Bye Korea
"මොකක්ද මේ වෙන්නේ?? දෙයියනේ?? ජූන් ඔයා???🤐🥺"
හ්ම් ඔව්ව් මගේ ඇස් මටම බොරු කරනවා වගේ හිතුනා.. ජූන් කියන්නේ මේ වගේ කොල්ලෙක් නෙමෙයි.. එයා හිටියෙ කව්දෝ කෙල්ලෙක් හග් කරගෙන.. එයා ඒ කෙල්ලව තද කරලා එයාට තුරුල් කරන් හිටියා.. මගේ ඇස්වලින් මට නොදැනීම කදුලු පෝලිමට වැටුනා... එක ඉකියක්වත් නොදී මන් ටැංකියේ මේ පැත්තට වෙලා ඒ දෙන්න දිහා බලන් හිටියා... මෙතනින් යන්න ඕනේ වුනත් බෑ ඔයා මට මේ මොකක්ද කරන බොරුව කියල මට දැනගන්නම ඕනේ ජූන්, ඒ නිසා මන් එයාල යනකන්ම මෙතන හිටියා... අඩ අඩ හිටිය ඒ කෙල්ල ජූන්ගෙන් විනාඩි 10කට විතර පස්සේ අයින් වුනා... දෙන්න මොනාදෝ කිව්වට මට ඒ මුකුත්ම ඇහුනේනෑ.. එහෙම්ම දෙන්න රූෆ්ටොප් එකේ පැත්තකට ගිහින් තවත් වෙලා කතා කරන්න පටන් ගත්තා.....
"මොකක්ද මේ වෙන්නේ???"
මන් මටම කියාගන්න ගමන් මට ආව කේන්තියටම මන් පහලට දිව්වා... මන් කෙලින්ම ගියේ හෂීගෙ කැබින් එකට... මන් අඩනවා දැක්ක හෂී මන් ළගට දුවගෙන ආවා..
"මනූ.... මනූ මොනද මේ?? කතා කරන්නකෝ..මොකක්ද වුනේ?? ඉන්න මන් ජූන්ට කතා කරන්නම්..."
එහෙම කියල හෂී යන්න හැදුවේ... මන් එයාගේ අතින් අල්ලල නවත්ත ගත්තා...
"හෂී.... ජූන්...."
"ඇයි මොකක්ද ජූන්ට වුනේ?? මනූ අඩන්න එපා.. ප්ලීස්.. අඩන්නෙ නැතුව වුන දේ කියන්නකෝ.."
එහෙම්ම මාව එතන තිබ්බ පුටුවෙන් වාඩි කෙරෙව්ව හෂී මගේ ලගින් ඉදගෙන මන් අඩන්න හේතුව දිගින් දිගටම ඇහුවා...
"හෂී ජූන්ට වෙන කෙනෙක් ඉන්නවද???"
"මොකක්?? නෑ කොහොමත්ම වෙන්න බෑ මනූ..."
"නැත්තේ නෑ හෂී... මන් මගේ ඇස් දෙකෙන්ම ඒක දැක්කා.. රූෆ්ටොප් එකෙ....."
මන් දැක්ක හැමදේම හෂීට කිව්වා.. හ්ම්ම්ම් මන් සාමාන්‍යයෙන් කෙනෙක්ට දෙයක් කියන්න කලින් දෙපාරක් නෙමෙයි දහපාරක් හිතන කෙනෙක්.. ඒත් මේක හංගන් හොටෙල් එකට තරම් යන්න හයියක් මට තිබ්බෙ නෑ.. ඒ නිසාද මන්දා මන් මේ හැමදේම හෂීට කිව්වා.. මන් කිව්ව දේවල් ගොඩක් වුවමනාවෙන් එය අහන් හිටියා...
"මනූ..... ඒත් ජූන්???"
"ඔව් ඔව් හෂී මටත් විශ්වාස නෑ.. මගේ ජූන් එහෙම මට කරන්නේ නෑ.. ඒත් මන් ඇස් දෙකෙන් දැක්ක දේවල් බොරු කියන්න බෑ මට...."
