First Love

ජිමින් වගේම හෂීත් ටග්ගලා ඩෝ එක ළගට ගිහින් ඩෝ එක ඇරියා....

"😳😳😳😳😳😳😳😳"

අපි ඩෝ එක ඇක ඇරපු ගමන් දැක්කේ ඉස්සරහ ගෙදර හිටිය මනුස්සයා එයාගේ වයිෆ්ට කම්මුලට ගහනවා.. ඒ ගහපු පාර කොච්චර සැරද කියනව නම් ඒ කෙල්ල පාන් කෑල්ලක් වගේ විසික් වෙලා ගිහින් වැටුනා.. ඒ එක්කම මාවත් තල්ලු කරගෙන ජිමින් ඒ කෙල්ල ලගට දුවල ගියා... ගිහින් කෙල්ලව නැගිට්ටවන්න ට්‍රයි කලා....

"ආර් යූ ඕකේ රියා???"

මොකක්?? ජිමින් මේ කෙල්ලව දන්නවද???

ඒ සැනෙන්ම අර මනුස්සය ජිමින්ගේ ටී එකෙන් ඇදල අරන් බිත්තියට හේත්තු කරල,

"තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා..  මේක අපේ ප්‍රශ්නයක්... මැද්දට පනින්න එපා"

එහෙම කියල ජිමින්ව ඩෝ එක පැත්තට තල්ලු කලා.. ඒ එක්කම මන් ඒ මිනිහව එහාට තල්ලු කරල ජිමින්ට නැගිටින්න හෙල්ප් කලා.. නැගිට්ට ජිමින් මාව තල්ලු කරගෙන ආයෙම අර කෙල්ල ළගට දුවල ගියා... ඒ කෙල්ල ජිමින් දිහා බොහොම අසරණ විදිහට බලන් හිටියේ.... මේක අර මනුස්සයට කේනතිය වැඩි කරන්න තවත් හේතුවක් වුනා... එයා එතන තිබ්බ ලී වාස් එක අරන් ජිමින් ඇන්ඩ් අර කෙල්ල ඉන්න පැත්තට විසික් කලා.. මගේ කකුල ඊට වඩා ඉක්මන් වුනේ ඇයි කියන්න මන් දන්නේ නෑ.. ඒත් ඒ ආව වාස් එක මගේ වම් අතේ වැදිල නැවතුන... මන් හිතන්නෙ මගේ අත කැඩෙන්න ඇති... පුදුම වේදනාවක් එක්ක මන් ජිමින්ව එතනින් ගන්න ට්‍රයි කලත් තනි අතෙන් මට ඒක කරගන්න බැරි වුනා... ඒ එක්කම අපාර්ට්මන්ට් එකේ ගාර්ඩ්ලා දෙන්නෙක් ඇවිල්ල අර මනුස්සයව අල්ලලා මෙල්ල කරගත්තා.. පස්සේ එයාලව එයාලගේ හවුස් එකට යන්න කියල වෝනින් එක්කුත් කලා.. මොකද මේක VIP ඒරියා එක, සෝ මේකේ ඉන්නෙ මේ රටේ ඉන්න ටිකක් ස්පෙශල් කට්ටිය... අයි මීන් සල්ලි එහෙම හොදට තියන අය.. එයාලා මේවට වැඩිය ආස නෑ.. කම්ප්ලේන් එකක් එහෙම ආවොත් මෙහෙන් යවන්න වුනත් පුලුවන්.. ඒක හැම අපාර්ට්මන්ට් එකටම පොදු දෙයක්..... ඊට පස්සෙ මායි ජිමිනුයි ආයෙ ජිමින්ගේ හවුස් එකට ආව... ඒත් එයාගේ මූණ ගොඩක් අසරණ වෙලා තිබ්බේ...

