KiSs
"මොනා කතා කරන්නද???"
එහෙම කියල යන්න ගිය මනූගේ අත ඇදලා ගත්ත ජූන් ඉන්න තැන ගැන නොහිතා මනූව ළගට ගත්තා.. කාලෙකින් නොදැක්ක මනූව දැක්කම ජූන්ගේ මූණ නිකන් හදක් වගේ වුනා.. ඒත් මනූගේ මූණේ කිසිම හිනාවක් දැක්කෙ නෑ.. මනූ ජූන්ව තල්ලු කරගෙන යන්න හැදුවත් ජූන් මනූට යන්න දුන්නෙම නෑ.. මනූගෙ අතින් ඇදගෙන වෙහිකල් එකට එක්කන් ගිය ජූන් ඒකෙ දොර ඇතුලෙන් ලොක් කලා.. මොකද මේ වෙලේ රිස්ක් එකක් ගන්නත් බැරි නිසා... කියා එක්ක අනිත් අය එලියට වෙලා ඔහේ බලාගෙන හිටියේ කීයට හරි දොර අරිනකන්.. (ආ අපේ කොල්ලො ටික ඉතින් කියාව පොඩ්ඩක් හංග ගත්තා කියලා පොඩි උපකල්පනයකට එන්න)
New chapter
"ජූන් ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ???"
"කට පියාගන්නවා.. ඇයි මට කතා කරන්න නොදෙන්නේ??"
"ප්ලීස් මට යන්න දෙන්න.. ඔය ඩෝ එක අරින්න..."
"නෑ අරින්නෙ නෑ.. ඇයි??"
"ප්ලීස් ජූන්.. මන් ඔයාට ගොඩක් ගෞරව කරනවා.. ඒක නැති කරගන්න එපා.. අරින්න ඕක.."
"හරි අහන්නකෝ.. මාත් ඔයාට ගෞරව කරනවා ගොඩක්.. එදා අවෝඩ් ශෝ එකේ ඉදන්.. ඩොක්ටර් කෙනෙක් වෙන්න හැමෝටම බෑ.. ඒ වගේම ඩොක්ටර් කෙනෙක් වෙලා මේ වගේ දේවල් කරන්න.. ඒවා කරන්න හොද හිතක් තියෙන්න ඕනේ.. ඒ හොද හිතින් මන් කියන දේත් පොඩ්ඩක් අහන්න පුළුවන්ද??"
"මොනාද ජූන් තව ඔයාට කියන්න තියෙන්නේ??"
මනූගෙ ඇස්වලින් නොදැනීම කදුලුත් කඩා වැටුනා...ඒ අස්සේ ඔක්කොටම වඩා මනූ හිටියේ කේන්තියෙන්.. කේන්ති ගියාම ඇඩෙනව කියන්නෙත් මාරම අවුලක් තමා..ඉතින් මනූත් කේන්තිය පිට කලේ අඩන ගමන්.. ඒක ජූන්ව තව ගොඩක් අසරණ කලා..
"එදා වුන හැමදේම කියන්නම්.ඇයි ඔයාට නොකිව්වේ කියලත් කියන්නම්.. හැබැයි මට කතා කරන්න ඔයා අඩන එක නවත්තන්න.. ඒක අහල ඔයා කැමති දෙයක් හිතාගන්න.."
"හ්ම්ම් හරි ජූන්.. කියන්න තියෙන දේ කියන්නකෝ"
"හ්ම්ම් හරි මනූ.. මේක අහල ඔයා මොන වගේ තීර්ණයක් ගනීද කියන්න දන්නේ නෑ.. හැබැයි මේ අෆෙයා එක පටන් ගන්න කලින් කිව්ව වගේම මන් කියනවා, කොහොම වුනත් ඒක අපේ යාලුකමට බාදාවක් වෙන්න බෑ.. අපි ආදරේ කරන්න කලින් යාලුවො වුනා.. ඒකවත් මට දෙන්න...."
