pain
"ඒයි කොහෙද යන්නේ???"
මගේ ඇග පුරාම හීනියට දාඩිය දැම්මා.. මන් හොදටම බය වුනා.. කවුද මගේ අතින් අල්ලලා මන් යන ගමන් නැවත්තුවේ කොහෙද යන්නෙ අහන ගමන්.. මන් ආයෙම හැරුනේ කවුද කියක බලන්න...
"😳😳😳😳"
"කොහෙද යන්නෙ?"
මන් බය වෙලා බැලුවේ.. ඒ හිටියේ ජිමින්...
"මන් යනවා.. මට බෑ මෙතන ඉන්න"
"ඇයි?? ආවා විතරනේ... තාම එන්ජෝයි කරන්න පටන් ගත්තෙත් නෑනේ...."
"හරි ඔයා එන්ජෝයි කරගන්න... මන් යනවා. මට මෙහෙම විකාර ඕනේ නෑ..."
"මොකක්ද අනේ? මන් බැලුවා ඇයි ආවේ කියල තනියම?? බලනවා තමුසෙගෙ වැඩ නිසා මට අර කෙල්ලවත් මිස් වුනා.."
"ඉතින් ඔයා යන්න.. මන් යනවා.."
එහෙම කියල ජිමින්ගෙ අත ගසලා මන් ආවේ මට මාර දුකක් ඇති වුන නිසා.. ඒ කියන්නේ මට ඔය හිතේ තැනක් ඇත්තෙම නෑනේද?? මන් කොච්චර බලන් හිටියත් මෙච්චරයි... මන් හිතින් අඩ අඩ ඔහෙ ඇවිදගෙන ගියා..
"නගිනවා.. මන් තමුසෙව ඇරලවලා එන්නම් ආයේ"
ජිමින් කාර් එක අරන් ඇවිල්ල හශී ගාව නවත්තලා නගින්න කිව්වා.. ජිමින් කියන්නෙම මාර ප්‍රෙහෙලිකාවක්.. ඔයා හශීට ආදරේ නැද්ද?? නැත්තම් ආදරේද?
"ඔයා යන්න ජිමින්.. මන් ටැක්සි එකක් අරන් යන්නම්"
"මට කන්න කාලයක් නෑ.. නගිනවා කිව්වම.. මන් නෙ එක්කන් ආවේ.. තමුසෙව බැස්සුවම හරි"
ජිමින් මූණ රතු කරන් කිව්වේ.. මාව ටිකක් ගැස්සුනේ එයාගේ කෑගැහිල්ලට.. මන් මුකුත් කියන්නේ නැතුවම කාර් එකට නැග්ගා.. කාර් එකම නිකන් අමු සොහොනක් වගේ.. මාරම මාර නිශ්ෂබ්දතාවක්... සද්දයක් නැති නිසා හෂී නිකමට ජිමින් දිහා බලද්දී හෂී දැක්කේ ජිමින්ගේ කොලර් එකේ කොනට තිබ්බ ලිප්ස්ටික් මාර්ක් එකක්.. ඒක හශීගේ පපුවට පිහියෙන් ඇන්න වගේ වුනා.. ආයෙම ශටර් එකෙන් එලිය බාලගත්ත හෂීට බැරි වුනා ඇස්වලින් ආව කදුලු පාලනය කරගන්න... ජිමින්ට වගේ වගක් නෑ..
"ජිමින්, ඔය කොලර් එකේ තියන මාර්ක් එක අයින් කරන ගන්න.. කවුරුහරි දැක්කොත් ඔයා ගැන වැරදියට හිතයි.."
මන් එලිය බාලගෙනම කිව්වේ ම්න් ඒක දැක්ක කියල එයාට අගවන්න.. හශී තමුසෙ මාර මෝඩයෙක්.. එද නොතිබ්බ ආදරයක් අද තියෙයි කියලද හිතුවෙ?? නෑ නෑ ජිමින් තමුසෙට ආදරේ නෑ.. මගේ හිත එක්ක මන් ලොකු ආර්ගිව් එකක හිටියේ.. එක පාරටම මට කෑ ගැහුනේ ජිමින් ඉන්නවා නේද කියලත් අමතක වෙලා..