හ්ම්ම්ම් ඇයි අනේ එහෙම ගැහුවේ??? ඒ මිනිහා බනිද්දී බැන්නේ තමුසේ ඌව හම්බෙන්න ගියේ ඇයි කියල... ඒ කියන්නේ මොකඛරි වෙන අෆෙයාර් එකක්ද ඒ කෙල්ලගේ?? ඒත් ඒ මිනිහත් එච්චර හොද කෙනෙක් නෙමෙයිනේ.. අපෝ මට නම් අද ඒක හොදටම තේරුනා... මන් එහෙම හිත හිත මගේ බෑග් එක ගත්තෙ මේ මගුලෙන් යන්න.. මට වැරදිල මන් බෑග් එක ගත්තේ මගේ වම් අතින්..

"ආව්ව්ව්........."

මගේ අතේ කැක්කුම ඇග පුරාම යනවා වගේ මට තේරුනා.. ඒ වැදුන පාර මට සැරටම වැදුනා.. මගේ වටේම නිලංකාර වෙනවා වගේ මට දැනුනා.. ඒ එක්කම වටේම අදුරු වෙලා ගියා.......

Jimin pov

එක පාරටම එලියෙන් ආව සද්දෙට එලියට ගියේ මොකක්ද බලන්න... මොකක්ද?? මේ මිනිහා රියාට ගැහුවා නේද??? මන් ලගට ගියේ එයාව නැගිට්ටවන්න... ඒත් අර මිනිහා මාව ඇදල ගත්ත පාරට නම් මට කේනතිය තව වැඩි වුනා... මාව පැත්තකට තල්ලුකරපු මිනිහව හෂී පැත්තකට තල්ලු කරල මාට නැගිටින්න උදව් කලා.. ඒ ක්ශනිකයෙන් මන් රියා ලගට ගියේ එයා හොදටම අඩන නිසා... ඒ ඇස් වල ලොකු දුකක් තිබ්බා.. එයා හොදටම අඩනවා.. කදුලු ඒ මූන දිගේ බේරෙනවා... අපි අපේ ඇස් දිහා බලන් ඉද්දී එක පාරටම ඩාන් ගාලා සද්දයක් ආවා.. මන් බලද්දී අර මිනිහා අපිට එවපු වාස් එක මැද්දට හශී පැනල.. එයත් ලොකු වේදනාවකින් මාව මෙතනින් අයින් කරන්න දැගලුවත් මට බෑ රියාව මෙහෙම දාලා යන්නා.. මන් හෂීගේ අත සැරෙන් සැරේ ගසල අයින් කලා.. ඒ එක්කම ආව ගාර්ඩ්ලා ඌව අල්ලගෙන වෝනින් එකක් දුන්නා... කොහොමහරි අමාරුවෙන් නැගිට්ට රියා ඌ එක්ක ඒ අපායටම ගියා... ඌ ආයේ රියාට ගහයිද?? එහෙම හිත හිත ඇතුලට ඇවිල්ල හැරෙද්දිම දැක්කේ හශී සොෆා එක ළග වැටිලා ඉන්නවා...

"හශී??? ඒයි නැගිටිනවා...."

මන් කතා කලාට එයා නැගිට්ටෙ නැති නිසා මන් එයාව උස්සල ළග තිබ්බ සෝෆ එකෙන් හාන්සි කළා... දාඩියට ඒ කොන්ඩේ නළලේ ඇලිලා.. මන් දැක්ක එයාගෙ එක අතක වැලමිටට යට කොටස නිල් වෙලා තියනවා... නැගිට්ටොත් වේදනාව වැඩි නිසා මන් හශී එහෙම ඉද්දිම උණු වතුර එකක් ගෙනල්ල ඒ අත තැව්වා..

"සොරි හෂී... ඔයාට අද නොඑන්න තිබ්බා.. මගෙන් ඈත් වෙන්න කියල ඔයාට මන් කිව්වා නේද??"

ටිකකින් හශීට සිහිය ආවා.. ඒ වෙද්දී ජිමින් ශටර් එකෙන් පාර බලන් බර කල්පනාවක හිටියේ..... සෝෆා එකේ අම්මරුවෙන් අනිත් අතට වාරු අරන් ඉදගත්ත හශී බැලුවේ ගොඩක් අසරන ඇස් වලින් පාර බලන් ඉන්න ජිමින් දිහා.....