"හ්ම්ම්ම් හරි කියන්න ඉක්මනට... මන් මෙහෙ ආවේ කියාගේ කීමට... හැබැයි ඔයාලා මෙහෙ එනවා කියල නොදැන.. කමක් නෑ කොහොම හරි අපි ආයේ හම්බුනානේ.. මටත් මේක විසදගන්න ඕනේ... "
"හරි මනූ,එදා වුනේ මෙන්න මේකයි...........
Flash back
"ජූන්...ඔයාට ගෙස්ට් කෙනෙක් ඉන්නවා.."
"හරි එයාට ගෙස්ට් රූම් එකට එන්න කියන්න..."
ජූරියා... හ්ම් ජූරියා කියන්නේ පොඩි කාලේ ඉදන් මන් ලගින්ම ආශ්‍රය කරන කෙනෙක්..(එයා ඇත්තටම ජූන්ගේ කවුද?) මට එන්න කලින් කෝල් කරපු නිසා ආවේ එයා කියල මන් දන්නවා.. අද දවස ගොඩක් බිසී වුනාත් ජූරියා කිව්ව දෙවල් එක්ක මට මේකට උත්තරයක් නොදී වැඩ කරන්න බැරි වුනා.. ඒ නිසයි මන් එයාට එන්න කිව්වෙ.. මොකද එලියට යන්න තරම් ටයිම් එකක් මට නැති නිසා..
"හෙලෝ ජූරියා..."
ඒ කිව්ව ගමන් එයා මන් ලගට දුවගෙන ආවේ පොඩි ළමයෙක් වගේ... ආව ගමන් මාව හග් කරල අඩන්න ගත්තේ මට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී..
"අහන්නකෝ.. අඩන එක නවත්තන්න.. අඩන එක ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ..."
"හ්ම්ම් මන් දන්නවා ජූන්.. ඒත් මන් මොකක්ද කරන්නේ?? මට මැරෙන්න හිතිලා තියෙන්නේ.."
"එන්නකෝ.. මන් ඔයාව ලස්සන තැනකට එක්කන් යන්නම්...."
එහෙම කියල මන් එයාව අපේ කම්පැනි එකේ රූෆ්ටොප් එකට එක්කන් ගියා... මෙතන හරිම නිස්කලංකයි.. වැඩිය නෙමෙයි කොහොමත්ම මෙතනට ලේසියට කෙනෙක් එන්නෙ නැති නිසා.. මන් එයාව එතනට අරන් යන්න හේතු දෙකක් තිබ්බා.. එකක් රිස්කි එක අඩු කරගන්න.. අනිත් එක එයාට සැහැල්ලුවක් දෙන්න...
"මෙතනට ආවම මොකද හිතෙන්නේ??"
"හ්ම්ම්ම් ඔයත් එක්ක ඉස්කොලේ ගිය කාලේ මතක් වෙනවා... මට ඒ දවස්වල කාගෙන්වත් කරදරයක් නෑ.. මොකද ඔයා හිටියනේ... ඒ තරම් සැහැල්ලුවක් දැනෙනවා.."
"දැන් මොකක්ද අවුල?? හරියටම වුනේ මොකක්ද කියන්නකෝ........"
අපි දෙන්න එදා මනූ අපි දෙන්නව දැක්ක ටැංකිය ළග ඉදන් මෙ ප්‍රශ්නේ කතා කලා..
"ජූන් දන්නවනේ ගොඩක් අය දන්නවා කියල ඔයාගෙයි මගෙයි සම්බන්ධය..."
"ඔව් ඉතින්??"
"ඔයාගේ ෆෑන්ස්ලා වගේම ඒ අතර හේටස්ලත් ඉන්නවා..."
"හ්ම්ම්ම් ඉතින්??"
"ඔයා ඉස්කෝලෙන් අයින් වුනාම මට කරදර වුනා.. ඒත් ඒවා මන් ඉවසගත්තා. ෆෑන්ස්ල නම් ඔයාගේ දේවල් අහනවා.. විකාරයි ජූන් වෙලාවකට.. ඒවට ඇග බේරෙන්න මන් උත්තර දෙනවා... ඒත් හේටස්ලා.... 😢😢😢"
"ඇයි මොනාද කලේ ඔයාට??"
ජූන්ට කේන්ති ගියේ එක තප්පරයට...