"අනේ මනූ මුලින් අඩන එක නවත්තන්න.. මන් මොකක්ද කරන්න ඕනේ? මට හිතාගන්න බෑ.. අපි මේක අහමු එයාගෙන්,නැත්තම් අපි ජින්ගෙන් අහමු..."
"එපා එපා හෂී... මට දැන් කාවවත් විශ්වාස නෑ... අහන්න ඔයා මට උදව්වක් කරන්න ඕනේ..."
"කියන්න.. මට කරන්න පුලුවන් දෙයක් නම් මන් නොකර ඉන්නෙ නෑ.."
"මන් හෙට රෑ ෆ්ලයිට් එකෙන් ආයෙ යනවා... මන් යනකන් මේ ගැන ජූන්ට තියා වෙන කාටවත් දැනගන්න තියන්න එපා..."
"ඒත් මනූ....."
"ප්ලීස්.. මේක මන් ඔයාගෙම සහෝදරියක් විදිහට කරන ඉල්ලීමක්... "
"හරි ඒත් ප්‍රශ්නෙන් පැනල යන එක උත්තරේද??"
"මේ වෙලේ මට තේරෙන විදිහට හරිම දේ මේක හෂී.. ප්ලීස් මට වුන පොරොන්දුව කඩන්න එපා.."
"හරි... ඔයා මට හම්බුන ගොඩක් වැදගත් යාලුවෙක්.. මන් පොරොන්දු වෙනවා..."
හශීව හග් කරලා මන් වොශ් රූම් එකට ඇවිත් මූනත් හෝදගෙන ජූන්ලගේ රූම් එකට ගියේ අන්තිම පාරට එයාට මට කියන්න දෙයක් තියනවද බලන්න..
"හායි ළමයි.."
"අම්බෝ කොහෙද හලෝ ගියේ??? ඔන්න ඔයාගේ කුමාරයා ආවා..."
"කොහෙද මනූ අතුරුදහන් වුනේ???"
ජූන් මගෙන් එහෙම ඇහුවම මගේ හිතේ තිබ්බ තරහ දෙගුන තෙගුණ වුනා...
"ඔයා කොහෙද ගියේ?? මන් කොච්චර වෙලාද ඇවිල්ලා.. "
"අනේ මන් මේ වැඩකට ගියේ මැනේජර්ව හම්බෙන්න..."
එහෙමද ජූන්.... ඔයා මෙච්චර බොරුකාරයෙක්ද?? වාව්... මන් කවදාවත් අනිත් අය ගැන එහෙම හිතුවට ඔයා වගේ කෙනෙක් මේ වගේ දේවල් කරයි කියල හිතුවෙ නෑ..
"එහෙමද?? මන් ඇවිල්ල ගොඩක් වෙලා දැන්..."
"මොකෝ තරහෙන් වගේ..."
"නෑ නෑ එහෙම නෑ"
එහෙම කියල මන් ජූන්ගේ ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි වුනා.. මාත් එක්ක කතා කරන ගමන්ම එයා ලග තිබ්බ ෆයිල් වගයක් ෆිල් කලා...
"මේ මන් එහෙනම් යන්නද??"
"ඉන්න මන් බස්සන්නම්..."
නිකන් හරි ජූන් ආවොත් අනිවාර්යයෙන් අපේ රූම් එකට එනවා.. කියා අපි හෙට යනවා කියල කොහොමත්ම කියනවා.. නෑ නෑ එහෙම වෙන්න බෑ...
"නෑ ජූන්, කියා මගට එනෝ කිව්වා එයාගේ පොඩි වැඩකට.... මන් ඒකට යන්න ඕනේ"
"හා හා එහෙනම් පරිස්සමෙන් යන්නකෝ"
එහෙම කියලා ජූන් මගේ ලගට ඇවිල්ල මාව තද කරලා එයාගේ පපුවට තුරුල් කරගත්තා.. ඇයි ජූන් මෙච්චර ආදරේ දෙද්දී මට මෙහෙම කරන්නේ?? මන් කොහොමද ඔයා මට බොරු කරනවා කියල විශ්වාස කරන්නේ.. මාත් ජූන්ව තද කරගෙන අල්ල ගත්තා.. මන් හෙන යනවා කියල හිතෙන්ම මන් කිව්වා..