"නවත්තනවා ඕක.."
එක පාරටම බ්රේක් පෑගුව ජිමින් මන් දිහා බැලුවේ මොන යකා වැහිලද වගේ..මගේ ඔලුව මේ පාරට නම් ඩාං ගාලා වැදුනා..
"මොකද කෑගහන්නේ?? හරි මන් ඒ මාර්ක් එක මකාගන්නම්.. ඒකටද කාර් එක නවත්තන්න කිව්වේ??"
"අනේ නෑ ජිමින් මගෙ ඔලුව ටිකක් අවුල් වෙලා.."
"මොකක්ද ඕයි?? මන් බයත් වුනා හොදටම..."
ආයෙම කාර් එක ගත්ත ජිමින් ටික දුරක් ගිහින් පාර අයිනට කරල කාර් එක නතර කලා..
"ඇයි?"
"මීට කලින් ක්ලබ් එකකට ගිහින් නැද්ද??"
"නෑ ඇයි??"
"නෑ නැත්තම් මෙහෙම එන්නෙ නෑනේ... සද්දෙ ඉතින් වැඩී තමා ඒ තැන්වල"
"අනේ මේ ලොකේ මිනිහෙක්ට සතුටු වෙන්න ඔයිට වඩා ලස්සන තැන් සෑහෙන්න තියනවා.."
"හ්ම්ම් ඔව් ඒත් එක එක මිනිහා වෙනස් චරිත රගපාන්නේ..."
"හ්ම්ම්... මේ තමුසෙ ලග මට ශර්ට් එකක් ගන්න නෑනේ.."
"අනේ මේ මන් කොල්ලොන්ගේ ඒවා තියන් ඉන්නෙ මට පිස්සු කියල හිතුව්ද??"
"නෑ මේක ආයෙම ඇදන් යන එක අවුල් වගේ නේ??"
"ආයෙම?? ඉතින් ඔච්චර ඕන නම් කඩේකින් ගන්නවා..."
"හ්ම්ම් ගුඩ් අයිඩියා... මේ තමුසේ හෙන ඉරිසියයි නේ??"
ඒ ඇහුව එකට නම් මන් ටිකක් ගැස්සුනා.. ඉරිසියයි??? අනේ මන්දා
"නෑ මන් කාටද මොකටද ඉරිසියා වෙන්නේ?? මට හැමදේම හම්බෙලානේ තියෙන්නේ... අන්තිමට ඉතුරු වුනේ මගේ හීනේ.. ඒකත් ඕකේ... ඒකත් නෙක්ස්ට් වීක් එලියට දානවා.."
"ඒත් ආදරේ??"
ජිමින් ඔයා කොහොමද කෙනෙක්ගේ ලොකම දුර්වලකමට මෙහෙම ගහන්නේ??
"ආ......"
"හැමදේම කිව්වට ආදරේට මොකද වුනේ??"
"ජිමින් ඕක ඇති.. "
මගේ ඇස්වලින් කදුලු පෝලිමට වැටෙද්දී මන් ජිමින්ට ඒ කලේ ආයාචනාවක්.. මගේ දුර්වලම තැනට එයා මෙහෙම ගහද්දී.....
"මට තාම ආදරෙයි නේද??"
"අනේ ජිමින් අපි යමුකෝ..."
"මට ඇහුනා ක්ලබ් එකේදී කිව්ව එක"
"ආ..... නෑ නෑ ඒක මන් ජෝක් එකට කිව්වේ"
හරිනේ දැන් අමාරුව.. මාර ගොන් වැඩනේ මාත් ඉදලා ඉදල කරන්නේ.... ශික්
මන් කිව්ව එක ගාණකටවත් නොගෙන ජිමින් මට කිට්ටු වුනා..
"අහන්න හශී.. ඔයා මන් ආස දේවල් මොකේටවත් ආස නෑ.. ඉතින් අපිට ආදරේ කරන්න පුලුවන්ද?? මන් අද ඔයාව මෙහෙ එක්කන් ආවේ ඒකයි... අපි දෙන්න ආදරය කලොත් අපි දෙන්නම ගොඩක් තැන්වල හිරවෙනවා.. තේරෙනවද??"