"මට බෑ ජූන් ඉවසන්න.. එයාල මට වද දෙනවා.. මගේ පැත්තට කවුරුත් නෑ.. මන් කෙල්ලෙක්.. මට ඉවසන්න පුලුවන් සීමාවක් තියනවා.. ඔයා දන්නවා මේ ප්‍රශ්නවලට අනිත් ළමයි මැදිහත් වෙන්නෙ නෑ කියල..."
"මේ ගැන තව කාටද කිව්වේ??"
"කාටවත් නෑ.. ඔයා නිසා මට මෙහෙම කරනවා කිව්වොත් ඒක ඔයාට ගොඩක් ලොකුවට බලපානවා.. ඒ නිසා එයාලා කරපුව මන් පොඩ්ඩ පොඩ්ඩ ඉවසුව.. ඒත් දැන් මට ඉවසන්න බෑ.. පුදුම මානසික වදයක් ජූන්.."
එහෙම කියල ජූරියා ජූන්ට එයාගේ අත පෙන්නුවා..එතන හීරුන පාරවල් 😳😳 ජූන්ගෙ ඇස් රතු වෙන්න ගියේ තප්පර ගානයි.. හැබැයි ජූන් කියන්නේ කලබල වෙලා දෙයක් කරන කෙනෙක් නෙමෙයි.. එයා තවත් ජූරියා එක්ක කතා කලා..
"මේ දේවල් ඔක්කොම මන් නිසාද ඔයාට වෙන්නේ??"
"හ්ම්ම්ම් එයාලා කියන්නේ එයාලා ඔයාට අක්මැති කියලා.. මට බෑ ඔයාට නිකරුනේ බනිද්දී කටවහන් ඉන්න.. "
"අහන්න, තව ඔයාට ඕකට යන්න තියෙන්නෙ එක අවුරුද්දයි.. ඔයා කිව්ව වගේ මට අවුලක් වෙන්වා ඕක ලීක් වුනොත්.. හැබැයි මන් නිසා අහිංසක ඔයා වද විදින්න ඕනේ නෑ.. මන් මේක ඔයාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එක්ක කතා කරන්නම්.."
"ඒත් ඔයා මේකට මැදිහත් වුනොත් මේක ලීක් වෙයි.."
"ඒ කියල මේක නොදැක්ක වගේ මට ඉන්න බෑ.. අනික මන් මේක ගැන කතා කලාම මීට වඩා හොද විදිහට මේක විසදෙයි... මට දවස් දෙකක් දෙන්න.. අනිත් දේ එයාලා මන් ගැන මොනා කිව්වත් ඇහුනේ නෑ වගේ ඉන්න... තේරුනාද?? කවුරුත් කියන දේවල් අපේ ඇගේ වද්දගෙන කියවන්න ඕනේ නෑ.. අහන හැම වෙලේම මාව හම්බෙන්නෙ නෑ කියන්න.. පුලුව්න් තරම් අපි දැන් ආශ්‍රයක් නෑ කියල පෙන්නන්න..තේරුනාද?"
"ඔව්ව්ව්ව්ව් ජූන්... මන් ඉවසන්නම්කෝ.. ඔයා වෙනුවෙන්..."
එහෙම කියල ජූරියා ජූන්ව බදාගත්තා.. ඉකි ගහ ගහ හොදටම අඩන ගමන් එයා ජූන්ට ගොඩක් ලන් වුනා.. ජුනුත් ජූරියගේ කදුලු නිවෙනකන් අඩන්න දීල ඔහේ හිටියා.. හැබැයි ජූන්ගේ හිතේ ලොකු දුකක් තරහක් එකතු වෙලා තිබ්බේ.. ටික වෙලාවක් එහෙම හිටිය දෙන්නම දෙන්නගෙන් ඈත් වුනාට පස්සේ තව ටිකක් ජූරියගෙ හිත හැදෙන්න දෙන්නම රූෆ්ටොප් එකෙ පැත්තකට ගියා.. මෙන්න මේ දේවල් තමා එදා මනූ දැක්කේ....