ජූන්ට සමුදීල ඉකමනට ආයේ පස්ස නොබල මන් එලියට ආවේ මගේ කදුලු මට ශුවර්ම නැති නිසා.. එහෙම්මම ටැක්සි එකක් ගත්ත මන් හොටෙල් රූම් එකට ඇවිල්ල වොශ් එකක් දාන් ඇල වුනා... කියා ඇවිල්ල ලෝකේ නැති වල්පල් කියෙව්වත් ඒ කිසි දෙයක් ගාණකට නොගෙන මන් වෙනම කල්පනා ලෝකෙක තනි වුනා.. ඔයා මුලින්ම මට ආදරේ කිව්ව හැටි, මන් ලගට ආව හැටි, මන් ලග හිටිය හැටි මේ දේවල් මගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා.. හ්ම්ම් මන් මුකුත් කියාට කිව්වේ නෑ.. මොකද කියාගෙ කටට බ්රේක් නෑ.. එයා අනිවාර්යයෙන් ඕක අහනවා ජූන්ගෙන්.. ඒ නිසා මන් බොහොම අමාරුවෙන් මගේ කටයි ඇස් දෙකයි පරිස්සම් කරගත්තා.. කීයටද නින්ද ගියේ නම් දන්නේ නෑ... අපි දෙන්නම ඇහැරෙද්දී ඊලග දවසේ 9ත් වෙලා...
"මනූ අද ජූන්ල එයාර්පෝර්ට් එකට එන්නෙ නැද්ද??"
"නෑ"
"මොකෝ?? අවුලක්ද??"
"ආ.... නෑ නෑ එයාලට බැහැනේ එන්න..."
"ආ ඒක මිසක්... හරි හරි... දුක ඇති නේද කුමාරයට??"
ඒ කිව්ව දේට කියා දිහා බලල කට කොනෙන් හිනා වෙලා වොශ් එකක් දාගන්න ගියා....
Hashi pov
මන් මොකක්ද කරන්නේ?? අයියෝ මටම ඇයි මෙහෙම වෙන්නේ?? ජූන් ඔයා මේ මොකක්ද කරගත්තේ?? මනූ මන් මොකක්ද කරන්නේ?? මන් කරකියාගන්න දෙයක් නැතුව ඔහේ කල්පනා කර කර මගේ කැබින් එකට වෙලා හිටියා...
"හෂී ඔයා වැඩකද??"
මන් අතේ තිබ්බ ෆයිල් එක මේසෙන් තියන ගමන් ආව කෙනා දිහා බැලුවා..
"ජිමින්.... එන්න ඇතුලට"
"හවසට වැඩක්ද??"
"අදද?? අහ්හ් ඔව් ජිමින් ඇයි???"
"නෑ නෑ.... එහෙනම් මන් යනවා..."
එහෙම කියල මෙන්න මේ යකා ගියා.. මොකද මේ කවදාවත්ම නැතුව... ඔව් අද මනූල යනව.. ඉතින් මන් එයාර්පෝර්ට් එකට එයාලව බස්සන්න එන්න පොරොන්දු වුනා.. මනූ මන් අන්තින මොහෙතෙදි හරි ඔයා ආපහු හැරෙයි කියල හිතනවා....
Time passed
අපි හවස 6ට හොටෙල් එකෙන් ආවෙ 8ට අපේ ෆ්ලයිට් එක නිසා... මන් අන්තිම පාරට මන් ආස කොරියන් විදිහට ලස්සන ඇදුමක් ඇන්දා..
ඔව් ඔව් කියා... ඌට මොන මගුලටත් තියෙන්නෙ ඩෙනිමනේ.. මට බය මූ මුගේ වෙඩිමටත් ඕකම අදීද කියල..
හොටෙල් එකෙන් එලියට ආව අපි ටැක්සි එකට නැග්ගා.. නගින්න කලින් අන්තිම පාරට මන් ආයේ හැරිලා බැලුවේ මෙහෙ කොච්චර මතක මට තියනවද කියල... හ්ම්ම් වැඩක් නෑ මේ ඔක්කොම බොරු දේවල්... එහෙම හිතල මන් ටැක්සි එකට නැග්ගා...නැග්ග වෙලේ ඉදන් ශටර් එකෙන් එලිය බලන් ආව මාව ගැස්සුනේ කියාගේ කෑගැහිල්ලට...