ගොඩක් නිව්නු හඩින් හශීට ජිමින් ඒක පැහැදිලි කලා.. හශී ජිමින් අතර තිබ්බේ හුස්මක් වදින පරතරයක් විතරයි.. හශීගේ බෝල ඇස් දෙක බයෙන් තැති ගැනිල තිබ්බේ.. ඒත් ජිමින් කියන්නේ ඇත්ත.. ජිමින් ගෙවන ජීවිතේ හෂී ගෙවන නිස්කලංක ජීවිතේ අතරේ ලොකු ගැටීමක් තියනවා..
"මට ඔයාට රිද්දන්න ඕනේ නෑ.. ඒත් මේ දේවල් තේරුම් ගන්න.. අපිට ආදරේ කරන්න බෑ.."
වච්නයක්වත් කතා කරන්න හශීට හිතුනේ නෑ.. ජිමින් ආයෙම කාර් එකත් අරන් ගියේ හෂීගෙ රූම් එක ලගට.. හෂී බැහැලා දිව්වේ ජිමින්ට යනවා කියලවත් නොකියා.... ජිමින් එහෙම්ම කාර් එක නවත්තලා හෂීගේ රූම් එක දිහා බැලුවේ ලොකු දුකකින්..
"හෂී මන් දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියල.. මගේ හිත ඔයාට ආදරේද?? එහෙම නැත්තම් ඒක ආදරයක් නෙමෙයිද කියල මට හොයාගන්න බෑ.. ඒත් මට හිතෙනවා මන් ලගට ආවොත් ඔයාට හිතනවට වඩා දුක් විදින්න වෙයි කියලා... ඒකයි මන් බය.. මන් මොකක්ද කරන්නේ?? රියා කියන්නෙ මගේ ජීවිතේ එක පැත්තක්.. කොහොම වුනත් රියා මැරි කරල කියල හිත හදන් ඔයා ලගට ආවත් අපේ මේ නොගැලපෙන තැන් එක්ක?? ඔයාට හැමදාම අඩන්න වෙයිද??"
ජිමින් කාර් එකටම වෙලා හශීගේ රූම් එකේ ලයිට් එක නිවෙනකන් කල්පනා කර කර හිටියා.. ඒ ගමන් සෝජු බෝතලයකටත් වැඩේ දෙන්න ජිමින් අමතක කලේ නෑ.. ජිමින්හේ කාර් එකේ නැති දෙයක්ද සෝජූ කියන්නේ.... වෙනදට වඩා ටිකක් වැඩියෙන් මේ බෝතලේට ජිමින් මත් වුනා...
"හෙලෝ......"
"කියන්න ජිමින්?? ඔයා කොහෙද?? ඩෝම් එකට ගියාම මට මැසේජ් එකක් දාන්න..."
"මන් තාම තමුසෙගේ රූම් එක ලග ඕයි"
"මොකක්??"
ඇදෙන් නැගිට්ට නෙමෙයි හෂී පැන්නා.. ඔව් නේ බැලින්නම් ඒ කාර් එක තාම මෙතන.. මන් ටග්ගාලා ගියේ මොකක් හරි අවුලක්ද බලන්න..
"ජිමින් ජිමින් පහලට කරන්න ශටර් එක..."
අතින් පෙන්න පෙන්න හශී ජිමින්ට කතා කලා..ජිමින් හෙමින් කාර් එකෙන් එලියට බැස්සා..
"ඔයා බිව්වද??"
"චුට්ටක්...."
"මොකක්?? දැන් කොහොමද යන්නේ??"
"ඔයා තමා වැරදී ඕයි...ඔයා ගැන හිත හිත ඉද්දී මට පෙව්නා..."
හශීට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.. ජිමින්ව වාරු කරගෙන රූම් එකට එක්කන් ගිහින් ඇදෙන් හාන්සි කලා.. ළග හොදටම සෝජු ගදයි..