හ්ම්ම්ම් ඔව් ජූරියා කියන්නේ ජූන්ගේ යාලුවෙක් නෙමෙයි... ඒ වගේම ඊට එහා ගිය කිසිම සම්බන්ධයක් මේ දෙන්න අතරේ තිබ්බෙ නෑ.. ජූරියා කියන්නේ ජූන්ගෙ නංගී වගේ කෙනෙක්.. ජූරියා ජූන් කියන්නේ කසීන්ලා.. මෙ දෙන්න දන්න කාලේ ඉදන් හැමදේම බෙදාගත්තා.. එක ලේ සහෝදරයෝ නොවුනට ජූන් ජූරියට තමන්ගෙම පවුලෙ කෙනෙක්ට වගේ සැලකුවා.. ජූරියත් එහෙමයි.. ඒ කාලේ ජූන් එන හැමදේකින්ම ජූරියව බලගත්තා.. හැබැයි ජූන් ඉස්කෝලෙන් අයින් වුනාම ජූරියට තනි වෙන්න වුනා.. දැන් එයාට ප්‍රශ්න දෙකක් තියනවා.. එකක් තමා ෆෑන්ස්ලා.. අනික් අය හේටස්ලා.. හිතන තරම් ජූරියා ස්ට්‍රෝන්ං නැති නිසා වෙලාවකට මේව එයාට මානසික ප්‍රශ්න වුනා.. සමහර දෙවල් බැරිම වුනොත් එයා ජූන්ට විතර්ක් කියනවා.. ජූන් පවා මේ දේවල් වෙන මෙම්බර් කෙනෙක්ටව්ත් නොකියන්නේ මේවා ප්‍රසිද්ධ වුනොත් ඒකෙන් ජූන්ට ජූරියට විතරක් නෙමෙයි බැන්ග්ටැන්ලටත් අවුලක් වෙන නිසා.. මොකද මිනිස්සු දකින්නෙ කියන්නෙ ඇත්තම නෙමෙයි.. තමන්ට ඇහෙන දේ එයාලා ඔහේ විශ්වාස කරනවා.. ඉතින් ජූන් අයින් වුනාගෙන් පස්සේ ජූරියා කියන්නේ අනිත් අයගේ අතින් ගොඩක් bullying වලට අහුවුන කෙනෙන්.. ඒවා එන්නම වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.. (දැකල ඇතිනේ ගොඩක් අය මේවා ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ.. ඒ වගේම කවුරුත් මෙයාව බේරගන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ....) කලින් දවසේ ජූරියට ගහල තිබ්බෙ ඒ දේවල් කරන සෙට් එකේ කෙල්ලෙක්.. අත් හූරලා... දරාගැනීම අන්තිමට ජූරියා මේ ඔක්කොම ජූන්ට කිව්වා.. අපි යන තැනක කවුරුත් අපිට නැති වුනාම අපි තනිවුනාම ඒ තනිකම මැද්දෙන් අපිට හිරිහැර වෙනකොට ඕනම කෙනෙක් මානසිකව වැටෙනවා.. ජූන් ජූරියා ගැන භය වුනේ ඒකයි.. 1000ක් වැඩ තිබ්බත් ඒකයි එදා ජූන් ජූරියට එන්න කිව්වේ.... ජූන් දැනන් හිටියේ නෑ මේ ඔක්කොම මනූ වැරදි කෝනෙකින් බලන් ඉන්නවා කියල.. හැබැයි ඇත්ත නොදන්න ඕනේ කෙනෙක්ට මේක පෙන්නෙ මනූ දැක්ක කෝණෙන්ම තමා...
Flash back end
"මනූ දැන් කියන්න මන් මොකක්ද ඒ වෙලෙ වෙන කරන්න ඕනේ?? එයා මට මගේම නංගී වගේ.. මන් නිසා එයාට කරදරයක් වුනොත් මන් කොහොමද ඉතුරු කාලෙ සතුටෙන් ඉන්නෙ... ඔයා දන්නව ඩොක්ටර් කෙනෙක් නිසා මානසිකව කෙනෙක් වැටෙනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක් කියලා...."
"හරි ඒත් ඇයි ඒක කියන්න බැරි උනේ??"
