🧡 04 🧡
ජන්කූක් යුනි එක ඇතුලට ගියේ සෝ ආ හොයාගෙන ජන්කූක් cafeteria එකට ගියේ අනිවාර්යයෙන් සෝ ආ එතැන ඉන්නවා කියලා දන්න නිසා කොල්ලා හිතුවා වගේම සෝ ආ හිටියා කොල්ලා ගිහින් සෝ ආ ඉස්සරහින් වාඩි වුනාම කෙල්ල ගැස්සිලා ගියා
ජන්කූක් පුදුමෙන් බලාගෙන හිටියේ කෙල්ලගේ ඉදිමුනු ඇස් දිහා බලාගෙන දකින ඕන කෙනෙක්ට තේරෙනවා කෙල්ල අඩලා කියලා
" සෝ ඔයා ඇඩුවා ද "
කොල්ලා සෝ ආගේ අතින් අල්ලාගෙන අහද්දී කෙල්ල අත ඇදලා ගත්තා
" වේ මොකද වුනේ "
ජන්කූක් අහද්දී කෙල්ල මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" මොනාහරි වෙලා තියෙනවා මොකද වුනේ කියන්න "
" මුකුත් නැ ජන්කූක් "
සෝ ආ එහෙම කියලා නැගිටලා යන්න හදද්දී ජන්කූක් කෙල්ලගේ අතින් ඇල්ලුවා
" ආව්...."
කෙල්ල අත ඉක්මනට ඇදලා ගත්තා
" යාහ්හ් සෝ කියනවා මොකද වුනේ "
කෙල්ල මුකුත් නොකියන නිසා කොල්ලා කෙල්ලගේ අත් දිග blouse එක ඉස්සුවා කෙල්ලගේ අතේ තියෙන රතු වුනු පාරවල් දිහා බලලා කෙල්ලගේ ඇස් දිහා බැලුවා සෝ ආ ඇස් වල කදුලු පුරවගෙන ජන්කූක් දිහා බලාගෙන හිටියා කොල්ලා පරිස්සමට කෙල්ලව එහා පැත්තෙන් ඉන්දව ගත්තා
" කොහොමද මෙහෙම වුනේ ආ කතා කරන්න සෝ "
ජන්කූක් අහද්දී කෙල්ල බිම බලාගෙන හිටියේ කෙල්ලට ලැජ්ජ හිතුනා තමන්ගේ අප්පා මෙහෙම කලා කියන්න ඒක නිසා කෙල්ල මුකුත් නොකියා හිටියා
" සෝ ආ කතා කරනවා මගේ යකා අවුස්සන්නේ නැතුව '
කියුට් කුකී නපුරු වෙනවා කියලා තේරෙද්දී කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන ජන්කූක් දිහා බැලුවේ
" දැන් කියන්න කවුද මේවා කලේ..."
ජන්කූක් සන්සුන්ව ඇහුවේ කොල්ලා කෑගැහුවොත් සෝ ආ අඩයි කියලා හිතලා
" චේබල් සෝ මම ඔයාගේ හොදම යාලුවා නේද ඉතින් මට කියන්න "
ජන්කූක් කියද්දී සෝ ඔලුව වැනුවේ හා කියන්න
" අ..අප්පා..එයා මට ඊයේ ගැහුවා "
කෙල්ල ඉකිගසන ගමන් කිව්වා ජන්කූක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ අප්පා කෙනෙක්ට මෙහෙම දුවෙක්ට ගහන්න පුලුවන් ද කියලා හිතන ගමන්
" ඔයා මොකද්ද කලේ මෙහෙම ගහන්න තරම් "
ජන්කූක් ඇහුවා
" අ..අප්පා.. එයා.. කැමති නැ මම ඩාන්සින් කරනවාට...."
" මොහ්....වේ..."
" දන්නේ නැ "
" හරි හරි දැන් අඩන්න එපා ඔයා අඩනකොට කැත තාරාවෙක් වගේ අඩන බබා."