"ජිමින් ඔයා මේක බිව්වද නැත්තම් නෑවද??"
හිනා වෙවී ජිමින් ඇදේ එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා... මාර කෝලමක්... මන් එදා වගේම තෙත ටවල් එකක් ගෙනල්ලා මූන හොදට පිහිදුවා. බූට් දෙකත් ගලවල එයාට රෙද්ද පොරවල මන් පුටුවක් අරන් ලගට වෙලා ඒ මූණ දිහා බලන් හිටියා... පුළුන් වගේ සුදු ලස්සන මේ මූණ ඕන කෙනෙක්ව වශී කරවනවා අනිවාර්යයෙන්ම.... මාත් වශී වුන එක අහන්න දෙයක්ද??
Time passed
"මොකෝ අද සතුටෙන්??"
"ඇයි මන් වෙනදට දුකෙන් වගේද ඉන්නෙ නූරියා??"
"නෑ නෑ ඉතින්... වෙනදා ඉන්න හෂීට වඩා අද කෙනා හෙන හැපී එකේ ඉන්නේ...."
"එහෙම දෙයක් නෑ....."
"හා හා එහෙනම් අපි යනවා.. මන් මේ උඩට යන ගමන් නිකන් ඔලුව දාලා යන්න ආවේ.."
"හා හා ලන්ච් එකේදී හම්බෙමුකෝ...."
එහෙම කියල නූරියා නම් ගියා.. ඔව් මන් අද ඉන්නේ වෙනදට වඩා ගොඩක් සතුටෙන්.. ඊයේ ජිමින්..... ඔව් ඊයේ එයා මාව එයාගෙම කරගත්තා.. කොච්චර අවසිහියේ හිටියත් කොල්ලට හොද ලිමිට් එකක් තියනවා.. හෂී තනියම හිනා වෙවී ගොඩක් සතුටු වුනේ ජිමින් හෂීගේම කියල හිතන ගමන්.... ටික වෙලාවකින් ජිමින් කඩාගෙන ආවේ මූණේ හිනාව පුරවගෙන...
"ඒයි හෂී"
"මොකද අනේ? මන් හොදටම බය වුනා..."
"හශී ඔයා දන්නවද දෙයක්??"
"ඔයා කියන්නෙ නැතුව මන් කොහොමද දන්නේ??"
"රියා... රියා ඩිවෝස් වෙලා..."
"මොකක්??"
මගේ මූණේ තිබ්බ හිනාව කොහෙන් ගියාද කියන්න මට තේරෙන්නෙත් නෑ.. ජිමින් රියා.. ඇයි රියා???
"ඔව් හෂී.. මගෙයි රියාගෙයි අතරේ තිබ්බ එකම බාදාව ඒක හෂී.. ඒක නැති වුනා..."
"දැන් ඔයා මොකද කරන්නේ??"'
"මන් එයාව මගේ ළගට ගන්නවා...මේ මේම මන් කිව්ව මුල්ම කෙනා ඔයා.. මට මාර සතුටුයි..."
"මටත් එහෙමයි ජිමින්...."
"එහෙන්ම් මන් යනවා..... "
හෂීගේ ඔලුවට ගහගෙන ජිමින් රූම් එකෙන් එලියට යන්න ගියා.... හශී එහෙම්ම ටේබල් එකේ ඔලුව ගහගත්තේ මුලු ලෝකෙම නැති වෙලා කියන හැගීම එක්ක..
