-9-

හැමෝම කෑම මේසේ වාඩි වෙලා හිටියේ මිසිස් ජන්ග් සේයුන් එක්ක කතා කරන අතරේ හොබීගේ සීතල ඇස් යොමු වෙලා තිබ්බේ කෑම බෙදන හායුන් දිහාවට....
හායුන් දිහා එකදිගට බලන් හිටපු හොබීගැස්සිලා ගියේ හායුන්ගෙ නිල් පාට බෝල ඇස් එකපාරටම හොබීගේ සීතල ඇස් එක්ක එකට මුනගැහෙනකොට...
.
.
.
.
.
ඒ දවසින් පස්සෙ මාසයක් ගෙවිලා ගිහින්...හෝසොක් සේයුන් එක්ක ආයෙමත් සෝල් වලට ගියේ එදා දවසින් දවස් තුනකට පස්සෙ....හොබිත් නැතිවෙන තැන..මිසිස් ජන්ග් ඔෆිස් එකේ වැඩ වලට බිසී වෙනකොට ඒ විශාල බන්ගලාව ඇතුලේ කෙල්ලට දැනුනේ වචනයෙන්වත් කියාගන්න බැරි තරම් පාලුවක්...ගෙදර වැඩ කරපු අජුම්මා හිටියා ඇරෙන්න කෙල්ල රෑ වෙනකන්ම කලේ ගාර්ඩ්න් එකේ මේපල් ගස් යට ඉඳන් පොතක් ඇතුලෙ අතරමන් වෙලා කාලෙ ගෙව්ව එක...කෙල්ලට තාමත් හිතා ගන්න බෑ හොබී ඇයි කෙල්ලව මේ විදියට නොසලකා හරින්න හේතුව කියලා...සමහර වෙලාවට මේපල් ගස් යට ඉඳන් වරු ගනන් නිහඬවම කඳුලු වගුරන්න කෙල්ල මේ මාසෙ ඇතුලත පුරුදුවෙලා තිබුනා....ඒ මතක මේ හැමදේකින්ම කෙල්ලට හොබීව අමතක කරන්න බැරි උනා...කොහොමනම් අමතක කරන්නද පලවෙනි පාරට කෙල්ලට මේතරම් ලන්වෙලා ඒ තරම් ආදරයක් පෙන්නලා එකපාරටම වචනයක්වත් නොකියා ඒ විදියට කොල්ල යන්න ගියපු එක හායුන්ගෙ අහින්සක හිත කොහොමනම් දරාගන්නද....ඉතින් කෙල්ලගෙ කඳුලු වලට නිමක් නොවුනා...
.
.
.
.
.
උදෙන්ම ඇහැරිලා හායුන් කුස්සියට ගියේ අජුම්මට උදව් කරන්න උනත් ඊයෙ ඉඳන් දැනුන මහන්සියත් ඔලුව බර ගතියත් එක්ක කෙල්ල හිටියේ සුදුමැලිවෙලා...

" ගුඩ්මෝනින් හායුනා.."

අජුම්මා කියනකොට කෙල්ල හිනා වෙලා අජුම්ම ගාවට ගියේ..

" මොකද උනේ කෙල්ලේ ඔයාගෙ මූනත් එක්ක සුදුමැලිවෙලා ගිහින්.."

අජුම්මා කෙල්ලගෙ ඔලුව අතගාලා කියනකොට කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවෙ තමන් හොඳින් කියන්න අඟවන්න උනත්...අජුම්මගෙ කීමට කෙල්ලට කිසිම වැඩක් නොකර ඉඳගෙන ඉන්න උනා....අජුම්මා උයන අතරේ මිසිස් ජන්ග් පල්ලෙහාට ආවෙ ඔෆිස් යන්න ලෑස්ති වෙලා..මිසිස් ජන්ග් කුස්සියට එනවත් එක්කම කෙල්ල නැගිටලා ආචාර කරා..

" ගුඩ්මෝනින් හායුනා..ඔයාටත් අජුම්මා.."

" ගුඩ්මෝනින් මැඩම්..මැඩම් වාඩිවෙන්න මන් කෑම සර්ව් කරන්නම්"

" මට කෝෆි එක්ක හදාලා දෙන්න හායුනා...අජුම්මා කෑම ටික මේසෙට තියනකම්.."

මිසිස් ජන්ග් කියනකොට ඔලුව වනලා කෙල්ල කෝෆි එකක් හදාගෙන මිසිස් ජන්ග් ඉන්න තැනට ගිහින් දුන්නේ මිසිස් ජන්ග්...

" කුමාවෝ හායුනා.."

කෙල්ල  යන්න හැරුනත් ආයෙ නැවතුනේ..

"ආහ්..හායුනා ඔයා එනවද මාත් එක්ක සෝල් යන්න..හ්ම්ම්.."

" ම්ම් මෙකයි හොබීව බලන්න යන්නෙ..එයාගෙ බර්ත්ඩේ එක අනිද්දා ඉතින් හෙට මන් යන්න ඕන..ඔයත් නිකන් ඉන්න එකේ මාත් එක්ක යමු.."

කෙල්ලගෙ මූනේ හිනාවක් මැවුනේ හදවත සතුටින් පිරිලා යනකොට...හායුන් හිනාවෙලා ඔලුව වනලා ආපහු ඇතුලට ගියේ...ඒ දවසත් එහෙන්මම ගෙවිලා යනකොටයි...
.
.
.
.
පහුවදා උදෙන්ම මිසිස් ජන්ග් එක්ක කෙල්ල සෝල් යන්න පිටත් උනේ හිතේ උතුරන සතුටත් එක්කමයි...

