🐉05🐉

එයා කිසි දෙයක් කියන්න කලින් මං තේ එක මේසෙ උඩින් තියල එන්න හදනකොට,

" ඕයි ඔහොම නවතිනවා..."

" ඇයි සර්..."

" කොහෙද තමුසෙ මාරු වෙන්නේ... මේකට වස දාලද ගෙනාවේ...කුලප්පු වෙච්ච එලදෙන වගේ දුවන්නේ... තමුසෙල වගේ උන් විශ්වාස කරන්න අමාරුයි නේ කොහොමත්... හැබැයි එහෙම දෙයක් කරල තිබ්බොත් තමුසෙට ලේසියෙන් ගැලවෙන්න වෙන්නේ නෑ... එහෙම දෙයක් කලා නම් කූරු ගනින්න ලෑස්ති වෙනවා..."

එයා එහෙම කියල වියරුවෙන් වගේ හිනා උනා.

" සර් මං දන්නෑ සර්ට මාත් එක්ක තියෙන තරහ මොකක්ද කියල...අඩුම තරමේ මොන පදනමකින් ඔහොම දෙයක් කිව්වද කියල මං දන්නෑ...මං එහෙම දෙයක් කලා කියල හිතෙනව නං සර් අර CCTV චෙක් කරල බලන්න...මොකද පොඩි කාලෙ ඉදන් මට කියල දීල තියෙන්නේ තිරිසන් සතෙක්වත් කන කෑම එකට එහෙම කරන්න එපා කියල..."

" මොකක්ද උඹ කිව්වේ... උඹ මාව තිරිසනෙක් ගානට දාල ද කතා කලේ.. එහෙනන් බලාගනින් ඒ තිරිසනාගෙ වැඩ..."

මුලු කැබින් එකම දෙදරන්න එයා කෑ ගැහුව.

" නෑ සර්... මං අදහස් කලේ.."

මට ඒක කියල ඉවර කරන්න හම්බ උනේ නෑ..

" ආහ්..."

මං දිහාවට දමල ගහපු තේ කෝප්පේ බිම වැටිලා ටයිල් පොලොවෙ කෑලි විසිරිලා ගියේ උණු තේ හැලිලා මගෙ අත පිච්චිලා යද්දි.

වේදනාව දරාගන්න බැරුව මගෙ ඇස් වලින් කදුලු කඩා වැටෙද්දි මං කැෆිටේරියා එකට දිව්වේ පිස්සියක් වගේ.

___________

" අනේ ඇයි දුව ඔයා අඩන්නේ..."

" අනේ නැන්දෙ මට අයිස් කැට ටිකක් දෙන්නකෝ..."

" දෙයියනේ.. අත හොදටම රතු වෙලා... අර උණු තේක අතේ හලා ගත්තද කෙල්ලේ..."

" ආ...එන්න මෙතනින් වාඩි වෙන්න...බලන්න හොදටම පිච්චිලා... ජෙල් එකක් තියෙනව මං ගාන්නම්...නැත්තන් තුවාල වෙයි දූ..."

කැෆිටේරියා එකේ හිටපු නැන්දා මගේ අතේ ජෙල් එක ගාල බැනිඩේජ් එකක් දැම්ම.

____________

අද ආපු වෙලේ ඉදන් මං කලේ අඩපු එක. තුවාලෙ වේදනාවට වඩා මගේ හිතේ වේදනාව වැඩියි. මං මොනව තරම් ආසාවෙන්ද job එකට ආවේ. ඒත් දැන් මේක අපායක් වගේ. ඒ අපායෙ යම රජ්ජුරුවො තමා ජිමින් සර්. ඒත් ඉතින් යම රජ්ජුරුවො වැරදි වැඩ කරන අයටනේ දඩුවම් දෙන්නේ... ඒකට මෙයා කිසිම වරදක් නොකර ආපු වෙලේ ඉදන් ඉදන් මාව කන්න හදනවා.

එහෙම හිත හිත මං ටේබල් එක ගාවට ඇවිදගෙන ගියා.

මං එනකොට ඇස් ලොකු කරන් බලන් හිටියෙ රිතික් අයියා.

" නන්ගි අතට මොකෝ උනේ...කලින් හොදට හිටිය නේ...ඒත් මං දැක්ක අර ගිණි මකරට තේ අරන් යනවා..."