.............................

Time passed

"හෂී ඔයාට ගෙස්ට් කෙනෙක් ඉන්නවා.."

"එන්න කියන්න"

...........

" මන් ඇතුලට එන්නද????"

"එන්න..."

එහෙම කියල මන් ඩෝ එක පැත්ත බලන් හිටියේ කව්ද කියල බලන්නයි..

"ආ මේ මනූ නේ????.. ඉතින් කොහොමද?? වාඩිවෙන්න"

"වරදක් නෑ.. ඔයාට කොහොමද?? ආ මොකො අතට වුනේ??"

මගේ බැන්ඩේජ් කරපු අත දැකල මනූ එහෙම අහද්දි නම් මන් මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බැරි වුනා.. කොච්චර අමාරුවෙන් හරි මන් අද වැඩට ආවේ මේ ෆයිල් එක අද අනිවාර්යයෙන් දෙන්න ඕනේ එකක් නිසා.. නූරියාත් උදේම බැනල ගියේ එයාට කිව්ව නම් එයා ඒක කරල බාර දෙනවනෙ කියල... ඒත් ගෙදර හිටියා නම් මන් ඊයේ දවස ගැනම හිතල පිස්සෙක් වෙන නිසයි වැඩට ආවේ..

"අනේ මන්.. මන් මේ වැටුනනේ... මේක එච්චරම ඇවුලක් නෑ.."

"ඒයි අමතක වුනාද මන් ඩොක්ටර් කෙනෙක් කියල... දැක්කම පේනව සෑහෙන්න වැදිල්ලක් වැදිල කියල...කෝ බලන්න"

මනූ එහෙම කියල මගේ අත බැලුවා... හුටා මටත් අමතක වුනානේ මෙයා ඩොක්ටර් කෙනෙක් කියල...

"හ්ම්ම් කොහොමත් සති දෙකක්වත් යයි වගේ හොද වෙන්න.. ටිකක් පරිස්සම් වෙන්න වෙයි.. නිවාඩුවක් දැම්ම නම් වැඩිය හොදයි කියල හිතෙන්නෙ නැද්ද??"

"අනී බලමුකෝ මනූ.... ඉතින් මොකො ජූන්ව හම්බෙන්නද??"

"හ්ම්ම් ඔව්ව්"

"හා හා මට කියා කිව්වා ඔක්කොම"

"අපෝ මේ කියා නම්..  මාර කෝප්පේ.. ගමම ගිනි තියල ඉවරයි.... මේ එහෙනම් මන් ඒ පැත්තට ගිහින් එන්න්ම්..."

මගෙයි ජූන්ගෙයි සම්බන්දේ ගැන දන්නේ බැන්ග්ටැන්ලා කියා ඇන්ඩ් හෂී විතරයි.. ඒක අපි දෙන්නටම ලොකු සැනසීමක් වුනා.. මොකද ජූන්ගේ ජොබ් එක එක්ක මේ දේවල් හෙන රිස්කි නිසා...

.............         

"ජූන්......."

"ආ මනූ....  එන්න..."

"කොහොමද? මට කම්මැලී වගේ.. ඒකයි ආවේ.. කියාත් පරණ බඩු කඩේට ගියා.."

"මොනාද බොන්නේ?? කොෆී එකක් ආයේ බොමුද??"

නිකන් කට කොනෙන් හිනාවෙලා ජූන් එහෙම කියද්දි මට බකස්ගාලා හිනාගියා....

"අනේ මේ ජූන්... ඕක නවත්තන්න අනේ... මේ ඒක නෙමෙයි මට කියන්න දෙයක් තියනවා.. මන් කියන්න හිටියේ එදා පාර්ටි එකෙම් පස්සෙ බට් මට අමතක වුනානේ"

"හ්ම්ම්ම් මොකක්ද??"