" යාහ්හ් මම කැත තාරාවෙක් නෙවෙයි මට අඩන බබා කියලත් කියන්න එපා "
කෙල්ල නහය උඩට ඇද ඇද කියනකොට ජන්කූක් හිනා වුනා
" අඩන බබා...."
" යාහ්හ් ජන්කූක් මගෙන් ගුටි කන්න ඕන ද "
" අනියා බබා..'
ජන්කූක් එහෙම කියලා හිනා වුනා හැබැයි මේ දිහා කෙනෙක් බලාගෙන හිටියේ තරහින් ඒ වෙන කවුරුවත් නෙවෙයි ජන්කූක්ගේ පස්සෙන් මෙච්චර කල් ආපු නෝරා
නෝරා තරහින් එතැනින් යන්න ගියේ සෝ ආට හොද පාඩමක් උගන්නනවා කියලා හිතන ගමන් ටිකකින් ජන්කූක් සෝ ආව ලෙක්චර් හෝල් එකට ඇරලවා ගියා
කෙල්ලට අද එක ලෙක්චර් එකයි තිබ්බේ කෙල්ල ඒක ඉවර එලියට වෙලා හිටියේ ජන්කූක් එනකම් මොකද ජන්කූක් කෙල්ලට කිව්වා එයා එනකම් ඉන්න කියලා කොල්ලාට ලෙක්චර් එක ඉවර වෙන්න පැයක් තිබුණු නිසා
කෙල්ල cafeteria එකට නොගිහින් ටිකක් කට්ටිය අඩු තැනකින් ගිහින් වාඩිවෙලා එයාගේ ජීවිතේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා
" ආ මේ ඉන්නේ අපේ අහිංසක සෝ බබා..."
කෙල්ල කල්පනා ලෝකෙන් එලියට ආවේ නෝරාගේ කටහඬ ඇහිලා කෙල්ල නෝරා දිහා බලද්දී සමච්චලේට වගේ කෙල්ල දිහා බලාගෙන ඉන්නවා
" උප්ස්......මොකද සෝ බබා ඔහොම බලන්නේ තමුසෙගේ ඔය අහිංසක මූනට අනිත් අය රැවටුනාට මම රැවටෙන්නේ නැ "
නෝරා කිව්වේ කෙල්ලගේ කට දෙපැත්තෙන් අල්ලලා තද කරලා කෙල්ලගේ ඇස් දෙකට කදුලු පිරුනා
" තමුසේ හිතාගෙන ඉන්නේ මහ ලොකුයි කියලා ද ආ ජන්කූක්වත් අල්ලාගත්තා එහෙනම් තමුසේ "
නෝරා කිව්වේ තරහෙන්
" ඔයා මොනාද නෝරා කියන්නේ ජන්කූක් කියන්නේ මගේ යාලුවෙක් විතරයි "
" හහ්....එච්චර ලගින් යාලුවෝ ඉන්නවා ද තමුසෙට මාව පේන්නේ මෝඩයෙක් වගේ ද "
නෝරා කෙල්ලගේ අතකින් තද කරලා අල්ලාගෙන ඇහුවා කෙල්ලට දෙවියෝ සිහි වුනා නෝරා අල්ලපු පාර
" චේබල් නෝරා....මාව අතහරින්න මට රිදෙනවා "
කෙල්ල කිව්වේ හැඩුම් පාලනය කරගෙන ඒත් නෝරා නම් කෙල්ලව අතහරින්න අදහසක් තිබ්බේ නැ
" අතහරින්න..........."
