-end-

.
.
.
.
සතියක කාලයක් ගෙවිලා ගියේ යුන්සොක්ට මාව නැතුවම බැරි වෙනකොට...හායුන් එක්ක කොච්චර කතා කරන්න උත්සහ කරත් එයා කලේම මාව මගාරින එක..අදත් උදේම චූටි චන්ඩියාවත් කරේ තියාගෙනම පහලට එනකොට ටේහ්‍යුන් ඇවිත් ඉනටත් අත්දෙක තියාගෙන හිනා වෙවී බලන් ඉන්නවා...

" හරි ශෝක් තාත්ති ආවා විතරයි ටේ මාමාව ගනන් ගන්නෙත් නෑ.."

"ටේ මාමා අපා..තාත්ති ඕනා..." පොඩි එකත් හුරතල් වෙවීම ටේව තවත් අවුස්සනවා..

" ආහ් එහෙමද පුතෝ.. හා හා වරෙම්කෝ ආයෙ ටේ මාමා චොකෝ ඕනේ අයික්කීම් ඕනේ ගගා..."

ඒපාරනම් මගෙ කරෙන් බැහැලා ටේ ගාවට යන්න දඟලනවා..කපටිම නෑ මේකා..යන්න ආපු හිනාව කාගෙනම මන් බැලුවේ ටේගේ මූන දිහා..කෙහෙල් ලෙල්ලක් වගේ මූනත් හදාගෙන පොඩි එකාට රවනවා..මූ පොඩි එකාට හපන්..

" ආහ් ගනින් මගෙ කොන්ද රිදෙනවා...පොඩි උනාට මොකෝ මේකා හරි බරයි.."

යුන්සොක්වත් ටේට දීලා එහෙන්මම කිචන් එක පැත්තට ගියා...

හායුන් හෝ ගාලා වැඩ..කිචන් එකේ..හිමින්ම ගිහින් පිටිපස්සෙන් නොදැනෙන්න ඒ ඉණ වටේ අත් යවලා බදාගත්තේ..එයා කලබල උන පාර අතේ තිබ්බ බඩුත් වැටෙනකොට....

" ම්..මාව ආ.තාරින්න "

" ම්ම්හ්..බෑ..මෙහෙම ටිකක් ඉන්න ඕන "

මගෙන් ඈත් වෙන්නම දඟලනවා..තව ටිකක් අත් තද කරලා ඒ ගෙල මතින් තොල් තිබ්බේ හායුන්ව ගැස්සිලා යනකොට...විනාඩි ගානක් ඒ සුවඳ මත්තේ මත් වෙලා හිටපු මන් හායුන්ව මගෙ පැත්තට හරව ගත්තේ ඒ රතු උන මූන නිකටෙන් අල්ලලා මන් ගාවට ලන් කරගන්න ගමන්..

" මට සමාවක් නැද්ද හායුන්..ප්ලීස් මට සමාවෙන්න..මට ඔයාවයි යුන්සොක්වයි ඕන...ප්ලීස්.." ඒ ඇස් වලින් ගලන කඳුලු මහපට ඇඟිල්ලෙන්ම පිහලා මන් ඒ දෙතොල් මතට නැමුනේ..හායුන් මට ඉඩ දීලා ඇස් පියාගන්නකොට..විනාඩි ගානක් ඒ තොල් සිපගත්ත මන් හායුන්ව අතෑරියේ ටේගේ කටහඬට..මේ යකාටත් වෙන වැඩ නැද්ද මන්දා..ශිට් මේ වෙලාවෙම කඩාගෙන පැන්නනෙ

" ඕහ් සොරි මචන්.." මූ කට කොනෙන් හිනා වේගෙනම් කියවනවා දෙන්න හිතෙනවා හොම්බ කට සමතලා වෙන්න..මන් මූට රවනකොට මූ ගන්ජා ගහලා වගේ හිනා වෙනවා...

" මොකද උබ හිනා වෙන්නේ.."

" මොකද උබ රවන්නේ "

" රවන්න නෙමේ වටින්නේ උබට ..කෑවා හොඳම වෙලාව.."

" කව්ද ඉතින් දන්නේ උබලා මෙතන අඩාල්ට්ස් ඔන්ලි ෆිල්ම් පෙන්නනවා කියලා.."

" උබට..මන් කියන්නෑ ඉතින් පලයන්කෝ බන්..ගිහින් අර පොඩි එකාව ටිකක් බලාගනින්කෝ"

"අනේ මේ මෙතන උබට පෙම්සුව විඳින්නයි මන් අරහෙ අර පොඩි වසවර්තියව බලාගන්නයි..බලාගනින් ගිහින් තොගෙ ලමයනෙ..මන් යනවා මට පරක්කු වෙනවා..."

