I love you
"හශී...."
"ජිමින් නැගිටින්නකෝ....."
"මට කියන්න දෙයක් තියනවා... "
"ඒ මොකක්ද?? "
හෂීට ජිමින්ව ඉකමනට ඇහරවන එකත් අමතක වුනා... හශීගේ හිතට අමුතු කියාගන්න බැරි සතුටක් ආවා.. මොකද ගොඩක් අය බිව්වම හිතේ තියන ඒවා කියනවනේ...
"ඔයා දන්නවද නිදාගන ඉන්න කෙනෙක් ආසම මොකටද කියල??"
"නෑ මොකටද?? ☺️☺️"
"කනක් ඇහිල නිදාගන්න.. ඒ නිසා ඔය කට වහන් ඉන්නවකෝ..."
"අනේ මේ.. මන් යනවා..."
"මාව තනියම දාලා ගිහින් මොනා හරි උනොත් මගේ අයියලගෙන් බැනුම් අහන්න වෙයි.. මගෙ මල්ලී හරි වසයි... ( මල්ලි කිව්වෙ කුකී... 😂😂)"
"අනෙ මේ ඔයා අත දරුවෙක්ද??"
නිදිමතේ කියවපු ජිමින් ආයෙම තද නින්දට වැටුනා..
"මේ යකා නම්.... යකු මන් මෙයාගේ බොඩිගාඩ් ද?? හුලගක් ආවොත් මාවත් ගහන් යන සයිස්.. ජිමින් නැගිටින්නකෝ.. මටත් නිදිමතයි...."
........................
"ජූන් මන් එහෙන්ම් යනවා..."
"දැන්ම??"
"දැන් අපි මෙතනට ඇවිල්ල පැයකටත් කිට්ටුයි.. කියා පුදුමයි මට කෝල් නොකලා.."
"ඉතින් හැමදාම නෑනේ.. අනික කොච්චර කාලෙකින්ද??"
ජූන් මනූව බස්සන්න ආවට දෙන්නගෙම තරහව ආදරයකට ආයෙම පෙරලුනාම දෙන්න කාර් එක ස්ටාර්ට් කරගෙන ආයෙම ගියේ නිස්කලංක ගස් පිරුනු තැනකට.. (ජූන් මොනාටද ආස කියල ඔයාලා දන්නවනේ.... )
"මනූ.... මේ ඔයා දන්නවද මට දුකක් ආවත් ඒක පෙන්න බෑ"
"ඇයි ඒ??"
"බෑ මන් ස්ට්‍රෝං වෙන්න ඕනේ..ඔයා ගියාම මට ආව කේන්තිය දුක හිතාගන්නවත් බෑ.. හැබැයි මට ඒව හිරකරන් ඉන්න වුනා.. ඒක ඊට වඩා අමාරුයි"
"ඒත් සමහර වෙලාවට අපේ ප්‍රශ්න අපිට ශුවර්ම කෙනෙක්ට කියන්න ඕනේ.. ඔයාට දැන් අවුලක් නෑ.. මන් ඉන්නවනේ...."
"හ්ම්ම්ම් ආයේ මාත් එක්ක ප්‍රශ්නයක් වුනොත් තීරණයක් ගන්න කලින් මගෙන් අහන්න.. ප්ලීස්.."
එහෙම කිව්ව ජූන් බැහැල යන ඉර ඈත අහසේ ලස්සනට පේද්දී මනූව ලගටම අරගත්තා.. ඒ දෙන්නට තනි වෙන්න අද තමා ලස්සනම දවස වුනේ.. සති ගණන් ඈතින් ආදරේ කරපු විදවපු මේ දෙන්න අද එයාලගේ ලෝකෙ තනි වුනා...
........................
Time passed
Hashi pov
වෙලාව හරියටම පාන්දර 4යි.. මගේ මූණට ලාවට එලියක් වගේ වැටෙද්දී මන් හෙමින් ඇස් ඇරියා.. මට ඇහරෙද්දී මාව කවුරුහරි තද කරන් ඉන්නවා වගේ දැනුන නිසා මන් ඉක්මනටම ඇස් ඇරියා..
"හුටා....."
මන් හිටියේ ජිමින්ගේ පපුවට තුරුලු වෙලා... ජිමින් මාව එයාට තද කරල බදාගෙන හිටියේ.. මන් ඉක්මන් කරලා එයාගෙන් ඈත් වුනේ මටම ලැජ්ජ හිතුන නිසා.. අම්බෝ මගේ මූණම රතු වෙලා... ජිමින්ගෙන් ඈත් වුනාම ජිමින් ආයෙම අනෙක් පැත්ත හැරිලා නිදාගත්තා.. මන් එහෙම්ම හිටියේ මේ යකා කීයට හරි නැගිටීනේ කියල හිතන ගමන්..