" මේකයි අයියේ... මං තේ ගෙනියද්දි ඒක අතේ හැලුනා..."

අනේ දෙයියනේ අර නපුරා නිසා මං බොරු කියල පව් පුරවන්නවා.

" හැලුනද වෙන කෙනෙක් හැලුවද කියල මට සැකයි... මොකද මට හිතෙන්නෑ ඔය තේක ඇගේ හලාගන්න තරන් නන්ගි පොඩි ලමයෙක් කියල... අනික අර ගිණි මකරත් දැන් වටේටම පිඹ පිඹ පහලට ගියා..."

" අනේ ඇත්තමයි අයියේ... බැලන්ස් නැතුව තේ එක හැලුනා සර් ගෙ කැබින් එක ඇතුලට යනකොටම.."

" හරි නන්ගි... ඒත් ඔයා ඔය තරම් අහිංසක වෙන්න එපා... එතකොට තමා හැමෝම කරේ නගින්න එන්නේ..."

" ආහ්...හරි අයියේ...මං මීට පස්සෙ ගිණි පිඹින මකරියක් වෙලා වටේටම ගිණි පිඹින්නම්.. හැබැයි ඉතින් ඔන්න පිච්චුනාම මට මුකුත් කියන්න එපා හරිද..."

මං හිනා වෙලා කියද්දි...

" අනේ මන්ද උඹට කියල වැඩක් නෑ ඉතින්.. දැන් ඉතින් ඔය කොහෙද යන්නේ..."

" මං අර බිඳුන කෝප්පේ කෑලි ටික අයින් කරල එන්නම්...සරුත් කැබින් එකේ නෑ නේ..."

" ඔයා ඔහොම ඉන්න රූහි... මං ක්ලීනර් කෙනෙකුට කතා කරන්නම්.."

" ඕන නෑ අයියේ... මට පුලුවන්..."

_____________

මං වීදුරු කෑලි ටික අයින් කරල තේ හැලුන බිමත් මොබ් කරල එලියට එද්දි

" මැඩම් ලොකු සර්, සර්ගෙ පහල කැබින් එකට එන්න කිව්ව. "

" ආ...හරි මාමේ...ඉක්මනට එන්නම්...පණිවිඩේ කිව්වට තෑන්ක්ස්..."

එහෙම කියල මං ඒ මාම දිහා බලද්දි ඒ මාමගෙ ඇස් වල කදුලු

" අනේ ඇයි මාමේ... ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් ද? "

" අනේ නෑ මැඩම්... ඒ වචන වලට හිත වාවන්නෙ නැතුව ගියා..."

මං පුදුමෙන් බැලුවෙ මං මොකක්හරි වැරදි දෙයක්වත් කිව්ව ද කියල.

" නෑ මැඩම් මේ..."

"අනේ මාමේ මං කැමති නෑ මට මැඩම් කියල කතා කරනවට... මම රූහි...නම කියල කතා කරන්න බැරි නං දුව කියල කතා කරන්න කෝ..."

" අනේ මැඩම් මං කොහොමද එහෙම කතා කරන්නේ..."

මං බෙල්ලත් ඇල කරගෙන හුරතල් විදිහට බලද්දි

" හරි දුවේ... මං එහෙනම් ඒ විදිහට කතා කරන්නම් කෝ..."

" මෙහෙ හැමෝම අපි වගේ අයට හොදින් කතා කරන්නේ නෑ දුව... එක්කො නම කියල කතා කරනවා... නැත්තන් ගොඩක් වෙලාවට අපිව පහත් කරල තමා කතා කරන්නේ...අපි ඉතින් මෙතන අතුගාල පිරිසිදු කරන දුප්පත් මිනිස්සු නේ... දු මේ තරම් හොදින් කතා කරද්දි ඒකයි ඇස් වලට කදුලු ඉනුවේ..."

" දැන් මාමලා මෙතන පිරිසිදු කලේ නැත්තන් ඔය ලොකු ලොකු සර්ල මැඩම්ල ඇවිල්ල මෙතන වැඩ කරන්නේ කොහොමද? එහෙම බලනකොට මෙතන වැදගත්ම රාජකාරිය කරන්නෙ මාමලා...ඒ නිසා කිසිම වෙලාවක තමන්ව අවතක්සේරු කරන්න එපා... හැම වෙලේම සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න..."