" දැන්ම යනවද ටේ ඔප්පා.ඔහොම ඉන්න උදෙට කාලාම යමු.." මෙච්චර වෙලා ඔලුව වත් උස්සන්නැතුව වැඩ කර කර හිටපු හායුන් ටේ දිහාට හැරිලා ඇහුවේ..

" බෑ හායුනා..හොඳටම පරක්කුයි..මන් යනවා..පරිස්සමෙන් ඉන්න කට්ටියම.."

" හරි ඔප්පා ඔයත්.."

හොබීටයි හායුනාටයි කියලා යුන්සොක්වත් ඉඹලා මන් ගෙදරින් එලියට බැස්සේ සිතුලි ගොන්නක අතරමන් වෙනකොට..එලියට ඇවිත් ආයෙමත් ගේ දිහා බලල හුස්මක් පාත දැම්මේ මේ ගෙවුනු අවුරුදු තුන චිත්‍රපටයක් වගේ ඇස් ඉදිරියේ මැවිලා මැකිලා යනකොට....

මතක් උනේම පලවෙනි පාරට ඒ නිල් ඇස් දැකපු දවස...අහේතුකවම ඒ ඇස් වලට මන් ආදරේ කරපු තරමක්..ඉතින් දැන් ඔයාට යන්න දෙන්න කාලෙ ඇවිත් හායුනා...පුන්චිම හරි බලාපොරොත්තුවක් නොතිබුනා නෙමෙයි ඔයා මට අයිතිවෙයි කියල..ඒත් කවදාවත් ඔය හිතේ මට ඉඩ ලැබෙන්නෙ සහෝදරයෙක් කියන බැඳීමට විතරමයි කියලා මන් දන්නවා...කමක් නෑ ඔයා සතුටින් ඉන්නවනම් මට ඒ ඇති...

හිනාවකින් මුව සරසගෙනම මන් කාර් එකත් ස්ටාර්ට් කරගෙන බන්ගලාවෙන් එලියට කාර් එක දැම්ම...

.
.
.
.
.
.
.
.
.

"පුතා.."

යුන්සොක් එක්ක සෙල්ලම් කර කර හිටපු මායි හායුනයි බැලුවේ අපි දිහාවට වීල්චෙයාර් එකත් තල්ලු කරගෙනම එන අම්මා දිහා..

"අම්මා.."

" මොකද කියන්නේ දැන්වත් දෙන්න පෙලවහක් උනානම්..."

" මන් කැමතියි අම්මා.."

" හායුනා.."

" ම්..මාත් කැමතියි අම්මා.."

හායුන් ලැජ්ජවෙන්ම එහෙම කියනකොට මන් හායුන්ව මන් ලඟට කරගත්තේ ඒ හිස් සිපගන්න ගමන්..
.
.
.
.
.
.

කාලය වේගෙන් ගෙවිලා ගියා...අද මගෙයි හායුන්ගෙයි වෙඩින් එක...අල්තාරයට වෙලා මන් යුන්සොක්වත් වඩාගෙන බල්ලගෙන හිටියේ හායුන් එනකන්...ටිකකින් ටේගේ අතේ එල්ලිලා..එන කෙල්ල දිහා මන් බලන් හිටියේ දැහැනකට සමවැදිලා වගේ..අද කෙල්ල සුරංගනාවියක් වගේ...සුදුම සුදු පිම්බුන වෙඩින් ගව්මෙන් සැරසිලා දිග කොන්ඩේ කඩලා දාලා මල් වලින් සරසලා..මල් බොකේ එකත් අරගෙන එන කෙල්ල දිහා මන් බලාගෙනම හිටියා..

හායුන්ගේ අත මට දීලා යුන්සොක්වත් වඩාගෙන ටේ ආපහු ගිහින් බලාගෙන හිටියේ කසාද චාරිත්‍ර එකින් එක සම්පූර්ණ වෙලා හායුන් හැමදාටමත් මට අයිති වෙනකොට....

ඒ රෝස් පැහැ දෙතොල් මන් සිප ගත්තේ ආදරෙන්...

අදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋
.
.
.
.
.
ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋


----------------------------🦋----------------------------

ඉතින් අවසරයි නවතින්න මටත් "Blue Eyes " නිල් නෙතු කතා මාලාවෙන්...

ඔන්න ඉතින් ඒකත් ඉවරයි ලමයි..😋❤️

අදහස් කියාගෙන යන්න..🌝

written by shenukawi ♡🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top