writer pov
ඔයාලා හිතනවා ඇති නේද ජිමින් රියාට වගේම හෂීටත් ආදරය කළා කියලා... සමහර විට එහෙම වෙන්න ඇති. මොකද සමහර තැන්වලදී ජිමින් හැසිරුන විදිහට ඒක අපිට කියන්න පුළුවන්. හැබැයි එක දෙයක් අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. රියා සහ හෂී කියන දෙන්නව ජිමින් තරාදියකට දැම්මොත් චුට්ටක් හරි බර වැඩි වෙන්නේ රියාගේ පැත්තෙ. එහෙම වෙන්න හේතු දෙකක් තියනවා. එකක් රියා කියන්නේ කවදහරි දවසක ජිමින් පලවෙනිම ආදරේ දෙන්න හිටිය ගෑනු ළමයා සහ ලොකුම හේතුව මීරා.. අන්න ඒ නිසා හෂීට වඩා රියාගේ පැත්තේ බර වැඩි වෙනවා.. මේක ජිමින් මුල ඉඳලම දැනගෙන හිටියා.. අන්න ඒකයි හෂී කොච්චර උත්සාහ කරත් ජිමින් කැමැත්තක් තිබුණත් හෂීට ඉඩ නොදුන්නේ... නොගැලපෙන තැන් පෙන්නලා හශීගෙ හිත වෙනස් කරන්න හැමතිස්සෙම ඕන වුණේ ඒ නිසයි.. රියාගේ ඩිවෝස් එක කියද්දී හශී එයාට ආදරය කරන කෙනෙක් කියලත් අමතක උනා... අපි හැමෝන අසරණ වෙනවා මේ වගේ තැනවල.. ජිමින්ට මේක සතුටක් වුනාට හෂීට මේක ජීවිතේ අවාසනාවන්තම දවස්වලින් එකක්...
Time passed
"මොකෝ උබ හෙන හැපී එකේ?? තනියම හිනා වෙවී"
"රියාගේ ඩිවෝස් එක අද හම්බුනා"
"ඉතින් උබට මොකද??"
"මට මොකද අහ්න්නෙ ඇයි ටේ??"
"දැන් උබ එයාව උබ ගාවට ගන්නද හදන්නේ??"
"ඇයි මට බැරි??"
"මොකක්?? ඕයි මොන මෝඩ වැඩක්ද??"
"ඇයි?? මොකක්ද?? උබල කිව්වේ එයා මැරි කරල නිසා එයාගෙන් ඈත්වෙන්න කියල.. දැන්??"
"යකෝ හෂීට මොකද වෙන්නෙ??"
"ඇයි එයාට??"
එහෙම කිව්වමයි මට මතක් වුනේ.. දෙයියනේ හෂී.. මන් මේක ඇයි එයාට කිව්වේ.. මන් ටේවත් තල්ලු කරන් ගියේ හෂීගේ කැබින් එකට.. හැබැයි කැබින් එකේ කවුරුත් නැති නිසා මට මතක් වුනා මෙයා රූෆ්ටොප් එකට යන්න ඇති කියල.. මන් කැබින් එකෙන් යන්න හදද්දිම මට ඉකි ගහන සද්දයක් ආවා..
"හෂී ඔයා ඉන්නවද??"
මොකක් ජිමින්?? ඔයා ඇයි ආයේ... මන් ඉක්මනට මගේ කදුලු පිහදාගෙන නැගිට්ටා..
"කියන්න ජිමින්??"
"හෂී අඩන්න එපා.."
"ආ... මන් අඩන්නෙ නෑ..."
ලගට ආව ජිමින් හශීව බදාගත්තේ ජිමින් කලේ වැරැද්දක් කියල දන්න නිසා..
"අයින් වෙන්න ජිමින්.. කවුරුහරි ආවොත්??"
"මන් ඔයාට දුක් දෙනවා.. අනේ හෂී මන් මොකද කරන්නේ???"
"නෑ නෑ.. කොහොම කිව්වත් රියා ගාව ඔයාගේ සතුට තියෙන්නෙ... ඔයා එයා එක්ක සතුටෙන් ඉන්න ඕනේ..."
"ඔයා මෙහෙම අඩනව බලන්නත් බෑ.."
එහෙම කිව්වම මන් ජිමින්ගෙන් ඈත් වුනා..
"දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න බෑ.. අහන්න මට අවුලක් නෑ.. ඔයා කවමදාවත් මට ආදරෙයි කියල නෑ.. ඒ නිසා මේක මගේ වැරද්ද.. දැන් යන්න ජිමින්..."
"මන් ඔයාට ආදරෙයි හෂී.. ඒත්..."
"ජිමින් යන්නකෝ... ප්ලීස්..."