"මොකද ඕයි?? හිනාවෙලා යනවකෝ.. මොකද මේ අන්තිම ගමන යනවා නෙමෙයිනේ ඕයි... ජූන්ව බලන්න ආයේ එනවා.. හරි මන් හරි එක්කන් එන්නම්කෝ.. කොහොමත් මටත් ගෙනියන්න පරණ බඩුවක් හරි ගන්න බැරි වුනානේ..."
ඒකට නම් මට බකස් ගාලා හිනා ගියා.. අම්බෝ පවු හැබැයි... පිස්සු කෝලම... මන් කියාගේ ඔලුව අතගාලා ආයේම එලිය බලාගෙනම එයාර්පෝර්ට් එකට ගියා.. අපි යද්දී හෂී ඇවිල්ල හිටියේ... ටැක්සි එකෙන් බැහැපු අපි ලගට ආව හෂී අපිව බදාගත්තේ ගොඩක් ආදරෙන්... අපේ ඇස්වල කදුලු නෑ කියන්න කටවත් බෑ.. කොහොම හරි හැමදේම හිරකරන් අපි හෂීට සමුදුන්නා.. ඔව් හෂී ඔයා විතරක් නෙමෙයි මන් මේ දාලා යන්නේ මගේ ජීවිතේ ලස්සනම මතක ගොන්නක්... අපි ආයේත් හම්බෙයි.. ඒත් ඒ මතක මතකම වෙලා වැලලිලාම යාවී.. ඒත් ඒ මතක වලට අද වගේම මන් හැමදාටම ආදරේ කරනවා.. ඒ පොරොන්දුවත් හිතේම තියන් මේ සිහින දේශෙන් මායි කියායි සමුගත්තා....
.......................
Writter pov
මගේ කතාවේ ප්‍රදාන චරිත දෙකක් තියනවා.. තමන්ගෙම හීන පස්සෙ දුවන හෂී සහ මහන්සියෙන් හීනවලට පණ දුන්න මනූ.. ඔව් හෂී එයාගේ ආදරේ ඉස්සරහ ගොඩක් අසරණයි.. බොළදයී... ඒ වගේම පිටට නොපෙන්වන තරම් හැගීම්බරයි... ඒත් මනූ... මනූ කියන්නේ දුක මිනිස්සුන්ගේ අසරණකම මේ හැමදෙයක්ම වගේම ඇස් ඉස්සරහ ආදරේ කරන අයගේ වෙන්වීම දැක්ක කෙනෙක්.. ජූන්ගේ බොරුව එයාව අසරණ කලත් හෂීට සාපේක්ෂව මනූ ශක්තිමත් වුනේ ඒකයි.. එයා හැගීම්වලට වහල් වුනේ නෑ.. ඒකයි එයා මේ හැමදේකින්ම ඈත් වෙන්න හිතුවේ.. ඔව් ප්‍රශ්නවලින් පැනල යන එක නිවටකමක්.. හැබැයි ඒ නිවටකම ඇතුලේ සමහරවිට වචනවලට පෙරලන්න බැරි ගොඩාක් දේවල් තියෙන්න පුලුව්න්.. ජූන් කෙල්ලෙක් එක්ක ඉන්න එක මේ තරම්ම මනූව ඇඩෙව්ව නිසා මනූ ඇත්තටම බය වුනා අනාගතය ගැන.. මනූ තේරුම් ගත්තා එයා එයාගෙ අදහස් එක්ක තව දුර යන්න බෑ කියල.. ඒ නිසා නැවතීමේ තිත මනූම මේ ජූන් මනූ ආදර කතාවට තිබ්බා.. ඒක අවසාන නැවතීමේ තිතද නැත්තම් එක පරිච්ඡේදයක අවසානයද??
Writter pov end
Hashi pov
හ්ම් මනූ ගිය එක මගේ හිතට නොසෑහෙබ්බ වදයක් වුනා.. එයාලා ගියාට පස්සෙ මන් ටික දුරක් පයින්ම ආවේ මගේ හිතටත් පොඩි සහනයක් ඕනේ වුන නිසා..