Hashi pov end
Jimin pov
හරියටම පාන්දර මට ඇහැරුනේ ලොකු වතුර තිබහක් ආව නිසා... ඒ ඇහරෙද්දී හෂී හිටියේ මගේ පපුවට තුරුල් වෙලා.. මගේ අත්වලින් මන් එයාව තද කරගෙන හිටියේ.. මන් එයා එහෙම්ම ඉද්දී හෙමින් ඉස්සරහ තිබ්බ වතුර එක අරන් බීලා ආයෙම හිටියා වගේ හිටියෙ මේ හොල්මන ඇහරෙයි කියල හිතලා..මන් වතුර බොද්දී හෂීගේ නළලට වතුර බිංදු දෙකක් වැටුනා.. හෙමින් එයාට නොතේරෙන්න අයින් කරල මන් ඒ මූණ දිහා බලන් හිටියේ මගේ හිතින් ආව අමුතුම හැගීම මටම තේරුම් ගන්න බැරුව.. ඒත් ඒ වැහුන ඇස්, එකට එක් වුන තොල් මට මොනාදෝ කියනව වගේ මට තේරුනා..
Jimin pov end
එහෙම හිටිය ජිමින්ටත් විනාඩි කිහිපයක් යද්දී ආයෙම නින්ද ගියා...
......................
"අම්බෝ....."
ගම් 7ක් පාලු වෙන්න ඈනුම් අරින ගමන් ජිමින් නැගිටිට්ටම නම් මට හිනාවක් ගියේ ලාවට..
"අනේ නැගිට්ටද මහත්තයා...?"
"තමුසේ තාම මෙතනද??"
"ඔව් ඔව් මන් ඔයාගේ ගාඩ්නේ"
"මරු ගාඩ් අම්බෝ... ඒයි 😂😂😂😂"
"අනේ මේ ඕනේ එකක් කරගන්නවා.. මන් යනවා.."
එහෙම කියල මන් ආවේ ඇත්තටම මටත් හිනා යන්න ආව නිසා.. මරු ගාඩ් තමා ඉතින්...
"ඒයි...."
"ඇයි මොකද??"
"තෑන්කිව් හිටියට...."
"ආ ඒක.... හා හා..."
"මටත් තෑන්ක්ස් කියන්න නේද??"
" ඒ මොකටද??"
"නෑ නෑ...."
එහෙම කියලා හෂී ගියේ ගස්සලා දාලා.. ඇයි ඉතින් එයාට කිසිම අපගසුවක් නැතුව නිදා ගන්න පුලුව්න් උනේ මන් නිසානේ.. මගේ කම්ෆටබල් පපුව නිසානේ.. කොහෙද ඉතින් මේ කෙල්ලොන්ට නිදාගත්තම ලෝකේ පෙරලුනත් දන්න නෑ...
ජිමින්ට කියල මන් එන්න ආවා.. ඇත්තටම තැන්කිව් ජිමින්.. ඔයා එක්ක රැයක. ඉන්න දුන්නට.. ඔයාගෙ තුරුලට වෙලා.. ඒක ඒක මට හිතාගන්නත් බෑ..හම්බෙයිද නැද්ද දන්නෙ නැති ඔයාගෙ තුරුලේ හිටිය ඊයේ කියන්නෙ මගේ ලයිෆ් එකේ මාවලස්ම ඩේ එක... 😍😍
Time passed
නොදැනීම සතියක් ගෙවිල ගියා.. බැන්ග්ටැන්ලා ගොඩක් බිසී උනා වගේම ස්ටාෆ් එක විදිහට හශීලටත් වැඩ සෑහෙන්න වැටුනා.. කියා මනූ ආයෙම ලංකාවට ගියේ ඒ අතරේ.. මොකද ඩොක්ටර් කෙනෙක් කියන්නේ ලොකු වගකීමක් දරාගන ඉන්න කට්ටියකට.. ඉතින් නිවාඩුවත් ඉවර නිසා අකමැත්තෙන් වුනත් ජූන්ව දාලා මනූට කියා එක්ක යන්න වුනා... හැබැයි මනූ එක පොරොන්දුවක් වුනා... ඒ ජූන්ගේ අතින් ඉවර කරන්න එයා ලස්සනම ලස්සන සෝන්ග් එකක් ලියල ඉකමනට එවනවා කියලා.. ඒක බැන්ග්ටැන්ලා සින්ග් කරනවා අහන්න එයාට ලොකු ඕනකමක් තිබ්බ.. ඒ පොරොන්දුවත් එක්ක මනූ ලංකාවට ගියා....
Flash back
"මනූ මන් ඉක්මනට ඔයාව බලන්න එනවා.."
