-14-
after 3 years ,
අවුරුදු තුනකට පස්සෙයි මන් කොරියාවට ආවෙ...ආයෙ එන්නෑ කියලා හිතුවත් අම්ම අසනීප වෙලා කියලා කෝල් එකක් ආවෙ ජන්කුක්ගෙන්...අම්මට මාව බලන්න ඕන කියනවා කිව්වම එන්නැතුව ඉන්න බැරි උනා...එයාපෝර්ට් එකේ ඉඳලා කෙලින්ම බූසාන් එන්න ආවෙ එදා වුන සිදුවීම් එකින් එක මැවි මැවි පේන්න ගන්නකොට...එයා දැන් මොනවා කරනවා ඇතිද...එක එක දේවල් ඔලුවට මතක් වෙන්න ගත්තේ..මන් එහෙන්ම සීට් එකට ඔලුව බර කරගත්තා..නින්ද යනකන් මන් දන්නෙත් නෑ...ඩ්රයිවර්ගෙ හඬට ඇහැරුන මන් වටපිට බැලුවේ ඇදුම් කන හිසත් අතගාන ගමන්...කාර් එකෙන් බැහැලා ගේ දොර ගාවටම ගියේ ඩ්රයිවර්ට බෑග්ස් ටික ගේන්න කියල කියන ගමන්...දොර ගාවටම ගිහින් හුස්මක් අරගෙන බෙල් එක ගැහුවේ ටික වෙලාවකින් කෙනෙක් දුවන් ඇවිත් දොර ඇරියා...බිම බලාගෙන හිටපු මන් ඉස්සරහා බලනවත් එක්කම දැක්කේ රුව...මගෙ ඇස් ලොකු උනා...හොඳටම දැක්කා මාව දැකලා ඒ ඇස් ගැස්සෙන විදිය..
" හ්..හායුන් " සිහින්ව මගෙ මුවෙන් පිටවෙනකොට ඒ ඇස් වල කඳුලු පිරෙන විදිය මන් බලන් හිටියේ පපුව වේගෙන් ගැහෙනකොට..එයා තාමත් ගල්ගැහිලා වගේ මන් දිහා බලාගෙන..තාමත් ඒ ලස්සන එහෙන්මමයි පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ..ඒ නිල්පාට බෝල ඇස් වල අදත් මන් අතරමන් උනා....දෙන්නම ගැස්සිලා ගියේ අම්මගෙ කටහඬට...ඒත් අම්ම ඉන්න විදිය දැක්කම මට හිතාගන්න බැරි උනා..එයා වීල්චෙයාර් එකක ඉඳගෙන..ඇස් වලට නොදැනිම කඳුලු එනකොය මන් ගැහෙන පාදත් එක්කම අම්මා ලඟට ගියා...
" පුතා.." ඇස් වල කඳුලුත් පුරවන් අම්ම මන් දිහා බලාගෙන කිව්වේ..මන් හායුන් දිහත් එක පාරක් බලලා අම්මව තදිනම බදාගත්තා...
" අ.ම්මා "
" දැන්ද අම්මව මතක් උනේ ආහ්..අඩුම කෝල් එකක්වත් දුන්නේ නෑ.."
" සමාවෙන්න අම්මා..මන් හිතුවේ අම්ම මාත් එක්ක කතා කරන එකක් නෑ කියලා..අ..ම්මා මේ කකුල්..ඇයි මෙහෙ-"
" ශ්..පස්සෙ කතා කරමු දැන් ඉඳගන්නකෝ මහන්සිත් ඇතිනෙ.."
ටිකක් වෙලා එහෙන්මම ඉඳලා මන් සෝෆා එකෙන් ඉඳගත්තේ අම්මත් මන් ගාවටම එනකොට...
" හායුනා..බොන්න මොනා හරි ගේන්න දුව " අම්ම හායුන්ට කියනකොට මන් ඒ මූන දිහා බැලුනේ... අතින් කඳුලුත් පිහගෙන එයා හෙමින් සැරේ කිචන් එකට ගියේ මන් ඒ දිහාම බලන් ඉඳලා ගේ පුරාවටම ඇස් යැව්වේ කෙනෙක් බලාපොරොත්තුවෙන්...
" පුතා කාවද හොයන්නේ "
" අ.ආහ් නෑ මේ මන්.."
" යුන්සොක් ටේහ්යුන් එක්ක පාක් එකට ගිහින් ටිකකින් එයි.."