"දන්නවද සමහර දේවල් කියන්න වෙලාවක් තියනවා.. මන් මගේ පර්සනල් දේවල් ගොඩක් පරිස්සමෙන් ඔෆිස් එකේදී හැන්ඩ්ල් කරන්නේ.. ඔයාව උනත් හම්බෙන්නෙ බොහොම පටිස්සමෙන්... එදා ඒකයි මන් ජූරියා එක්කන් රූෆ්ටොප් එකටම ගියේ... ඒ නිසයි මන් ඒ සම්බන්ඩ කිසි දෙයක් කාටවත් නොකිව්වේ.. ඔයාට විතරක් නෙමෙයි දන්න කාලෙ ඉදන් එකට ඉන්න මගෙ උන් ටිකටත් මන් වච්නයක්වත් කිව්වේ නෑ.. ඒත් මේක වදයක් නිසා, ඇයි ඔයා ගියෙ කියල එදා හෂී කිව්ව නිසා මන් මේ ඔක්කොම හොබීට කිව්වා.."
"ඒත් මාව ඔයාට විශ්වාස කරන්න පුලුව්න් කියල ඔයා දැනගන්න තිබ්බා.. මන් පිට කෙනෙක් නෙමෙයි ජූන්.. අනික මාත් ඩොක්ටර් කෙනෙක්.. මට හොදටම ඕව තේරෙන්වා..."
"ඔව් මන් අද දුක් වෙනවා එදා එහෙම නොකිව්ව එකට... "
"ඒත් මට මේක ගැන හිතන්න ඕනේ තව"
"මොනාද??"
"අපි හිතන තරම් මෙහෙම ජීවත් වෙන එක ලේසි නෑ.. හිතන තරම් ගැලපෙන දේවලුත් නෑ.. මට මේක ගැන තව හිතන්න ඕනේ.."
"හරි ඇයි ඔයාල මෙහෙ ආවේ? කවද්ද යන්නෙ කියල කැමති නම් මට කියන්න.. කලින් කිව්ව වගේ ඔයාගෙ ජීවිතේ කැමති තීර්ණයක් ගන්න ඔයාට පුලුව්න්.. හිතල මට උත්තරයක් දෙන්න... "
එහෙම කියල ජූන් වෙහිකල් එකේ ඩෝ එක ඇරියා.. ඩෝ එක ඇරියම මනූ එලියට බැහැලා යන්න යද්දිම ජූන් ආයෙම කතා කලා..
"මනූ...."
ආයෙම හැරිලා බැලුව මනූ ඇහිබඹ උස්සල ජූන් දිහා බැලුවේ ඇයි කියල අහ්නවා වගේ....
"ඔයා හෂීට සොරි කියන්න... "
"ආ........"
"ඔයා එයාට මේ මුකුත් කියන්න එපා කියලනේ ගියේ.. එයා ඔයා යනකන් වචනයක් අපිට කිව්වේ නෑ.. ඒක නොකිව්වා කියලා ජිමින් හැමෝම ඉස්සරහ හෂීට හොදටම බැන්න විතරක් නෙමෙයි අන්තිම ගැහුවත් එක්ක...."
"මොකක්?? ජිමින් කොහොමද එහෙම කරන්නේ??? 😡😡😡😡"
"දැන් නම් උන් දෙන්න ගොඩක් හොද යාලුවො වෙලා.. බට් ඔයා සොරි කියන එක හොදයි.. එයත් අපිත් එක්ක ආව.. හොටෙල් එකෙ ඉන්නේ"
"හරි ජූන්... මන් ඒ ගැන බලාගන්න්ම්.. "
එහෙම කියල මනූ කට්ටිය ලගට ගිහින් හැමෝම එක්කම කතා කරලා එතනින් කියාවත් අරන් යන්න ගියා.. හැබැයි ඇයි මනූ මෙහෙ ආවේ කියල තාම දන්නේ මනූ කියා විතරයි.. අන්තිමට ඔක්කොම විසිරිලා ගියේ අද දවසේ කරපුවා ගැන කියව කියව.....
..............................
"හෂී"
"ඔව්, කව්ද මේ??"
"මන් මනූ...."
"කොහෙද අනේ ගියේ?? ෆෝන් වැඩ නෑ"
"හරි දැන් ඒවා වැඩක් නෑ.. අද හවස වැඩක්ද??"