"හ්ම්ම් අනිවාර්යයෙන් එන්න ඕනේ... මන් ඔයාගේ රටට ආවා වගේම දවසක ඔයාව එහේ එක්කන් යන්න මට ඕනේ..."
"ඔව් ඔව් එනව තමා.... පරිස්සමෙන් යන්න.."
එහෙම කියල ජූන් මනූගේ නළලට ආදරණීය හාදුවක් තිබ්බේ ආයේ දවස් ගාණකට දෙන්නට දෙන්න දකින්න වෙන්නෙ නෑ කියන හැගීමත් එක්ක.. කොච්චර දුක වුනත් මනූ වගේම ජූනුත් දෙන්න ගැනම තේරුම් අරන් හිටියේ.. ඒ නිසා දෙන්න අතරේ වෘතීය පැත්තෙන් ප්‍රශ්න සෑහෙන්නම අඩු වුනා.. කොහොමත් හැමෝම හොයන්නේ සැනසීමක් තියන ආදරයක් නේ...
Flash back end
කාලය ගෙවිලා ගියා.. ආයෙම කොරියාවලට ආව බැන්ග්ටැන්ලා අලුත් කම්බැක් එකේ වැඩවලට හිර වුනා.. ඒවත් ඉවර වුනා... ජූන් මග බලන් හිටියේ මනූ එන්න කිව්ව නිසා ලංකාවට යන්න.. හැබැයි ඒක ලේසි උනේ නම් නෑ.. මනූ කොච්චර ආස වුනත් ජූන්ට හිතුන හිතුන ගමන් තමන් කැමති දේ කරන්න බෑ කියල හැමෝම දැනගෙන හිටියා... ඉතින් මනූට ඕනේ වුනා කාලයක් ජූන්ගේ ලගට යන්න.. හැබැයි මනූගේ ජොබ් එක ඒකට හරස් වුනා.. දෙන්න ෆෝන් එකෙන් දෙන්නගේ සමබන්දේ ලස්සනට ගෙනිච්චා... ජූන් ෆ්‍රී වුන ගමන් මනූ එක්ක කතා කරන්න කවමදාවත් අමතක කලේ නෑ..
..........................
"හෂී..."
"අම්බෝ මන් ගැස්සුනා... ඇයි ජිමින්??"
"තමුසේ අද වැඩක්ද??"
(ඒ වගේම කියන්න ඕනේ රියාගේ අවුල තාම එහෙම්මම තියනවා..හැබැයි කලින්ට වඩා ජිමින් දේවල් තේරුම් අරන් ඉන්නේ.. ඒත් ජිමින් රියාව අමතක කරලා නෑ... NY ගමන නිසා රියාගෙන් ටිකක් ඈත් වුනත් සැරෙන් සැරේ ජිම්න් අපාර්ට්මන්ට් එකට ගියා...)
"නෑ එහෙමට ලොකු වැඩක් නෑ,ඇයි??"
"මාත් එක්ක ගමනක් යන්න එනවද??"
"හ්ම්ම් කොහෙද?"
"ක්ලබ් එකට..."
"ආ..... අයියෝ මන් කැමති නෑ.."
"ප්ලීස්.. මාත් එක්කනේ.."
හෂී ක්ලබ් යන්න එහෙම ආස කෙනෙක් නෙමෙයි.. එයා ආස කලේ තනියම නිස්කලංක තැන්වලට යන්න..
"හ්ම් ඇයි මන් එන්න ඕනේ??"
"තමුසෙට බැරිද??"
"හරි එන්නම්....."
හෂී ඉතින් කොච්චර අකමැති වුනත් ජිමින් නිසා හා කිව්වා.. වෙන කෙනෙක් එක්ක ගියොත්......
හවස 5ට වැඩ ඉවර කරල හෂී කාර් පාර්ක් එකේ හිටියේ ජිමින් එනකන්.. ජිමින් ඔන් ටයිම් වැඩ නිසා අඩත් පැය කාලක් හෂීව හිටවල තියල ආවා..
"නගින්න බේබි.."
"ආ...."
"අපෝ ටිකක්වත් රොමෑන්ටික් කියල දෙයක් ගෑවිලා නෑ.. කොල්ලෙක් හොයාගන්නෙ කොහොමද ඔහොම??"
"මට ඕනේ නැති කොල්ලෙක් නෑ ජිමින්..."
ජිමින් ඇයි ඔයාට මගේ ෆීලින්ග්ස් මේ තරම් ජෝක් එකක් උනේ?? ඔයාට මන් තාම කැමති..ඒත් අනේ මන්දා... හිතින් බැන බැන හෂී කාර් එකට නැග්ගා... පැය කාලකට පස්සෙ ජිමින් හෂීව එක්කන් ආවේ Kim Shopping mall එකට...