ට්ර්ංට්ර්ංංංංං (හෂීගේ ෆෝන් එක එක පාරට රින්ග් වුනා)
"හෙලෝ"
ආව කල්පනාව පිටම මන් ඔහේ කනෙන් තොයාගත්ත ෆෝන් එක ආන්ස්වර් කරල කතා කලා..
"හෙලෝ"
අනිත් පැත්තෙන් ඇහුන කටහඩ මට හුරු නිසා මන් ෆෝන් එකේ වැටුන නම බැලුවා.. හුටා
"ඔව් කියන්න ජිමින්... ඇයි මේ වෙලේ.. දැන් 9ත් පහු"
"ඒයි මන් වෙලාව දන්නවා....මෝඩි"
"ආ...... ජිමින්???"
මට ජිමින් කතා කරපු විදිහ ටිකක් ඇල්ලුවේ නෑ.. එයා වෙරිවෙලා හිටියේ කියල මට හොදටම තේරුනා...
"ඔව් ඔව් ඕයි මන් ජිමින්. තමුසේ කොහෙද ඉන්නේ?? ආ සොරි.. ඔයා තමා මගෙන් එහෙම අහන්න ඕනේ.. ඔහේනේ මගේ ඔත්තුකාරී"
"මේ ජිමින්... කොහෙද ඉන්නෙ කියනවා මගේ යකා අවුස්සන්නෙ නැතුව.. 😡😡"
...... ටික වෙලාවකින් සද්දයක් නැති වුනා. මන් ටග්ගලා කෝල් එක කට් කරල ආයෙම ජිමින්ට කෝල් එකක් ගත්තා...
"හෙලෝ"
"හෙලෝ ජිමින්... ඔයා කොහෙද ඉන්නෙ??"
"හෙලෝ මිස්..මේ සර් ටිකක් ඩ්‍රින්ක්ස් අරන් වැඩී වගේ......................"
මන් ඒ කෝල් එක ආන්ස්වර් කරපු කෙනාගෙන් ජිමින් ඉන්නෙ කොහෙද කියල අහගත්තා.. මන් හිතන්නෙ එතන වැඩකරන කෙනෙක් වෙන්න ඕනේ..ඉක්මනට ටැක්සි එකක් ගත්ත මන් ඒ කෙනා කිව්ව තැනට ගියා..බයෙන් බයෙන් ඇතුලට ගියේ මේ වගේ තැන්වලට මන් ඇවිල්ලම නැති නිසා.. තනියම ගොඩක් වෙලාවට හිටිය නිසා මේ වගේ බාර් කැෆේ වලට මන් ආවෙම නැති තරම්.. බොහොම අමාරුවෙන් මන් ජිමින්ව හොයා ගත්තා...
"ඒයි ජිමින් නැගිටිනවා.."
මේ යකා, යකා පොලේ ගහලා වගේ මෙතන දොයි.. අයියෝ දෙයියනේ.... මගේ පස්සෙන් මෙච්චරම ප්‍රශ්න එන්නෙ ඇයි????
"ඒයි නැගිටිනවකෝ..."
මට ජිමින්ව මෙල්ල කරගන්න අමාරු වුනා.. ඒත් අමාරුවෙන් අමාරුවෙන් මන් මේ යකාව කොහොම හරි ආම්බාන් කරගෙන එලියට ගියා... ටැක්සි එකක් ගත්ත මන් කල්පනා කලේ දැන් කොහෙද යන්නෙ කියලා.. හත්වලාමේ.. ජූන්ට කෝල් කරන්න ෆෝන් එක ගත්තම දැක්කෙ ෆෝන් එකේ බැටරි ඩෙඩ්.. ජිමින්ගේ ෆෝන් එක ගත්තා.. මේ යකාගේ පාස්වර්ඩ් එක මොකක්ද?? අයියෝ....( ෆින්ගර් ප්‍රින්ට් නැති බව කරුණාවෙන් සලකන්න) වෙන කරන්න දෙයක්නෑ.. මන් මගේ රෙන්ට් එකට ගත්ත රූම් එකට මේ යකාවත් අරගෙනම ගියා..අමාරුවෙන් අමාරුවෙන් රූම් එකට එක්කන් ගිහින් සැටියෙන් හාන්සි කලා.