"අනේ මනූ මන් කොරියන්වල නෙමෙයිනේ..."
"මන් දන්නවා දන්නවා.. එහෙනම් මන් ඔයාව ගන්න එන්නම් අද 7ට.. ලෑස්ති වෙලා ඉන්න.."
"මොකක් ඔයත් මෙහෙද?? වාව්.. ඒත් මොකො මෙහෙ කරන්නේ??"
"ප්‍රශ්න කෝටියක්. ආවම ඔක්කොටම උත්තර දෙන්නම්කෝ...."
"ඕකේ බායි......"
..................................
ඉතින් කට්ටියම ඩිනර්වලට එලියට ගියා.. කොරියන්වලදී හෂී මනූගෙ ඩ්‍රයිවර් වුනාට මෙහෙදී මනූට වුනා හෂීගෙ ඩ්‍රයිවර් වෙන්න.. ඒ අස්සේ අර කියා මනූටත් හොරෙන් ජූන්ලටත් එන්න කියල මැසේජ් යැව්වා.. කට්ටියම 7 වෙද්දී jimisz cafe එකට ආවා.. වෙනම රූම් එකක් බුක් කරපු නිසා කට්ටියට මෙයාලව පෙනුනේ නෑ.. මනූ කියා එක්ක හෂීව එක්කන් ආවා..
"මොකක්?? ඔයාලා මොකද මෙ"
"ඇයි?? අපි මේක බුක් කලා"
කුකී කට කොනෙන් හිනාවක් දාලා කිව්වා.. මනූ කියා දිහා බැලුවේ හොම්බට 60ක් අනින්න ඔන්න මෙන්න තියලා..
"හරි ඉතින් දැන් මොනා කරන්නද?? එන්න එන්න කමු කමු.. "
කියා ශේප් එකෙ එහෙම කියල ගිහින් වාඩි වුනා.. මනූටත් වෙන කරන්න දෙයක් නැති නිසා ඉතින් ඔරවගෙන හරි ඉන්න වුනා.. හෂීත් ආස වුනා ඒකට.. ඔව් ඔව් අර නපුරා ඉන්නවනේ.. කට්ටියම ටේබල් එක වටේට ඉදගත්තා.. මනූ මැද තියන් හෂී ඇන්ඩ් කියා දෙපැත්තෙන් වාඩි වුනා.. කට්ටියම කෑම ඕර්ඩර් කරල වල්පල් කියවන්න පටන් ගත්තා..
"ඒක නෙමෙයි හෂී... මට සමවෙන්න.."
එහෙම කිව්වම ඔක්කොම මනූ දිහා බැලුවේ මොකක්ද එක පාරට වුනේ කියල... ජූන් මනූ දිහා බැලුවට මනූ එක පාරක්වත් බැලුවෙ නෑ..
"ඒ මොකටද??"
"මගේ පොරොන්දුව රකින්න ගිහින් මේ එක එක්කෙනාගෙන් බැනුම් අහන්නත් වුනානේ.. මන් හිටියා නම් ඔයාට ගහන්න දෙන්නෙ නෑ.."
එහෙම කියල මනූ ජිමින් දිහා දවා අලුවෙන බැල්මකින් බැලුවා.. ජිමින් ශේප් එකේ බිම බලාගත්තා..
"හරි ඉතිම් ඔයා හිටිය නම් බනින්නෙ නෑනේ කොහොමත් මෙයාට.. අනික යන්න කලින් කිව්ව නම් ඔයාට අපි යන්න දෙන්නෙ නෑ.. ඒකයි කේන්ති ගියේ"
"අයියෝ හරි හරි මට ඒක මතකත් නෑ.. ඕක අමතක කරන්න.. අද ඕවා හිතන දවසක් නෙමෙයි..."
එහෙම කිව්වම ජිමින් එයාගෙ ඉස්සරහ වාඩි වෙලා හිටියා හෂීගේ අත ඇල්ලුවා.. ඔක්කොම නිකන් ශොක් වුනා..