" අනේ දරුවෝ ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ දෙමව්පියො හරි වාසනාවන්තයි..."

" හරි මාමේ එහෙනම් මං යන්නම්..."

"හරි දුවේ... දෙවි පිහිටයි... "

___________

" මං ලොකු සර් ගෙ කැබින් එකකට ගියේ ගිණි මකරා මට රවල අහක බලාගනිද්දි,

" ආ...එන්න රූහි දුව, මං ඔයාල දෙන්නට එන්න කිව්වෙ වැදගත් වැඩක් ගැන කථා කරන්න..."

මං දිහා කින්ඩියට වගේ බලල හිනා උන මකරස්,

" වැදගත් වැඩක් ගැන කතා කරනව නං ඒකට එන හැමෝම වැදගත් වෙන්න එපැයි..නේද අප්පා... මොනව කරන්නද ඉතින්..."

" ඔව් ජිමින්...ඒක ඇත්ත... මට වැරදිලා තමා තමුන්ට එන්න කිව්වේ...මොකද තමුන් කතා කරන විදිහෙන්ම තේරෙනව කවුද වැදගත් නැත්තෙ කියල..."

බෝගම් සර් එහෙම කියද්දි ජිමින් සර් ගෙ මූණ ඇද වෙලා ගියා.

ඒක ඇහිල මට හිනා යන්න ආවත් මං යටි තොල් තද කරගෙන හිනාව පාලනය කරගත්තා.

මාව අමුවෙන් කන සයිස් එකෙන් බලපු ජිමින් සර්,

" අප්පා ඔයා මො..."

" ඉනෆ් ජිමින්...මං එන්න කිව්වෙ වාද කරන්න නෙවේ... ඔයාගෙ පලවෙනි project එක භාර දෙන්න. ඒ වගේම රූහිගෙත්..."

" කෝවලම් ලක්සරි බීච් රිසෝට් එකේ කන්ස්ට්‍රක්ෂන් කන්ට්‍රුක්ට් එක කොහොමහරි අපි අතට ගන්න ඕන... ඒකෙන් අපට ලොකු ආදායමක් ලැබෙනව...ඒත් ඒක ලේසි නෑ...මොකද ඉන්දියාවෙ වගේම වෙන රටවලත් කන්ස්ට්‍රක්ෂන් කම්පැනීස් මේ වෙනුවෙන් පොරකනවා..."

" හරි අප්පා... ඔයා වැඩේ කෙරුණ කියල හිතාගන්න... මං කොහොමහරි මේ project එක අපි අතට ගන්නවා..."

" එක්සලන්ට් අදල්... දෙයක් සාර්ථක කරගන්න පලවෙනි දේ තමයි සෙල්ෆ් කන්ෆිඩන්ස් කියන්නේ...ඒත් මතක තියාගන්න මේක ලේසි නෑ... හොද ප්ලෑන් එකක් එක්ක වැඩ කලොත් විතරයි මේ චාන්ස් එක අපිට ලැබෙන්නේ..."

" හෙට ඒ ගැන ඩිස්කෂන් එකක් තියෙනව ඇවෙන්ඩ්රා එකේ... ඒකට මේ project එක ගන්න බලන් ඉන්න හැම company එකක්ම එනව... අපේ company එකෙන් ඔය දෙන්න තමා යන්න ඕන... රෙඩි වෙලා දහය වෙද්දි එතනට යන්න..."

එතකොට ම මං දිහා දවා අලුකරන බැල්මකින් බලපු ජිමින් සර්,

" අප්පා මට තනියම ගිහිල්ල වැඩ ටික කරගන්න පුලුවන්... කවුරුත් ඕන නෑ..."

" පිස්සුද අදල්...ඔයාට වඩා එතන වැඩ තියෙන්නෙ රූහිට.  මොකද එතන කියවෙන හැම ඩිටේල් එකක්ම අපිට ගොඩක් වැදගත් මේ වැඩේදි.  ඒ නිසා හෙට ඔයා රූහි නැතුව එතනට යන්න හිතන්නවත් එපා..."

" රූහි දුව අර file එක මට අරන් දෙන්න.."

" ආ හරි සර්..."

මං සර්ට file එක අත් දෙකෙන්ම දෙද්දි,

" දුව ඔයාගෙ අතට මොකද වෙලා තියෙන්නෙ... එද්දි හොදට හිටිය නේ..."