"ඔහොම ඉන්නවා... ඔයිට වඩා මට කරන්න දෙයක් නෑ... හෙට බලාගන්නම්කෝ"
සිහියක් නැතුව හිටිය ජිමින්ට වෝනින් එක දීලා මන් වොශ් එකක් දාන්න ගියා.. හැබැයි ජිමින්ගේ හොදකම කියන්නේ තියල ගිය විදිහටම ඉන්නව දිගා වෙලා..
"බොන්න බැරි නම් මොකට බොනවද මන්දා???"(😂😂😂😂😂)
මන් බැන බැනම දාගෙන හිටිය බූට් දෙක ගලවලා තෙත ටවල් එකක් ගෙනල්ල මූණ පිහදැම්මා.. මන් වරද්ද ගත්තේ මෙතනද?? මට ජිමින්ගේ ඒ පිය වුන ඇස්, එකට ඇලුන තොල්, ලස්සනට රතු වුන කම්මුල් දැක්කම මට ජිමින්ව බදාගන්නමයි හිතුනේ... මන් හෙමින් හෙමින් ඒ ඇස් දිගේ මගේ ඇගිල්ල ගෙනිච්චා.. ලාවට කට කොනෙන් ජිමින් එතකොට හිනා වුනා.. මාවම කන්ට්‍රෝල් කරගන්න බැරිවුන නිසා මන් ඒ තොල්වලට මගේ මහපට ඇගිල්ල තියල බලාගෙන හිටියේ ඒ පිරුන කම්මුල් දිහා.. මටත් නොදැනීම මගේ තොල් ඒ තොල් ලගට ටික ටික ලන් වෙනවා එක්කම මන් හරි සිහියට ආවා...
"ඒයි හෂී තමුසේ මේ මොකක්ද කරන්නේ???"
මන් මගේම හිතින් හිතද්දී එයාගෙන් ඈත් වුනා.. ඒ එක්කම මගේ බෙල්ල වටේ ගිය ජිමින්ගේ අත මගේ තොල් ඒ තොල් වලින් අල්ල ගත්තා.. මට හිතාගන්න බැරුව ඇස් ලොකුකරන් එයා දිහාම බලන් හිටියා.. දෙයියනේ.. ටික වෙලාවක් ඒ සතුට මන් වින්දේ ජිමින් කියන්නෙ මගේ එකම ආදරේ නිසා..
නින්දෙන් හිනාවෙලාම මගෙන් ඈත් වුන ජිමින් සැටියේ අනිත් පැත්තට පෙරලුනේ පොඩි බබෙක් වගේ. එතනම ඉදගෙන මන් ඔලුව තියාගත්තේ අද ඔයා ලගින් තප්පරයකටවත් ඈත් වෙන්නෙ නෑ කියල හිතන ගමන්..
"රියා......"
මාව ගැස්සුනේ ජිමින්ගේ කටහඩට..
"අනේ ජිමින් රියා එපා.. මන් ඔයාට ඉන්නවා.. මන් හෂී.. ජිමින් ප්ලීස් රියාව අමතක කරන්න.. එයා ඔයාට ආදරේ නෑ.."
"රියා.... මගේ රියා..... ඇයි මන් එනකන් ඉන්න බැරි වුනේ.... 😢😢"
මගේ ඇස්වලින් කදුලු වැටුනේ හෝගාලා.. ඇයි ජිමින් ඇයි මේ.. මෙච්චර ලග ඉන්න මගේ ආදරේ දැනෙන්නෙම නැද්ද??? ඒ එක්කම අමාරුවෙන් ඇස් අරිය ජිමින් මන් දිහා බැලුවේ පුදුමෙන් වගේ.....
"හෂී...."
"ජිමින්.."
"මන් මෙහෙ මොකද කරන්නේ? ඇයි ඔයා මෙහෙම? ඇයි අඩන්නේ????"
"ජිමින් මන් ඔයාට ආදරෙයි.... ජිමින් මන් ඔයාව රියාට දෙන්නෙ නෑ.. ඔයාට බෑ බෑ...."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Plz vote and comment,if you feel this story 💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top