"මට සමාවෙන්න.. 😢😢"
හෂීටත් නිකන් මොකක්දෝ වගේ. හැමෝම ඉස්සරහ 😳😳
"අයියෝ ඕක හිතන්න එපා... "
එහෙම කියල හශී ශේප් එකෙ අත ගත්තෙ කට්ටියම හෙන අමුතුවට බලන් හිටිය නිසා..
"මේ උබල දෙන්නගේ හොරයක් තියනවා"
"මොන හොරයක්ද ටේ??"
"නෑ නායට අදුකොල වගේ හිටිය උබල දැන් මේ ඉන්න විදිහ සැක සහිතයි බ්‍රෝ"
"අනේ ඉදහන්...."
"මනූ ඒක නෙමෙයි... ඔයාලා මොකො මෙහෙ??"
"ආ මේ කියාගේ හොර වැඩ මේ.. මෙයාගේ ආච්චී අම්ම මෙහෙ ඉන්නෙ මාමාලා එක්ක.. මෙයා කිව්ව ආච්චිට අසනීපයි බලන්න යන්න ඕනේ කියල.. අපේ කලින් නිවාඩුවෙත් සතියක් තිබ්බ නිසා මෙ යකා මාවත් එක්කන් මෙහෙ ආවා.."
"ඇත්තටම මේක මගේ හොර වැඩක් නෙමෙයි.. හොබියගෙ තමා.. "
"මොකක්????"
ඔක්කොම හොබී දිහා බලද්දී හොබී ඉතින් වෙන්දා වගේම හෙන හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා..
"නෑ නෑ මුන් දෙන්නව මුන ගස්සන්න බන් මන් මේ ඔක්කොම කලේ.. අපි මෙහෙ එනව කියල කිව්වම කියා ඔය අයිඩියා එක කිව්ව.. ඉතින් අපි ඒක කරල දැම්මා... 😂😂😂"
"හරි හරි වැරැද්දක් වුනේ නෑනේ...."
කියා එහෙම කිව්වම ඉතින් කට්ටිය කට වහ ගත්තා.. ඔව් ඉතින් කොහොම හරි මනූ ඇත්ත දැනගත්තනේ.. ජූන් ගැන තිබ්බ බොරුකාරයා කියන ලේබල් එක හරි ගැලවුනානේ..
කෑව බිව්වා හිනා වුනා.. රැය ලස්සනට ගෙවිල ගියා.. ජූන් බලෙන්ම මනූව බස්සන්න බාර ගත්තා.. අක්මැත්තෙන් වුනත් මනූට අන්තිමට කැමති වෙන්න වුනේ කට්ටියගෙම අදෝනාව නිසා.. හොබී කියාව බස්සනම් කිව්වේ ජූන්ට මනූ එක්ක තනියම යන්න ඉඩ දීලා.. ජින් සුගා එක්ක වෙනම ගියා.. අන්තිමට ඉතුරු වුනේ පොඩි තුන.. කට්ටියම ටිකක් වෙරි වෙලා හිටිය නිසා වෙනද වගේ පොඩි උන් තනියම යන එකට අවුලක් ගියේ නෑ.. ටේ කිකූ ඉස්සරහෙන් නැග්ගා.. ජිමින් හෂීවත් එක්කන් පිටිපස්සෙන් නැග්ගා.. කුකීට වගේම ටේට ජිමින් ඇන්ඩ් හෂී ගැන නම් සැකයක් ඇති වුනා..
ටික දුරක් ගියාම ජිමින්ට හොදටම නින්ද ගිහින් කියල තේරුනේ ජිමින් හෂීගෙ උරහිස උඩට කඩාපත් වුන නිසා..ටේ ට නම් දෙන්නව දැක්කම හිනා ගියත් ශේප් එකෙ ඒක නවත්ත ගත්තේ ඔන්න ඔහේ පාඩුවෙ ඉන්න දෙනවා කියල හිතන්...
................
"තැන්කිව් ජූන්... මන් එහෙනම් යනවා.. "
එනකන් වචනයක්වත් කතා කලේ නැති එක ජූන්ට සෑහෙන්න ලොකු අවුලක් වුනා.. ඒත් කොච්ව්හර දුක හිතුනත් තද කරන් ජූන් හිටියේ ඉස්සර ඉදන්ම හැමෝගෙම ප්‍රශ්න තම්න්ගේ කරන් විදවලා හොදට පුරුදු නිසා...