දෙයියනේ මං මෙච්චර වෙලා අත පුලුවන්තරම් කවර් කරගෙන හිටියේ... ඒත් ෆයිල් එක දෙනකොට එහෙම බෑ නේ...

මගෙ බැන්ඩේජ් කරපු අත දැකපු නපුරගෙ ඇස් ගැස්සුනත් ක්ෂනිකවම මට රවල අහක බලාගත්ත.

" නෑ සර් මේ ... තේක බොන්න යද්දි ඇඟේ හැලුන..."

" අනේ මන්ද දුව... ආපු දවසෙම ඔහොම තුවාල කරගන්නවද? තෝෂි උනත් අපි ගැන මොනව නොහිතයි ද? "

" අනේ නෑ සර්... පොඩ්ඩක් රතු වෙලා විතරයි... ලොකු අමාරුවක් නෑ..."

" දුව ඔයාට ඉන්න අමාරු නං ෂෝට්ලිව් එකක් දාල ගෙදර යන්න... because health is no. One..."

" අනේ නෑ සර්..  එහෙම ලොකු අමාරුවක් නෑ..."

බෝගම් සර් මොන තරම් හොද කෙනෙක් ද, ඇත්ත කියල ඒ මනුස්සය ගෙ හිත රිද්දන්නෙ කොහොමද...

" ආ...හරි එහෙනම්... ඒක නෙවේ රූහි දුව ඔයා මොකද රිතික් ගෙ ටේබල් එකේ කරන්නේ... මං උඩට ගිය වෙලේ දැක්ක..."

" නෑ සර් මේ..."

" මට හිතාගන්න පුලුවන් මොකද උනේ කියල...ජිමින් තමුන් මෙයාව කැබින් එකට ගත්තෙ නෑ නේද? "

" මේ... නෑ අප්ප මේ..."

" මම අහපු දේට උත්තර දෙනවා..."

" ඔව් අප්ප ඔව්... මොකද මේ වගේ කුණු ගොඩක් එක්ක මට එක කැබින් එකේ ඉන්න බෑ..."

" ජිමින් මොකක්ද මේකෙ තේරුම... ඔයා මොනවද මේ කරන වැඩ පොඩි ලමයෙක් වගේ...වහාම මේ ලමයව කැබින් එකට ගන්න... මේ දැන්ම..."

" I can't do it අප්පා..."

" ජිමින් මං දැන් තමන්ට කිව්ව එකපාරක්. මෙතන තාම ඩිසිෂන් ගන්නෙ මම. ඒ නිසා ඒවට පිටින් යන්න හිතන්නවත් එපා. මේක ආයෙ කියන්න තියන්නත් එපා. වහාම මේ ලමයව කැබින් එකට ගන්නවා.  මොකද මං මෙතනදි ඔයාගෙ අප්ප නෙවේ... මේ company එකේ ඕනර්...තමුන් ආය මේ වගේ වැඩක් කරල අහු උනොත් මන් නරක මිනිහ කියල කියන්න එපා..."

ලොකු සර් එහෙම කියල එලියට යද්දි,

මං දිහා අමුතුවට බලන් හිටිය ජිමින් සර්,

" මේ අහන්න මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..."

" කියන්න සර්..."

" මට සමාවෙන්න. ඇත්තටම ඔයා ගැන හරි විදියට නොදැන අර වගේ කතා කරල ඔයාව රිද්දපු එකට..."



















________________

හායි girls, 

මං girls ලට විතරක් හායි කිව්වෙ මේක කියවන්නෙ girls ල විතරක් නිසා.. එහෙම නැද්ද දන්නෙ නෑ.. boys ල ඉන්නව නං කියන්න...

මොකක්ද බොලේ ඒ උනේ...?🙂

කොච්චි කාල වගේ උන්න මනුස්සය ට එකපාරටම වෙනස් උනේ මොකද...?🥲

මොකක්හරි අවුලක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද? 🤔

මේකෙ රූහි හරි අහිංසකයි Challo Driver එකේ ආදිට වඩා. ඒකෙ ඉතින් ජිමින් එකක් කිව්වොත් ආදි දහයක් කියයි.. ඒ වෙනස දැනෙනව නේ ඔයාල ට... 😁

Comment එකක් දාගෙන යන්න. 😊

Vote කරන්න. ❤

බායි...👋

බාල්දි ඕතරී...🪣😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top