"මේකට ආවේ ඇයි??"
"ඔහොමද යන්න හදන්නේ??"
"ආ.... ඉතින් ඇයි මේකේ අවුල මොකක්ද??"
"මෙන්න මෙහෙ එනවා.."
ජිමින් හශීවත් ඇදන් ගියේ යන්න ඕනේ තැනට මැච් වෙන ඇදුමක් ගන්න... ජිමින් ගියේ බ්ලැක් හැට් එකක් ඇන්ඩ් මාස්ක් එකක් දාලා නිසා කවුරිත් එයාව අඩුරගත්තේ නෑ..
"මේකට යමු..."
"හ්ම්ම්ම්ම්ම්"
"මේක ෆිටෝන් කරන්නකෝ..."
ජිමින් ඉතින් බලන් හිටියේ හශී ඇදගෙන එලියට එනකන්...
ජිමින් හෂීගේ අතට ෆ්‍රොක් එකක් දීලා කිව්වා.. හශී ඒකත් අරන් ෆොටෝන් කරන්න ගියා.. විනාඩි කිහිපයකින් එලියට ආව හෂීව දැකල ජිමින්ගේ ඇස් උඩ ගියා..
"මොකද?? අවුල්ද??"
"නෑ ඕක හොදයි.. "
ජිමින් එක්කට බිල් කරල,හශීට චේන්ජ් කරවගෙන ගියේ ක්ලබ් එකට.. එදා ක්ලබ් එකේ මාර සෙනගක් හිටියේ.. හශීගේ ෆස්ට් ටයිම් නිසා හශී ජිමින්ගේ අත තද කරල අල්ල ගත්තා... හැමෝගෙම ඇගේ වැදි වැදී හශී ජිමින් එක්ක අතුලට ගියා..
"අනෙ මෙතන ඔලුවත් කැක්කුමයි ජිමින්..."
"මොකක්ද??"
"මන් කියන එක ඇහෙන්නෙ නැද්ද??"
හශී කිව්ව ඒවා ජිමින්ට ඇහුනත් ජිමින් ඇහෙන්නෙ නෑ වගේ රගපෑවා..
"මොකක්ද කියන්නේ??"
"මේ මන් තමුසෙට තාම ආදරෙයි.."
"මොකක්ද?? ඇහෙන්න කියනවා..නැත්තම් ඕක පියාගන්නවා.."
හශී කිව්ව එකට ජිමින්ගේ මූණ වෙනස් වුනත් ටග්ගාලා ඇහුනේ නෑ වගේම ජිමින් ඇක්ට් කලා.. අම්බෝ හශී තමුසෙත් මාර ආතල් දෙන්නෙ.. 😂😂
ටික වෙලාවක් ගියාම ජිමිනුයි මායි ඉන්න තැනට කොටම කොට ගවුමක් ඇන්ද කෙල්ලෙක් ආවා.ඇවිල්ල ජිමින්ගේ ඔඩොක්කුවෙන් ඉදගත්තා.. මගේ ඇගේ මාලු ගගේ නටන්න ගත්තා.. මේ මොන විකාරයක්ද??
"ජිමින් අපි යමුද??"
"ඇයි?? ඉන්නව ඔහොම.."
එහෙම කියල අර ආව කෙල්ලව ජිමින් එයා ලගට තවත් ලං කර ගත්තා..මට බලන් ඉන්න බැරිම තැන මන් නැගිටල එලියට එන්න ආවා..ඒත් කට්ටිය මැද්දෙන් එද්දී කොල්ලො මගේ ඇගේ එහෙ මෙහේ අල්ලද්දී මට ඇඩෙන්න ආවා.. මන් මේ මොන මගුලකටද ආවෙර්?? මන් ඉකමනට අඩිය ඉක්මන් කලේ මේ අපායෙන් යන්න..
"ඒයි කොහෙද යන්නේ???"
මගේ ඇග පුරාම හීනියට දාඩිය දැම්මා.. මන් හොදටම බය වුනා.. කවුද මගේ අතින් අල්ලලා මන් යන ගමන් නැවත්තුවේ කොහෙද යන්නෙ අහන ගමන්.. මන් ආයෙම හැරුනේ කවුද කියක බලන්න...
"😳😳😳😳"
(හශී ජිමින් දැන් ගොඩක් ලගින් ආශ්‍රය කරන දෙන්නෙක්.. හොදම යාලුවෝ වගේ කිව්වොත් හරි.. ඒකයි ජිමින් හැමදේකදිම හශී එක්ක යන්න උත්සහ කරන්නේ.. මොකද ජිමින් කියන්නෙ කවුද කියල එක අතකින් හශී දන්නවා...)
Plz vote and comment,if you feel this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top