මන් ජිමින්ට බැගෑපත් වුනා.. මට ඉවසන්න බෑ.. මගේ ආදරේ ඔයා දන්නේ නෑ.. මෙහෙම දුකක්??
"මන් ගියාම අඩන එක නවත්තනවද?"
"හ්ම්ම් ඔව්.."
"මන් ඔයාට ලං වුනේ නැත්තේ මෙන්න මේකයි හෂී..."
"ජිමින් මන් යන්න කිව්ව නේද??"
"හ්ම්ම් මන් යනවා..."
නොපෙන්නුවට ජිමින්ගේ ඇස්වලත් කදුලු පිරිලා තිබ්බා.. හ්ම්ම් ඔව් ජිමින් ඔයා මට නොකියා කිව්වා එයාගෙන් ඈතටම යන්න කියල.. මට තව හිතන්න තිබ්බ.. එහෙම හිතගෙනම මන් ආයේ වැඩ පටන් ගත්තේ මගේ කදුලුවලට මේ කම්පැනි එක පලි නැති නිසා.. ඒත් වැඩ කරන් යද්දී මට මේක ඔලුවට වදයක් නිසා මන් හාෆ් ඩේ එකක් දාලා ආයෙම මගේ රූම් එකට ආවා.. වැඩක් කරන්ත් හිතේ නිදහසක් ඕනේනෙ... එන ගමන් මන් මනූට කෝල් එකක් ගත්තේ මේ වෙලේ මිචී එයාගේ කැම්පස් එකේ එක්සෑම්වලය ටිකක් බිසී නිසා එයාට මේව කියන්න බැරි නිසා..
"හෙලෝ මනූ...."
"මොකො මේ හදිස්සියේ??"
"බිසීද??"
"හ්ම්ම් ඔව්ව් ඉතින් අපි නම් ඕල්වේස් බිසී.. බට් යාලුවො වෙනුවෙන් ඕනෙ වෙලාවක ෆ්‍රී... කොහොමද මගේ ජූන්???"
"ජූන් ගැන ඉතින් බය වෙන්න දෙයක් නෑනේ.. 100% ශුවර් කරන්න පුලුවන් කෙනෙක් ජූන් කියන්නේ.. එහෙම නේද??"
"ඔව් ඔව් මන් මේ නිකන් ඇහුවේ.... මොකො වොයිස් එක??"
"මනූ මට කියන්න දෙයක් තියනවා..."
"ඔව් කියන්න හෂී....?"
"මනූ මන් ජිමින්ට ආදරෙයි...."
"අයියෝ ඕක මට තේරුනා.. අනික ඕක නොතෙරෙන කෙනෙක් ඉන්න්වද?? මේ ඕක ජිමින්ට නේද කියන්න ඕනේ??"
"හ්ම්ම් ජිමින් දන්නවා.."
"ඉතින් එහෙනම් අවුල මොකක්ද??"
"ජිමින්... ජිමින් ආදරේ වෙන කෙනෙක්ට.. මට ඒ ඇයි හේතු කියන්න බෑ මනූ.. ඒත් එයා මට නෙමෙයි ආදරේ.."
"ආ..... මෙහෙමයි අහ්න්නකෝ.. මන් ඒ අනිත් කෙල්ලව නම් දන්නෙ නෑ.. හැබැයි ජිමින්ට ඔයාව රිජෙක්ක් කරල වෙන කෙනෙක් ලගට යන්න නම් පොඩිවත් හේතුවක් නෑ හෂී.. මගේ යාලුවෙක් ඉන්නවා මෙන්ටල් සයිඩ් එකේ වැඩ කරන, එයා ලගට දවසක් ආව කෙල්ලෙක් කිව්ව ඒ කෙල්ල ආදරේ කරන කොල්ල වෙන කෙනෙක්ට ආදරෙයි කියලා.. ඒක මේ ගෑනු ලමයට මානසිකව ගොඩක් තදට බලපාලා.. දන්නවද එයා හැමතිස්සෙම ඒකම හිතලා.. හෂී ආදරේ කියන්න හම්බෙනම එක නෙමෙයි.. අපි ආදරේ කරන දේවල් නැති වෙන්න තප්පරයක් ඇති.. ඔයා හැමවෙලේම ඕක හිතුවොත් අර කෙල්ල වගේ මානසික ලෙඩෙක් වෙයි.. ඔයාට ඕනෙ ඒකද?? එතකොට ඔයාගේ හීන? අයිති වෙනවා නම් අයිති වෙනවා.. හැබැයි එයා ඔයාගෙ නෙමෙයි නම් ඔයා හිත හදාගන්නම ඕනේ.. "
"ඔයා ගොඩක් ස්ට්‍රෝං කෙනෙක් මනූ.. කලින් ජූන්ගේ අවුලෙදි උනත් ඔයා හැසිරුන විදිහෙන් මට ඒක තේරුනා.. මට ජිමින්ව අමතක කරන්න ඕනේ.."