නෝරා එහෙම කියලා සෝ ආගේ අතින් ඇදලා තල්ලු කරලා දැම්මේ වැටෙන්න වුනත් එතැනට ආපු කෙනෙක් කෙල්ලව අල්ලගත්තා
කෙල්ල තමන්ව අල්ලගත්තේ කවුද කියලා බලන්න ඔලුව උස්සලා බලද්දී දැක්කේ කොහොමටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්
ඔව් ඔව් ඒ ඇවිත් හිටියේ ජිමින් කොල්ලා ටිකක් කලින් ආවේ ජන්කූක් එක්ක පාක් යන්න ඕන කිව්ව නිසා කොල්ලා යුනි එක ඇතුලට ආවාම තමයි සෝ ආව දැක්කේ ඒත් කොල්ලා එතැනට යනකොට දැක්කේ කෙල්ලගේ කට මිරිකගෙන ඉන්න නෝරාව ඒත් එක්කම කෙල්ලව තල්ලු කරද්දී කොල්ලා ගිහින් සෝ ආ අල්ලගත්තා
කෙල්ල බය වෙලා වගේ ජිමින් දිහා බලාගෙන හිටියා ජිමින් කෙල්ලව කෙලින් කරලා නෝරා දිහා බැලුවේ
" තමුසෙගේ නම්චිංගු ද මේ ආ "
නෝරා අහද්දී කෙල්ල කලේ බිම බලාගෙන හිටපු එක ඒත් එක්කම ජිමින් කෙල්ලගේ කරට අතක් දාලා ලගට ගත්තේ කෙල්ල තවත් බය වෙද්දී
" යේ.......මම සෝ බබාගේ නම්චිංගු තමයි "
ජිමින් කියද්දී කෙල්ලගේ ඇස් පුදුමෙන් ලොකු වුනේ මම කවද්ද එයාගේ නම්චිංගු වුනේ කියලා හිතන ගමන්
" එහෙම නේද ඩෝල්...'
ජිමින් ඇහුවේ කෙල්ලගේ ඇස්වලට එබිලා කෙල්ල පුදුමෙන් වගේ ඒ ඇස් දිහා බලාගෙන හිටියා ටික වෙලාවක් බලාගෙන ඉදපු නෝරා ගස්සගෙන යන්න ගියා නෝරා ගියාම ජිමින් කෙල්ලව අතහැරියා බෙන්ච් එක උඩ තිබුණු බෑග් එකත් අරගෙන ජිමින් ලගට ආපු කෙල්ල
" කුමාවෝ මාව බේරගත්තාට.... ජන්කූක්ට කියන්න මම ගියා කියලා "
කෙල්ල එහෙම කියලා ජිමින්ට ආචාර කරලා දුවලා එතැනින් ගියේ ජිමින් තවත් මොනවාත් කියන්න කලින් කෙල්ල යන දිහා බලාගෙන හිටපු ජිමින් කට කොනින් හිනා වුනේ ඔලුවේ වෙනම ප්ලෑන් එකක් වැඩ කරද්දී
ටිකකින් ජන්කූක් දුවගෙන ආවේ සෝ ආ බලාපොරොත්තුවෙන් වුනත් එතැන හිටියේ ජිමින් ජන්කූක්ගේ මුහුනේ සිනාව අලුත් වෙද්දී කොල්ලා දුවගෙන ගියේ ජිමින් ලගට
" හියුන්ග්....."
" ඕ කුකී...කොහොමද අද "
ජිමින් ඇහුවේ අතේ තියාගෙන හිටපු ෆෝන් එකත් සාක්කුවට දාගන්න ගමන්
" හොදයි කියන්නත් බැ හියුන්ග් නරකයි කියන්නත් බැ "
ජන්කූක් කියද්දී ජිමින් කොල්ලාගේ කොන්ඩේ ඇවිස්සුවා
" ඔයාගේ යාලුවා යනවා කියලා ගියා "
" මොහ්...එයා ගියා ද මම කිව්වා මට ලෙක්චර්ස් ඉවර වෙනකම් ඉන්න කියලා '
ජන්කූක් කිව්වේ කනගාටුවෙන් වගේ
" දැන් අපි දෙන්නා පාක් එකට යමු...."