අම්ම හිනා වෙලා කියනකොට මන් අම්මා දිහා බැලුවේ ඒ කව්ද කියලා අහන්න වගේ..
ඒත් එක්කම දොර දිහායි පොඩි දරුවෙක්ගේ හඬක් ඇහෙනවත් එක්කම ඒ පැත්ත බැලුවේ..ඒ දරුවා දුවගෙන ඇවිත් අම්මගෙ ඔඩොක්කුවට පැන්නේ අම්මත් ආදරෙන් ඒ මූන සිපගන්නකොට...හදවත වේගෙන් ගැහෙන්න ගත්තා...ඒ පොඩි දරුවා දිහාම මන් බලාගෙන හිටියා..ඒ රූපේ අඩුවක් නැතුව මන් වගේමයි..ඒ ඇස් නිල් පාටයි...මගෙ ඇස් තෙත් වුනේ මූන හිනාවකින් පිරිලා යනකොට..ඒ චූටි පැටියව තුරුලට අරගෙන ඉඹින්න..මගෙ හදවත කෑ ගහනකොට එලියෙන් ඇහුනේ ටේහ්යුන්ගේ කටහඬ
" හොබියා උබ ආවාද "
" ටේහ්යුන් "
ටේත් ඇවිත් මාව බදාගෙන මන් ගාවින්ම ඉඳගත්තා..ඒත් එක්කම වගේ හායුන් තේ අරගෙන ඇවිත් ටේබල් එකෙන් තිබ්බේ...
" හායුනා මට වතුර එකක් ගෙනත් දෙන්නකෝ " ටේහ්යුන් කියනකොට කෙල්ල ඔලුව වනලා ආයෙ කිචන් එකට ගිහින් වතුර එකක් ගෙනත් දුන්නා...
" අම්මි බ්බා වදා.." පොඩි පැටියා වචනත් පටල පටල හායුන් දිහාවට අත් දෙකම දික් කරන්නේ අම්මගෙ ඔඩොක්කුවෙ ඉඳගෙනමයි..
හායුන් පුතාවත් වඩාගෙන උඩට යන දිහා බලාගෙන හිටපු මන් පියවි සිහියට ආවෙ ටේගේ කටහඬට..
" ඇරපු අතක් නෑ තාත්තගෙම පුතානෙ..කොල්ලත් උබ වගේමයි හොබියා..හරිම මුරණ්ඩු කාරයා..කිව්වොත් කිව්වමයි.." ටේ හිනා වෙවී කියනකොට මන් බලාන හිටියා..හුස්මක් මුවෙන් ගිලිහෙනකොට ටේ පිටට තට්ටුවක් දැම්මේ..
" දැන් ගිහින් වොශ් එකක් දාගෙන වරෙන් උඹට මහන්සිත් ඇතිනේ ඇවිත් කතා කරමු.."
" හ්ම්ම් " ආයෙමත් පාරක් අම්ම දිහත් බලලා මන් උඩට ගියේ හැමදේම ගැන පසුතැවීමක් දැනෙනකොට..
.......................
උඩට ඇවිත් කෙලින්ම මන් මගෙ පරණ රූම් එකට ගිහින් දොර ඇරලා ඇතුලට යන්න හැදුවත් එතනම නැවතුනේ කාමරේ ඇතුලේ හිටපු හායුන්වත් පුතාවත් දැකපු නිසා...ඇඳේ වැතිරිලා කොල්ලා හරි හරියට හායුන්ගේ පියයුරුවක එල්ලිලා කිරි බොනවා...හිතට මහ අමුතු හැඟීමක් දැනෙනකොට මන් ඒ දිහාම බලාගෙන හිටියේ හිනාවකුත් එක්ක....එහෙන්මම කාමරෙන් එලියට ඇවිත් එහා පැත්තේ රූම් එකට ගිහින් ඇඳුම් බෑග් එකත් පැත්තකින් තියලා බාත්රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න..
වොශ් එකක් දාගෙන එලියට එනකොටම දැක්කේ හායුන් මගෙ රූම් එකට එනවා..එයා මන් දිහා බලලා අහක බලා ගත්තේ ලැජ්ජාවට වගේ..මට මතක් උනේ ඒ කාලෙ වුන සිද්දිය..නොදැනිම හීනියට හිනාවක් යනකොට මන් එයා ගවට ලන් උනා..මන් ලන් වෙනවත් එක්කම කෙල්ල හැරිලා යන්න හැදුවේ..මන් ඒ අතින් අල්ලා මගෙ ලඟට ඇදලා ගත්තේ කෙල්ල ඇසුත් ලොකු කරන් මන් දිහා බලනකොට....හිතට දැනුන දඟකාරකමට ඒ මූනට තවත් බර වෙලා
" හායුනා "
"ම්..මහත්තයා "
මේපාරනම් පුදුමෙන් ඇස් ලොකු උනේ මගෙ
" හ්..හායුන් ඔ.ඔයා කතා කරනවද ? "
කෙල්ල හිමීට ඔලුව වැනුවා..