"හ්ම්ම්ම් මන් යනවා.."
බැහල යන්න ගිය මනූ ආයෙම හැරුනේ ජූන්ගේ ඒ වචනවල තිබ්බ වෙනසට..
"ජූන්??"
"හ්ම්ම් ඕ??"
"අවුලකින්ද??"
(මන් කිව්වනේ මේ මනූ නම් මෙලෝ රහකට නෑ.. අවුල්කින්ද අහ්නවද යකෝ??)
"නෑ නෑ.. "
ජූන් එක පාරටම ශොක් වුනා.. යන්න ගිය මනූ ආයෙම හැරිලා ජූන්ගේ කම්මුලට පොඩි කිස් එකක් දුන්නා..
"මනූ....."
කොච්වර ලොකු ටෝක් දුන්නත් මනූ තාම ජූන්ට ආදරෙයි එදාවගේම.. අනික ජූන් වගේ කොල්ලෙක් කෙල්ලෙක්ට හොයාගන්න බෑ ලේසියකට.... ලගට ගත්ත මනූව ජූන් එයාගේ පපුව තද කරගත්තේ කාලෙකින් ලැබුන ඒ පහස උපරිමයට භුක්ති විදින ගමන්.. කොච්චර ප්‍රශ්න වුනත් ආදරේදී අපි අනෙකාව තේරුම් ගන්න එක තමා වැදගත්ම...
.........................
"ඔන්න එහෙනම් ආවා කොල්ලො.. බහින්න බහින්න..
"කොහෙ බහින්නද?? මෙයා නිදිනේ"
මන් බැරිම තැන කිව්වේ ජිමින් තාම මගේ උරහිසේ නිදි නිසා.. ටේ කුකී දෙන්නම් කාර් එකෙන් බැස්සා..
"අපි කිව්වෙ නෑනේ නිදිකරව ගන්න කියල.. කොහොමහරි ඇහරවල යන්න දෙන්නම.."
එහෙම කියල කාර් එකේ යතුර මගේ ඔඩොක්කුවට විසික් කරපු කුකී ටේගේ උරහිසට අත දාලා ටේවත් ඇදන් ගියා..
"ඒ කොහෙද යන්නේ.... අනේ ටේ?? කුකී... ඉන්නවකෝ.."
යකෝ මෙන්න මුන් දෙන්න ගියා.. මේ යකාටත් නිදාගන්න වෙලාවක් නැද්ද??
"ඒයි ජිමින් නැගිටිනවා..."
"අයියොඉ කරුමේ ඩබල් පින සින්ගල් කියන්නෙ මේවට.. මාර පඹ ගාල් වල මාව පැටලෙන්නෙත්..."
ඒ අස්සෙ මෙන්න මගේ රූම් එකේ ඉන්න කෙනත් කෝල් කරනවා..
"හෙලෝ..."
"..............."
"තව ටිකක් වෙලා යනව.. ඔයා නිදාගන්න.. මන් ලගත් කී එකක් තියනවා.."
".............."
"ඕකේ.. බායි..."
"අනේ ජිමින් නැගිටින්නකෝ.. බොන්න බැරි නම් නොබී ඉන්න ඕනේ මගුල" (😂😂😂😂)
"හශී...."
"ජිමින් නැගිටින්නකෝ....."
"මට කියන්න දෙයක් තියනවා... "
"ඒ මොකක්ද?? "
හෂීට ජිමින්ව ඉකමනට ඇහරවන එකත් අමතක වුනා... හශීගේ හිතට අමුතු කියාගන්න බැරි සතුටක් ආවා.. මොකද ගොඩක් අය බිව්වම හිතේ තියන ඒවා කියනවනේ...
(මෙහි ගොඩක් දේවල් සත්‍ය ජීවිතය හා වෙනස් වෙයි.. බැන්ග්ටැන්ලා ගොඩක් පිටත් අය එක්ක ඉන්නේ නෑ වගේ දේවල්.....😌😌)
Plz vote and comment, if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top