" අපි mansion එකට යමු හියුන්ග් "
ජන්කූක් එහෙම කියලා ඉස්සර වෙලා යද්දී ජිමින් කොල්ලා දිහා බලාගෙන හිටියා ජිමින්ට තේරුනා ජන්කූක් ඉන්නේ දුකින් කියලා සෝ ආ එයාට නොකියා ගියපු එකට ඒත් ඇත්තටම දුකින් හිටියේ සෝ ආ විදින දුක දැක්කා ජන්කූක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්
ජිමින් ජන්කූක්ගේ පස්සෙන් ගිහින් කා එකට නැග්ගා වෙනදා කොයිවෙලෙත් තොර තෝංචියක් නැතුව කියවන කොල්ලා අද නිහඩ වෙලා ජිමින්ට මහ පාලුවක් දැනුනේ
" කුකී....."
ජිමින් කතා කලත් ජන්කූක්ගෙන් ප්රතිචාරයක් නැ mansion එකට ආපු නිසා කොල්ලා කා එකෙන් බැහැලා ඉක්මනට රූම් එකට දුවගෙන ජින් පුදුමෙන් බලාගෙන ඉදිද්දී වෙනදා ජින් හියුන්ග් කියාගෙන කෑගහගෙන එන කොල්ලා අද සද්ද නැතුව රූම් එකට ගියා ජිමින් මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා කියලා ජින් හිතුවේ ජිමින් ඇතුලට එනකොට ජින් රවාගෙන හිටියේ
" හියුන්ග් රවන්න එපා මම මුකුත් කලේ නැ "
" මම ප්රශ්නේ අහන්න කලින් උබ කොහොමද උත්තරේ දුන්නේ "
ජින් ඇහුවේ ඇහිබමක් උස්සගෙන
" අයිෂ් හියුන්ග් ඔයා දැන් අහන ප්රශ්නේ මට කියන්න පුලුවන් ඒකයි මම උත්තරේ දුන්නේ "
" කුකි මොකද අවුලෙන් "
" එයාගේ යාලුවා එයාට නොකියා ගියා කියලා අවුලෙන් ඉන්නේ "
ජිමින් එහෙම එතැනින් ගියාම ජින් ගියේ ජන්කූක් හොයාගෙන ජන්කූක් රූම් එකේ ඇද උඩට වෙලා කල්පනා කර කර ඉන්නකොට ජින් ගිහින් කොල්ලා ලගින් වාඩි වුනා
" මොකද වුනේ "
ජින් ඇහුවේ ජන්කූක්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන්
" හියුන්ග්....."
" මොකද වුනේ ම්ම් හියුන්ග්ට කියන්න "
ජින් ආදරෙන් අහද්දී ජන්කූක් ඔලුව වැනුවා
" හියුන්ග් සෝ ආට ඊයේ එයාගේ අප්පා ගහලා හියුන්ග් එයාගේ අත් වල පාරවල් හිට තිබුනා මට ඒවා දැක්කාම හිතුනේ අප්පා කෙනෙක්ට තමන්ගේ දුවට එහෙම ගහන්න පුලුවන් ද කියලා පව් හියුන්ග් එයා ගොඩක් දුක් විදිනවා එයා හැබැයි ඒක කාටවත් පෙන්නන්නේ නැ සෝ තනියෙන් විදවනවා හියුන්ග් "
ජන්කූක්ගේ ඇස් වල කදුලු පිරිලා ජින් කොල්ලාව තුරුල් කරගෙන පිට අතගෑවේ එයාව සනසන්න වගේ
" එයා මොනාහරි වැරැද්දක් කරන්න ඇති කුකී.."
ජින් කියද්දී ජන්කූක් ඔලුව දෙපැත්තට වැනුවා
" එයාගේ අප්පා කැමති නැ එයා ඩාන්ස් කරනවාට ඒක නිසා එයාට ගහලා තියෙන්නේ "
" මොහ්....."