"ඔව් ඔයාට පුලුවන්.. එක එක දෙයක් තියනවා.. ඔයාගේ කැරියර් එක ෆෝකස් කරන්න.. ඔයගේ හීන ආසාවල් මේවට තැන දෙන්න.. දවසක ඔයා ලෝකේ හොදම merch designer ලිස්ට් එකට යන්නම ඕනේ... කොල්ලෙක් නිසා ඒවා ඔකොම අත අරිනවද??"
"අනේ නෑ මනූ.. ඔව් එක පාරට බැරි වුනත් මන් ටික ටික ඒ මතක ඔක්කොම අමතක කරලා ජිමින්ව ඇස් දෙකට දකින්න කලින් හිටිය හෂී වෙනවා.. එත්කොට එයා මගේ සෙලිබ්‍රිටි ක්‍රශ් එක විතරක් වෙනවා... "
"අනිවාර්යෙන්... ඔයාට පුලුව්න්.. ඕනේ වෙලාවක මට කෝල් කරන්න.. ඕනේම ප්‍රශ්නයක් මට කියන්න.."
"තැන්කිව් මනූ.. මට පොඩි සැනසීමක් ඔයාගෙ වචනවලින් හම්බුනා.."
"ඕක පොඩි දෙයක්නේ.."
"එහෙනම් මන් තියනවා.. බායි..."
"බායි"
හ්ම්ම් ඔව් මනූ කිව්වා ඇත්ත.. මන් ඇයි මෙහෙට ආවේ?? ආදරේ කරන්න නෙමෙයි.. මගේ හීනෙට.. තව දවස් ටිකයි... ඔව් මන් මගේ හීනේ කොහොම හරි ඉශ්ට කරගන්නවා.. මන් එහෙම හිතන් රූම් එකට ගියා.. එක පාර නම් මට මේව අමතක කරන්න බෑ..කමක් නෑ ටික ටික හරි මන් මේව අමතකම කරලා දානවා.. ඩෝ එක ඇරල ලයිට් දැම්ම ගමන් මගේ ඇස් දෙක ගියේ මගේ ඇදට.. ඊයේ ජිමින් ගුලි වෙලා මේකේ නිදාගෙන හිටිය හැටි, විකාර කියවපු හැටි... හ්ම්ම්ම් මන් ඇදලග එහා පැත්තෙ තිබ්බ සැටියෙන් ඉදගත්තේ ලොකු හුස්මක් පිට කරන ගමන්...
Flash back
ටික වෙලාවක් එහාට මෙහාර පෙරලි පෙරලි හිටිය ජිමින් මාව එයාගේ ලගට ඇදල ගත්තා.. බැලන්ස් නැති වුන මන් කෙලින්ම වැටුනේ ජිමින්ගේ ඇග උඩට..
"ජිමින් මේ මොකද??"
"ඉන්නවකෝ කෑ ගහන්නෙ නැතුව..."