"මන් කිව්වා නේ දවසක් කෙල්ලෙක් මේ පැත්තෙ ඉදන් අඩාගෙන යනවා දැක්ක කියල..."

"ඕ ඉතින්??"

" ඒ හශී...... "

"මොකක්?? හශී?? ඒත් හෂී ඇයි මේ පැත්තෙ ඉදන් අඩාගෙන යන්නේ???"

"🤷🏻‍♀️... ඒක නම් දන්නේ නෑ මන්.. බට ඒ හෂීම තමා.. අනික අන්න අතත් කාඩාගෙන ඒ පාර"

"හ්ම්ම් ඔව්ව් මාත් දැක්කා... මේ කෙල්ලොන්ට කඩිකුලප්පුවනේ.... 😂😂😂"

එහෙම විකාර කියව කියව මායි ජූනුයි පැයක් විතර කතා කර කර හිටියා... හැමදාම මෙහෙම නිදහසක් නැති නිස හම්බෙන පොඩි වෙලාවේ අපි ගොඩක් ලං වුනා.. අනික මන් අවෝඩ් ශෝ එකට ආව ගෙස්ට් කෙනෙක් නිසා මේකේ වැඩ කරන අයට මන් මෙහෙ එන එක ඒ තරම් සැකයට හිතුනේ නෑ... ඊලග පාර එද්දි අර මන් කිව්ව සෝන්ග් එකත් ගේන්න පොරොන්දු වෙලා මන් ජූන්ට සමුදීල එතනින් ආවා...

.........................

"මොකො ජිමිනා... නිකන් 100ට අරන් 10ට දීලා වගේනේ ඕයි මූණ..."

"ආ... නෑ නෑ ටේ මේ නිකන්...."

"අවුලක් නම් කියපන් බන්... උබ ඔහොම ඉන්නෙ නෑනේ...."

"හ්ම්ම් මේ බන්..."

"හ්ම්ම් කියන්න???"

"රියා......."

"අනේ මේ බන්... රෙද්ද උබ දැන් කියන්න යන්නේ රියා ගැන නම් ප්ලීස් මට නම් කියන්න එපා"

"මේ අහපන්කෝ.. රියා ගැන හෂී දැනගත්තා"

"මොකක්ද???"

"ඔව් බන්"

"මෝඩයෙක් ඕයි.. කොහොමද එහෙම වුනේ???"

"මේකයි බන් වුනේ..................

Flash back

ශටර් එකෙන් එලිය බලන් ඉදපු ජිමින්ට කතා කරලා මෙතනින් යන්න මන් තීර්ණය කළා..

"ජිමින්"

මන් කතා කරපු සද්දෙට වෙනම ලෝකෙක අතරමන් වෙලා හිටියා එයා මන් දිහා බැලුවේ කදුලු පිරිච්ච ඇස් දෙකෙන්... ඒ ඇස් දිලිසෙනවා කදුලුවලට.... මන් අමාරුවෙන් අතත් උස්සන් එයා ළගට ගියා...

"ජිමින් මට කියන්න දෙයක් තියනවද???"

"නෑ ඔයා දැන් මෙතනින් යන්න.. අනිත් දේ අද වුන දේවල් ඔයා අමතක කරලම දාන්න....ප්ලීස්"

එහෙම කියන ගමන් එයා හෙමින් ඒ ඇස්වල කදුලු පිහදගත්තා... නොකිව්වට ඔය ඇස්වල කදුලු මගේ හිතටත් තදටම දැනෙනව ජිමින්... අපි ගොඩක් ඈත් වුනත් මට ඔයා ගැන හිතන එක නවත්තන්න බෑ ජිමින්....😢😢😢

"ජිමින් ඔයාට තව මුකුත් නෑ මට හන්ගන්න... හරි මන් මේ පාරෙන් අයින් වෙන්නම්.. ඒත් මට කියන්න ඔයා මේ තනියම විදවන්නෙ ඇයි කියල විතරක්???"