" මොකක් මට මේක හිතාගන්න බෑ හායුනා ".
මට සතුටු හිතුනා ඒ කටහඬ එයා වගේම ලස්සනයි අහිංසකයි..සතුට වැඩි කමට මන් දෙපාරක් හිතන්නැතුවම හායුන්ව බදාගත්තා...ඒත් එයා මාව තල්ලු කරලා ඈත් වුනේ..
" මේක අම්ම දෙන්න කිව්වා පුන්චි මහත්තයා "
එයා පෙන්නුවේ ටවල් එකක්..ඒක අරගත්තට පස්සේ කෙල්ල යන්න හැරුනේ
" හායුනා " යන්න ගියපු කෙල්ලට මන් කතා කලා..
" අපිට කතා කරන්න තරම් දෙයක් නෑ පුන්චි මහත්තයා "
සිහින් හඬින් එහෙම කියලා එයා යන්න ගියේ මන් ඒ දිහා බලාගෙන ඉන්නකොට..හදවත රිදුනත් ලොකු හුස්මක් ගත්ත මන් බෑග් එකේ ඇඳුම් එකින් එක එලියට ගත්තා..බ්ලැක් කලර් ශෝර්ට් එකකට බ්ලැක් ටී එකක් ඇඳලා මන් පහලට ගියා....
යනකොට කොල්ලා ටේ එක්ක සෙල්ලම..පඩිපෙල බැහැලා කෙලින්ම එතනට ගිහින් කොල්ලා ගාවින්ම දනගහගත්තේ ඒ මූන බයකින් පිරෙනකොට..අත් දෙක දික් කරලා වඩා ගන්න හැදුවත් එකපාරටම ටේගේ කරේ කොල්ලා එල්ලුනේ ටේගේ බෙල්ල අස්සේ මූන හන්ගගෙන හොරෙන් මන් දිහාත් බලලා..
" තාත්ති ගාවට යන්න පැටියෝ..."
ටේ එහෙම කියනකොට ඒ ඇස් හැරුනේ මන් දිහාට..ආයෙත් ටේ දිහා බලලා..ටේගෙන් අහන්නේ මූනත් ඇලකරගෙන හුරතලෙන්..
" තා..ත්ති.."
" හ්ම්ම් බබාගෙ තාත්ති මේ..යන්න "
ආයෙමත් අත්දෙක දික් කරලා ලඟට එන්න කියලා ඉඟි කරාමනම් කොල්ලා මගෙ අත් අතරට ආවෙ මගෙ බෙල්ල වටේ අත් ඔතාගෙන තුරුලු වෙන ගමන්..
දැනුනේ ලෝභ කමක් ඈත් කරන්න තවත් පපුවට තුරුලු කරගත්තේ කියාගන්න බැරි හැඟීම් ගොන්නකින් හිත පිරිලා යනකොට..
" තාත්තිට සමාවෙන්න පැටියෝ..මෙච්චර කල් ආවෙ නැති එකට.."
ඒ හිස් සිපගනිමින් මන් මිමිනුවේ ටේ හිනා වෙවීම බලාගෙන ඉඳලා හයියෙන්ම කියාගෙන ගිහින් ඉඳගන්නකොට..
" හම්මේ දැන්වත් ඔය චූටි වසවර්තියගෙන් මට බේරෙන්න පුලුවන්.."
මාත් කොල්ලවත් අරගෙන ගිහින් ඉඳගත්තේ අවුරුදු තුනක සිදුවීම් හැමදේම ටේත් එක්ක කතා කරනකොට...
බබා හම්බුනාට පස්සෙ අම්මයි ටේයි හායුන්ව ඩොක්ටර්ස්ලා ගාවට එක්කන් ගිහින් කොහොම හරි හොඳ කරලා..ඔපරේශන් එකකින් පස්සෙ හායුන්ට කතා කරන්න පුලුවන් කම ලැබිලා...
---------------------------🦋----------------------------
written by shenukawi ♡🦋
Bạn đang đọc truyện trên: AzTruyen.Top