහෙන්න ඔයාට ආදරේ කළා.. ඔව් මන් තාමත් ඒ අදරේට ආදරෙයී. පිටට නොපෙන්වා හිටියට හෂී ජිමින්ට ආදරේ කලේ අද ඊයක ඉදල නෙමෙයි... ඒ නිසයි හෂී ජිමින් හම්බෙන හැම වෙලේම හෂීගෙ කට ගොලු වුනේ.. විශේෂයක් ජිමින් වෙනුවෙන් තිබ්බෙ.....

රැයේ සිහිනෙන් පවා
නුඹෙ රුවම පෙනෙනවා
ඈත දුරකට ගියත්
නුඹෙ හඬම ඇහෙනවා
තුරුල් වෙන්නට හාදු දෙන්නට
හිතත් බල කරනවා
නමුත් මං නුඹෙ හිතේ
නොමැති බව දන්නවා

දන්නවද හෂීට රෑට හීනවල එයා කැමති ආදරේ කරන අය පේන්නෙ නෑලූ.. හැබැයි නොනිදා ඒ ගැන හිතන්න ආදරේ කරන්න එයාට පුලුවන්.. හීනවල නොපෙනුනත් මාවගත්ත හීනවල එයා ජිමින්ට ලොකු ඉඩක් වෙන් කලා..කවුරු කතා කලත් ඇහුනේ ඒ හඩම විතරක් වුනාම.. ළගට ඇවිල්ල ආදරේ කරන්න තුරුල් වෙන්න හාදු දෙන්න විතරක් නෙමෙයි ඔයාගෙ හ්ෂ්ම ප්‍රශ්නයක්ම විසදන්න ඕනේ වුනාට හෂී දන්නවා ජිමින්ගේ හිතේ කොනකවත් හෂී නෑ කියල... නැති ආදරයක් හිතක් වෙනුවෙන් ජිමින් වගේම හෂිත් මගබලාගෙන ඉන්නවා....

නොසලන්න ඔබේ මුතු කඳුලූ
හිනැහෙන්න පෙර සේම සොඳුරු
සනසන්න ඔබේ හද රිදුනු
දෙනවාද හැර පියන් කවුලු?

ජිමින් අඩද්දි ලස්සනයි.. එහෙම නේද? අපි හැමෝම දැකල තියනවා.. හෂීට ඒ කදුලු මුතු වුනේ ඒකයි... හැබැයි එයා හිනා වෙනද්දී ඊට වඩා ලස්සනයි..ඒ නිසා හිනාව විතරක් දකින්න හෂීට ඕනේ වුනා ජිමින්ගෙන්... අන්තිමට හෂීගෙ කවියෙන් එයා ඉල්ලන්නේ රිදිල තියන ඒ හිත සනසන්න එයාටත් අවස්ථාවක්ම විතරයි.... ඔව් ජිමින් හෂීට එක අවස්ථාවක්???? සමහරවිට රියා කියන ආදරේ ඔයාගෙන් සදහටම ඔයාගෙන් අමතක කරවල ඔයාව වෙනම ලෝකෙකට අරන් යන්න හෂීට පුලුවන් වෙයි.. ඒත් හිතක බලෙන් ආදරයක් ඇති කරන්නෙ කොහොමද??? 🥺💜

-හෂී-



ගොඩක් ස්තූතියි මේ පදවලට හෂී... ඔයා ඔයාගෙම අතින් ලිව්ව මේ වචන ඇත්තටම කෙනෙක්ගෙ ආදරේ වෙනුවෙන් බලන් ඉන්න හෂී කියල කෙනෙක් නිර්මාණය කරනවා.. 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top