"ජිමින් කතා කරන්නකෝ.. කවුද රියා??? කවුද??? ඇයි ඔයා ඒ ප්‍රශ්නේ මැද්දට ගියේ??"

"ඕක නවත්තගන්නවා... රියා කියන්නේ මගේ හැමදේම...."

"මොකක්???"

මට නිකන් හෙනයක් ගැහුව වගේ වුනා... රියා කියන්නේ ජිමින්ගේ, නෑ නෑ ඒක කොහොමත්ම වෙන්න බෑ....

"ඔව්ව්ව් තමුසෙට දැන් ඇහුනනේ..  රියා කියන්නෙ මගේ ආදරේ.. මගේ ජීවිතේ.. කොටින්ම මගේ හැමදේම.... ඒ මගේ පලවෙනි ආදරේ..."

"ඒත්...."

"ඒත් ඔව් එයා වෙන කෙනෙක්ව මැරි කලා.. ඉතින් මට ආදරේ කරන්න බැරිද??"

"පුලුවන්... ඒත් ඔයා කරන්නෙ වැරැද්දක්... ඔයා ඇයි ඒ දෙන්න අතරට යන්නේ?? ඒ මනුස්සයා කිව්ව කොල්ල ඔයාද??"

"හෂී මන් තාම එදා වගෙම එයාට ආදරෙයි.. හැබැයි මන් ඒ දෙන්න අතරට ජීවිතේ කවදාවත්ම ගිහින් නෑ..."

ටික වෙලාවක් මුලු වටපිටාවම නිහඩ වුනේ දෙන්නගෙම කටවල් වැහුන නිසා... මට මුකුත්ම තේරෙන්නෙ නෑ දෙයියනේ..... නිශ්ෂබ්දතාවට තිත තියල ජිමින් ආයෙම කතාව පටන් ගත්තා..

"කොටින්ම මන් එයාට ආදරේ කියලවත් කියල නෑ"

"මොනාද අනේ මේ කියන්නෙ?? ආදරෙයිලු ඒත් කියල නෑලු.... ජිමින් ඔයා හොද සිහියෙන්ද????"

"හ්ම්ම්ම් මන් රියාට ආදරේ කලේ බැන්ග්ටැන් එකට ජොයින් වෙන්න කලින් ඉදල. ඉස්කෝලේ කාලේ ඉදල මන් රියාට ආදරේ කලා.. හැබැයි රියා කියන්නේ අපේ ඉස්කෝලේ හිටිය ලස්සනම කෙල්ල..මන් හිතින් එයාට සෑහෙන්න ආදරේ කලා.. මගේ යාලුවෝ එක එක ජෝක් කරල රියාටත් මගේ කැමැත්ත ගැන ආරංචි වුනා.. ඒත්...."

"ඒත් ඇයි????"

"රියා හෙව්වේ ගොඩක් ලස්සන සල්ලි තියන කොල්ලෙක්.. මොකද එයාට නොසෑහෙන්න සල්ලි තිබ්බ.. ඒ ගැන එයාගේ යාලුවො එක්ක කියද්දී මන් අහගෙන හිටියා.. එදා එයා මන් ගැන ගොඩක් දේවල් යාලුවොන්ට කිව්වා...."

මීට වසර කිහිපයකට කලින්

"රියා ඔයා ජිමින් ගැන මොකද හිතන්නේ??"

"අනේ මේ නවත්තගන්නවද?? මන් කැමති නෑ.. අනික මන් කැමති මොන වගේ කෙනෙක්ටද කියල ඔයාලා දන්නවනේ... යොන්ජෑන් වගේ කෙනෙක් තමා මට ඕනේ... ජිමින්ට මොනාද තියෙන්නෙ...???"