අහස් නිලට හුරු ගව්මක් ඇඳලා දිග කොන්ඩේ ගොතලා හිටපු කෙල්ලව පෙනුනේ තනිකරම වාත්තු කල ඉටිරූපයක් වගේ..ඒ තරම්න කෙල්ලගෙ ලස්සන හොඳින් කැපිලා පෙනුනා....කෙල්ලට තිබුනේ හිත අව්ලන ලස්සනකට වඩා හිත නිවන ලස්සනක්...ඒ නිල් ඇස් අද සතුටින් දිලිසෙන දිහා මිසිස් ජන්ග් බලන් හිටියේ මුවගේ රැඳුන හිනාවක් එක්ක..

කාර් එකේ ග්ලාස් වින්ඩෝ එකෙන් එලිය බලන ගමන් යනකොට..කෙල්ලගෙ මූනේ වෙනස් වෙන ඉරියව් දිහා මිසිස් ජන්ග් හරිම ආදරයෙන් බලන් හිටියේ...හායුන් කිසිම දවසක සොල් වලට ඇවිත් තිබුනේ නෑ...එයා පුන්චි කාලෙ ඉඳන් හැදී වැඩුනේ ගමක ඉතින් කෙල්ලට මේ පරිසරය මේ දේවල් අලුත් දේවල් උනා....

පැයගානක ගමනාන්තයකින් පස්සෙ වෙහිකල් එක නැවැත්තුවේ..ටිකක් ලොකු නවීන පන්නයේ නිවසක් ලඟ මුහුදු සීමාවෙම ඉදිවෙලා තිබ්බ ඒ නිවස තට්ටු තුනකින් සමන්විත නිවසක් උනා පිටුපසින් පෙනෙන මුහුද ඒ නිවසට ගෙනාවෙ නිදහස් බවක්...

කාර් එකෙන් බැහැලා මිසිස් ජන්ග් නිවස ඇතුලට ගියේ හායුන් හෙමින් මිසිස් ජන්ග්ට මුවාවෙලා පිටිපස්සෙන් එනකොට....ගෙදර ඩෝර් බෙල් එක රින්ග් කරලා විනාඩි පහකින් හොබී ඇවිත් ඩෝර් එක ඇරියෙ මිසිස් ජන්ග්ව දැකලා හොබී පුදුම වෙනකොට...

hobi's pov,

ඩෝර් බෙල් එක වැදුන නිසා පහලට ඇවිල්ලා ඩෝර් එක ඇරපු මන් පුදුම වෙලා ගියේ ඔම්මව දැක්ක නිසා ඔම්මව බදාගත්තේ ඔම්මත් මාව ආපිටට බදාගන්නකොට...

" ඔම්මා ඔයා මට කිව්වෙවත් නෑ එනවා කියලා..!!"

" ඕහ් කමෝන් බබෝ මට ඕන උනේ ඉතින් ඔයාව සප්‍රයිස් කරන්නනේ.."

" මේ බලන්න මන් තව කෙනෙක්ව එක්කන් ආවා 😌"

ඔම්මා එහෙම කියනකොට මන් බැලුවේ ඔම්මට මුවා වෙලා හිටන් හිටපු කෙනා දිහා....හායුන්..එයා මොකද මෙහෙ කරන්නේ...මගෙ මූනේ ඇඳුන හිනා නැතිවෙලා ගියේ ඒ රූපේ දකින ක්ශනිකවමයි...බිමබලාගෙන හිටපු එයා මන් දිහා බැලුවම මන් ඒ රූපේ දිහා බලන් හැඟීම් රහිත බැල්මක් දැම්මේ..ඒ ඇස් ආයෙමත් බිමට හැරෙනකොට....ඇයි මන් තාමත් ඒ ඇස් වලට වශී වෙන්නේ ....ඒ නිල්පාට බෝලගෙඩිවගේ ඇස් දකින වාරයක් ගානේ මට හැමදේම අමතකවෙලා යනවා....ලා නිල් පාට ගව්මක් ඇඳලා කොන්ඩයක් ගොතලා ආපු හායුන් දැක්කම මට වචනත් අමතක උනා....

අම්මගෙ කටහඬට පියවි සිහියට ආපු මන් ඔම්මට ඇතුලට එන්න කිව්වෙ ඔම්මගෙ පිටිපස්සෙන් හායුනුත් ඇතුලට එනකොට...

--------------------------🦋---------------------------------

කල්පෙකින් විතර නේ 🙂🤝

කතාව මතකද දන්නෙත් නෑ 🙂
අමතකයිනම් චුට්ටක් උඩ ඉඳන් කියවන්න ඈ.. මාත් ලියන්න කලින් කියෙව්වා මට නම්වත් මතක නෑ අඩුම තරමේ😂😭😂

only you එක ඉවර කරපු නිසා මේක දිගටම දෙන්නම් 😙

සොරි හොඳේ 😁✌️

ඉතින් ඉස්සරහට මොනවා වෙයිද 🌚

බලමු බලමු 😌
ඉස්සරහට තමා හොඳම ටික😌

එහෙනම් කෙල්ලනෙ මන් ගියෝ 👋

නිදිමතයි 🙂🤝

love you ummaa 😙❤️

see you in next chapter ♡💥

┃shenukawi 🥀┃

vote & comment plz...

Bạn đang đọc truyện trên: AzTruyen.Top