ජන්කූක් කියද්දී ජින් පුදුමෙන් ඇස් ලොකු කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉදීද්දී ජන්කූක් ඔලුව වැනුවේ ඒක ඇත්ත කියන්න
" එයා පව් හියුන්ග් සෝ ගොඩක් තනිවෙලා ඉන්නේ මට එයාට උදව් කරන්න ඕන ඒත් මොනාද කරන්න ඕන කියලා තේරෙන්නේ නැ "
" මගේ කුකී පොඩ්ඩෝ අහන්නකෝ ඔයා මේ ප්රශ්නෙට අත දාන්න එපා හියුන්ග් ඒක ගැන බලාගන්නම් "
" චින්චා....."
" යේ.... මම මගේ කුකීට බොරු කියලා තියෙනවා ද ම්ම් "
ජන්කූක් නැ කියන්න පොඩි දරුවෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා
" ඒක නේ මට ඉස්සෙල්ලාම ඔයාගේ යාලුවා හම්බවෙන්න ඕන "
" හරි හියුන්ග් ඔයා හෙට හවසට යුනි එක ලගට එන්න "
' හ්ම්ම් දැන් ගිහින් වොෂ් එකක් දාගෙන කෑම කන්න එන්න "
ජින් එහෙම කියලා කොල්ලාගේ කොන්ඩේ අවුස්සලා යන්න ගියා
__________________________
" කොහොමද මෙහෙම වුනේ ආ..."
මිස්ටර් මින් ඔෆිස් රූම් එකම දෙදෙරන්න කෑගැහුවේ මිස්ටර් ලී මැරිලා කියලා ආරංචි වුනාම
" මිස්ටර් ජිමින්ගේ වැඩක් සර්.... මිස්ටර් ලී අපිට උදව් කලා කියලා මිස්ටර් ජිමින් දැනගෙන "
මිස්ටර් මින් අතමිට මොලවගත්තේ තරහට
" ඕ ශිට්....ඌ කොහොමද එහෙම කරන්නේ අහ් උගේ තත්ත්වය ගැන ඌ දන්නේ නැ "
ජිමින් park industries භාර ගන්න කලින් මිස්ටර් මින්ගේ කම්පැනි එක තමයි කොරියාවේ නම්බර් වන් වුනේ ජිමින් park industries භාර ගත්තාට පස්සේ ඔක්කොම වෙනස් වුනා කෙටි කාලයක් ඇතුලත කාටවත් ලං වෙන්න බැරි තරම් තැනකට park industries ගේන්න ජිමින්ට පුලුවන් වුනා ඒ වගේම ජිමින් එක්ක හැප්පෙන්න ආපු කවුරුවත් පනපිටින් ඉතුරු වුනේ නැ
මිස්ටර් මින් ඒක නිසා ජිමින් එක්ක හිටියේ තරහින් Min industries යටතේ තිබුණු sub branches ගොඩක් ජිමින් එයා යටත ගත්තා ඔය හේතු නිසා මිස්ටර් මින් ජිමින් එක්ක හිටියේ නයි වෛරයෙන්
" සර්....අපි දැන් මොකද කරන්නේ "
" ඔතන ඉන්න තව එකෙක් ඇදපන් කොහොමහරි ඒ වගේම ජිමින් යන එන තැන් හොයපන් "
මිස්ටර් මින් කිව්වා
" ඒත් සර්..."
" මම උබට කිව්ව දේ විතරක් කරපන් "
මිස්ටර් මින් කියද්දී සේහුන් එතැනින් ගියා සේහුන් කියන්නේ මිස්ටර් මින්ගේ හොර වැඩ ඔක්කොම දන්න මිස්ටර් මින්ගේ ලගම කෙනෙක් මිස්ටර් මින් ඕනෑම හොර වැඩක් කියන්නේ සේහුන්ට මොකද සේහුන්ට underworld එකත් එක්ක connection තිබ්බා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ඊයේ රෑ දෙන්න හිටියේ
ඒත් ඕතර්ට මූඩ් එකක් තිබ්බේ ටයිප් කරන්න
ඔයාලාගේ අදහස් කියාගෙන යන්නකෝ
Bạn đang đọc truyện trên: AzTruyen.Top