"හ්ම්ම් ඔව් එයා මට කැමති වුනේ නෑ.. ඒත් එයා ආදරේ කරපු යොන්ජෑන් කියන්නේ අපිට අවුරුදු 4කට වගේ වැඩිමල් කෙනෙක්... එයාට නොසෑහෙන්න කෙල්ලො හිටියා.. සරලවම එයා හොද මනුස්සයෙක් නෙමෙයි..මන් ඒ ගැන රියාට කියන්න ට්‍රයි කලත් එයා ඒව පිලිගත්තේ නෑ.. පස්සෙ මන් බැන්ග්ටැන් එකට ජොයින් වෙලා හැමෝම දන්න කෙනෙක් වෙලා එයාව බලන්න ගියා... ඒත් ඒ වෙද්දී මන් ගොඩක් පරක්කුයි.. එයා අර කාලකන්නියව බැදල ඉවරයි... දැන් රියා නොසෑහෙන්න දුක් විදිනවා..... මට ඕනේ එයාව ඒ අපායෙන් බේරගන්න හෂී"

"ඒත් ජිමින් එයා ඔයාට ආදරේ කලේ නෑ.. දැන් කලත් ඒ ඔයාගේ සල්ලිවලටනෙ"

"ඉතින් එයා ලස්සන නිසා ඒ වගේ ලස්සන කොල්ලෙක් හොයන එක වැරදිද??? එයාට සල්ලි තියනවා... ඉතින් එයාට ඒ වගේම ජීවිතයක් හොයන එක වැරදිද???"

"ජිමින් 😳😳😳😳😳😳"

ජිමින්ටත් නොදැනීම ඒ ඇස්වලින් කදුලු හෝගාලා වැටුනා... ඔයා මේ තරම්ම ආදරේද ජිමින් එයාට..මන් එයාගේ අත් දෙක අල්ලල එයාට සහනයක් වෙන්න හිතුවා.. ඒත් එයා නැගිටල මට දැන් ගෙදර යන්න කිව්වා.. මටත් කොහොමත් එතන තව දුරටත් ඉන්න බැරි නිසා මන් ඉක්මනට එතනින් ආවා....

Flash back end

"ජිමින් උබ මොකක්ද බන් මේ කරන්නෙ?? උබ රියාට ආදරේ කළා.. හැබැයි ඕයි දැන්?? දැන් එයා බැදලා.."

"ඒත් ඒ කාලකන්නියා රියාට වද දෙනවා"

"යකෝ ඒ ඒකිගේ මිනිහා.. ඒ පවුල් ප්‍රශ්න.. අනේ බන් බබෙක් වෙන්න එපා.. ආදරේ කලා.. ඒත් දැන් එයාලට ඕනේ විදිහකට ඉන්න දීල උබ පාඩුවෙ ඉදපන්කෝ... ප්ලීස් ජිමින් මන් මේ උබේ සහෝදරයෙක් වගේ ඉල්න්නේ"

"මට තේරෙනවා"

"ඒ කියන්නෙ හෂීගෙ අත.......??"

"හ්ම්ම්ම් ඒක මගෙ වැරැද්ද..."

"තොගේ වැරැද්ද??? යකෝ මොකක්ද වුනේ???"

ජිමින් එදා වුන හැමදේම අකුරක් නෑරම ටේට කිව්වා...

"දැන් ඒ කෙල්ලට මොකද කියල බැලුවද??"

"නෑ"

"යනවා මැරුම් නොකා.. යකූ තමුන් ළග ඉන්න, තමන් ගැන හොයල බලන මිනිස්සු ගැන හොයනව දුක් වෙනවා... උබව එපා කිව්ව අය වෙනුවෙන් මැරෙන්න යන්න කලින්..."

"හ්ම්ම් හරි ටේ මන් බලන්නම්"

එහෙම කියල ටේ ජිමින්ට ඔරවගෙනම එතනින් යන්න ගියා...

ටේ කිව්ව එක අහල මන් හෂීගේ රූම් එකට යන්න ගියේ ඇත්තටම එයාට දැන් කොහොමද බලන්න... මන් නිසා මෙහෙම දෙයක් වුන නිසා නොපෙන්නුවට මන් සෑහෙන්න පසුතැවීමෙන් හිටියෙත්... හ්ම් කමක් නෑ ඕනේ මගුලක් කියල මන් ගියා...