එහෙම්ම ජිමින් මාව එයාගේ පපුව මැද්දට තියල තද කරගත්තේ හරියට මාව වෙන කෙනෙක් ගෙනියන්න ඇවිල්ල වගේ... මාත් මගේ අත් දෙකෙන්ම එයාව අල්ල්ගත්තේ නිකන් ඔයාවත් වෙන කෙනෙක් උදුරගනි කියල බයට.. ටික වෙලාවක් නිහඩ වුන ඔය තොල් මගේ කම්මුලේ වැදෙදී මගේ මූණම රතු වුනා.. නින්දෙන් හරි මාව ඔයාගෙ කරගත්තා.. ඔයා ආදරේද නැද්ද කියලවත් හිතාගන්න බැරුව ඉන්න මට මේ දේවල්වලට කොහොමද රිඇක්ට් කරන්නේ කියල තේරෙන්නෙ නෑ ජිමින්...
මගේ එලාම් එක වදින සද්දෙට මන් ඇහරෙද්දී ජිමින් හිටියේ එයාගෙ නිරුවත් වුන පපුවට මාව ලං කරගෙන.. මට ඇදෙන් බහින්න ලෝබ හිතුනා..මන් එහෙම්ම ආයෙම ජිමින්ගේ දිහා බලන් හිටියේ ලොකු කෑදරකමකින්.. ඒත් එයා ඇහරෙන්න කලින් මන් ටග්ගලා ඇදෙන්නෙ බැස්සේ මට අපි දෙන්න රැයම එකට හිටියා කියල එයාට පෙන්න ඕනේ නැති නිසා.. ඇදෙන් බැස්ස මන් වැඩට යන්න ලෑස්ති වෙලා දෙන්නටම බ්‍රෙක්ෆස්ට් එක රෙඩී කලා.. ඒ අතරේ ජිමින් නැගිටල ඇදේ වාඩි වෙලා පොඩි බබෙක් වගේ ඉන්නවා දැක්කම නම් මට මොනාද කරන්නේ හිතාගන්න බැරි වුනා..
බ්‍රෙක්ෆස්ට් ගත්ත අපි එකටම BH එකට ආවා....
Flash back end
තාමත් ඇද දිහා බලන් කල්පානා ලෝකෙක මන් තනි වෙලා හිටියේ.. දන්නවද ජිමින් ඊයේ මන් ඔයාට අපි රැයම එකට හිටියේ කියල නොපෙන්නුව එක හොදයි කියල මට දැන් හිතෙනව... එහෙම උනා නම් ඔයා තවත් අසරණ වෙනවා.. ඔයාට නම් මුකුත් මතක නැතුව ඇති.. මොකද මට දවසක් කුකී කිව්ව බිව්වම ඔයා කරන කියන ඒවා හොද සිහියට ආවම මතක නෑ කියල.. හැබැයි ඔයා හිතේ තියන ඒවා බ්ව්වම කියනවලු..කොහොමහරි මේව මට මතක විතරක් කරන් ආයෙම මුල ඉදන් ජීවිතේ පටන් ගන්න හතාගෙන වොශ් එකක් දාලා ඇදට වැටුනා...
"අම්බෝ.......... 7යි"
ඊයේ මලා වගේ නින්ද ගිහින් නේ මට.. වැඩට යන්න ලෑස්ති වෙලා ෆෝන් එක බැලුවම දැක්කේ මනූගෙන් gm මැසේජ් එකක් තියනවා.. ඒකටත් රිප්ලයි කලාම දැක්කේ ජිමින්ගෙන් කෝල් 6ක් ඇවිල්ල.. මන් ආයෙම කෝල් බැක් කලේ නෑ.. ඕනේ නෑ කියල හිතුනා.. පොතක් කියව කියව මන් ටැක්සි එකක BH එකට ගියා..
"මොකද මේ අද මෙතන නිකන් කලබලයක් වගේ??"
මන් මටම කියාගන්න ගමන් ගියේ මොකක්ද කලබලේ බලන්න.. කෙලින්ම උඩට ගිය මට හම්බුනේ නූරියා..
"මොකක්ද මේ අවුල?? ඇයි මිනිස්සු අර වගේ ඇවිල්ල??"
"ඔයා දන්නෙ නැද්ද මොකක්ද වෙලා තියෙන්නෙ කියල.."
"නෑ මොකක්ද වුනේ??? 😳😳"
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top