........................

"කෙනෙක්ට පුලුවන්ද තව කෙනෙක්ට මේ තරම්ම ආදරේ කරන්න.. අවුරුදු ගාණක් මග බලන් ඉන්න?? ඒ කෙනා වෙනුවෙන් වෙනස් වෙන්න?? ජිමින් ඔයා මන් හිතුව චරිතෙ නෙමෙයි... මේ තරම් ආදරයක් වේදනාවක් කොහොමද ඔයා තියාගෙන ඉන්නේ?? ඒ කෙල්ල ඈත්වෙලාම ගිහිනුත් 😢😢😢ජිමින් මාත් ඔයාට ආදරේ කරනවා... ඒත් කොච්චරක්ද කියන්න මටත් බෑ.. හ්ම් මන් ආදරේ කරන ඔයා පණ වගේ වෙන කෙනෙක්ට ආදරේ කරනවා.. මේ තරම් වේදනාවක් මටත් දරාගන්න බෑ ජිමින්....."

හිතින් හිතනව ඇර මන් වෙන මොනා කරන්නද?? ඒත් ජිමින් ඔයාට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඒ කෙල්ල දැන් ඔයා ලගට ආවත් එන්නෙ සල්ලි ප්‍රසිද්ධිය නිසා කියල... ජූන් අනිත් අය ඔයාව මේ කරදරයෙන් බේරගන්නයි හදන්නේ ජිමින්... ඔයාට මේ තරම් ආදරේ කරන කට්ටිය ඉද්දී ඇයි ඔයා මෙහෙම ජීවත් වෙන්නේ?? ඔයා මට අයිති නැති වුනත් ඔයාට මේ අපායට වැටෙන්න මන් ඉඩ දෙන්නෙ නෑ කොහොමත්ම... ඔයා හොද ලස්සන කෙල්ලෙක් හොයා ගන්න... ඒත් මේ එයා නෙමෙයි කියල ඔයා තේරුම් ගන්නම ඕනේ........

මගේම ලෝකෙක තනිවෙලා හිටිය මන් හරි සිහියට ආවේ කව්දෝ ඩෝ එකට තට්ටු කරනවා ඇහිලා...

"එන්න ඇතුලට....."

මන් ආවේ කවුද කියල ඔලුව ඉස්සුව.....

"ජිමින් ඔයා ඇයි මේ වෙලේ??"

මන් එහෙම අහද්දිම එයා හෙමින් ඇවිත් මගේ ඉස්සරහ පුටුව ඇදල ඉදගත්තා... ඉදගෙන මුලින්ම බැලුවේ මගේ අත දිහා...අන් හෙමින් අති පහලට ගන්න යද්දිම එයා මගේ අතින් අල්ල ගත්තා...




Special : ජිමින් රූම් එකෙන් ආව එක ටිකක් රිස්කි නේද?? කවුරුහරි අදුරගත්ත නම්?? ඔහොම හිතුනෙ නැද්ද??? මේකයි එයාලා ඉන්නේ VIP ඒරියා එකේ නිසා මිනිස්සු කොහොමත්ම නෑ.. මොකද මේකේ ඉන්නෙ ලොකු ලොකු බිස්නස්මන්ලා.. යොන්ජෑන් කියන්නෙත් ලොකු බිස්නස්මන් කෙනෙක්... ( ඒකයි රියා එයාට කැමති වුනේ) ඉතින් කොහොමත්ම මිනිස්සු නෑ.. අනිත් එක කැමරා... මේ ඒරියාවලය කැමරා තියෙන්නෙ දෙකයි.. ඒකත් කොහොමත්ම ලීක් කරන්නෙ නෑ.. මොකද ඒක ලීගලි ඇක්ශන් එකක් ගන්න පුලුවන් රීසන් එකක්... අනික VIP නිසා කොහොමත්ම තත්ත්වය හිතාගන්න පුලුවන්නේ...



😉😉😉😉😉😉😉😉

Plz vote and comment,If you feel this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top